එල්.ටී.ටී.ඊ Back

H@suri

Member
Sep 17, 2006
2,518
349
0
වියට්නාමයේ
ඉන්දියාවේ මහාබෝධි විහාරයේ ‍ආරක්ෂාව තර කෙරේ

ඉන්දියාවේ ඵෙතිහාසික මහාබෝධි විහාරස්ථානයේ ආරක්ෂාව තර කිරීමට එරට රජය තීරණයකර ඇත.

විහාරස්ථානය විනාශ කිරීමේ ත්‍රස්තවාදී සැළසුමක් හෙළිවීමත් සමඟ මේ පියවර ගෙන තිබෙන බව වාර්තා වෙයි.

ඉන්දීය මුජාහිදීන් ත්‍රස්තවාදී සංවිධානයට අයත් ක්‍රියාකාරීන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මේ තොරතුරු අනාවරණය කරගෙන තිබෙන අතර ඒ සම්බන්ධයෙන් ඉන්දීය පොලීසිය පරීක්ෂණ ආරම්භකර තිබේ.

මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ සිට නවදිල්ලි නුවරට පැමිණි අවස්ථාවේදී මේ ත්‍රස්තවාදීන් තිදෙ‍නා ඉන්දීය පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඒ අවස්ථාවේදී ඔවුන් සතුව තිබූ පුපුරණ ද්‍රව්‍ය තොඟයක්ද පොලීසිය විසින් සොයාගෙන ඇත.

උත්සව සමයේදී මහාබෝධි විහාරස්ථානයට ප්‍රහාරයක් එල්ල කිරීම මෙන්ම නවදිල්ලි නුවරට ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක් මොවුන් සතුව තිබූ බවට නවදිල්ලි පොලිස් කොමසාරිස් නිරාජ් කුමාර් නවදිල්ලි නුවරදී මාධ්‍යවේදීන් අමතමින් ප්‍රකාශකර තිබේ.

ශ්‍රී ලංකාවේදී එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම පරාජයට පත් කළද ඉන්දියාව ඇතුළු විවිධ රටවල සංවිධාන සමඟ එක්ව ත්‍රස්ත ක්‍රියාකාරකම් වර්ධනය කිරීම සඳහා උත්සාහ ගන්නා අතර ඒ වෙනුවෙන් කලාපීය රටවල් සියල්ල එක්ව කටයුතු කළයුතු බව කියයි.
 

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මුජාහිදීන් ත්‍රස්තවාදී කියන්නේ මුස්ලිම් සින් එකක් නේද?