මම ධර්මය විශ්වාස නොකරනවා නෙවේ මම හිතන්නේ උබනම් සල්ලි ගැන ජීවිතේ ගැන ලොකුවට වද වෙන්න ඕනේ නැති ගානට පිං කරලා ඇති ගොඩක් එවුන්ට එහෙම නෑනේ ඒ නිසා තමා මේ hard-code වෙලා තියෙන survival mechanism එකට යටවෙලා දුවන්නේ ඔක්කොම අතහැරලා ධර්ම මාර්ගයේ යන්න තරම් වීර්යයක් තියෙන එවුන් 1%ක්වත් ඉන්නවා කියලා හිතන්න අමාරුයි. උඹට පුළුවන්නම් ඒ ගැන සතුටුයි පෞද්ගලිකව මටනම් බෑ මේ ආත්මේ යම් පිං කොටසක් රැස් කරං නැවත නුවන, අසාමන්‍ය වීර්යය ඇති මිනිස් ආත්මයක් පාර්ථනා කරන්න විතරයි මටනම් පුළුවන්
පිං, පව් දෙකම අභිසංස්කාර. දෙකම අවිද්‍යාව නිසා ඇති වෙන්නේ. නොදන්න මෝඩකම නිසා.
බුද්ධ ශාසනය පවතින කාලයක මනුස්සයෙක් වෙලා ඉපදෙන එක තමයි ලැබෙන්න පුලවන් වටිනම දේ. වටිනම දේ තියන් පට්ටම කලාතුරකින් ලැබුන අවස්ථාව ගන්නැතුව අනාගත මිනිස් බවයක් පතනවා කියන්නේ?
ආයේ කවද මෙහෙම අවස්ථාවක් ලැබෙයිද? එතකන් කොච්චර කල් සතර අපා ගත වෙලා දුක් විදියිද? කල්ප ගානකින් අවස්ථාවක් ලැබුනත් එදාටවත් නිවන් දකියිද?
මුකුත් අතහරින්න ඕනේ නැ මාර්ගය වඩන්න. දවසට පැය 2 වෙන් කරලා ඒ වෙලාවේ වෙන මුකුත් ගැන හිතන්නැතුව, ඔය channel එකේ එක බන ගානේ අහන්න. හැබැයි එවෙලෙට ඒ වැඩේ විතරයි. අහන එක එවෙලෙම හොදට විමසන්නත් ඕනේ. අනිත් වෙලාවට ඒ කරන වැඩත් අතීතය, අනාගතය ගැන හිතන්නැතුව කරන වැඩේ ගැන ඒ මොහොතේ සිහියෙන් කරන්න. කරන ගමන් වෙන දේවලුත් නිරීක්ෂණය කරන්න. නිගමන වලට එන්නැතුව පෙනීම, ඇසීම, දැනීම සමග වෙන දැනගැනීම නිරීන්ෂනය කරන්න. ඒ ඇති.
සෝතාපන්න වුනානම් ඒ ඇති. ඊට පස්සේ ඔය ලෞකික දෙවල් මොනවා කරත්, කුඩු ගැහුවත්, බඩු ගැහුවත් රහත් වෙන එක අනිවාරෙන් ඉදිරියේදි වෙනවා. කොහොමහරි සෝවාන් වෙන්නයි ඕනේ.
Katha karanna beri nan=brahmathwa.
------
Post added on Oct 2, 2025 at 1:35 PM