එහෙම ඉල්ලන්න බෑ අයිසේ.....

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,760
    8,992
    113
    ulan bator
    එතකොට උන්ට ඒ වගේ සින්දු නෑ බන් . .
    උබ හිතන්නේ ඔය ජනප්‍රිය වෙන සින්දු ලියපු උන් සංගීතේ දාපු උන් සින්දු කියන එකා පස්සේ ගිහින් කියව ගන්නවා කියලා ද ?

    ඕවා සින්දු කියන උන් පස්සෙන් ගිහින් හදවාගෙන අරන් කියන්නේ .
    හරියට වදින තනුවකුයි , පදයි නම් මොකා කිව්වත් ගොඩ . ඕන තරම් සින්දු කියන උන් ඉන්නව දන් සින්දු කියවගන්න .
    සින්දු කියන හැම එකාට එකට ඉදන් සොට් එක දෙන්න ඔන!

    ජොතිපාල නැත්නම් අර සින්දු බල්ලෙක් වත් ගනග් ගන්නෙ නැ
    ! මිල්ටන් - ටි-එම් / අමර දෙව සියල්ලොම එසෙමයි!

    පිටරට එහෙම නෑ මම හිතන්නෙ, උන් % ඒ බෙදනවා. ලංකාවෙත් ඒවගේ එකක් හැදුවානම් ඉවරයි.
    unge record company eka okkoma item salli walata gananwa. sinduwa aithi unta. kiyana unta aarunta munta gana yanawa.!
    ------ Post added on Feb 24, 2026 at 11:43 AM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,398
    166,780
    113
    එකමත් එක රටක
    සින්දු කියන හැම එකාට එකට ඉදන් සොට් එක දෙන්න ඔන!

    ජොතිපාල නැත්නම් අර සින්දු බල්ලෙක් වත් ගනග් ගන්නෙ නැ! මිල්ටන් - ටි-එම් / අමර දෙව සියල්ලොම එසෙමයි!
    මගුලක් කතා කරනවා .. ජෝතිපාල ට කොහෙන්ද තනු ??
    තනුව තමයි වැදගත් බන් .. ජෝතිපාල ගේ කටහඩ තිබ්බට වඩක් නෑ ඒ තනු ටික ඉන්දියාවෙන් උස්සපු හොද තනු නිසා තමයි මොනව හරි වචන ටිකක් දාල කිව්වම ගියේ .

    පිටරට එහෙම නෑ මම හිතන්නෙ, උන් % ඒ බෙදනවා. ලංකාවෙත් ඒවගේ එකක් හැදුවානම් ඉවරයි.

    medium එකේ ownerට ගෙවන්න ඕන කතාවනම් එච්චර තේරුමක් නෑ. මම කියන්නෙ ඔය ලියන, තනුව, කියන එකා කියනා 3 නිකන් ත්‍රිකෝනයක් වගේ කියලා. උන් 3ම නැත්තන් ඔය සිංදුව නෑ. ඒක උන් තේරුම් ගන්න ඕන.
    බෙදාගන්න එක මොනව උනත් , සින්දුවේ අයිතිය කියන එක තියෙන්නේ සින්දුව කියන එකාට නෙවෙයි .
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,779
    16,631
    113
    අමාරුම වැඩේ මියුසික් හදන එක. ඊළඟට ලියන එක. අන්තිමට තමා කියන එක.
    තනුවයි පද මාලාවයි හොඳනම් සින්දුව මොකා කිව්වත් ජනප්‍රිය වෙනවා.

    ඔව් ගායකයා අදාලම නෑ. ඕන හරකෙක් දාන්න පුළුවන්.
    හැබැයි තනුව දාන එකයි ලියන එකයි පඩත්තලයො දෙන්නෙක් උනාම වැඩේ පටන් ගන්න කලින් හබක්.

    තනුව දාන එකාට වචන වෙනස් කරන්න ඕන.
    ලියන එකාට තනුව හදන්න ඕන.

    එතකොට තමයි උන් දෙන්නටම ගෙවලා සම්පූර්ණ copyright ගන්න එක වටින්නේ. හිතේ නිදහසේ කපන්න කොටන්න පුළුවන්.

    තුන්දෙනාටම පුකට පයින් ගහලා AI වලින් කරගන්න හිතෙනවා 😆
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,878
    113
    -~උලක් උඩ-~
    bump

    ඔව් ගායකයා අදාලම නෑ. ඕන හරකෙක් දාන්න පුළුවන්.
    හැබැයි තනුව දාන එකයි ලියන එකයි පඩත්තලයො දෙන්නෙක් උනාම වැඩේ පටන් ගන්න කලින් හබක්.

    තනුව දාන එකාට වචන වෙනස් කරන්න ඕන.
    ලියන එකාට තනුව හදන්න ඕන.

    එතකොට තමයි උන් දෙන්නටම ගෙවලා සම්පූර්ණ copyright ගන්න එක වටින්නේ. හිතේ නිදහසේ කපන්න කොටන්න පුළුවන්.

