එල්ලී මැරුණු ගැබිනි තරුණිය යක්ෂණියක් වී

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එල්ලී මැරුණු ගැබිනි තරුණිය යක්ෂණියක් වී

    1661901084995f7c4c399924af4c28ba716778ed.jpg


    1990 දශකයේ අග භාගයේ දිනයකි.

    “සර් කලාපෙ කොල්ලෙක් මැෂිමක් උඩ වැටිලා මැරිලා..!”

    කටුනායක පොලිස් ස්ථානයට ලැබුණු ඇමතුමකින් කියැවුණේ එම ටිකය. ඒ අදාළ සමාගමේ නම සහ ලිපිනයද සමගය. ඒ අනුව කටුනායක පොලිස් නිලධාරීහූ පිරිසක් වහා ඒ අදාල කර්මාන්තශාලාවට ගියහ.

    නමින් එම කර්මාන්තශාලාවට කොරියන් ලංකා නම් විය. ඒත් ඇතැම්හූ එය හැදින්වූයේ කොරියා සිලෝන් යනුවෙන්. මෙම කර්මාන්තශාලාවේ නිමි ඇදුම් නිපදවෙමින් තිබුණේය. ඒ අපනයනය සඳහාය. එහි හිමිකරුවන් වූයේ දකුණු කොරියානුවන්ය. පොලීසියට ලැබී තිබුණු අර ආරංචිය සැබෑවකි. තරුණයෙක් එම කම්හලේ මැෂිමක් උඩට වැටී මියගොස් සිටියේය. එම තරුණයා ඉහළ වහලෙහි විදුලි පංකාවක් සවි කරන්නට උත්සාහ දරා තිබුණේය. එහිදී හෙතෙම වහලෙහි සිවිලිම කඩාගෙන කම්හලේ මැෂිමක් මතට ඇද වැටී තිබුණේය. සියල්ල පැහැදිලිය. ඒ මරණය ගැන සැකයක් නොවුණි. ඒ මන්දයත් එම මරණයට හේතුව නොසැලකිලිමත් අත් වැරැදීමක් නිසාය.

    එතකින් ඒ සිද්ධිය අවසන් විය. කාලය දින, සති, මාස වශයෙන් බොහෝ වේගයෙන් ගෙවී යමින් තිබුණේය. කාටත් පෙර සිද්ධිය අමතක විය.

    ඒ 2003 වර්ශයයි..

    “සර්.. කලාපෙ කෙල්ලෙක් ෆැක්ටෙරිය ඇතුලෙ එල්ලිලා මැරිලා..”

    එම ඇමතුම ලැබුණේද කටුණායක පොලීසියටය. තරුණිය එල්ලී මියගොස් ඇති බව කියන කම්හලේ නමද එම ඇමතුමෙන් කියැවී තිබුණි. එම කම්හල අනෙකක් නොව අර කොරියන් ලංකා ඇඳුම් කම්හලමය. පෙර සිද්ධියේ මියගොස් සිටියේද එහීය.

    ඒ අනුව එවරද කටුණායක පොලිස් කණ්ඩායමක් අදාළ කර්මාන්තශාලාවට ගියේය. කාරණය ඇත්තකි. තරුණියක් එල්ලී මියගොස් සිටියාය. බැලූ බැල්ට ඇය එතරම් වයසක් නොමැති ලාබාල එකියක බව පෙනෙන්නට තිබිණ.

    ‍“මේ කෙල්ල කොම්පැණියෙ කොල්ලෙක් එක්ක යාළුවෙලා ඉඳලා තියෙනවා. පස්සෙ ඒ කෙල්ල ඒ කොල්ලගෙන් අනාථ වෙලා බඩට දරුවෙක් ආවට පස්සෙ කොල්ලා පැනලා ගිහිල්ලා. දෙමව්පියන්ට යාළුවන්ට, ගමට, රටට මූන දෙන්න බැරුව මේ කෙල්ල ෆැක්ටේරියෙ ඇතුළෙ එල්ලිලා මළ බවයි කියන්නෙ.. පව්! අසරණී! මෝඩ කෙල්ල..”

