මම එකවුන්ට් එක හැදුවෙ 2010 අන්තිම.. ඊට කලින් ඉදන් මං නිසදැස් හා කාව්‍ය සෙක්ෂන් එකට ආවා.. ඉස්සර මං වැඩියක්ම කරන්නෙ බ්ලොග් කියවන එක.. බ්ලොග් එකක් කරන බුවෙක් මේකෙ නිසදැසක් උස්සලා දාලා තිබ්බා.. කට්ටිය මේකෙ ලින්ක් එක දාලා කොමෙන්ට් කරලා තිබ්බා උස්සනවා නම් ගත්තු තැනත් දාන්න කියලා.. එදා තමා මං එළකිරියෙ නිසදැස් අනං මනං තියෙනවා කියලා දැනගත්තෙත්..
ඒ කාලෙ නම් සුපිරි සෙට් එකක් හිටියා බං.. මේ වගේ අසහනකාරයොයි, පිස්සු යක්කුයි හිටියෙ නෑ.. දැන් වැඩියක් ඉන්නෙ එක එකාට ඉරිසියා කරන උනුයි, පලිගන්න දගලන උනුයිනේ..
මතකද මේකෙ පොරක් හිටියා එකවුන්ට් තුනකින්.. කවුරුවත් දැනන් හිටියෙ නෑ මෑතක් වෙනකන්ම ඒ එකවුන්ට් තුනම උගේ කියලා.. බුවා නම් දැන් පත්තර වලට එහෙම ලියනවා.. ඒක නිස නම කියන එක හරි මදි.. සුපිරියට ඌ එකවුන්ට් තුනකින් මේකෙ උන්ට ලස්සන චිත්‍රපටියක් පෙන්නුවා..
crazybuddy da?










