ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා ක්‍රිකට් තරඟය පිළිබඳව දේශපාලනික චරිත කිහිපයක් දැක් වූ අදහස් ;-
ටොස් එක දිනලා ගහන්න ආවා නම් ගහන්න දෙන්න ඕනෙ, මට මතකයි මීට කලින් ස්කොට්ලන්තෙ හාදයො අපි ගහන කොට පැත්ත පළාත බැලුවෙ නෑ, හිටං ! - මෛත්‍රීපාල සිරිසේන
මං වැඳල කියන්නෙ මේ අපරාදෙ කරන්න එපා, මෙහෙම පරදින්න එපා. අළුත් යහපාලනෙත් එක්ක සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා කියල මං කණ්ඩායමෙ කට්ටියට කියනවා - රනිල් වික්‍රමසිංහ
ඉර පෑව්වෙ නෑ, හුළං හැමුවෙ නෑ, වැස්සෙ නෑ, සංගා අවුට් උනේ නෑ - විමල් වීරවංස
සංගක්කාරගේ දැවීයාම ජාතික ආරක්ෂාවට තර්ජනයක්. මේක පිටිපස්සෙ විජාතික කුමන්ත්‍රණ බළල් අත් තියෙනවා - මොහොමඩ් මුසා මිල්
මගේ කාලෙ අපි කාටවත් පැරදුණේ නෑ, ඒ නිසා කාටවත් බෑ මට ඇඟිල්ල දික් කරන්න. - පර්සි මහේන්ද්‍ර
වැස්ස වස්සවැව්වෙ මං. මං කලින් ම වැස්ස ලෑස්ති කරලා තිබ්බෙ ඒ වෙලාවෙ අනිත් වැඩ නිසා වස්සවන්න බැරි උනා. - ගෝටා බය රාජපක්ෂ
මරල හරි ගැහුවෙ නැත්තෙ මොකෝ ? - මැදමුලන ගම්වැසියෙක්
ඒ.බී. ඩි විලියර්ස්ගෙ ජන්ම කේන්ද්‍රය අනුව ලංකාවට මෙහෙම වෙනවා කියලා මං දැනගෙන හිටියා. ඒත් කණ්ඩායමේ මානසික මට්ටමට බලපාන නිසා මං ඒක එවෙලෙ කිව්වෙ නෑ - සුමනෙ අංකල්
ඕක ගැන කියන්න මේ සතියෙ වෙලාව නෑ - අනුර කුමාර දිසානායක
Ruwan Nelu -