    මරණය ගැන සොයාගිය පොලීසියට ලැබී තිබුණේ එම තොරතුරුය. එය පැහැදිලිවම සියදිවි හානි කරගැනීමකි. ඒ නිසා ඒ ගැන ඉන්පසු කවුරුත් සොයන්නට ගියේ නැත.

    තවත් වසරක, දෙකක ඇවෑමෙන් පසු කොරියන් ලංකා සමාගම වැසී ගියේය. කම්හල වැසී ගියා යනු එහි හිම්කාරීත්වය දැරූ කොරියන් කරුවෝ පැදුරටත් නොකියා එම කම්හල බංකොළොත් කරමින් පැනගොස් සිටියා යන්නය. ඒ බව කියන්නේ එම කම්හලේ සේවක සේවිකාවෝය. කම්හල වැසී යාමෙන් සිය ගණනකට රැකියා අහිමිව තිබුණි. එහි සේවය කළ ඇතැම්හූ තම ඈත ගම් පෙදෙස් බලා ගියහ.

    එලෙස සේවක, සේවිකාවන් හිස්ව, පරිපාලනයක් නොමැතිව වසර ගණනාවක් පාළුවට ගිය මෙම කම්හළ යළි පණ ලැබැන්නේ 2009 වසරේ අගෝස්තු 16 වෙනිදාය. ඒ සීදූව ප්‍රදේශයේ එතෙක් ක්‍රියාත්මක කෙරෙමින් තිබුණු සුප්‍රසිද්ධ පෞද්ගලික සමාගමක් වැඩි ඉඩකඩ සොයා කටුණායක නිදහස් වෙළධ කලාප මධ්‍යමයට පැමිණිමට සිතාගෙන සිටි නිසාය. එම සුප්‍රසිද්ධ සමාගම පැරණි කොරියන් ලංකා සමාගම් බූමියේ දෙමහල් ගොඩනැගිල්ලේ ස්ථාපිත කෙරෙන්නේය. මෙම සමාගම සුවිශාල වූ ධනස්කන්ධයක් වැය කරමින් නිෂ්පාදනය සිදු කරයි. ඔවුන්ගේ සේවක, සේවිකා සංඛයාව හයසිය පනස් දෙනකුද ඉක්ම වෙයි. දකුණු අප්‍රිකාවෙන් සහ බෙල්ජියමෙන් එක් සුවිශේෂ ඛනිජ ද්‍රව්‍යයක් ගෙනැවිත් මෙහි නිපදවීම් කෙරෙන්නේය. ඒ විදෙස් වෙළදපොළ සඳහාය. මෙහි වත්මන් පාලනාධිකාරිය හිමිව පවතිනුයේ ඉන්දියානු සමාගමටකය.

    කෙසේ නමුත් පසුගිය 2011 වසරේදී මෙම නව සමාගමේ කළමනාකරුවෙක් කම්හළ ඇතුළේදීම මිය ගියේය. ඒ මෙම කම්හලේ නිපදවෙන නිෂ්පාදනයක් පරික්ෂාවට ලක් කරමින් සිටියදීය. එම කළමනාකරු ඉන්දීය ජාතිකයෙකි. නමින් හිමසුන්ය. වයස අවුරුදු හතළිත් එකකි.

    ඉන්දීය ජාතිකයෙකු වුවද මේ තරුණ කළමනාකරුවා එහි සේවක සේවිකාවන් සමග සමීප කුළුපහ ඇසුරක් පැවැත්වූවෙකි. හදිස්සියේම සිදු වූ ඔහුගේ වියෝව ගැන කම්හලේ සැවොම කම්පාවට පත්ව සිටියහ. ඔහුගේ සිරුර අවසන් කටයුතු සඳහා ඉන්දියාවට පිටත් කර යැවිණි. ඒ ඔහුගේ බිරිදගේ ඉල්ලීම පරිදිය.

    සැක සංකා නොමැති හෙයින් ඒ ගැන වැඩි දුර පරීක්ෂණ අවශ්‍ය නොවිණි.

