එන්.ජී.ඕ_සහ_විල්පත්තුව
මේ ළඟදී මම ඔටාරා චන්දිරම් නොහොත් ඔටාරා ගුණවර්ධන මහත්මිය විසින් අන්තර්ජාලයට මුදාහැර තිබූ වීඩියෝවක් නැරඹුවෙමි. මම ඔටාරා චන්දිරම් ගැන අසා තිබුණේ මංගල සමරවීර මහතාගේ හිතවතියක් ලෙසය. ඇය විසින් ස්වෝත්සාහයෙන් ආරම්භ කරන ලද "ඔඩෙල්" සාප්පු සංකීර්ණය ජාත්‍යන්තර තත්ත්වයට පත් කළ බව අපි කවුරුත් දනිමු. ගුවන් හමුදාවට අයත් පැරණි ගරා වැටුණු ගොඩනැඟිල්ලක් නවීකරණය කළ අන්දම අප කාගෙත් සිත් ගත්තේය.
කිසි දවසක මම ඇයට යටත් පිරිසෙයින් දුරකථනයෙන් කතා කොටවත් නැත. ඇය පසුව, මේ රටේ ජීවත්වන කකුල් හතරේ සතුන් ගැන මහත් දයාවකින් කටයුතු කරන කෙනෙක් බව මම දැන ගතිමි. මට මතක් වූයේ ඉන්දියාවේ සංඡේ ගාන්ධිගේ බිරිය වන මේනකා ගාන්ධිය. එසේම, මෙරටේ බොහෝදෙනෙකු නොදන්නා සත්ත්ව හිංසාවට එරෙහිව මහත් කාර්ය භාරයක් ඉටුකරන නිමල් සිරිපාල අමාත්‍යවරයාගේ බිරිඳ වන අයිරා ද සිල්වාය.
මේ සියලු දෙනම ගෘහස්ත සතුන් වෙනුවෙන් පෙනී සිටිය ද, අලි ඇල්ලීමට විරුද්ධව විශාල සටනක් දියත් කළේ අයිරා ද සිල්වා මහත්මිය බව මම දැනගත්තේ ඇය විසින් යම් නඩුවකට මා කැඳවූ හෙයිනි. ඔවුන්ගේ මේ ක්‍රියාවන් ගැන විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍යවල පළ නොවන්නේ මොවුන් මේ කරන්නේ කිසිම ප්‍රසිද්ධියක් නොලබා හුදෙක් සත්ත්වයන්ට ඇති අපරිමිත දයාව හා කරුණාව හේතුවෙන් නිසාය. "අලි රොෂාන්"ට විරුද්ධව නඩු වැටුණේ මොවුන්ගේ මේ ක්‍රියාදාමය නිසාය.
ඔටාරා චන්දිරම්ගේ මේ වීඩියෝ පටය බැලුවිට මට මහත් කම්පනයක් ඇති විය. විල්පත්තුවේ සිදුවන මහා වන විනාශය ගැන ඇය ඉතා සංවේදීව කරුණු විස්තර කර තිබුණි. විල්පත්තුව ගැන අප ඇසූවිට මතක් වන්නේ මුහුණු පොතේ මුස්ලිම්වරුන්ට එරෙහිව ඇති ප්රකාශයන්ය. මුස්ලිම්වරු එම ප්‍රදේශයේ මුල් පදිංචිකරුවන් බවත්, ප්රභාකරන් විසින් ඊළාම් යුද්ධය ඇරඹූ පසු, ඔවුන් එළවා දැමූ බවත්, යුද්ධයෙන් පසු ඔවුන් සිය ඉඩම්වල පදිංචි වූ බවත්, ඇතැම් අමාත්‍යවරුන් පවසා තිබුණි. මෙම වන විනාශය ගැන නිතර නිතරම විද්‍යුත් මාධ්‍යයන් මගින් වැඩසටහන් විකාශනය කරනු මම දුටිමි. එසේ වුවද, එම මාධ්‍ය විකාශනයන් හුදෙක් මුස්ලිම්වරුන්ට