ඔව් බන් එහෙම වෙන්න පුලුවන් සමහර රජයේ සේවකයෝ J.V.P එකට උදව් කරලා තියෙනවාOriginally Posted by Rex921![]()
88-89 කාලෙදි මරපු මිනිස්සුගෙන් සැලකිය යුතු ප්රමාණයක් පෞද්ගලික කාරණාවලට මරල දාපු අය තමයි.......
ඔය කතාවට සෑහෙන දුරට සමාන දෙයක් අපේ තාත්තටත් වෙලා තියනවා.......
89 අවුරුද්ද වෙනකං අපේ තාත්තා වැඩකලේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ.......
ඒ කාලේ ගමේ හොඳම රස්සාව තිබුනේ තාත්තට......සැලකිය යුතු පඩියකුත් එක්ක පාවිච්චි කරන්න වාහනේකුත් දීලා තිබුනා (රියදුයෙකුත් එක්ක).......
එක සැරයක් ගෙදර ඇවිත් ආපහු වැඩට ගිහින් බලනකොට office එකට army එකෙන් ඇවිල්ලා හිටියලු තාත්තගෙන් ප්රශ්න කරන්න.......(තාත්තා ඒ කාලේ හිටියේ රාජාංගනේ.......)
පැමිණිල්ලක් ලැබිලා තිබුනලු තාත්තා ගෙදර ඇවිත් JVP කරනවා කියලා......camp එකේ දවසක්ම තියාගෙන ප්රශ්න කරලා......
කොහොමහරි වැඩ කරපු තැන ලොක්කන්ගේ පිහිටෙන් ප්රශ්නයක් නැතුව ආපහු එන්න පුලුවන් වෙලා.......
පස්සේ හොයලා බලනකොට පෙත්සම ගහලා තියෙන්නේ අපේ ගමේම පර බල්ලෙක්.........
ඔය සිද්ධියෙන් පස්සේ තමයි තාත්තා බයටම ඒ රස්සාවෙන් අයින් වෙලා දැන් කරන රස්සාවට ඇවිත් තියෙන්නේ......
.මොකද අපේ පැත්තේත් ඔක්කොම j.v.p වැඩ කරලා තියෙන්නේ වානේ සංස්තාව ඇතුලේලු
ඉතින් රජයේ සේවකයෙක් කිව්වාගමන් හමුදාවෙන් අරන් යනවා ඇති.ඒ කාලේ හුඟක් පුද්ගලික කෝන්තර පිරිමහගෙන තියෙනවා

ඔව් ගෝනි බිල්ලන්ට ඉදලා තියෙන්නේ කැමැත්තෙන්ම ගිය උන්.ඒ වගේම ආන්ඩුවට හොඳටම ශුවර් උන්

ඒ පැත්තේ U.N.P එකේ මන්ත්රි කෙනෙක් ලු හුඟක් වෙලාවට ඉන්නේ

තව හමුදාවට අමතරව මැරයන්ට ආයුද දීලා වෙනම ඇඳුම් දීලා උනුත් එනවලු රෑට එක එක නම් වලින්
උන් නම් කෙලින්ම වෙඩි තියලා දාලා යනවලු.