    තුන්දෙනාටම පුකට පයින් ගහලා AI වලින් කරගන්න හිතෙනවා 😆
    මම නම් මගෙ රස වින්දනය උදෙසා ගීත නිර්මාන කරන්නෙ එහෙමයි. දැන් ඒ අයි මියුසික් කලින් කිව්වෙ නැත්තම් හොයන්න විදිහක් නැති වෙන තත්වයට ඇවිල්ලා. තවම වෝකල්ස් වල නොයිස් තියනවා.ඒක තව ටික දවසකින් හරියයි
    ------ Post added on Feb 24, 2026 at 12:03 PM
     
    • Love
    Reactions: ozykolla

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,408
    75,071
    113
    මගුලක් කතා කරනවා .. ජෝතිපාල ට කොහෙන්ද තනු ??
    තනුව තමයි වැදගත් බන් .. ජෝතිපාල ගේ කටහඩ තිබ්බට වඩක් නෑ ඒ තනු ටික ඉන්දියාවෙන් උස්සපු හොද තනු නිසා තමයි මොනව හරි වචන ටිකක් දාල කිව්වම ගියේ .


    බෙදාගන්න එක මොනව උනත් , සින්දුවේ අයිතිය කියන එක තියෙන්නේ සින්දුව කියන එකාට නෙවෙයි .
    ඒක ඇවිල්ලා definition එකනෙ බන්. ඒත් ප්‍රැක්ටිකලි බැලුවොත් ඌටම තමා අන්තිමට සිංදුව කියන්නත් වෙන්නෙ. උන්ට coexist වෙන්න පුරුදු වෙන්නම වෙනවා.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,398
    166,780
    113
    එකමත් එක රටක
    ඒක ඇවිල්ලා definition එකනෙ බන්. ඒත් ප්‍රැක්ටිකලි බැලුවොත් ඌටම තමා අන්තිමට සිංදුව කියන්නත් වෙන්නෙ. උන්ට coexist වෙන්න පුරුදු වෙන්නම වෙනවා.
    ඉතින් ඒවාට සිස්ටම් එකක් තියනව . .
    මුන් මේ තමන්ට අයිති නැති හැබැයි කියලා හම්බකරගන්න තියන එකේ අයිතියත් ඉල්ලනවා නේ .

    ඕක වෙන්නේ සින්දුව අයිති උන් වෙන උන්ට perform කරන්න අයිතිය , remix කරන්න අයිතිය දෙනවා . එහෙම කරල උන් දැන් හම්බ කරනවා social media එක්ක .
    මුන්ට අවුල් ඒකට . උන් stage වල කියලා හම්බ කරනකන් හදපු උන් ව අමතක කරල , දැන් youtube වගේ වලින් හදපු උන් හම්බ කරද්දී අවුල් යනවා .
    හදපු උන් වෙන උන්ට rights දෙනවා කියල දාන්න . ඒවා වලින් උන්ට ගාන එනව . ඒවා ඔය original කියපු උන්ට වඩා views යනවා .

    මා හඩවලා සින්දුව BNS ලට කියන්න දුන්නේ ඒ වගේ .
    මා දෑසේ වේදනා ශිහාන් කියන්නේ ..

    TM ට අවුල් ගියේ මේ වගේ covers කරන්න රෝහණ වීරසිංහ rights දීල පොරගේම චැනල් එකේ දාලා පට්ට views ගන්න නිසා වෙන්න පුලුවන් :rofl:
    TM ගේ සින්දුවට එච්චර views නෑ .



    ------ Post added on Feb 24, 2026 at 12:52 PM
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,298
    30,041
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ප්‍රේමකීර්තිගෙන් සින්දුවක් ලියාගන්න ගායක ගායිකාවෝ මහන්සිවුන විදිය, මිනිහා මගෑරලා යන හැටි ගැන ගොඩක් කතා තියෙනව. හැබැයි අන්තිමට ඒව වලින් හම්බුකරේ වික්ටර් ඇතුලු ගායක ගායිකාවෝ. අන්තිමටම බලද්දී ඒ මිනිහට එදා දීපු ගාන විතරයි, ගායකයෝ පවුල් පිටින් ගොඩයනවා, රචකයෝ තණු නිර්මාණ කරුවෝ අදටත් දුක්විදිනවා. ප්‍රේම්ගේ දරුවෝ දෙන්නා එකට එකතුවෙලා තීරණයක් ගත්තනං ගායක ගායිකාවෝ රෑනක්ම හිඟමනට යවන්න තිබුනා.


    දැන් ඉතින් හැමදේම වෙනස්වෙලා.
    සමහර නවක ගීපද රචකයෝ ඉන්නවා ඒ අයට ඕන ප්‍රසිද්ධ ගායකයෙක් ලවා ඒක කියවගන්න. ඒ අය ගීතයේ අයිතිය ගායකයට භාරදුන්නා නම් කතන්දරේ ඉවරයි.

    අනික් උන්ට නං කතාවක් ඇත්තෙම නෑ. ගායකයෝ පස්සෙන් ගිහින් සින්දු ලියාගන්නවා කියන්නේම අයිතිය ලියන මිනිහගේ හා ඒ මිනිහට විශේෂ ප්‍රසිද්ධියක් ඕන නෑ ඒක හැදිල ඉවරයි.