    මෙම වසරේ (2012) පෙබරවාරි මාසයේ දිනෙක මේ කම්හලේ මාණ්ඩලික සුබසාධක නිලධාරියෙක් එහි ඇති වැසිකිළියට ගියේය. දොර වසා ග්තතේය. ඒ ඔහුට දැනුණු අධික මුත්‍රා බර සැහැල්ලු කරගැනීම පිණිසය. එවිට වේලාව සවස හය පසුවී තිබුණි. ඔහු මුත්‍රා බර සැහැල්ලු කරගනිමින් සිටියේය. එම වැසිකිළියේ ඉදිරිපස පිවිසුමේ ජල කරාමයක් සවිකර ඇත්තේය. එයින් නොකඩවා වතුර ගලන හඬ ඔහුට ඇසෙන්නට විය. ඒ මිනිත්තු හතර පහක් ගියේය. ඔහු සිතුවේ කිසිවෙකු ජල කරාමය විවර කර මුහුණකට සොදනු ඇති බවය.

    “කවුද ඔයා..?”

    ඔහු වැසිකිළිය ඇතුළේ සිටම විමසුවේය. නමුත් පිළිතුරක් නොමැත. ටිකකින් ඔහු වැසිකිලියේ දොර විවර කරගෙන එළියට ඇවේය. ජල කරාමයෙන් නොකඩවා වතුර ගලා යමින් තිබුණි. ඒත් එය විවර කළ අයෙකු දකින්නට නොවිණි. ඔහු අඩියට දෙකට ඉවතට විත් අවට ප්‍රදේශය සිසාරා බැලුවේද කිසිවෙකු පෙනෙන්නට නොමැත.

    “මං මේ ටැප් එක ඇරියෙ නෑ. ඒත් මං ඒක වහලා දානවා..”

    එසේ සිතමින් ඔහු එම ජල කරාමය වැසුවේය. අනතුරුව ඔහු කාර්යාල පරිශ්‍රයට ගියේය. එහිද කිසිවෙකු නොවිණි.

    “හරි පුදුම වැඩේ.. කවුද ටැප් එක ඇරලා දාලා ගියේ..?”

    ඔහු තමාගෙන්ම ප්‍රශ්න කළේය. එහෙත් ජල කරාමය විවර කළේ කවුදැයි යන්නට අදටද පිළිතුරක් නොමැත.

    තවත් දිනෙක සැදෑ කාලයේ මෙම ආයතනයේ ඉහළම පෙලේ විධායකයෙක් වැසිකිළියට ගොස් ඇතුළතින් දොරගුළුලා ගත්තේය. අනතුරුව කාර්යය අවසන්ව වැසිකිළියේ දොර විවර කරගන්නට උත්සාහ ගත්තේය. එහෙත් යම්කිසිවකු පිටතින් දොරගුළු ලා තිබුණි.

    “මේක මහ පුදුම වැඩක්නේ..”

    වැසිකිළියේ කොටු වූ විධායක නිළදාරියා සිතුවේය. කෙතරම් උත්සාහ කළද දොර විවර කරගන්නට බැරිවිය. අවසන සියලු වෙර යොදා පා පහර දී දොර කඩා හෙතෙම එළියට ආවේය.

    තවත් එක් දිනෙක මේ ආයතනයේ වගකිව යුත්තෙකු වැසිකිළියට යන විට එහි දොර විවර වුණේය.

    “මේක නම් මහ පුදුම වැඩක්නේ! මං ඇරගන්න ඕනෑ දොර එතන හිටපු නොපෙනෙන කෙනෙක් ඇරලා දුන්නා වගෙයි..”

    එම නිලධාරියා සෙස්සන් සමග කීවේ පුදුමයෙනි. තවත් වරෙක මේ සමාගමේ රාත්‍රී සේවයේ යෙදුණු සේවකයෙක් නාන කාමරයට වැදී දතකට මදිමින් සිටියේය. අනෙක් පස පිහිටා ඇත්තේ සමාගමේ සේවිකාවන් සඳහා වෙන්ව ඇති වැසිකිළි සහ නාන කාමරය පෙළය. එදෙසින් ඒ අලුයම පළමුව දත් මදින හඬක්ද අනතුරුව කිසිවෙකු ජලස්නානය කරන අයුරුද ඇසෙන්නට විය.

