එයා අහසට ගිහින්

dxcharith

Active member
  • Feb 15, 2009
    259
    68
    28
    trincomalee
    එයා අහසට ගිහින්

    මට ඇහැරෙද්දි එයා හිටියේ මගේ පපුවට ගුලි වෙලා.ජනේලෙන් ඉර මුණට වැටෙනවා. බිත්තියේ ඔරලෝසුවේ වෙලාවත් 9 වෙලා. එයා හොදට ගුලි වෙලා නිදි. හැමදාම එයාගේ ඇගෙන් නොතේරෙන උණුසුමක් තිබ්බ.මං එකට හැමදාම ආස කලා. එත් අද නොතේරෙන අමුතුම සීතලක් එයාගේ ඇගෙන් එනවා. බැන්ද දවස වගේම තාමත් එය මගේ පපුවට ගුලිවෙලා නිදාගන්නේ. එය ඒ පුරුද්ද කවමදාවත් අත් ඇරියේ නැ . අපි අතරේ රණ්ඩු ඇති උනාම එයාගේ වැරද්දක් නම් එය දුවල මගේ පපුවේ ඉදන් අඩනවා කදුළු පපුවට වටෙනකම්ම. වෙරද්ද මගේ නම් මන් එයාව පපුවට ගන්නවා. මට නොතේරෙන, එයටත් නොතේරෙන අමුතුම බලයක් මගේ පපුවේ තිබ්බ. එයට දුක හිතුනම මගේ පපුවට එවිත් අඩනව. මොනවහරි දෙකට සතුටු හිතුනම මගේ පපුව බදාගෙන හිනා වෙනවා. මමත් ගොඩක් අස කලෙ එයාව මගේ පපුව උඩ තියාගන්න. එයට ඕනේ කලේ මගේ පපුව. මට ඕනේ කලේ එයාගේ උණුසුම. අපිට පළවෙනියටම බබෙක් ලැබෙන්න කිව්වම ගොඩක් සතුටු උනා . එද දවසම එය මගේ පපුවට වෙලා හීන මෙව්වා. මස දෙකකින් බබා වර්ධනය වෙන්නේ නැ අයින් කරන්න ඕනේ කියල කියද්දී ඒ හිනා ඔක්කොම කදුළු වෙලා මගේ පපුව උඩට කඩාගෙන වැටුන.
    ඒ වගේ දවසක් මගේ පපුවට වෙලා ඉද්දි තම පලවෙනි වතාවට එයාගේ නහයෙන් ලේ ටිකක් මගේ පපුවට වෙටුනේ. එය හොදටම බය උන. මමත් බය උන. ඒ ලේ කැටිය ඉක්මනින් අතින් පිහිදල එයාගේ හිත සැනසුවා නිකම් කියල. අයිත් සතියකින් මගේ පපුව උඩ ලේ වැටුන.
    එයට පිළිකාවක් කියල දොස්තර කියද්දී මගේ පපුවට වෙලා එයා හොදටම ඇඩුව. මගේ ලෝකේ මන් බලන් ඉඩදීම කඩන් වැටුන. එයා එයාගේ අවසන් ගමනට ලෑස්ති උන. මන් එය දිහා බලන් හැමදාම ඇඩුවා. රෑට අපි දෙන්න කලේ අඩන එක විටරමයි. පපුවට වෙලා එයා අඩනකොට ලේත් ගිය. එත් මන් කදුළු හන්ගගත්තා. ඔයාට මුකුත් වෙන්නේ න කියල හිත හැදුව. බුදුහාමුදුරුවෝ ලගට ගිහින් දුක කිව්වා. දෙවියන්වහන්සේට කිව්වා. එත් මට තේරුණා එය මට ලං වෙන වේගයට වඩා ඇත් වෙන වේගය වැඩි කියල.
    හමදාම වගේ එදත් එය හිටියේ මගේ පපුව උඩ . මදුසමය දවසේ වගේම එයා එදත් ලස්සනයි . ඇස් පියාගෙන පපුව උඩ ගුලි වෙලා නිදි. එත් එයාගේ ඒගේ උණුසුම, එයාගේ නහයෙන් මගේ පපුවට එන උණුසුම දැනුනේ නෑ. ඒ වෙනකොට. එයා මාව දාල ගිහින්. එයාගේ ඇස් යට කදුලක් ඉතුරු වෙලා තිබ්බ. එයා එක පපුවට වැටෙන්න කලින්ම මාව දල ගිහින්. මගේ ලෝකෙත් කඩාගෙන එයා අහසට ගිහින්.
    පොඩි එකාගේ හිස් ලෝකය