මම එළ කිරියට එන්නෙ 2008 ජනවාරි මාසයේදි එදා ඉදන් අද වෙනකම්ම මම පුලුවන් හැම වෙලාවකදීම එලකිරියට එනව, එලකිරියෙන් මම ඉගන ගත්ත දේ බොහෝයි.. එදා ඇත්තටම එලකිරිය කියන්නෙ රස සාගරයක් උදව්වක් ඉල්ලුවහම ඒක කරල දෙන්න කට්ටඉය පොරකනව වගේම තමා ඉතා ගුණාත්ම ඉගන ගන්න බොහෝදේ ඇති නූල් එදා එලකිරිය තුල වැටුනා, 2008/ 2009 වෙද්දි එලකිරි කවි පිටුව තමා ශ්රී ලංකාවෙ තිබ්බ හොදම කවි පිටුව... එදා අපි අතර පුදුම සහයෝගයක් තිබ්බ කෙනෙකුගෙ වරදක් අඩු පාඩුවක් දැක්කත් අපි කලේ පී.එම් එකකින් අදාල පුද්ගලයාව දැනුවත් කරපු එකයි.. ඒත් අද
ඒත් අද එලකිරි එක වැටිල තියන තැන ගත්තහම හිතට එන්නෙ ලොකු දුකක් මොකද මම අවුරුදු 5 කට වැඩිකාලයක් එලකිරි එකත් එක්ක හිටපු නිසා අද සමහරුන්ගෙ ක්රියා කලාපය නිසා එලකිරි එක විකාර මඩුවක් වෙලා ප්රස්දියේ බැනගන්නව විතරක් නෙමේ එක එක් කෙනාට මඩ ගහල ත්රෙඩ් දාන තැනටම ඇවිත් විශේසයෙන්ම ආගම් වාදයේ මූලික බීජ රෝපනය කරන ප්රධාන තැනක් බවට එලකිරිය පත්වෙලා
ෆේක් ෆ්රොෆ්යිල් මේකේ වැහි වැහල ඒවගෙන් කරන්නෙ එක එක්කෙනා කෙටවීමක් නැත්නම් ආගම් වාදය පැතුරවීමක්... මේදේවල් වලට ඇඩ්මින් සහ කාර්යමන්ඩලය පිටම වරද පටවන්න බෑ මෙකෙ ත්රෙඩ් දානකොට අපිම දෙතුන් පාරක් හිතල දාමු, කෙනෙකුට පහර ගහන්න , මඩ ගහන්න ත්රෙඩ් එකක් දාන්න අපි ගන්න වෙලාව අරන් හොද වැඩකට ඇති ත්රෙඩ් එකක් දැම්මොත් අපි හැමෝටම වැඩක් වේවි..
හිතට දැනුනු දෙයක් කිව්වෙ....
e adahasa nam raththaran machan. mamath ekagai

