පට්ට ආර්ථික විනයක් තියෙන පක්ෂයක් තමයි ජේවීපී අයියලා.මෙන්න සාක්ෂි.තව ඇමරිකාවෙන් ඩොලර් ගත්ත ඒව මෙතන නෑ.සෝමවංශ කියනවා වගේ දැන් මුන්ගෙ කටේ පිට්ටු නෙමෙයි ඩොලර් කුට්ටි හිරවෙලා
ලක්‍ෂ 25ක් මං අනුර දිසානායකට දුන්නා.. මේ පක්‍ෂ නායකයොද.. විවාදයට තාමත් මං ලෑස්තියි.. – විජේදාස,
ලක්‍ෂ 25ක් මං අනුර දිසානායකට දුන්නා.. මේ පක්‍ෂ නායකයොද.. විවාදයට තාමත් මං ලෑස්තියි.. – විජේදාස, අනුරගේ සායම අරී… ඔබට විවාදයකට එන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායක මහතා අභියෝගයක් කළා.එම අභියෝගය තවදුරටත් වලංගුද?
ඒ අභියෝගය මං භාර අරගෙන හිටියේ.ඊට පස්සේ අනුර දිසානායක මන්ත‍්‍රීවරයා ජනාධිපතිතුමා හා අගමැතිතුමා හමුවෙලා මේක සමථයකට පත්කරන්න කැමතියි කියලා කිව්වා.ඒ අනුව ජනාධිපතිතුමා හා අගමැතිතුමා මට එන්න කියලා කිව්වා.මේ කාරණය ගැන සමථයකට එන්න කැමතියි කියලා අනුර දිසානායක මහතා කියලා තියෙනවා කියලා.මේ ගැන ඉදිරි කටයුතු කරන්න අවශ්‍ය නිසා මේ ගැන විවාද කිරීම නවත්තලා එහි ඉදිරි කටයුතු වලට සහාය ලබාදෙන්න කියලා ජනාධිපතිතුමා හා අගමැතිතුමා දැනුම් දුන්නා.
මෙම අභියෝගය සම්බන්ධයෙන් ඔබ සමග සමථයකට එන්න ජනාධිපතිතුමා හා අගමැතිතුමා හමුවීමට අනුර දිසානායක මන්ත‍්‍රීවරයා ගියේ ඇයි?
මං හිතන්නේ අනුර දිසානායක මන්ත‍්‍රීවරයා එල්ල කළ චෝදනාව ඉතා බරපතළයි.අසත්‍ය කරුණු පදනම් කරගෙන මෙම චෝදනාව එල්ල කරන්න ඇති කියලා ඒ මන්ත‍්‍රීතුමාට වැටහුණාට පසුව ජනාධිපතිතුමා හා අගමැතිතුමා හමුවෙන්න අනුර කුමාර දිසානායක මහතා තීරණය කරන්න ඇති.
ඇවන්ගාඞ් පෞද්ගලික ආරක්ෂක අංශයේ ප‍්‍රධානී මේජර් නිශ්ශංක සේනාධිපති මහතාගේ ගමන් බලපත‍්‍රය අධිකරණයෙන් මුදා හැරීමට ඔබ මුදල් ලබාගෙන බලපෑම් කළා කියා චෝදනා එල්ල වුණා.
නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් අනුර කුමාර දිසානායක මන්ත‍්‍රීවරයාට කිව්වයි කියන දෙයක් මුල්කරගෙනයි මෙම චෝදනාව ඉදිරිපත් කරන්නේ.එම නිලධාරියාගෙන් මං මේ ගැන විමසුවා.ඔහු ඉතා වගකීමෙන් ප‍්‍රකාශ කළා,එවැනි චෝදනාවක් කළේ නැහැ කියලා.කිසිම සාක්ෂියක් නැතුව කවුරුහරි කට වචනයෙන් කිව්වොත් එවැනි දෙයක් සාක්ෂියක් වෙනවාද?