    ඒ සේවකයාට දැන් මෙය උභතෝකෝටික පැනයකි. ඒ එදින රැයේ කිසිදු ස්ත්‍රී පක්ෂ සාමාජිකාවක රාත්‍රී සේවයේ නොයෙදුනු බව ඔහු හොද හැටි දැන සිටි නිසාය. එසේ හෙයින් ඒ අලුයම කිසිවෙකු එහි සිටින්නට ඉඩක් කිසිසේත්ම නැත.

    “කවුද ඔය...?”

    ඔහු හඬ නගා විමසුවේය. ඒත් කාන්තා පක්ෂ නාන කාමරය දෙසින් පිළිතුරක් නොවිණි. ඒ සීතල පාන්දර ඒ සේවකයාට දහදිය දැම්මේය. ඒ ඇතිවුණු භයටය. මේ විශාල කම්හල් ගොඩනැගිල්ල මීටර් තුන් හාරසීයක වපසරියක් පුරා විහිද පවත්නේය.

    මෙහි ජනෙල්, දොරවල් විවර කිරීම්ද, ඡායාවල් මතු වී නොපෙනී යාම්ද, සීතල සුළං හැමීම්ද නිතර සිදුවන්නේය. ඒ දැනට වසර එකහමාරක දෙකක සිටය. එලෙස සිදුවන මෙවැනි දේවල් ගැන කිසිවෙකුට වගේ වගක් තිබුණේ නැත. ඊට හේතුව එවැනි දේ මගින් කිසිවෙකුට හානියක් නොවන නිසාය.

    මෙම කම්හල් පරිශ්‍රයට ඇතුළු වන අද්භූත ඡායාවක් සමග සිටින ලොමින් පිරුණු සුනඛයකු පවා ඇතැම්හූ විටින් විට දැක තිබුණහ. හොඳින් දොරවල් වසා තිබියදී සුනඛයෙකු කම්හල ඇතුළට ආවේ කෙසේ දැයි යන්න ගැන කියන්නට කිසිවෙකු නොදත්හ. අනෙක් පුදුම උපදවන කාරණය වූයේ එම ඡායාවද, සුනඛයාද ක්ෂණයකින් පෙනී නොපෙනී යාමය.

    මෙම කම්හලේ සේවකයන් රාත්‍රී සේවාවේද යෙදිය යුතුය. ඒ රැයක්, දවාලක් නොතකා මෙම කම්හලේ එක් සුවිශේෂ නිෂ්පාදන මැෂිමක් නිරන්තරව ක්‍රියාත්මක කළ යුතුව තිබෙන හෙයිනි. ඒ ගැන කිසිවෙකුට අමුත්තක්ද නොමැත.

    දිනය පසුගිය අගෝස්තු මස 28 වෙනි අඟහරුවාදාය එදින කම්හලේ රාත්‍රී සේවා මුරයේදී තරුණ කණ්ඩායම් කිහිපයකට වගකීම් පැවරී තිබුණේය. පෞද්ගලික ආරක්ෂක අංශ සමාගමක ආරක්ෂකයෝ මෙම සමාගමට දිනයේ විසිහතර පැය පුරා ආරක්ෂාව සපයතී. ඊට අමතරව මුළු සමාගමේ දැඩි අවධානය යොමුවන පෙදෙස් ආවරණය වන පරිදි ආරක්ෂක කැමරා පවා සවිකර තිබෙන්නේය.

    රාත්‍රී සේවයේ නිතර තරුණයේ තිදෙනෙක් ලද විවේකයෙන් ප්‍රයෝජනයක් ගැනීම සඳහා ඔවුන්ගේ විවේක සුව කාමරයට වැදී නින්දත්, නොනින්දත් අතර කල්ගත කරමින් සිටියහ. ඒ එම කාමරයේ ඇති ආසනයන්හී දිගාවෙමිනි. ඒ වන විට අගෝස්තු 28 වෙනිදා රාත්‍රීය ගෙවී ගොස් තිබුණේය. කොටින්ම ඒ 29 වෙනි බදාදා අලුයම් කාලයයි. වේලාව අලුයම 2.30ට ආසන්න වී තිබුණි.

    අර තරුණයන් තිදෙනා විවේක ගනිමින් සිටි කාමරයට එකවරම ශීත සුළගක් හැමුවේය. ඒ ශීත සුළග දැවටීමත් සමගම එම තිදෙනාටම කතා කරගන්නට නොහැකි විය. ඔවුන් කතා කළද වචන පිට වූයේ නැත. කෑගසන්නට තැත් දැරුවද කෑගසාගත නොහැක. ඒ එක්කම එක් තරුණයකුට දැනුණේ යමෙකු ඔහුගේ කකුලෙන් අදින බවකි. ඒ පිරිස අතර සිටි තවත් තරුණයකුටද එම සන්තෑසියටම මුහුණ දෙන්නට සිදුවී තිබුණේය. යමකු ඔහුගේ කකුලෙන්ද ඇද තිබුණේය.

    “අනේ කවුදෝ මගෙ බෙල්ල මිරිකනවා..”

    එලෙස කියමින් දඟලමින් එක් තරුණයෙකු යක්ෂාරූඪ වී තිබුණේය.

    එම තරුණයාගේ මුව මඬල සැබෑවටම ලේ පිපාසිත යක්ෂයකුගේ බදුවිය. බැලූ බැල්මටම එම තරුණයාගේ නියපොතු දිගට වැවුණු සෙයකි. ඔහු දරදඬුව ආවේශ වූ සෙයකි. දෙඇස් වලින් ගිනිසිළු පිටවන සෙයකි. රෞද්‍ර තරුණයා අනෙක් තරුණයන් දෙදෙනාට පහරදීමට පවා උත්සාහ කළේය. එමෙන්ම එම තරුණයන්ගේ බෙල්ල මිරිකන්නට උත්සාහ ගත්තේය. එම දෙදෙනා අතරේ හතරේ, හයේ සවි ශක්තිය ඇති තරුණයෙක් විය. හෙතෙම ආවේශ වී සිටි තරුණයාට පහර පිට පහර දුන්නේය. එම පහර දීම්වලින් ඔහුගේ දෙ අතේ ලේ තැවරුණේය. එම ලේ ආවේ කොහෙන්දැයි කිසිවෙක් නොදත්හ.

    ආවේශ වූ තරුණයා වියරුවෙන් අනෙක් තරුණයන් දෙදෙනා පසුපස හඹායන්නට විය. අනෙක් ඉමහත් බියට පත් වූ තරුණයන් දෙදෙනා කාමරයෙන් එළියට පැන මේ සිද්ධ වූ දෙය අදහාගත නොහැකිව ඉබාගාතේ දිව ගියහ. මේ කලබලය රාත්‍රී සේවා මුරයේ යෙදී සිටි වෙනත් තරුණ පිරිසකට සැලවිය. ඔවුහු වහා ඉදිරිපත්ව යක්ෂාවේෂයෙන් කලබල කළ තරුණයා කිටි කිටියේ බදා අල්ලා ගත්හ. ඒ ඔහු එතරම්ම දරදඩු වීම නිසාය.

    සියල්ලන්ට පෙනී ගියේ ඔහුට යමෙකු ආරූඪ වී ඇති බවකි. එනිසා පළමුව ඔහු සමාගම් බූමියේ පිහිටි බුදුමැදුර කරා රැගෙන යන ලදී. ඒ සිතට ශාන්තියක් ලබාදීම පිණිසය. අනතුරුව සමාගමේ ආරක්ෂක නිලධාරියෙකු සහයෙන් වෑනි රයක නංවා එම තරුණයා මීගමුව රෝහල කරා පිටත්කර හරිනන්ට ඔවුහු පියවර ගත්හ.

    මීගමුව රෝහලේ සිට බදාදා උදේ වරුවේ මම තරුණයා උදම්මිට මහ විහාරස්ථානයේ හිමියන් වෙතට රැගෙන යනු ලැබිණි. එහිමියෝ මේ තරුණයා පරික්ෂාවට ලක් කළහ. ඒ තරුණයාගේ ඇස්, හිස, දෙඅත් ආදී වශයෙන් එම පරික්ෂාවෙන් පසු මේ තරුණයා යම් බලගතු යක්ෂ දෝශයකට ගොදුරුව ඇති බව උන්වහන්සේගේ නිගමනය විය. උන්වහන්සේ මතුරන ලද තෙල් ස්වල්පයක් තරුණයාගේ හිසේ ගැල්වූහ. ඉන්පසු තත්වය ටිකකට සන්සුන්විය.

