එහෙයි මෙහෙමයි

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    එහෙ එහෙමයි

    අදින් හරියටම 74 වසරකට පෙර සිදුවූ මිනිස් ඉතිහාසයේ ත්‍රාසජනක හැරවුම් සිදුවීම

    Il y a 74 ans, le 6 juin 1944, commençait en Normandie la libération de l’Europe. Nous n’oublierons jamais tous ceux qui ont participé à cette opération.

    74 years ago, on 6 June 1944, began in Normandy the release of Europe. We will never forget everyone who participated in this operation.



    අදින් හරියටම 74 වසරකට පෙර සිදුවූ මිනිස් ඉතිහාසයේ ත්‍රාසජනක හැරවුම් සිදුවීම නෝර්මැන්ඩි ආක්‍රමණය හෙවත් D - Day Landing

    උතුරු අත්ලාන්තික් සාගරය සහ ඉoග්‍රීසි ඕඩය සම්පූර්ණයෙන්ම මීදුම් සහිත කුණාටුවකින් කැළඹී තිබුනි. කිසිම යුද විෂේශඥයකු විසින් අපේක්ශා නොකරන පාරිසරික තත්වයන් යටතෙහි කිසිවකු අපේක්ශා නොකල ප්‍රදේශයකින් ධර්‍යවන්ත මිනිසුන්ගෙන් සහ දක්ශ අණදෙන්නන්ගෙන් සමන්විතවූ මිත්‍ර හමුදාවේ ඒකාබද්ධ සේනාoකයන් 1944 ජූනි 06 දින ඒ වනවිට ෆැසිස්ට් හිට්ලර්ගේ ග්‍රහණයට නතුව තිබූ උතුරු ප්‍රoශය මුදාගැනීමේ දැවැන්ත මෙහෙයුම ඇරඹුනි.

    මිත්‍ර සoධානයට අයත් බ්‍රිතාන්‍ය, ඇමරිකන් සහ කැනේඩියන් හමුදාවල අයත් 156,000 ක භඨ පිරිසක් 80 කි.මි ක පුළුල් පෙරමුණු පහකින් උතුරු ප්‍රoශයේ උටාහ්, ඔමාහ්, ගෝල්ඩ්, ජූනො, ස්වෝර්ඩ් යන මුහුදු තීරයන් වෙත ප්‍රහාරක ගොඩ බැස්මක් Sea born Assault Landing ඇරඹිනි.

    මෙම ප්‍රහාරය හිට්ලර් විසින් බොහෝ කාලයක සිට බලාපොරොත්තුව සිටි දෙයක් බැවින් ඊට මුහුණ දීම සඳහා තමන්ගේ දක්ෂතම සෙනවියකු ලෙස වාර්ථා තබා සිටි කාන්තාර නරියා Desert Fox යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ ෆීල්ඩ් මාර්ෂල් අර්වින් රොමෙල් ආරක්ශිත ක්‍රියාන්විතයෙහි අණදෙන්නා ලෙස පත් කොට තිබුණි. අවාසනාවකට මෙන් ඉතා නරක දේශගුණික තත්වයක් පැවතුනු හෙයින් ඉoග්‍රීසි ඕඩය හරහා කිසිදු ප්‍රහාරයක් අපේක්ශා නොකල ඔහු ප්‍රහාරය එල්ලවන අවස්ථාව වනවිට තම බිරිඳගේ උපන්දින උත්සවය සැමරීමට ජර්මනිය වෙත ගොස් සිටියා.

    සමස්ථ මෙහෙයුමෙහි ඒකාබද්ධ සේනාධිපති ලෙස ඇමරිකන් ජනරාල් ඩිවයිට් ඩි අයිසන්හවර් කටයුතු කලා. ඔහුගේ ප්‍රධාන සහායක ලෙස බ්‍රිතාන්‍ය සෙන්පති බර්නාර්ඩ් මොන්ට්ගොමරි කටයුතු කලා.

    හිට්ලර් ප්‍රහාරය අපේක්ශා කලේම ඉoග්‍රීසි ඕඩයෙ පලල අඩුම තැන වන Pas de Calais කියන ස්ථානයෙන්. ඉතින් අයිසන්හවර් කලේ ඒ ස්ථානයෙ ව්‍යාජ යුද පෙරමුණක් නිර්මාණය කිරීම. ව්‍යාජ ගුවන් යානා, යුද ටැoකි, නැව් වගෙ දේවළුත් හදල වෙසක් කූඩ වගෙ එතෙන රැඳෙව්ව. ඊට පස්සෙ ගුවන් විදුලි සoඥා හුවමාරු මගින් ප්‍රහාරය එතනින් සිදුවන බව හැඟෙන විදියෙ ව්‍යාජ රේඩියෝ යුද්ධයකුත් ගෙනගියා.

    ඉතින් කොහොම වුනත් මේ ප්‍රයාමය මානව ඉතිහාසයේ දැවැන්තම Event Management එක කියලයි මට හිතෙන්නෙ. ඒකට හේතුව ප්‍රහාරය තුල තිබුන දැඩි අවදානම් සහගත තත්වය නිසා ඉතාමත්ම ක්ෂුද්‍ර කරුණු Micro details පවා සැළකිල්ලට ගැනීමට සිදුවීම. මුහුදට මුහුණලා ඉදිකල ඉතා ශක්තිමත් කොන්ක්‍රීට් බoකර් පෙලකුත් ඊට පිටුපසින් අවශ්‍ය මොහොතක ප්‍රහාර එල්ල කිරීම සඳහා දැවැන්ත කාල තුවක්කු සහ සන්නද්ධ රථ සේනාoක සමග එවකට ලෝකයේ සිටි සුපිරිම යුද බලවතකු වන ජර්මන් සේනාoකයට මුහුණ දෙන්න නම් නොවරදින සැළසුමක් අවශ්‍ය වෙලා තිබුනෙ.

    එකී සැළසුමට
    1. මූලික ප්‍රහාරය මගින් මුහුදු වෙරළේ ස්ථාන කිහිපයක් අල්ලාගැනීම. Initial Assault
    2. ඉන් පසුව ප්‍රථියත්නයන් සඳහා අළුතින් සේනාoක ගෙන්වා ගැනීම. මුහුදු මගින් නැවත සැපයුම් ගෙන්වා ගැනීමට හැකි සැපයුම් ජැටි ඉදි කිරීම. Reinforcement & Resupplying
    3. තුවාල කරුවන් ආපසු පිටත් කිරීම. Casualty Evacuation
    4. ප්‍රහාරයේ දෙවන සහ තුන්වන අදියරයන් ගොඩබිම තුලට දියත් කිරීම ආදිය පහලම දත්තය දක්වා සැළසුම් කිරීමට සිදුව තිබුනා. Continuing with the exploitation of the initial gains.

    ඉතින් 1944 ජූනි 05 ද මධ්‍යම රාත්‍රිය පසුවී සුළු මොහොතකින් මිත්‍ර සoධානයේ ගුවන් යානා නෝර්මන්ඩි වෙරළට පිටිපසින් සියළු සැපයුම් මාර්‍ග විනාශ කිරීම සඳහා දැවැන්ත ගුවන් මෙහෙයුමක් ඇරඹුවා. ඒ සමගම ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය පැරචුට් භටයින් 18,000 ක් පමණ මුහුදු වෙරලට දුරින් රට ඇතුලෙ උපායමාර්ගික මර්මස්ථාන අල්ලාගැනීම සඳහා ගුවනින් බිම හෙලුවා.

    ඉතින් මෙම ප්‍රහාරයෙ නාවික හමුදාවට පැවරුන වගකීම වුනේ ප්‍රහාරක සේනාoක නියමිත ස්ථාන වලට මුහුදින් ගෙනගොස් ගොඩ බැස්වීම. ඒ සඳහා විවිධ වර්ගවලට අයිති නාවික යාත්‍රා 7000ක් යොදාගැනුන. ඒ අතර තිබුන. Main battleships, destroyers, minesweepers, escorts and assault craft. වගෙ විවිධ නාවික සoග්‍රාමික යාත්‍රා ඇනියක්. ඉතින් Operation Overload එකේ නාවික මෙහෙයුම නම් කරල තිබුනෙ Operation Neptune කියලයි.

    හරියටම 1944 ජූනි 06 ද උදේ 6.30 ට මුහුදින් ගොඩබිමට එකී අභිප්‍රායාත්මක ප්‍රහාරය පටන් ගත්තා.




    මෙහෙ මෙහෙමයි


    34461588_374368433049422_715203705091129344_n.jpg



    30709085_2022271064718564_3246704854382411776_n.jpg
     
    Last edited: