මතකද අවුරුද්ද පටන්ගන්නකොටම El Niño කතාවක් ගියා
පහුගිය කාලේ පැව්වෙත්, දැන් නැතිවෙන්න වැහින්නේත් මේක නිසා නේද ??
මට නිකමට මතක් උනේ

මිහිතලය රත්වීම නිසා ඇති වන ගෝලීය කාලගුණික විපර්යාස ශ්‍රී ලංකාවට ද බලපා ඇති බව පැරණි දත්ත සංසන්දනය කිරීමෙන් පෙනී යන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
"1860 ගණන් වල ඉඳන් ලබා ගත් කාලගුණික දත්ත අප සතුව පවතිනවා," කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ලලිත් චන්ද්‍රපාල බීබීසී සංදේශයට පැවසීය.
"එම දත්ත විශ්ලේෂණය කළ විට අපට පැහැදිලිව පෙනී යන දෙයක් තමයි ආන්තීය කාලගුණික විපර්යාස මෑතක සිට ලංකාවේ වැඩි වී ඇති බව. ඒ කියන්නේ වැසි කාලේදී තීව්ර වැසි සහ පායන කාලේදී නියං තත්වය."
මේ හේතුව නිසා ආන්තීය කාලගුණ විපර්යාස ඉදිරියේදීත් ශ්‍රී ලංකාවේ ඇතිවිය හැකි බවට අධ්යක්ෂ ජනරාල්වරයා අනතුරු අඟවයි.
නාය යෑම් දිගටම?
"ආන්තීය කාලගුණික විපර්යාස කියන්නේ වර්ෂාව පැත්තෙන් ගත්තොත් ගංවතුර ඇතිවන තුරු නොකඩවා පවතින මහ වැසි තත්වය. පෑවිල්ල පැත්තෙන් ගත්තොත් නියං ඇතිවන තත්වය දක්වා පැවතීම," ඔහු පැහැදිලි කළේය.
කෙසේ නමුත් දැනට පවතින ධාරානිපාත වැසි අඩු වී ගියත් නාය යෑම් සිදුවීමට ඇති ඉඩ කඩ පහව නොයන බව ඔහු අවධාරණය කළේය.
"දැන් වර්ෂාපතනය ලැබිල පොළව හොඳට තෙත් වෙලා තියෙන්නේ. ඒ නිසා ඉදිරියේදී සුළු වැස්සක් වැටුනත් නාය යාමේ අවදානම මතු වෙනවා. ඒ නිසා ඊට විසඳුම් සෙවීමට සිදු වේවි," කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ලලිත් චන්ද්‍රපාල වැඩිදුරටත් පැවසීය.
Source