එස්බිගේ ජ්‍යාමිතික සුත්‍රය

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    එස්බිගේ ජ්‍යාමිතික සුත්‍රය

    වගකිවයුත්තන් ඉල්ලා අස්විය යුතුයි !

    ඊයේ මධ්‍යම රාත්‍රියේ නිකුත්වූ උසස්පෙළ ප්‍රතිඵල ගැටළු සහගත බව නිසා මේවන විට සිසුන් දැඩි අපහසුතාවයට පත්වී තිබෙනවා.ඒ අනුව ඇතැම් කළා සිසුන්ට විද්‍යා අංශයේ ප්‍රතිඵල ලැබී ඇති බව ලංකා ගුරු සංගමය ප්‍රකාශ කරනවා.

    මේ ලංකා ගුරු සංගමයෙන් නගන චෝදනාව හා එයට පිළිතුරු දෙන උසස් අධ්‍යාපන අමත්‍යවරයා සහ ලේකම්වරාය්ගේ අදහසුයි.

    ඉසෙඩ්ස්කො සෙවූ සුත්‍රය රටට කියන්න - ලංකා ගුරු සංගමය

    "ඉසෙඩ්ස්කො හොයපු සුත්‍රය දන ගැනීමේ අයිතිය මේ රටේ දරුවන්ට ගුරුවරුන්ට ඒ වගේම දෙමව්පියන්ට තියෙනවා.වහාම මේ ව්‍යාකුලතාවය විභාග කොමසාරිස් පැහැදිලි කරන්න ඕන..ක්‍රමවේදය පැහැදිලිකරන්න ඕන..එහෙම නැත්නම් වෙන්නේ මේ ව්‍යකුලත්වය උත්සන්න වෙලා දරුවන්ට බරපතල අසාධාරණයක් වෙන එක.."

    සුත්‍රය රහසක් නෙමෙයි - හැබැයි මම නම් දන් නෑ - උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්

    "කිසිසේත්ම මේක රහසක් නෙමෙයි..ඒවා සියල්ල එලියට දාන්න පුළුවන්..ඒ සුත්‍රය කියන එකෙන් මම දන්නේ නෑ මොකද්ද අදහස් කරන්නේ කියල..විශ්ව විද්‍යාල ආචාර්යවරු මහාචාර්යවරු හදපු එකක්නම් තියෙනවා.."

    මේ සුත්‍රය හැදුවේ ජ්‍යාමිතික විශේෂඥයෝ - එස්.බී දිසානායක

    "මේ ළමයි වෙන වෙනම ඉසෙඩ් ස්කො අගය අරන් විශ්ව විද්‍යාල වලට ඇතුලත් කරන්න ගියානම් අපිට බරපතල සංකීර්ණ ගැටලුවලට මුහුණ දෙන්න වෙනවා..එක නිසා ජ්‍යාමිතික විශේෂඥයෝ අපේ මහාචාර්යවරු එකතුවෙලා හදපු සුත්‍රයක් හැදුවා..
    මේ ඉසෙඩ් ස්කො දෙක එක ඉසෙඩ් ස්කො එකක් කරන්න ළමයින්ට අසාධාරණයක් නොවන්න."

    ප්‍රතිඵල බාරගන්න එපා - පාරට බහින්න - අන්තර් ශිෂ්‍ය බල මණ්ඩලේ කැඳවුම්කරු

    "මේ අතර අන්තර් ශිෂ්‍ය බල මණ්ඩලේ කැඳවුම්කරු සංජිව බණ්ඩාර මාධ්‍ය සාකච්චාවට එක්වෙමින් ප්‍රකාශ කලේ ප්‍රතිඵල බාර නොගෙන නැවත සමීක්ෂණයට යොමුකරන ලෙසත් මෙයට විරුද්ධත්වය පා පාරට බහින ලෙසත්ය".

    කෙසේනමුත් පේලි 8 කින් යුතු මෙම සුත්‍රය හැදුවේ එස්.බී අමාත්‍යවරයාට අනුව ජ්‍යාමිතික විශේෂඥයන්ය.උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා එය නොදනී. අධ්‍යාපන ඇමතිවරයා එය වටහා ගැනීමට අපහසු බව කියයි.

    කෙසේ නමුත් මෙම සුත්‍රයටද මේ වන විට චෝදනා එල්ල වන්නේ ඇතැම් සිසුන්ට මෙමගින් අසාධාරණයක් වූ බව කියමින්.ඊයේ දිනයේ දිස්ත්‍රික් අගය අනුව සරසවි වරම් ලැබූ සිසුවන් දන් දෙගිඩියාවෙන් පසුවන්නේ අලුත් ප්‍රතිඵලයෙන් තමාට කුමක් වනු ඇත්දැයි සිත සිතාය.

    උසස් පෙළ විභාගයට පෙනී සිටි තුන් ලක්ෂයකට අධික සිසු දරු දැරියන්ගේ අනාගතය අදුරු කිරීමට කටයුතු කළ වත්මන් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යවරුන් වහාම ඉල්ලා අස්වියයුතු බවත් මෙම තත්ත්වය තුළ දිස්ත්‍රීක් හා සමස්ත ලංකා මට්ටම් නොව උසස් පෙළ සමස්ත ප‍්‍රතිඵලයම අත්හිටුවන ලෙස බලධාරීන්ට දන්වා සිටින අතර මේ සම්බන්ධයෙන් කඩිනම් කි‍්‍රයාමාර්ගයක් ගන්නා ලෙස තමන් ජනාධිපති ලේකම්වරයා වෙත අද දිනයේ ලිපියක් මගින් දැනුම් දුන් බවයි එම සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාර්ලිං පවසන්නේ.

    නමුත් උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා පවසන්නේ මේ වන විට නිකුත් කර ඇති ප්‍රතිඵලවල විෂයන්ට අදාළ ප්‍රතිඵල සහ ඉසෙඩ් අගය වෙනස් නොවන බවයි

    මේ අතර උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී දිසානායක මහතා පවසන්නේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ කාර්යය භාරය වන්නේ විශ්ව විද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීමට අදාළව නිර්ණායක ඉදිරිපත් කිරීම පමණක් බවත් නිවැරදි ප්‍රතිඵල ලබාදීමෙන් පසු විශ්ව විද්‍යාල සඳහා ළමුන් බඳවා ගන්නා බවත්ය.

    ඒ අනුව 2012 වර්ෂය සඳහා සිසුන් බඳවා ගැනීම ඔක්තෝබර් මාසයේ දී සිදු කිරීමට නියමිත අතර නායකත්ව පුහුණුව ද ඊට පෙර ආරම්භ කිරීමට නියමිත බවත් ලබන වසරේදී එය මාස එකහමාරක් දක්වා වැඩි කිරීම කටයුතු යොදා ඇතැයි උසස් අධ්‍යාපන අමාත්‍ය වරයා පවසනවා.
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මේක කම්පියුටරේ පොඩි අවුලක් - එස්.බී - විද්‍යාවට ලියලා-කලාවට ප්‍රතිඵල ලැබිල

    දිස්ත්‍රීක් හා සමස්ත ලංකා මට්ටම් නොව උසස් පෙළ සමස්තප‍්‍රතිඵල වහා අත්හිටුවිය යුතු බව ලංකා ගුරු සංගමය පවසයි.
    ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයක මේ බව සඳහන් වේ. එකී නිවේදනය පහත පරිදිය.
    උසස්පෙළ ප‍්‍රතිඵල ඊයේ රාති‍්‍රයේ (2011-12-25) අන්තර්ජාලයට ව්භාග දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර ඇත. මේ වන විට එම ප‍්‍රතිඵල වල දෝෂ සහිත භාවය නිසා දිස්ති‍්‍රක් මට්ටම් සහ සමස්ත ලංකා මටිටම් අද පෙරවරුවේ අත් හිටුවා ඇත.
    මේ ආකාරයට දෝෂ සහිතව වගකීම් විරහිතව ප‍්‍රතිඵල නිකුත් කිරීම තුළ විභාගයට පෙනී සිටි දරුවන් පීඩනයට ලක් වීම නොවැළැක්විය හැක. නිකුත් වී ඇති ප‍්‍රතිඵල තුළ විද්‍යා විෂය ධාරාවේ සමහරුන්ට කලා විෂය ධාරාවේ ප‍්‍රතිඵල ද කලා විෂය ධාරාවේ සමහරුන්ට විද්‍යා විෂය ධාරාවේ ප‍්‍රතිඵල ද ලැබී ඇත. මේ ත්ත්වය තුළ සමස්ත ප‍්‍රතිඵලම අත්හිටුවන ලෙස ලංකා ගුරු සංගමය බලධාරීන්ට දන්වා සිටියි.

    මෙවැනි පිළිගැනීම් රහිත ප‍්‍රතිඵල නිකුත්කිරීම තුළ ජාතික විභාග පිළිබඳව රටේ සහ ලෝකයේ පවතින පිළිගැනීම හෑල්ලූවට ලක්වන අතර විභාගයට පෙනී සිටි ශිෂ්‍යයින්ට ඉදිරියේ නිකුත් කරන ප‍්‍රතිඵල පිළිබඳව ද සැකයක් ඇතිවීම නොවැළක්විය හැකි ය.

    අධ්‍යාපන ඇමතිවරයා උසස් අධ්‍යාපන ඇමතිවරයා විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම විභාග දෙපාර්තමේන්තුව මෙවර උසස් පෙළ ප‍්‍රතිඵල සම්බන්ධයෙන් පරස්පර ප‍්‍රකාශ නිකුත් කිරීම හරහා පැවති ව්‍යාකූලත්වය මේ තත්ත්වට වගකිව යුතු වන්නේ මොවුන් නිවැරදිව වගකීම බාරනොගෙන මෙවැනි ප‍්‍රකාශ කිරීම තුළය.

    වහාම කළ යුත්තේ සමස්ත ප‍්‍රතිඵල අත්හිටුවා ඇගයීම් ක‍්‍රමවේදය පැහැදිලි කොට කඩිනමින් විධිමත්ව ප‍්‍රතිඵල නිකුත් කිරීමයි. එසේම මෙම ප‍්‍රතිඵල නිකුත් කිරීමේ ප‍්‍රමාදය පිළිබඳ වගකිව යුතු ප‍්‍රකාශයක් සිදුකොට සමස්ත වගකීම අධ්‍යාපන බලධාරීන් බාරගත යුතුය.

    image007wj.jpg

    image008lc.jpg
     
    Last edited:
    • Like
    Reactions: ruwanjrc and gcj

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මේක කම්පියුටරේ පොඩි අවුලක් - එස්.බී - විද්‍ය&#

    දිස්ත්‍රීක් හා සමස්ත ලංකා මට්ටම් නොව උසස් පෙළ සමස්තප‍්‍රතිඵල වහා අත්හිටුවිය යුතු බව ලංකා ගුරු සංගමය පවසයි.
    ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයක මේ බව සඳහන් වේ. එකී නිවේදනය පහත පරිදිය.
    උසස්පෙළ ප‍්‍රතිඵල ඊයේ රාති‍්‍රයේ (2011-12-25) අන්තර්ජාලයට ව්භාග දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර ඇත. මේ වන විට එම ප‍්‍රතිඵල වල දෝෂ සහිත භාවය නිසා දිස්ති‍්‍රක් මට්ටම් සහ සමස්ත ලංකා මටිටම් අද පෙරවරුවේ අත් හිටුවා ඇත.
    මේ ආකාරයට දෝෂ සහිතව වගකීම් විරහිතව ප‍්‍රතිඵල නිකුත් කිරීම තුළ විභාගයට පෙනී සිටි දරුවන් පීඩනයට ලක් වීම නොවැළැක්විය හැක. නිකුත් වී ඇති ප‍්‍රතිඵල තුළ විද්‍යා විෂය ධාරාවේ සමහරුන්ට කලා විෂය ධාරාවේ ප‍්‍රතිඵල ද කලා විෂය ධාරාවේ සමහරුන්ට විද්‍යා විෂය ධාරාවේ ප‍්‍රතිඵල ද ලැබී ඇත. මේ ත්ත්වය තුළ සමස්ත ප‍්‍රතිඵලම අත්හිටුවන ලෙස ලංකා ගුරු සංගමය බලධාරීන්ට දන්වා සිටියි.

    මෙවැනි පිළිගැනීම් රහිත ප‍්‍රතිඵල නිකුත්කිරීම තුළ ජාතික විභාග පිළිබඳව රටේ සහ ලෝකයේ පවතින පිළිගැනීම හෑල්ලූවට ලක්වන අතර විභාගයට පෙනී සිටි ශිෂ්‍යයින්ට ඉදිරියේ නිකුත් කරන ප‍්‍රතිඵල පිළිබඳව ද සැකයක් ඇතිවීම නොවැළක්විය හැකි ය.

    අධ්‍යාපන ඇමතිවරයා උසස් අධ්‍යාපන ඇමතිවරයා විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම විභාග දෙපාර්තමේන්තුව මෙවර උසස් පෙළ ප‍්‍රතිඵල සම්බන්ධයෙන් පරස්පර ප‍්‍රකාශ නිකුත් කිරීම හරහා පැවති ව්‍යාකූලත්වය මේ තත්ත්වට වගකිව යුතු වන්නේ මොවුන් නිවැරදිව වගකීම බාරනොගෙන මෙවැනි ප‍්‍රකාශ කිරීම තුළය.

    වහාම කළ යුත්තේ සමස්ත ප‍්‍රතිඵල අත්හිටුවා ඇගයීම් ක‍්‍රමවේදය පැහැදිලි කොට කඩිනමින් විධිමත්ව ප‍්‍රතිඵල නිකුත් කිරීමයි. එසේම මෙම ප‍්‍රතිඵල නිකුත් කිරීමේ ප‍්‍රමාදය පිළිබඳ වගකිව යුතු ප‍්‍රකාශයක් සිදුකොට සමස්ත වගකීම අධ්‍යාපන බලධාරීන් බාරගත යුතුය.
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    එස් බී අර ප්‍රකාශේ කරන සැහැල්ලුව බලපංකෝ.....
    මිනිහාගේ ගෑනිටයි දුවලටයි අල්ලපු ගෙදර එකා ඇරලා ගියත් මිනිහා ඒක සුලු දෙයක්නේ කියයිද දන්නේ නෑ