එරෙහිව කරන ලද්දක් බව මම සිතුවෙමි. එහෙත්, ඔටාරා චන්දිරම් එවැනි කිසිම දේශපාලන න්‍යාය පත්‍රයක් ඇති කෙනෙක් නොවේ. ඇය මංගල සමරවීර මහතාගේ සමීපතම මිතුරියක් නම් එවැනි පටු ජාතිවාදී ආකල්පයක් තිබිය නොහැක. ඇය කියා සිටියේ විල්පත්තු වනය දැනට තිබෙන්නේ සීමිත කැලෑ ප්‍රදේශයක් බවත්, එය ජාතික උරුමයක් බවත්, එය එළිපෙහෙළි කිරීමෙන් වන විනාශය අනාගතයේ දී එම පළාතේ දේශගුණයටත්, වැස්සටත්, නියඟයටත් හේතුවන බවත්, ජෛවගෝලය මේ නිසා වෙනස්වන බවත්, ඒ නිසා සියලු දෙනාම එකතුව මෙම වන සම්පත රැකිය යුතු බවය. ඇය මෙය විකාශය කළේ විල්පත්තුවේ සිටය. විල්පත්තුවේ අලුතෙන්ම අක්කර 650 ක් වනය එලිපෙහෙළි කරන ලද බවත්, එයින් එම ප්‍රදේශයේ සිටි වන සතුන්ට වන විනාශය ඇය විසින් හෙළිදරව් කරන ලදී.
මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ දී මෙරටේ එන්.ජී.ඕ. සංවිධාන මොන තරම් තිබුණේද කිවහොත්, ඔහුගේ යම් ප්රජාතන්ත්ර විරෝධී ක්‍රියාවන්ට විරුද්ධව පෙනී සිටීමට ඔවුන් සැදී පැහැදී සිටියේය. මෙහිදී නැවත වරක් පුරවැසි පෙරමුණ, අලුත් පරපුර, සැටර්ඩේ ෆෙdaරම් වැනි ඩොලර් වලින් යෑපෙනවායයි බොහෝදෙනා පවසන මෙරට අරාජික කරන්නට මුදල් වියදම් කරන පිටරට තාල වලට නටන එන්.ජී.ඕ. කරුවන් මෙම වන විනාශය ගැන ප්‍රසිද්ධියේ කථාකරනවා මා දැක නැත. රජයක් පෙරළීමට අවශ්‍ය මුදල් හදල්, පුවත්පත් හා කථිකයන් ද, ලෑස්ති කරගෙන මෙම සටනට ඉදිරිපත් වු මොවුන්ගේ ව්‍යායාමය වූයේ මහින්ද රාජපක්ෂ හෝ ඔහුගේ අනුගාමිකයින් කරන ලද වැරදි ක්‍රියාවන්ට එරෙහිව මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ අනුගාමිකයින් ද, ඡන්දයෙන් පරාජය කිරිමය. මෙය කිසිසේත්ම හොඳ හෝ නරක හෝ යහපත් සමාජයක් ස්ථාපිත කිරීමට නොවන බව අපට වැටහුණේ මේ රජය විසින් කරන ක්‍රියාකාරකම් ගැන ඔවුන් මුනිවත රැකීම නිසාය.
විල්පත්තු වන විනාශය සාධාරණීයකරණය කිරීමට එන්.ජී.ඕ. ක්‍රියාකාරී සමන් රත්නප්‍රිය නමැති පිරිමි නර්ස්වරයා මහත් උත්සාහයක් ගත්තේය. "රාවය" හිටපු කර්තෘ වික්ටර් අයිවන්ලා, ගාමිණී වියන්ගොඩ, මහාචාර්ය සරත් විඡේසූරිය හාඇතුළු මාධ්‍යකරුවන් ද, මෙම වන විනාශය ගැන නිශ්ශබ්දව සිටිති.
පුවත්පත් කලාවේදීන් සුළු පිරිසක් විසින් කරන ලද ගවේෂණයක ප්‍රතිඵලයක් ලෙස සොයාගන්නා ලද ශ්‍රී ලංකාවේ සිදුවූ මහා හොරකම වන බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් මුළු රටම කතා කරමින් සිටීයදී මේ එන්.ජී.ඕ නඩය කිරා මෙන් බුදියමින් කිරා වැටෙමින් සිටී. මෙම මහා බැංකුව භාර ඇමැතිවරයාව සිටි රනිල් වික්‍රමසිංහට සාක්ෂි දෙන ලෙස හෝ කොමිසම විසින් ඉදිරිපත් කරන ප්‍රශ්නවලට පිළිතුරු දීමට හෝ කොමිසමට නොපැමිණ එය දිවුරුම් ප්‍රකාශයක් මගින් කළ හැකි බව දැනුම් දී ඇති බව දැනගන්නට ලැබී ඇත. මෙවැනි ආරංචියක් කොමිෂන් සභාව අවසන් වීමට ආසන්න කාලයේ දැන් අගමැතිතුමා නැතහොත් "පිරිසිදු මහත්තයා" හදිසියේම ජර්මනියට ගියේය. ඉන්පසු පින්ලන්තයට ගියේය. එසේ කළේ කොමිසමෙන් සිතාසි ලැබුණොත් එය පැහැර හැරීමට යෑයි කෙනකු සිතුවත්, එය එසේ නොවේ යෑයි මම සිතමි. ඉන්පසු ලංකාවට පැමිණ සිංහයෙකු ලෙස කොමිසමේ සාක්ෂි දිය හැකි යෑයි ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් කළේය. එහෙත්, එය හුදු විලාපයක් බව ද, ඔහු කිසි දිනෙක කොමිසමට ඉදිරිපත් නොවන බව මට හිතවත් මාධ්‍යකරුවෙකු කීව ද, මම එය තරයේ ප්‍රතික්ෂේප කළෙමි. කුමන හේතුවක් මත හෝ ඔහු නොපැමිණියේය. මෙම ප්‍රශ්න නිසාම, ඉන්දියාවේ කෝවිල් වලට ගොස් දෙවියන්ගේ ආරක්ෂාව පැතූ බවට කටකතාකාරයෝ කීවේය. ලීවේය. මගේ මැසිවිල්ල වන්නේ ඩොලර් ලක්ෂ ගණන් පිටරට වලින් ලබාගෙන එන්.ජී.ඕ. ඩොලර් කාක්කන් බැඳුම්කර කොමිසම ගැන හෝ මෙම රජයේ මෙවැනි දූෂණ ක්‍රියාවලීන් ගැන කිසිවක් ප්‍රකාශ නොකිරීමයි. මෙම හොරුන්ට ආවඩන කැලෑ වෙබ් අඩවියක මාධ්‍ය චෞරයන් කොමිසමට හා නීතිපතිවරයාට දෙහි කපයි. දෙස් දෙවොල් තියයි. රවි කරුණානායකගේ දැන්වීම්වලින් තමන්ට ලැබෙන මුදල් ප්‍රමාණය අඩුවේ යෑයි බියෙන් එම කැලැ වෙබ් අඩවිය බාර ජඩ මාධ්‍යවේදියා රවිට පක්ෂව අවි අමෝරා ගනියි.
ලංකාවේ නීතියේ රීතිය, නීතියේ ස්වාධිපත්‍යය රැකීම පිළිබඳව කතා කරන මෙම එන්.ජී.ඕ. කාක්කන් මෙම කාර්යයේදී පමණක් නොව, රජය විසින් නින්දිත ලෙස කරන ලද පළාත් සභා පනත් සංශෝධනය ගැනද, කිසිවක් නොකියති. නොලියති. ගාමිණී වියන්ගොඩලා එය අනුමත කරති. තමන්ට කන්නට දෙන විදේශීය රාජ්‍යයන්ට අවශ්‍ය වන්නේ යහපාලනයක් නොව, සෑම අයුරකින්ම, මෙම රජය මොන වරද කළත්, ආරක්ෂාකොට, තමන්ට අවනත නොවන දේශපාලනඥයින්ට පහරදීමයි. ඔවුන්ගේත් විදේශ ආයෝජකයන්ගේත් අරමුණ එයයි. මෙවැනි එන්.ජී.ඕ. බලපෑම්වලින් මිදීමට ජනතාව නැඟී සිටිය යුතුය. අශූචි වළඳා හෝ තමන්ට ලැබෙන ඩොලර් ටික ආරක්ෂා කර ගැනීම මොවුන්ගේ ප්‍රධානතම න්‍යාය පත්‍රය වේ.
දැන් පොලිස් බලය, ඉඩම් බලය හා බලය බෙදා මධ්‍යම ආණ්ඩුව වෘෂණ කෝෂ නැති පණ්ඩකයෙකු නොහොත් නපුංසකයෙකු බවට පරිවර්තනය කිරීම මේ ඩොලර් පරිපෝෂිත රීරියකුන්ගේ එකම අභිලාෂයයි. බලය බෙදීමක් අවශ්‍ය ද? දැනටමත් නැගෙනහිර බලපවත්නේ කාගේ නීතියක්ද? රජයේ ඉඩම් අයිතිකරගෙන තිබෙන්නේ කවුද? ඔවුන්ට විරුද්ධව නඩු නොපවරන්නේ මන්ද? හෙල්මට් නීතිය නැගෙනහිර ක්‍රියාත්මක වන්නේ ද? තවත් බලයක් දුන්නොත් එය නැවත ලබාගන්නේ කෙසේද? වර්ධරාජා පෙරුමාල් කෙනෙකු අනාගතයේ බිහිවනු නැතැයි කාට කිව හැකිද? විග්නේශ්වරන් එයට පාර නොකපන්නේද? එසේ වුවහොත්, ප්‍රේමදාසට වූවා වගේ ඔවුන්ව මරා දැමීමට හෝ පන්නා දැමීමට ප්රභාකරන් කෙනෙකු ඉදිරිපත් වේද? මෙවැනි ප්‍රශ්න වලට ලැබෙන උත්තර මොනවාද? ව්‍යවස්ථා සංශෝධනයට වඩා, මෙරටේ ආර්ථික දියුණුව ලබාගන්නේ කෙසේද? මෙරටේ විරැකියාව බලපාන්නේ දකුණට පමණක් නොව උතුරට හා නැගෙනහිර තරුණයන්ට ද එකසේය. අද රටටම බලපා ඇති මේ ආර්ථික අගාධයෙන් බේරීමට වෙහෙස ගන්නවා විනා ව්‍යවස්ථාව වෙනස්කොට මිනිසුන්ගේ බඩගින්න ද විරැකියාව ද නැති කිරීමට හැකිද? ව්‍යවස්ථා කන්නද? මේ මිනිස්සු අහන ප්රශ්නයයි.
ළඟදීම, අස්ගිරි මල්වතු පාර්ශ්වයට ද, පොදුවේ මහා සංඝරත්නයටද, එරෙහිව මේ ඩොලර් එන්.ජී.ඕ. හැතිකරය යුද්ධ ප්‍රකාශ කරනු ඇත. මේවා දකුණේ සිදු වන විට විල්පත්තු මුළු කැලයම තමන්ගේ අතට ගැනීමට රිෂාඩ් බදුර්දීන් ඇමැතිවරයාට හැකි වනු ඇත.
http://divaina.com/sunday/index.php/visheshanga1/626-2017-10-27-13-19-11
අනේ අනේ එන්.ජී.ඕ.