එයාදැන් ලොකුලමයෙක්

manmala

Junior member
  • Nov 6, 2011
    74
    5
    8
    එයාදැන් ලොකුලමයෙක්

    මාගේ මවට සොහොයුරියන් 4 දෙනෙක් වෙති ,එකිනෙකා පරයන රු සපුවෙන් හෙබි ඔවුන් ගෙන් පළමුව විවාහ වුයේ මගේ මවය ,විවාහ වූ විගසම ඇ මා ලද බැවින් නැන්දනියන් 4 දෙනෙකුගේ ඉමහත් ආදරයකට බදුන් වීමට තරම් මම වාසනාවන්ත උනෙමි ,ඉමක්‌ කමක් නොවූ ඔවුන්ගේ සුරතල් හා ඔවුන්ටද පුදුමයක් වූ මාත් , ජිවිතේ සියලු සම්පතින් හෙබි බාල වියක් ගතකල බව ඔවුන්ටද උපහාර පිණිස ලියමි
    මාගේ නැන්දනියන් එදිනදා එලියට පහලියට යන හැම විටම තමන්ගේ තනියට මාවත් එක්කන් යන්නට පුරුදු වී සිටියේය , ජිවිතයේ ගේ බද්‍ර යවුවනය ගෙවන ඔවුන් යන හැම තැනම තරුණයන් පසු පසින් ගැවසීම සුලබ වූ දෙයක් බව එදා ලාබාල වියේ සිටියත් මට වැටහී තිබිණි .මේ අතර තම සියලු සහෝදරියන් පරදා මගේ මවට පසු උපන් නැන්දනිය රු සම්පතින් අග්‍රගන් නය විය ,ඒ වනවිටත් සියලු වැඩිහිටියන්ගේ ආශිර්වාද මැද මනාලයකු සොයාගෙන සිටි ඇ ඔහුත් සමග එලියට යන හැම විටම මා කැටුව යාමට අමතක නොකලාය ,බොහෝවිට මුහුදු වෙරළට හෝ සිනමා ශාලාවකට යාම ඔවුන්ගේ සිරිත විය ,මුහුදු වෙරළට ගිය හැම විටම ඔවුන් දෙපල කතා කරන අතර තුර මම මුහුදේ සිප්පි කටු සොයා යමි .ඔවුන්ගේ ලොවේ තනිවන දෙදෙනා මං ගැන සොයා බැලුවාදැයි මං නොදනිමි එහෙත් අනිත් දිනත් එලියට යාමට ඔවුන් මා ලැස්ති කර ගත්තාය .ඔවුන් සමග ගොස් බැලු මගේ ජිවිතේ ප්‍රථම සිනමා පටය අද මෙන් මට මතකය .ඒ මගේ වඩාත්ම ප්‍රිය කරන එයා දැන් ලොකු ළමයෙක් නම් චිත්‍රපටයයි .කුඩා දරුවෙක් උනත් මං මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා නම් නිලියට වශී වූ බව අදත් මං ඔබට කියමි ,ඇගේ වටකුරු මුහුණත් ඇස් වලින් කරන කතාවත් මගේ හිත තුල අදත් තිබේ .නව යොවුන් වියට පාතබන තරුණියකගේ චරිතය රගපාන ඇ ගේ රගපෑම ඇති විශිෂ්ට බව රුසියාවේ ටන්ස්කන් සිනමා උළෙලේ ජුරි සබාව ප්‍රකාශ කල බව ඊට හුගකාලෙකට පසුව මම දැන් ගතිමි
    මගේ ජීවිතය ගැන වැල් වටාරම් ඔබට වැදගත් නොවෙන බව මම හොද හැටින් දනිමි ,නමුත් මේ දිනවල ගමේ තරුණියන් නගරයට කැන්දා උන්ගේ හිරි ඔතප් බිද දමා අතරමං කරන වැඩසටහන් ගැන ඔබ කරදර වෙන බව මම දනිමි ,එහෙත් ඒ පිළිබද මගේ වෙනම කියවීමක් වෙයි . මදකට සිතන්න ගමේ අවුරුදු උත්සවේ අවුරුදු කුමාරිය වූ මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා එදා සිනමාව වෙත නොගෙනාවේ නම් අද ඇය මේ තත්වයේ සිටියිද . ඇය මේ විදින සියලු සැප සම්පත් ඇයට ලැබෙයිද ,ඇත්ත ඇය මේ වෙනුවෙන් හෙලු කදුලැලි බොහෝ බව මම පිලිගනිමි ,ඒ වෙනුවෙන් ඇයට වෙනත් අයගේ අතින් අත යාමට සිදුවූ බවද පිළිගනිමි .එහෙත් මේ සියලු කැපකිරීම් හමුවේ ඇය ලබාඇති දේ .
    හොදයි මොහොතකට අමතක කරන්න මාලනිව ,ගමේ ඉපදී ගමේ පරවී යන ගැනු ළමයි ගැන. කවූ ද ඒ අය පිළිබද කතා කරන්නේ ,අවුවට වැස්සට හෙදියන ,තමන් කැමති හෝ අකමැති මිනිහෙකු හා දිග ගොස් ගහෙන් වැල බාන්නසේ දරුවන් වදා ජිවිතේ කිසිදු සැපක් නොලබා මිය යන අය පිළිබද ...
    ඇත්ත සමහර විට තරුණියකට වෙළද කාක්කන්ගේ අතින් අත යන්නට සිදුවේවි ,වෙළද වියාපාරිකයකුගේ හොර අබුව වී ඉන්නට වේවි එත් එයින් ඇය ලබන දේ ,හොදම හෝටලයක සුර සැප ලැබේවි ,විශාල පිළිගැනීමක් ඇති වේවි ,සමහර විට ඇ දේශපාලනයටත් ඒවි .අපි හැම විටම දකින්නේ ඇයට සිදුවූ අසාදාරනය පමණක්ද .ඇය ලැබූ දේ . ඇයි අපි ඒ ගැන කතා නොකරන්නේ .මේ තරුණියකට නැවත ජීවිතය හැරෙන්න පුළුවන් උනොත් ඔවුන් ආයිත් ගමට යයි කියලා ඔබ හිතනවද .ඇත්ත මේ තරුණියන් හැමදෙනාටම මාලනී ෆොන්සේකා විය නොහැකි බව මං පිලිගනිමි ,එත් මොවුන් වයස 18 ඉක්මවූ තීරණ ගත හැකි අය බව අපි අමතක කල යුතුද ,, තමාට ලැබුන අවස්තාවෙන් ප්‍රයෝජනය ගැනීම හෝ අපතේ දැමීම ඔවුන්ට අයති දෙයක් නේද .මේ කිසිදු එකියක් බලෙන් දුෂණය වූ බවට ආරංචි වී තිබේද

    මොන දේ කලත් අවසානයේ ජීවිතය දුකක් බව ඔබ දන්නා බව මම සිතමි .එහෙයින් මොන ක්‍රමයෙන් හෝ (අපරාද වලින් තොරව )සියලු සැප අනුබව කර මිය යාමත් නැතහොත් සියලු දේ රැකගෙන සමාජ නීති රීති වලට අනුකුල ව ජීවිතය ගත කොට මිය යාමත් එකක්දැයි විවුර්ත මනසෙන් බලන ලෙස ඔබෙන් ඉල්ලමි
     

    manmala

    Junior member
  • Nov 6, 2011
    74
    5
    8
    ela ela ehenam umbe ganith niliyak karapan,,

    ගණිකා වුර්තිය නීති ගත කරන්න ඕනේ කිව්වහම ඉස්සෙල්ලම කට්ටිය කියන්නේ කියන එකාගේ ගැනිව හෝ සොහොයුරියව ගණිකාවක් කරනවද කියලා ,ඒ වගේ දෙයක් මචන් උබ කියලා තියෙන්නේ ,පුළුල්ව හිතන්න පුරුදු වෙයන් බං,මගේ ගැනිව නිලියක් කරන ඕනේ නැහැ ,මේ මං හිතන විදිහ ලියලා තියෙන්නේ ,එක වැරදි නම් හේතු ලියපන්