නීතිපති දෙපාර්තමේන්තුව තිබෙන්නේ ඔබේ අමාත්‍යංශය යටතේ.ඔබ එම නිලධාරියාට යම් බලපෑමක් කළාද එහෙම දෙයක් වුණේ නැහැ කියලා කියන්න?
එහෙම බලපෑමක් කළේ නැහැ කියලා මම ඉතා වගකීමෙන් කියනවා.එහෙම වෙලා නම් අනුර දිසානායක මහත්තයට ඒකත් කියන්න පුළුවන්නේ. ඕන නම් එහෙම වුණා නම් ජනාධිපතිතුමාට,අගමැතිතුමාට කියන්න පුළුවන්නේ. ඕන නම් ඒ නිලධාරියාගෙන් මේ ගැන අහන්න පුළුවන්.ඒ නිලධාරියා එහෙම දෙයක් කිව්වේ නැහැ කියලා කියනවා නම් මොකද?ඒ නිලධාරියා එහෙම දෙයක් කිව්වා කියලා උපකල්පනය කරමු.වගකිව යුතු පක්ෂයක නායකයෙක් ඒ වගේ ප‍්‍රකාශයක් කි‍්‍රියා කළ යුත්තේ ඔය වගේද?ඒක නිසා කවුරු හරි කිව්වයි කියලා ජනප‍්‍රිය වෙන වැඩ කරන්න ගිහිල්ලා ජනතා විමුක්ති පෙරමුණ හදන්නේ තමන්ට තියෙනඡුන්ද ටිකත් නැති කරගන්න.
ඔබ කුමන ආකාරයකින් ඇවන්ගාඞ් ආයතනයේ හිමිකරුගේ ගමන් බලපත‍්‍රය අධිකරණයෙන් ලබාදෙන්න කිසිම බලපෑමක් නැද්ද?
නැහැ.මං කියන්නේ ඉතා වගකීමෙන්.මේක අධිකරණ ක‍්‍රියාදාමයක්.පොලීසිය පරීක්ෂණ කරනවා.මහේස්ත‍්‍රාත්වරයා තීන්දු දෙනවා.මං හෝ අපේ අමාත්‍යංශයේ කිසිදු සම්බන්ධයක් මේ සිද්ධියට නැහැ.
අමාත්‍ය මණ්ඩලයට ඉහළින් ක‍්‍රියාත්මක වන ජාතික විධායක සභාවේදී පාඨලී චම්පික රණවක අමාත්‍යවරයත්,අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයාත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඔබට චෝදනා එල්ල කර තිබෙනවා නේද?
මං විධායක සභාවේ සාමාජිකයෙක් නොවේ.මා දුෂණ කොමිසමේ සාමාජිකයෙක් විදියට වැඩ කරනවා.විධායක සභාවි ඉන්නේ පක්ෂ නායකයෝ.
ජාතික විධායක සභාවේ මේ ගැන සාකච්ඡ කරලා නැද්ද?
ජාතික විධායක සභාව මීට කිසිම සම්බන්ධයක් නැහැ.
නමුත් ජාතික විධායක සභාවේදී මේ ගැන ප‍්‍රශ්න කර තිබෙනවා. ඒක පැහැදිලිවම පාඨලී චම්පික රණවක අමාත්‍යවරයාත්,අනුර කුමාර දිසානායක මන්ත‍්‍රීවරයාත් ප‍්‍රශ්න කර තිබෙනවා.
ඔය කලින් කිව්න නිලධාරියකුගේ වචනයක් අල්ලගෙන ජාතික විධායක සභාව වැනි තැනකට මෙවැනි අසත්‍ය චෝදනාවක් ඉදිරිපත් කරනවා නම් ඒ ගැන විශ්වාසය තබන්නේ කොහොමද?කිසිදු සාක්ෂියක් නොමැතිව මෙවැනි බරපතළ චෝදනාවක් කරන්න පුළුවන්ද?ඒක නිසා කොතන සාකච්ඡ කළත් ඒ සියලූ අසත්‍ය චෝදනා ඉතා දැඩි ලෙස ප‍්‍රතික්ෂේප කරනවා.