    “මේ තෙල් බලය තියෙන්නෙ පැය හතයි. ආපහු මෙයාට මේ ආවේශය ඒවි. කෝකටත් මෙයාව මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකුට පෙන්නන්න වේවි.”

    උන්වහන්සේ මානසික වෛද්‍යවරයෙකුගේ නමක්ද සඳහන් කරමින් උපදෙස් දුන්හ. ඒ අනුව සමාගමේ හිතවත්හූ ආවේශ තරුණයා එම මානසික වෛද්‍යවරයා වෙතටද රැගෙන ගියහ. එම වෛද්‍යවරයා තරුණයා පරික්ෂාවට ලක්කොට බෙහෙත් නියම කළේය. මේ අතරතුර මෙම සිද්ධිය වූ සමාගමේ තවත් අපූරු දෙයක්ද සිදුවෙමින් තිබුණේය. ඒ සමාගමේ පාලනාධිකාරිය එහි ආරක්ෂිත කැමරාවල මේ සිද්ධියට සම්බන්ධ යමක් සටහන්ව ඇද්දැයි පරික්ෂා කර බලන්නට යුහුසුලු වීමය. මෙය රාත්‍රී වැඩ මුරය නොකිරීම සඳහා තරුණයන් එක්ව රඟදැක්වූ ප්‍රෝඩාවක්ද යන්න හෙළි කර ගැනීම ඔවුන්ගේ මුඛ්‍ය අරමුණ විය.

    එහි සටහන්ව තිබුණු එක් ඇඟ කිළිපොළන දර්ශන පෙළක් දැකීමෙන් සමාගම් පාලනාධිකාරියටද ඇස් ඇරී තිබුණේය. ඒ යම් අද්භූත රුවක ඡායාවක් ආරක්ෂක කැමරාවල සටහන් වී තිබුණ හෙයිනි. එම රුව වහලේ සිට එකවරම පහත් වී අර තරුණයන් තිදෙනා විවේක ගනිමින් සිටි කාමරය දෙසට ඇදී යන අන්දම දක්නට ලැබුණි. එහිදී විදුලි පහන් එළි පවා ගැස්සීමට ලක්වන අයුරුද ක්නට විය. සමාගමේ ආරක්ෂිත කැමරාවල එම රූප පෙළ සටහන්ව ඇත්තේ 29 වෙනි බදාදා අළුයම 2.24ටය. තරුනයන් තිදෙනා එම අද්භූත දෙයට බිය වී තිබුණේ ඉන් මිනි්තතු හතරකට පමණ පසුවය. එනම් අලුයම 2.28ට පමණය.

    තමන් දුටු ඒ අද්භූත අත්දැකීම කියාපාන්නට ඒ තරුණයෝ ඉදිරිපත් නොවෙති. එහෙත් මීට වසර නවයකට පමණ පෙර මෙම කම්හලේ එල්ලී මියගිය ගැබිනි පෙම්වතියගේ අදෘශ්‍යමාන බලවේගය එය බවට දැන් තදබල ලෙසටම විශ්වාස කරේ. එයට එක් හේතුවක් ව්නනේ මෙම කම්හලේ සේවය කරන කාන්තා පක්ෂයේ කිසිවෙකුට හිංසාවක් සිදුනොවීමය. එම අදෘශ්‍යමාන බලවේගය ලුබුහදිනුයේ තරුණ පිරිමින් පමණකි. ඇයගේ අදෘශ්‍යමාන බලවේගය එදින තරුණ සේවකයන් දෙදෙනකුටම ඇතුළු වීමට තැත් දරා තිබුණේය. එහෙත් එම බලවේගයට ඇතුළු වීමට හැකියාව ලැබී තිබුණේ එක් තරුණයෙකුට පමණි. මේ අදෘශ්‍යමාන බලවේගයට ගොදුරු වූ අතරුණයා 30 වෙනි බ්‍රහස්පතින්දා අලුයම 2.24ට පමණ දෙවන වරටද ආවේශ වී තිබුණේය. ඔහු එදින නතරව සිටියේ සීදුව ප්‍රදේශයේ බෝඩිමකය. ආවේශයෙන් ඔහු එහි ජල්ලි නැටුවේය.

    “මට ලේ වලින් පලිගන්න ඕන කෙනෙක් ඉන්නවා..”

    එහිදී ඔහුගේ මුවින් එවැනි දෙබස් ඛණ්ඩයක්ද පිට වුණේය. අනෙක් විශේෂ කරුණ වන්නේ මෙම තරුණයා කිසිදු දිනෙක මෙවැනි දේ විශ්වාස නොකළ අයකු වීමය. ඔහු කිසිදු චෝදනාවක් නොමැති අයෙකි. එමෙන්ම ඔහු මානසික ආතතියකින් පෙළුනු අයෙක්ද නොවීය.

    කෙසේ නමුත් මේ කම්හලේ හොල්මන මෙල්ල කිරීම සඳහා කම්හල් බලධාරීහූ සහ සුබසාධක නිලධාරීහූ පසුගිය 30 වෙනි බ්‍රහස්පතින්දා රැය පුරා මහ පිරිතක් සංවිධානය කර තිබුණහ. ඒ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළේ එම කම්හලේ මානව සම්පත් කළමනාකරු වන රොහාන් ජීවන්ත, මාණ්ඩලික සුබසාධන නිලධාරීන් වන එස්.එම් දිනේෂ්, ලලිත් නෙත්තසිංහ, ජයන්ත ප්‍රනාන්දු යන මහ්තවරුන්ය. එම පිරිත සඳහා හෙට්ටිපොළ, දංකොටුව, පන්නල ආදී ප්‍රදේශවල විහාරස්ථානවල භික්ෂුන් වහන්සේලා දාහතර නමක් සහබාගී කරගෙන තිබිණ. එම මහා පිරිත අවසන් වූයේ පසුදා 31වැනි සිකුරාදා පොහොය දින දානයකිනි. ඉන් අනුතරුව භික්ෂූන් වහන්සේ නමක් විසින් ආයතනයේ මුළු හතර ආරක්ෂා කොට පිරිත් පැන් ඉසීමට පියවර ගෙන තිබුණි. එවන් දේ සිදුකලේ අදෘශ්‍යමාන බලවේගවලින් කම්හලේ සේවක සේවිකාවන් ආරක්ෂා කරගැනීම සඳහා පියවරක් ලෙසිනි.

    මීට අමතරව පසුගිය බ්‍රහස්පතින්දා 6වෙනිදා මෙම කම්හලේ විශේෂ දේව යාඥාවක්ද පැවැත්විණි. ඒ කොටුගොඩ මීසම භාර ජූඩ් ලක්ෂ්මන් පියතුමාගේ මෙහෙයවීමෙනි. එම දේව මෙහෙයේ අරමුණ වූයේ ද අදෘශ්‍යමාන බලවේගවලින් කම්හලේ සේවක සේවිකාවන් ආරක්ෂා කරගැනීමය.

    “මීට පෙර සිද්ධ වෙච්ච දොරවල් අරින වැහෙන සිද්ධින්, ජල කරාම අරින සිද්ධීන් වගේම අර ලොමින් පිරුණු සුනඛයාගේ සහ අත්භූත කාන්තා රුවේ චායා සටහන් පවා ආරක්ෂක කැමරා වල සමහර විට සටහන් වෙලා තියෙන්න ඇති. ඒත් අපි කවුරුවත් ඒ දවස්වල ඒවා ගැන අවධානය යොමු කළේ නැහැනේ. එහෙම අවධානය යොමු කළා නම් ඒවායෙහි සත්‍ය අසත්‍යතාව පවා අපබට දැක බලාගන්න තිබුණා. මේ සියල්ල සිද්ධ වෙන්නෙ අර තරුණ ගෑනු ළමයා එල්ලීලා මියගිය බව කියන ස්ථානය අසල කොටසේයි.”

    හොල්මන් පිරුනු මෙම කම්හලේ තතු දත් පිරිස් අනාවරණය කර සිටියහ.

     
    • Like
    Reactions: ColdBreath

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එළකිරි භූත කොටුවට සුදුසු කතාවක්.

