… බුද්ධ ධර්මය අතුරුදන් වීම …
ධර්මය අතුරුදන් විම යනු, අනිච්ච දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්ෂණයන් තවදුරටත් බලනොපැවැත්වීම ලෙස වරදවා නොගත යුතුය. බුද්ධ ධර්මය යනු නිර්වාණමාර්ගය නිසා, ධර්මය අතුරුදන් වීම යනු නිර්වාණ මාර්ගය අවබෝධ කරගැනීමේ හැකියාව නැති වී යාමක් බව සූත්‍ර දේශනා අනුව පැහැදිළි වෙයි. එනම් ත්‍රිලක්ෂණය හැම කල්හිම තිබුණ පමණට, බුදු දහම අවබෝධ කරගෙන නිර්වාණය ලබාගත නොහැකිනම් බුදු දහම අතුරුදන් වී ඇත. යම් කලකදී බුද්ධ දේශනාව වටහා ගැනීමට නොහැකි වී යාමට හේතු ලිපියේ මැද කොටසේදී විස්තර වෙයි. නමුත් එලෙස අතුරුදන් වු බුදු දහම නැවතත් තවත් බුද්ධෝත්පාද කල්පයකදී ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමක්ම විසින් මතු කර ගන්නා බව සංයුත්ත නිකායේ නගර සූත්‍රය ආදී සූත්‍ර දේශනාවන් හි දැක්වේ.
අසම්පජඤ්ඤ සූත්‍රයෙන් දැක්වෙන පරිදි වර්තමානයේදී සමහරුන් එක් එක් මතවාදයන්ට “මුලා වී” එම මතවාදයන් අන් අය ඉදිරියේ ඔප්පු කිරීමට, වරෙක ශ්‍රී සද්ධර්මයේ එම මතවාදය සමීපව යන කොටසක් පමණක් ගනිමින්ද, තවත් වරෙක එම මතවාදයට විරුද්ධ ධර්ම කොටස් පතික්ෂේප කරමින්ද, තවත් වරෙක එම මතවාදය ඔප්පු කිරීමට බුදු දහම විකෘති කර දක්වමින්ද හැසිරෙයි. එනිසා ද්‍රව්‍යවාදීන්, ස්ත්‍රීවාදීන්, මාක්ස්වාදීන්, විඤ්ඤාණවාදීන්, හේතුවාදීන්, ගෝත්‍රිකවාදීන්, ඉතිහාස අතිශෝක්තිකවාදීන් මෙන්ම විද්‍යාගමිකයන්, නිර් ආගමිකයන් ආදීන් බුදු දහම හෝ ශාසනයට බලපාන දෑ විස්තර කිරීමේදී , ඒවා කියවන අය විසින් ත්‍රිපිටක මූලාශ්‍ර අනුව සසඳා බැලිය යුතුය. මන්දයත් ඉහත එක් එක් මිත්‍යාදෘෂ්ඨිකයින්ට අවශ්‍ය තමන් දෘෂ්ඨිගත වූ මතවාදයන් සාධාරණීකරනය කිරීමට මිස බුදු දහම හදාරා නිර්වාණාවබෝධය ඇතිකරගැනීම නොවන නිසාය.
Source : http://sinhalabuddhist.com/2012/06/budusasuna-wenasima/

Last edited: