එක්ටැම් මාලිගේ සොඳුරු සිරකාරියේ
නේත්‍ර උන්මාද වූ රුසිරු චිත්‍රාවියේ
කඳුළු උල්පත වසා
ගැලුව ඉතිහාසයේ
මලවි රණබිම් පෙතේ
දිනුව රණශූරියේ
නේත්‍ර මංගල්‍යයේ
මගුල් සක් හඬ ඔබේ..
ඈත දුර සක්වලේ
තාරකා මණ්ඩලේ
සහස් වසරක් පුරා
දිලෙන ප්‍රේමය ඔබේ
තියුනු අසිපත් නොවේ
තියුණු ප්‍රේමය ඔබේ..