එයාර් ෆිල්ටර්

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    [SIZE=]

    එයාර් ෆිල්ටර්

    එයාර් ෆිල්ටර් කියන එක මෝටර් රථයක කාර්‍ය්‍යය සාධනයට,ඉන්ධන කාර්‍ය්‍යයක්ෂමතාවයට,වායු විමෝචනයට සහ එන්ජිමේ දිගුකාලීන පැවැත්ම යන කරැණු වලට සෘජුවම බලපාන කොටසක්.ඒ නිසා අද කින්න යන්නේ මේ එයාර් ෆිල්ටර් සහ එයාර් ෆිල්ටර් නඩත්තු කරන්නේ කොහොමද කියලා.

    සාමාන්‍යයෙන් මේ එයාර් ෆිල්ටර් කඩදාසි, රෙදි සහ ෆෝම් වලින් නිෂ්පාදනය කරලා තියෙනවා.

    බොහෝ මෝටර් රථ සඳහා විවිධ හැඩයේ එයාර් ෆිල්ටර් වර්ග භාවිතා කරන අතර විශේෂයෙන් පැරණි මෝටර් රථ සඳහා රවුම් හැඩයේ එයාර් ෆිල්ටර් භාවිතා කරලා තියෙන බව දකින්න පුලුවන් අතර වර්තමානයේ ද සමහර මෝටර් රථ සඳහා රවුම් වර්ගයේ එයාර ෆිල්ටර් ද භාවිතා කරන අතර බෝහෝ මෝටර් රථ සඳහා පැතලි හතරැස් වර්ගයේ එයාර් ෆිල්ටර් භාවිතා කරලා තියෙන බව දකින්න පුලුවන්.

    • කඩදාසි එයාර් ෆිල්ටර්

    සාමාන්‍යයෙන් මේ කඩදාසි වර්ගයේ එයාර් ෆිල්ටර් පැසෙන්ජර් වාහන සඳහා වඩාත් පොදුවේ භාවිතා කරනවා.මේ වර්ගයේ ෆිල්ටර් සඳහා රෙදි මිශ්‍රිත කඩදාසියක් ත්‍රිකෝණාකාර හැඩවලට නවලා වටේට රබර් හෝ ප්ලාස්ටික් ප්‍රේම් එකක් සහිතව නිෂ්පාදනය කරලා තියෙනවා.කඩදාසි ෆිල්ටර් බොහෝදුරට වියදම් අඩුයි.ඒ‌ වගේම මාරැකිරීමට ද ඉතා පහසුයි.මේ කඩදාසි ෆිල්ටර් වල ඇ‌ති අනිත් වාසිය තමයි ෆිල්ටර් එක මත කුණු හා අපද්‍රව්‍ය තැන්පත්වීම නිසා අවහිර වෙලාද කියලා පැහැදිලිව බලාගන්න පුලුවන්වීම.

    • ඔයිල් බාත් එයාර් ෆිල්ටර්

    කඩදාසි ෆිල්ටර් සහ අනෙක් එයාර් ෆිල්ටර් වර් දියුණු වීමට කලින් මේ වර්ගයේ ෆිල්ටර් භාවිතා කරලා තිබුණත් අද වෙනකොට භාවිතයෙන් ඉවත්වෙලා තියෙනවා.ඒ‌ත් සමහර පැරණි මෝටර් රථ සඳහා පමණක් තවදුරටත් භාවිතා කිරීම දකින්න පුලුවන්.මේ ෆිල්ටර් නිර්මාණය අනුව එන්ජිම තුලට වායු ඇ‌ද ගැනීමේ දී කුණ,දූවිලි අංශු වැනි අපද්‍රව්‍ය ඔයිල් බාත් එක තුල සහ ෆිල්ටර් දැල් තුල රඳවා ගන්නවා.

