එස්ටීඑෆ් කුඩු නාටකය කුඩේ කුඩු..!
එස්ටීඑෆ් කුඩු නාටකය කුඩේ කුඩු..! ඇල්ලූවා කී කුඩු කිලෝ 85 කතාව පට්ට බොරුවක්: සියල්ල හෙළිවේ-----
(ලංකා ඊ නිව්ස් -2014.ජුනි.17, ප.ව.6.30) විශේෂ කාර්ය බලකාය විසින් පසුගිය 12 වෙනිදා කැළණිය ප්‍රදේශයේ ගමන් කරමින් තිබූ හයි බි්රඩ් කාරයක තිබී හෙරොයින් කිලෝ 85 ක් අල්ලා ගැනීම විශේෂ කාර්ය බලකාය විසින් රඟපාන ලද නාටකයක් බව මේ වන විට හෙළි වී තිබේ.
මෙය හෙළිවන්නේ අල්ලා ගත් කාර් රථය ඊට පැය කිහිපයකට පෙර එස්ටීඑෆ් බුලර්ස් රෝඩ් කඳවුරේ තිබූ එකක් බව හෙළි වීමෙනි.
එස්ටීඑෆ් එස්එස්පී රන්ජිත් පෙරේරා වැටලීමෙන් පසුව මාධ්‍යයට කියා සිටියේ ලැබුනු තොරතුරු අනුව කාර් රථයක් පසුපස ගොස් 11 දා රාත්‍රී 11 ට පමණ වැටලීම කළ බවයි. නමුත් හෙරොයින් රැගත් එම කාර් රථය එදින දහවල් 2.00 ට ත් තිබී ඇත්තේ බුලර්ස් රෝඩ් හි පිහිටා ඇති එස්ටීඑෆ් මූලස්ථානයේ ය. ඒ බව හෙළි වන්නේ එම කාර් රථය කුලියට දුන් සමාගමේ දත්ත අනුවය.
කිසියම් දෙදෙනෙකු විසින් කාර් රථය කුලියට ගෙන ඇත්තේ 'හයිවේ රෙන්ට් අ කාර්' නමැති කුලියට වාහන සපයන ආයතනයකිනි. රෙන්ට් අ කාර් ආයතනය තම රථ සොරකම් කිරීම වැළැක්වීමට 'ජීපීආර්එස් ට්‍රැකර්' උපකරණයක් කුලියට දෙන රථ වල රහසිගතව සවිකර තිබී ඇත. ජීපීආර්එස් ට්‍රැකර් උපකරණයකින් කෙරෙන්නේ එය තිඛෙන ස්ථානය හඳුනා ගැනීමයි. ඒ ගැන වාර්තා ආයතනය තුල ඇති පරිගණකයක ගබඩා වේ. මෙම කුඩු ප්‍රවාහනය කළැයි කී රථයේද එවැනි උපකරණයක් සවිකර තිබූ නමුත් එස්ටීඑෆ් ලොක්කන් ඒ පිලිබඳ හාංකවිසියක් දැන සිටියේ නැත. තම වාහනයක් කුඩු ප්‍රවාහනයට සම්බන්ධ වීම නිසා රෙන්ට් අ කාර් ආයතනය සොයා බැලීමේදී දැන ගෙන තිඛෙන්නේ එම රථය ඇල්ලූවා යැයි කියන දිනයේ දහවල් 2 ටත් එය එස්ටීඑෆ් බුලර්ස් රෝඩ් කඳවුරේ තිබී ඇති බවයි.
මේ අනුව එස්ටීඑෆ් එස්එස්පී රන්ජිත් පෙරේරා සහ කුප්‍රකට පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා විසින් කරන ලද සියල්ල මාධ්‍ය සංදර්ශනයක් පමණි.
මේ බව තවදුරටත් තහවුරු වන්නේ හෙරොයින් තොගය වැඩි දුර පරීක්ෂණ සඳහා මත්ද්‍රව්‍ය නාශක අංශයට බාර දීමෙන් පසුව ය. සාමාන්‍යයෙන් හෙරොයින් යනු වාතයට නිරාවරණය කර බොහෝ කාලයක් තබා ගත නොහැකි ද්‍රව්‍යයකි. එවිට ඒවා කළු පැහැ ගැන්වී මැටි බවට පත් වන අතර හෙරොයින් වලට ආවේනික සැර අහවර වේ. එනිසා සැබෑ හෙරොයින් ජාවාරම් කරුවන් කරන්නේ හෙරොයින් වාතය ඇතුළු නොවන සේ දැඩි ලෙස සීල් කර ප්‍රවාහනය කිරීමයි. පසුගියදා ග්‍රීස් කන්ටේනරයක තිබී අල්ලා ගත් හෙරොයින් ද තිබුනේ පොලිතීන් ආවරණ 12 ක පමණ දවටා ය. එස්ටීඑෆ් එක අල්ලා ගත්තා යැයි කියන හෙරොයින් කිලෝ 85 ඇසුරුම් කර ඇත්තේ නිකම් අලූ හුණු ඇසුරුම් කරනවා වැනි ආකාරයට ය. එය දේශීය ඇසුරුම් කිරීමක් බව ඕනෑම ගොනෙකුට වුවත් තේරුම් යන්නකි.
පෙර කී කාර් රථය කුලියට ගැනීමට දෙදෙනෙක් පැමිණ ඇති නමුත් මේ වන විට එකී දෙදෙනා අතුරුදහන් ය. පළපුරුදු මත්ද්‍රව්‍ය නාශක අංශ නිලධාරියෙකු මත්ද්‍රව්‍ය ගැන සොයන්නේ සාමාන්‍යයෙන් ඒ හා බැඳුනු සියළු දෙනාගේ වත ගොත ආදී සියල්ල හාරා අවුස්සමින් එකිනෙකා අතර ඇති අන්තර් සම්බන්ධතා වාර්තා තබා ගනිමිනි. ඒ අනුව රථය කුලියට ගත් දෙදෙනා ගැන සොයද්දී එස්ටීඑෆ් නිලධාරියෙකු පවසා ඇත්තේ 'උඹලාට උන් දෙදෙනා නම් කවදාවත් හොයා ගන්න ලැඛෙන එකක් නෑ' කියාය.
මෙම රථයේ සිට අල්ලා ගත් දෙදෙනා සොයුරන් ය. කොටහේනේ පදිංචි සෙල්වදොරෙයි සුන්දර්රාජ් අයියා වන අතර මරදානේ පදිංචි සෙල්වදොරෙයි රවි රාජ් මල්ලී වේ. සුන්දර්රාජ් ප්‍රකාශ කර ඇත්තේ තම මිතුරෙක් ඔහුගේ රථයක් කැලණියේ තිඛෙන බව පවසා එය රැගෙන යාමට පැමිණිය හැකිද කියා විමසා සිටි බවයි. ඒ අනුව තමා මල්ලීගේ ත්‍රී වීල් රථයෙන් එහි යද්දී මිතුරා කී ආකාරයේ රථයක් තිබුණු අතර එහි කටේ යතුරක්ද තිබී ඇත. මිතුරා සිට නැත. යතුරු කටේ යතුර තිබූ නිසා මිතුරා අහල පහල ඇතැයි සිතා කාරයට නැග බලද්දී එස්ටීඑෆ් එකෙන් පැමිණ තමාවත් මල්ලීවත් අල්ලා ගත් බව සුන්දර් රාජ් පවසයි. කෙසේ වෙතත් සුන්දර්රාජ් ගේ ඉතිහාසයද නිකැළැල්ම එකක් නොවේ. නමුත් මීට පෙර හෙරොයින් ජාවාරමේ යෙදුනු අයෙකු යැයි කිසි තැනෙක සඳහනක් නැත. ඔහු සමග කුඩා කාලයේ සිට එකට හැදුනු වැඩුනු 'බාචා' නමැත්තා නම් හෙරොයින් ජාවාරමට සම්බන්ධ බවට තොරතුරු තිබේ. 'බාචා' දැන් ලංකාවේ නැත.
කෙසේ වෙතත් රාජපක්ෂ ආණ්ඩුව කුඩු ආණ්ඩුවක් බව මේ රටේ පොඩි දරුවා පවා දන්නා නිසා ලඟ එන චන්දයට පෙර නම සුද්ද කර ගැනීම සඳහා රාජපක්ෂලා විසින් තිරකතාව ලියා එස්ටීඑෆ් එක විසින් රඟ දක්වන ලද කුඩු නාටකයේ ෆුල් සීරියල් කොටස නම් මෙයයි.
''අපි ලඟදීම කුඩු කිලෝ 500 ක් අල්ලනවා'' එස්ටීඑෆ් ප්‍රධාන නලූවෙක් ප්‍රකාශ කර තිබේ.