එහෙයියන් නිසා ගොඩ යන ප්‍රවීණයෝ
රැල්ලට යන මිනිසුන් අතර වැල්ලේ රැඳී සිටීම ඉතා අපහසු කටයුත්තකි. එය උඩුගං බලා පිහිනීමක් වැනිය. බොහොමයක් දෙනා ආදරයෙන් වැළඳ ගන්නා දෙයක් තවත් කෙනෙක්ට රිසි නොවූ විට එම පුද්ගලයාට ඒ පිළිබඳ තම මතය ඉදිරිපත් කිරීමට කෙසේවත් ඉඩක් නැත. සියල්ල එකතු වී තනි පුද්ගලයෙකුට පහර ගැසීමට සැරසෙනවා විනා නිවැරදි දේ පිළිබඳ කිසිවෙක් තකන්නේ නැත. සමාජයේ පිළිගත් පුද්ගලයෙකු යම් මතයක් දරන විට එම පුද්ගලයාගේ ගෝල බාලයෝද කරන්නේ එම මතයට හිස නමා තම මතයක් පළ කිරීමය. මෙය වැඩිපුරම දක්නට ඇත්තේ ෆේස්බුක් සමාජ ජාලය තුළය.
සමාජයේ ප්‍රකට හෝ යම් පිළිගැනීමක් ඇති පුද්ගලයෙකු දමන ඕනෑම බහුභූත අදහසකට එසේය එසේය පවසන බත් බැලයෝ බොහෝ ඇත. ඒ පුද්ගලයා දරන්නේ යම් පක්ෂයක මතයක් ද ගෝලබාලයෝද එහෙයියන් වෙති. එම පුද්ගලයා තවත් යම් සමාජ පිළිගැනීමක් ඇති තැනැත්තෙකුට අපහාස උපහාස කරන්නේ ද ඔහු වටා සිටින අය ගේ අදහස් ද ඊටත් වඩා උපහාසයෙන් පිරී ඉතිරී යන්නේ ය. මිනිසුන් තම සිතැගි හෝ මතයන් කුමන ලාභ ප්‍රයෝජන තකා මෙලෙස පවා දෙන්නේ දැයි කිසිවෙකුත් දන්නේ නැත. ඇතැම් විට සමාජයේ උසස් යැයි කියන පුද්ගලයාට ඇති බය නිසාම මේ තත්ත්වය උදා වන්නට පුළුවන. උසස් යයි පෙනී සිටින පුද්ගලයාගේ සැඟවුණු රහස් කිසිවෙකුත් දන්නේ නැත.
ඕනෑම පුද්ගලයෙකුට තමන්ටම කියා යම් මතයක් දැරීමට අයිතිය තිබිය යුතුය. අනෙකා ද තම මතය කුමක් වුව ද සියළුදෙනාගේ මතයන්ට ගරු කළ යුතුය. යම් දෙයක් පහැදිලි කර දීමේ ක්‍රමයක් ඇත. එය හුදෙක්ම ද්වේශ සහගත ලෙස බැණ වැදීමක් නම් වන්නේ ගැටුම් ය. එකිනෙකා පරයමින් ප්‍රකාශවන දරුණු වාග් ප්‍රහාරයන්ය. බුද්ධිමත් මිනිසා වී කරලක් සේ විය යුතු බව කියමනක් ඇත. වී කරල පැසෙන්නට පැසෙන්නට වන්නේ නැමී බර වීමය. මිනිසාද දැනුමෙන්, අධ්‍යාත්මයෙන් පොහොසත් වන විට විය යුත්තේ නිහතමානී වීමය. තමන්ගේ බලය පෙන්වා තවකෙකු පාගා දැමීම යහපත් පුද්ගලයෙක් සතු ගුණාංගයක් නොවන්නේ ය. තමාගේ දක්ෂතාවයට සමාන දක්ෂතා ඇති අය පහත් කර තමන්ගේ ගෝල බාලයින් සමඟ එකතු වී ඔහුට හෝ ඇයට පහර ගැසීම ඉතා අධම ක්‍රියාවක් ය. තමා යම් ක්ෂේත්‍රයක ප්‍රවීණයෙක් නම් විය යුත්තේ ඒ ක්ෂේත්‍රය තුල සිටින නවකයින් ට අත දීමය. කකුලෙන් ඇඳ බිම දැමීම යනු තමාටම කර ගන්නා අපහාසයක් ය.
තමන් උගත් යැයි සමාජයේ කැපී පෙනෙන පුද්ගලයෙක් යැයි තමන් විසින්ම සිතා සිටින මිනිසුන් කිසි දිනක බුද්ධිමත් නොවන්නේ ය. අධිමානය ඔවුන්ටම වළ කපන බව ඔවුන් දන්නේ නැත. දක්ෂයින්ගේ බැබළීම කුහක මිනිසුන් කිසිවෙකුටවත් වැළැක්විය නොහැකිය.