    +රෙප්
    ඕනෙ නම් දාපන් මචෝ.. අවුලක් නැහැ.. :)

    hamoooo bt gindara machan ,,,,,eli eli
    එලස්.. තෑන්ක්ස් කොල්ලා..

    haffiyoooo. tikak withara sirawatama baya hithuna ban
    මටත් එහෙම සීන් එකක් උනා බං..:D අවුලක් නෑ අපේ ඔෆිස් එකේ කෙල්ලො නෑ.. ඒත් රෑට වැඩ කරනකොට තමා අවුල..:dull:
     

    nadeejalm

    Member
    Jan 5, 2012
    1,103
    136
    0
    ආරක්ෂක කැමරාවේ විඩියෝ එක හොයා ගන්න නැද්ද?
     

    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    මේ හැම සිද්දියක්ම මනස නිස ඇතිවෙච්ච දේවල් මිසක් අත්භූත දේවල් නෙවෙයි. මනස සන්සුන් කරගත්තොත් හොල්මන් දකින්නේ නැහැ. හොල්මන් කියන්නේ හෙල්ලෙන මනසටයි. මේ සිදුවීම් පෙලේ කිසිදු සිදිවීමක අත්භූත දෙයක් දක්නට නැහැ. කැමරාවේ සටහන් වුන දෙය එම අවස්ථාවේ පැවතුණු තුහින (පිනි ) තත්ත්වය නිසා වූවක් විය හැකියි. කෙසේ වෙතත් මෙවැනි සිදුවීම් බොහෝවිට උලුප්පන්නේ පුවත්පත් හෝ වෙනයම් මාධ්‍ය මගින් බවත් මතක තබා ගන්න. හුදෙක්ම තම තමන්ගේ ව්‍යාපාර ප්‍රචලිත කර ගැනීමේ අරමුණින් මිසක් සමාජය කෙරෙහි ඇති අනුකම්පාවක් නිසා නොවෙයි. අවසාන වශයෙන් කියන්නේ " මනස සැහැල්ලු කර ගන්න". එවිට අත්වැරදීම් සිදුවීම බොහෝ දුරට අඩුවේවි, හොල්මන් නොදකීවී.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේ හැම සිද්දියක්ම මනස නිස ඇතිවෙච්ච දේවල් මිසක් අත්භූත දේවල් නෙවෙයි. මනස සන්සුන් කරගත්තොත් හොල්මන් දකින්නේ නැහැ. හොල්මන් කියන්නේ හෙල්ලෙන මනසටයි. මේ සිදුවීම් පෙලේ කිසිදු සිදිවීමක අත්භූත දෙයක් දක්නට නැහැ. කැමරාවේ සටහන් වුන දෙය එම අවස්ථාවේ පැවතුණු තුහින (පිනි ) තත්ත්වය නිසා වූවක් විය හැකියි. කෙසේ වෙතත් මෙවැනි සිදුවීම් බොහෝවිට උලුප්පන්නේ පුවත්පත් හෝ වෙනයම් මාධ්‍ය මගින් බවත් මතක තබා ගන්න. හුදෙක්ම තම තමන්ගේ ව්‍යාපාර ප්‍රචලිත කර ගැනීමේ අරමුණින් මිසක් සමාජය කෙරෙහි ඇති අනුකම්පාවක් නිසා නොවෙයි. අවසාන වශයෙන් කියන්නේ " මනස සැහැල්ලු කර ගන්න". එවිට අත්වැරදීම් සිදුවීම බොහෝ දුරට අඩුවේවි, හොල්මන් නොදකීවී.
    මාත් මෙච්චර කාලෙකට දැකලා නම් නැහැ..:yes:
     

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    ඔය වගේ අමුතු දේවල් තියනවා. බොරු කියලා බැහැර කරන්න බැරි. පිරිත් කියලා දානයක් දීල පින් දුන්නනම් ඕක හරියයි.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :D:D


    අරවින්දයා.. මොකෝ උනේ..:D

    ඔය වගේ අමුතු දේවල් තියනවා. බොරු කියලා බැහැර කරන්න බැරි. පිරිත් කියලා දානයක් දීල පින් දුන්නනම් ඕක හරියයි.
    ඒක ඇත්ත..:yes:

    :D:D
    ඔෆිස් එකේ පරිස්සමින් හිටපිය..
    :rofl: