ඉස්සරත් මේ වගේ තද වැස්සක් ආවම මේ හරිය යට උනා. ඒත් කවදාවත් මේ වගේ හානියක් උනේ නෑ. ගිය අවුරුද්දෙත් මේ වගේ යට උනා. මේ අවුරුද්දේ ඊට වඩා තදට යට උනා. කවදාවත් වතුරට අහුඋනේ නැති ගෙවල් පවා යට උනා. මේකට හේතුව තමයි මේ අධිවේගී මාර්ගය සැදීමට කුඹුරු ගොඩ කිරීම. මේ අධිවේගය හදන්න පටන් ගන්නකොටම අපි බලධාරීන්ට කිව්වා මේ හරිය යට වෙනවා. පාර හදනකොට විශාල කානු පද්ධතියක් හදන්න මුලින් කියලා. ඒත් විදේශීය ඉංජිනේරු මහත්වරුන් එව්වා ගනන් ගත්තේ නෑ. ගිය සැරේ යට උනාට පස්සෙත් වතුර පාර බහින්න ඕන හින්දා ගොඩ කරලා තිබුණ අධිවේගේ කොටසක් බැකෝ යන්ත්ර යොදාගෙන කපලා අයින් කරා.ඊට පස්සේ දැන් මුළු කුඹුරු යායම ගොඩ කරලා. අපි කවුරුත් අධිවේගී මාර්ගයට, සංවර්ධනයට විරුද්ධ නෑ. ඒත් කරුණාකර දැන්වත් වැසි ජලය බැස යාමට විශාල කානු පද්ධතියක් ඉදිකරන්න කියලයි මිනිස්සු කියන්නෙ. ඒත් අහන් නැති එකයි අවුල