    • ෆෝම් එයාර් ෆිල්ටර්

    ඔයිල් පොඟවන ලද පොලියරතේන් වලින් නිෂ්පාදනය කරලා තියෙන මේ වර්ගයේ එයාර් ෆිල්ටර් කඩදාසි ෆිල්ටර් වලට වඩා හොඳින් දූවිලි පෙරීම සිදුවෙනවා.ඒ‌ වගේම සාමාන්‍යයෙන් මේ ෆිල්ටර් වියදම් අඩුයි.ඒ‌ත් මේ වර්ගයේ ෆිල්ටර් ඉතා අපිරිසිදු,දූවිලි සහිත ෆාර්ම් ට්‍රැක්ටර්,ඕෆ් රෝඩ් ට්‍රක් රථ,වැඩ බිම් ඉදිකිරීම් වාහන සහ SUV රථ වල එදිනෙදා ධාවන තත්වයන් සඳහා වඩාත් සුදුසුවෙනවා.

    • ලයිෆ් ටයිම්/ප්‍රොෆෝමන්ස් එයාර් ෆිල්ටර්

    කපු මිශ්‍ර ගෝස් රෙදි සහ ෆිල්ටර් එක වටේ කුඩා කම්බි දැලත් සහිතව නිපදවලා තියෙන මේ වර්ගයේ එයාර් ෆිල්ටර් මාරැ කිරීමකින් තොරව වතුරෙන් හෝදලා හරි එහෙම නැත්නම් ඒ‌ සඳහාම ඇ‌ති පිරිසිදු කාරක මගින් පිරිසිදු කරලා නැවත නැවත පාවිච්චි කරන්න පුලුවන්.

    මෝටර් රථයක එයාර් ෆිල්ටර් එක මගින් කුණු,දූවිලි සහ කෘමීන් එන්ජිම තුලට ඇ‌දීයාම වැලැක්වීමෙන් මෝටර් රථයේ එන්ජිම සෞඛ්ය සම්පන්නව පත්වාගෙන යාමට උපකාර වෙනවා.බොහෝ හතරැස් එයාර් ෆිල්ටර් මගින් අනවශ්‍ය කුණු ග්‍රහණය කරගැනීම සඳහා ෆයිබර් කෙඳි අන්තර්ගත කරලා තියෙනවා.අඩු වියදම් හා මාරැ කිරීමට පහසු මේ ෆිල්ටර් එදිනෙදා ධාවන තත්වයන් සඳහා වඩාත් සුදුසු වන අතර ඕෆ් රෝඩ් හෝ කුණු දූවිලි වැඩි උණුසුම් සහ වියලි ප්‍රදේශවල ධාවනය සඳහා සුදුසු නැහැ.ෆෝම් සහ ඔයිල් අඩංගු යන ෆිල්ටර් දෙවර්ගයම මෝටර් සයිකල් සහ ඕල් ට්‍රේන් වාහන(ATV)සඳහා වඩාත් සුදුසු වෙනවා.

    මේ එයාර් ෆිල්ටර් කියන එක ඉන්ධන දහන පද්ධතියට(combustion system)අයත්වෙන ප්‍රධාන කොටසක් නිසා පෙට්‍රල් හෝ ඩීසල් වාහන එන්ජිමක සංකීර්ණ දහන ක්‍රියාවලිය සඳහා පිරිසිදු වාතය අවශ්‍ය වෙනවා.ඒ‌ නිසා මේ දහන ක්‍රියාවලිය වඩාත් කාර්‍යයක්ෂමව සිදුවීමට වීමට නම් ඉන්ජෙක්ටර් හෝ කාබියුරේටරය මගින් ලබාදෙන ඉන්ධන නිශ්චිත අනුපාතයකට වාතය සමග මිශ්‍රවීම අවශ්‍ය වෙනවා.ඒ‌ නිසා මේ එයාර් ෆිල්ටර් එක කුණු දූවිලි නිසා අවහිර වුණොත් එයාර් ෆිල්යටරයේ කාර්‍ය්‍යය ඵලදායීලෙස වෙන්නේ නැහැ.මේ එයාර් ෆිල්ටර් එක අවහිර වුණහාම ඉහළ rpm වලදී ඇ‌ක්සලේටර් කිරීම දුර්වල වෙනවා වගේම ඉන්ධන පරිභෝජනය ද 10% කින් විතර වැඩි වෙන්න පුලුවන්.ඒ‌ත් මේ එයාර් ෆිල්ටර් එක අවහිර වුණා කියලා ඒක එන්ජින් ලයිට් එක පත්තුවෙන්න හේතුවක් වෙන්නේ නම් නැහැ.

