එයාර්ටෙල් ඩයලොග් වෙත විකිණේ

dbug

Well-known member
  • Sep 7, 2008
    1,841
    2,490
    113
    collage.jpg


    භාර්ති එයා(ර්)ටෙල් ලංකා (පුද්) සමාගම ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් ඩයලොග් ආසියාටා PLC සමග ඒකාබද්ධ කිරීමට තීරණය කර තිබේ.

    මේ සම්බන්ධයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ දැනුවත් කරමින් ඩයලොග් සමාගමේ අධ්‍යක්ෂ/ සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා පවසන්නේ, අදාළ නීති සහ රෙගුලාසිවලට අනුව පාර්ශ්ව දෙක විසින් අදාළ නියාමන බලධාරීන් සමග සාකච්ඡා කරමින් සිටින බවය.

    එසේම යෝජිත ගනුදෙනුව සඳහා නිශ්චිත ගිවිසුම් අත්සන් කිරීමට සහ අදාළ නියාමන සහ කොටස්හිමියන්ගේ අනුමැතිය ඇතුළුව අවශ්‍ය අවසන් කොන්දේසිවලට යටත් වනු ඇති බවද කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත ඔහු වැඩිදුරටත් දැනුම් දී තිබේ.

    මෙම සිදුවීමෙන් පසුව ශ්‍රී ලංකාව තුළ ඩයලොග් සමාගම එයාර් ටෙල් කොටස් අත්පත් කරගනු ඇත. කෙසේ වෙතත් එයාර් ටෙල් සේවාවන් හෝ අදාළ නාමයන් මෙහිදී වෙනසකට බඳුන් නොවනු ඇතැයි වාර්තාවේ.

    source: gossiplankanews