ඒකයි මං හැම වෙලාවෙම කියන්නෙ, ඕ-ලෙවල්, ඒ-ලෙවල් කරපු හැම ළමයෙක්ම අවමංගල්‍ය අධ්‍යක්ෂවරයෙක් ළඟ මාස තුනක්වත් වැඩ කරන්න යවන්නම ඕනෑ. මනුෂ්‍ය ජීවිතය ගැන දැනෙන්න ඊට වඩා අත්දැකීමක් නැහැ. අතපය කෑලි කැඩිලා, ලස්සන මුහුණු තැළිලා පොඩි වෙලා, අර තහඩු මේසයක් උඩ දමලා තියෙන විදිය මේ තරුණ ළමයි දකින්න ඕනෙ. එතකොට මේ සමාජයෙ අනිවාර්යයෙන් මනුස්සකමට ගරු කරන පිරිසක් බිහි වේවි...”
ඉදින්, ජීවිතයේ සියලු කෙළි සෙල්ලම් හමාරකොට දිනෙක ඔබ ද එම්බාම් කාමරයකට ආ යුතුය. එන්නේ කුමන ආකාරයකටදැයි දන්නේ දෛවය පමණි. මෙතෙක් කළ යටිකූට්ටුකම්... අනුන්ට ගිනි දීම්... ලෝකය රැවටීම් හෝ අනුනට දුන් අනේකවිධ වධ හිංසා ජීවිතයට ගෙනාවේ කුමන ඵලයක් දැයි ඔබට සිතෙනු ඇත.