    කාලයක් යනකොට මේ එයාර් ෆිල්ටර් එකේ කාර්‍ය්‍යය සාධනය අඩුවෙලා යනවා.ඒ‌ නිසා එයාර් ෆිල්ටර් එක පිරිසිදු කරන්න හරි මාරැකරන්න වෙනවා.මේ එයාර් ෆිල්ටර් මාරැ කිරීමේ කාලය එක් එක් වාහන වර්ගය සහ නිෂ්පාදකයා අනුව වෙනස් වෙනවා.එයාර් ෆිල්ටර් මාරැ කිරීම් කාල පරතරය වාර්ෂිකව ධාවනය කරන කිලෝමීටර් ගණන සහ පුද්ගලික භාවිතය අනුව වෙනස් වෙනස් වෙනවා.දූලි සහිත,වියලි හා තෙත් පාරිසරක තත්වයන් තුළ වැඩිපුර ධාවනය කරනවා නම් නිතර නිතර මාරැ කරන්න වෙනවා.එයාර් ෆිල්ටර් එක කොච්චර ඉක්මනට අපිරිසිදු වෙනව ද කියලා බලාගන්න නම් මාස කිහිපයකට සැරයක් එයාර් ෆිල්ටර් එක පරීක්ෂා වෙනවා.ඒ‌ වගේම හැම ඔයිල් මාරැ කිරීමේ සර්විස් එකක දීම පරීක්ෂා කරලා පිරිසිදු කරගන්න හෝ අවශ්‍ය නම් මාරැකර ගන්න.සාමාන්‍යයෙන් එයාර් ෆිල්ටර් මාරැ කිරීම් කාලය මාස 12 හෝ කි.මී 15,000 ක්.නිර්දේශිත විශේෂ මාරැ කිරීම් කාල අන්තරයන් සඳහා නිෂ්පාදකයාගේ සර්විස් මැනුඅල් එක අනුගමනය කරන්න.

    අපිරිසිදු එයාර් ෆිල්ටර් කොම්ප්‍රෙෂ් එයාර් භාවිතා කරලා හරි එහෙම නැත්නම් එයාර් ෆිල්ටර් එක මේසයක් වගේ එකක් උඩට තට්ටු කරලා පුලුවන්.හැබැයි මේ කොම්ප්‍රෙෂ් එයාර් එක අල්ලන්න ඕනි එක දිශාවකට විතරයි.ඒ‌ කියන්නේ එයාර් ෆිල්ටර් එක එයාර් ක්ලීනර් හවුසිම ඇ‌තුලට හයිවෙන පැත්තේ ඉඳලා එලිය පැත්තට.ඒ‌කට හේතුව තමයි එයාර් ෆිල්ටර් එක හරහා එන්ජිමට වාතය ඇ‌ද ගන්නේ එක දිශාවකට විතරයි.ඒ‌ වගේම කුණු,දූවිලි එන්ජිම ඇ‌තුලට යන්න නොදී රඳව ගන්නනේ ෆිල්ටර් එකේ පිට පැත්තේ.ඒ‌ නිසා ෆිල්ර් එකේ පිට පැත්තෙන් එයාර් එක ඇ‌ල්ලුවාහාම ෆිල්ටර් එක තවත් වැඩියෙන් අවහිර වෙනවා.ඒ නිසා ඒ ගැන සැලකිලිමත්වීම වැදගත්වෙනවා.

    (චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි)

    27/01/2017[/SIZE]
     
    • Like
    Reactions: ruwper