එල්ටීටීඊ_කුමන්ත්‍රණය
රනිල් මෛත්‍රී එල්ටීටීඊ කුමන්ත්‍රණය පරාදයි
තුනෙන් දෙකක වැඩි ඡන්දෙන් අය-වැය සම්මතයි
පක්ෂව ඡන්ද 152යි: විපක්ෂව 57යි
රජය බිඳ දමන සියලු කතා පුස්සක් වෙයි
විපක්ෂයේ පුහු තර්ජන බිඳ දමමින් 2015 විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීම හෙවත් අය-වැය කාරක සභා අවස්ථාවේ දී වැඩි ඡන්ද 95කින් ඊයේ (24) පාර්ලිමේන්තුවේ දී සම්මත විය. රජය බිඳ දමන බවට ඉදිරිපත් කළ කතා සියල්ල පුස්සක් බවට පත් කරමින් අය-වැය සම්මත වීම රජය ලැබූ අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලෙස සැලකේ.
එක්සත් ජනතා නිදහස් සන්ධානයට අයත් සියලුම පක්ෂවලට අයත් මන්ත්‍රීවරුන් කෙටුම්පතට පක්ෂව ඡන්දය ලබා දුන් අතර පක්ෂව ඡන්ද 152ක් ලැබුණි. වික්ෂව ලැබුනේ ඡන්ද 57කි. මන්ත්‍රිවරුන් 15 දෙනෙකු ඡන්දය විමසන අවස්ථාවේ සභාවේ සිටියේ නැත. කාරක සභා අවස්ථාවේ විවාදය අවසන් වීමෙන් අනතුරුව කෙටුම්පත සංශෝධිත ආකාරයෙන් සලකා බලා සම්මත කරන බව කතානායක චමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
එම අවස්ථාවේ සභානායක ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා තුන්වැනිවර කියැවීම සඳහා ඉදිරිපත් කරන බව පැවසීය. එහිදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා ඡන්ද විමසීමක් සිදු කරන ලෙස ඉල්ලා සිටියේ ය. ඡන්දය විමසීම නම් අඬගසා සිදු කරන ලෙස සභානායක නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉල්ලා සිටි බැවින් එම අවස්ථාවේදී මන්ත්‍රිවරුන් කැඳවීමේ සීනුව නාද කෙරිණී.
ඒ අනුව ඡන්දය විමසන ලද අතර ඡන්ද විමසීමෙන් පසු ව විසර්ජන පනත් කෙටුම්පතට පක්ෂ ව ඡන්ද 152ක් ද විරුද්ධ ව ඡන්ද 57ක් ද ලැබී තිබුණි. 2015 විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) තුන්වැනිවර කියවා සියලු වැය ශීර්ෂ සශෝධන සහිතව සම්මත කරන ලද බව කතානායකවරයා නිවේදනය කරන ලදී.
එජාප, ප්රජාතන්ත්රවාදී ජාතික සංධානයේ හා දෙමළ ජාතික සංධානයේ මන්ත්‍රීවරුන් අය-වැයට විරුද්ධ ව ඡන්දය භාවිත කළ අතර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සහ පාධලී චම්පක රණවක යන හෙළ උරුමයේ මන්ත්‍රිවරුන් දෙදෙනාද පසුගියදා ආණඩුවෙන් ඉවත් වූ මෛත්‍රීපාල සිරිසේන, දුමින්ද දිසානායක, රාජිත සේනාරත්න, එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන, වසන්ත සේනානායක, රජීව විජේසිංහ, කරූ ජයසූරිය, ලක්ෂ්මන් කිරිඇල්ල, අර්ජුන රණතුංග, ටිරාන් අලස්, අබ්දුල් හලීම් හා ජේ. ශ්‍රී රංගා ඝ පී රාදොරෙයි මන්ත්‍රීවරුන් යන 15 දෙනා සභාවට පැමිණ නොසිටියහ.
අය වැය විවාදය පැවැති අවස්ථාවේ ඊට සහාය දුන් සියලු දෙනාට කතානායක චමල් රාජපක්ෂ මහතා සිය ස්තූතිය පුද කළේය.

Last edited: