එයාල නං කියයි.. මගෙනෙ බිත්තරේ......
අපි පුංචි කාලෙ අපේ ගෙදර නැවතිලා හිටියා අම්මගෙ ලොකු මාමන්ඩි.... අපි එයාට කිව්වෙ ලොකු සීයා කියලා... මේ ලොකු සීයා වැඩ වාසය කලේ අපේ ගෙදර ඉස්සරහ කාමරේ... එයා හරියට වෙලාවට, කාලසටහනකට වැඩ කල එක්කෙනෙක්... පාන්දර පහට නැගිටලා පැය භාගයක් සක්මන් කරනවා... පහයි තිහට උදේ තේ එක ... හයහමාරට මූන කට හෝදගෙන හතහමාර වෙද්දි උදේ කෑම එක ඕන... දහයාමාරට තේ එක, හරියට දොලහට දවල් කෑම, තුනහමාරට හවස තේ, රෑ අටට රෑ කෑම, නවයට විතර ප්ලේන්ටියකුත් බීලා නවහමාරට තමයි නිදාගන්න ඇඳට යන්නෙ.... ලොකු සීයා හැමදාම හවස හයහමාරට බුදුන් වඳිනවා... අපි මොනතරම් නටලා දඟලල හිටියත් හරියට වෙලාවට මූන කට හෝදලා, අලුත් ඇඳුම් ඇඳගෙන, පවුඩර් දාලා පිරිසිදුව ඉන්න ඕන වැඩේට ලැහැස්ති වෙලා... සීය තුන් සූත්තරේම කියල නිසා වැඩේ ඉවර කරන්නෙ, බුදුන් වැඳල ඉවර කරන්න සෑහෙන වෙලාවක් යනවා...
ඉතින් මේ කියන දවස්වල මට වයස අවුරුදු දහයක් විතර ඇති...අපේ ගෙවල් ලඟ ගෙදරක කිකිලියො ඇති කලා.... උන් අහුලං කාපු එවුන් නිසා එහෙන් ගේන බිත්තරවල කහමදේ තැඹිලිම තැඹිලි පාටයි... අපි හරි ආසයි ඒවා කන්න... එදා නැන්ද එහේ යනකොට එක බිත්තරයයි ඉතුරුවෙලා තිබිල තියෙන්න... එයා ඒකත් අරගෙන ගෙදර ආව... ඒක දැක්ක ගමන් මං ටක් ගාල බුක් කලා බිත්තරේ මට කියල.... අපේ නැන්දගෙ favourite තමයි චූටි නංගි... මෙයා පුංචි කාලෙ ඉඳන් කෙල්ලට කවලා කවලා ඒකි අලි බාගයක් විතර ඇති ඒ වෙනකොට... (දැන් අපේ සුට්ටං නංගිගෙ පවුලම කොච්චර සුට්ටංද කියල කියනව නම් අපේ අම්ම ඒ පවුලට කියන්නෙ 'අපේ තුන්පත් රෑන' කියල....)
ඉතින් ඔන්න අපි එදත් ලෑස්ති උනා බුදුන් වඳින්න යන්න.... හරියට හයහමාර වෙනකොට අපි ටික පෝලිමට ගිහින් සීයගෙ කාමරේ දොර රෙද්දෙන් ඇතුලට යනකොටම මං දැක්ක නැන්ද ඇවිත් චූටි නංගිගෙ අතින් අදිනව... මේක මට ඇල්ලුවෙම නෑ....මං කාමරේ ඇතුලට ගිහින් පස්ස හැරිලා බලනකොට චූටි නංගි මිසිං...!! කාමරේ ඇතුලට ගිහින් සීයගෙ ඇහැට දර්ශනය උනාට පස්සෙ නෝ හෙල්ලුම්... දැන් ඉතින් හිටපල්ලකො පිරිත් කියල ඉවර වෙනකම්....ඒ වෙලාවෙ මට ගණ දෙවි නුවණ පහළ උනා... මං වාඩි උනා දොර රෙද්ද කිට්ටුවෙන්... ටික වෙලාවක් ගිහින් බුදුන් වැඳිල්ල නැගලා යනකොට මං සීයට නොපෙනෙන්න හෙමිහිට ටික ටික පස්සෙන් පස්සට රූටල රූටල ගිහින් කොහොම හරි රිංගුව දොර රෙද්දෙන් එලියට... දනි පනි ගාල නැගිටගත්තු මං නංගිව හොය හොයා යනකොට ඇහැ කොනට දැක්ක කවුදෝ කෑම කාමරේ මුල්ලක ගොඩ ගහල තිබුනු වී ගෝනි උඩ කරුවලේම වාඩිවෙලා ඉන්නව... මං ගිහින් බැලුවා... බැලින්නම් චූටි නංගි බත් කනව... එයාගෙ පිඟානෙ දිලිසි දිලිසි තිබුනෙ මොකක්ද.... කාල ඉවර වෙන්න ඔන්න මෙන්න තිබුනු මගේ රත්තරන් බිත්තරේ...!! හපොයි දෙයියනේ... මගෙ බිත්තරේ.....!! මගේ මූන දැකපු නංගි පිඟානත් අරගෙනම කොහෙන් ගියාද දන්නෑ....
මට දැන් ඇඬෙනව... මුන් මගෙ බිත්තරේ නංගිට දීල... මං ඇඬුව... නිකම් නෙවේ... ගිරිය යටින් කෑගහල ඇඬුව.... කිසි කෙනෙකුට බැරි උනා මාව නවත්තන්න.... අම්මල, බුදුන් වැඳිල්ල නවත්තල දුවගෙන ආව ලොකු සීය, නොයෙකුත් දේවල් ගෙනත් දෙන්න පොරොන්දු උනා... ඒ උනාට ඒ එකක්වත් වගේද මගෙ බිත්තරේ.... මං තව තව හයියෙන් කෑ ගහල ඇඬුව... අපේ ගේ තිබුනෙ පොඩි කඳු ගැටයක් උඩ... හයියෙන් කතා කලත් වටටම ඇහෙනව... ඒ නිසා මගේ මොරේ ලවුඩ්ස්පීකරේ දැම්ම වගේ හතරවටේටම ඇහෙන්න ඇති...වැඩි වෙලාවක් යන්න කලින් මෙන්න කවුද දොරට ගහනව... ආපු කෙනාට ඇහුනොත් ලැජ්ජ නිසා මගේ ඇඬිල්ල ඉකි ගැහිල්ලකට පෙරලුනා.... අම්ම දොර ඇරල බැලින්නම් අනේ අපොයි ගමෙන් බාගයක් එතැන.... සමහරු බේතුත් අරන් ඇවිල්ලා බඩේ රුදාවක්වත් වෙන්නැති කියලා.... අම්ම විස්තරේ කිව්වට පස්සෙ සමහරු කම්මුලේ අත තියාගත්ත.... 'ඉතින් ඕකට ඔච්චර අඬන්න ඕනෙයි.. අපි හිතුව මේ වෙන මොනව හරි විපැත්තියක් වෙලාය කියල..'