නිශ්ශංක සේනාධිපති මහතාගේ ගමන් බලපත‍්‍රය කෙටි කාලයක් තුළ අධිකරණයෙන් මුදා ගැනීමට ඔබ සහ තිලක් මාරපන මහතා බලපෑම් කළ බවටයි චෝදනා එල්ල වන්නේ.
තිලක් මාරපන මහතා නිතීඥයෙක්.ඔහුගේ වෘත්තිය ඔහුට කරන්න පුළුවන්.මාරපන මහතා කිසිම ඇමැතිකමක් හෝ ආණ්ඩුවට සම්බන්ධ තනතුරක් දරන්නේ නැහැ.ඒ නිසා ඔහුගේ වෘත්තීය ඔහුට කරන්න පුළුවන්.ඔහු ජීවත් වෙන්න වෘත්තීය කරන්න එපැයි.මාරපන මහත්තයා ඇවන්ගාඞ් වෙනුවෙන් පෙනී සිටියද?නැද්ද කියලා මම දන්නේ නැහැ.නමුත් ඔහුට නිතීඥයෙක් වශයෙන් පෙනී සිටින්න අයිතියක් තියෙනවා.මාත් උඩතලවින්න දස පුද්ගල ඝාතන නඩුව වෙනුවෙන් පෙනී ඉ`දල අනුරුද්ධ රත්වත්තේ මහතා බේර ගත්තා.ඒක නිතීඥ වෘත්තියේ රාජකාරියක්.
නිශ්ශංක සේනාධිපති මහතාගේ ගමන් බලපත‍්‍රය අධිකරණයෙන් මුදා හැරීමට ඔබ කිසිදු බලපෑමක් කළේ නැද්ද?
නැහැ කියලා ඉතා වගකීමෙන් මං කියනවා.නිශ්ශංක සේනාධිපති මහතාට ගමන් බලපත‍්‍රය භාරදීලා තියෙන්නේ ඉතා හොදට සොයලා බලලයි.කොන්දේසි කිහිපයක් යටතේ ගමන් බලපත‍්‍රය මුදා හැරලයි තියෙන්නේ.විදේශ ගත වී අවශ්‍ය රාජකාරිය කරගෙන නැවත පැමිණෙන්න නිශ්ශංක මහතාට විදේශ ගත වන්න කාලය ලබා දුන්නේ සතියකට.ඒ අදාළ ගිවිසුමට අස්සන් කිරීමට නිශ්ශංක මහතාට යන්න බැරිවුණා නම් ශ‍්‍රී ලංකාවට අහිමිවන රුපියල් මිලියන 42,000ක් ගැන විනිසුරුවරයා ප‍්‍රශ්න කර තිබෙනවා.ඒක ආණ්ඩුවට අයිතිවෙන මුදලක් නොවේ.නිශ්ශංක මහතාගේ නිතීඥයන්ගේ කරුණු සැලකිල්ලට ගෙන ශ‍්‍රී ලංකාවට අහිමිවන මුදල් ලබා ගැනීම සදහා කොන්දේසි යටතේ ඔහුට සතියකට විදේශගත වීමට විනිසුරුවරයා අවසර දුන් බව වාර්තා වෙනවා.යළිත් ගමන් බලපත‍්‍රය අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.මෙමගින් නඩුවට හෝ විමර්ශනවලට කිසිදු බාධාවක් වෙලා නැහැ.
ඔබ ඇවන්ගාඞ් ආයතනයේ නීති උපදේශකවරයෙකු ලෙස විශාල වැටුපකට සේවය කරනවා නේද?
කවුද එහෙම කියන්නේ?මම ඉතා වගකීමෙන් කියනවා මට ඇවන්ගාඞ් ආයතනයේ කිසිම තනතුරක් නැහැ කියලා.පුළුවන් නම් ඔප්පු කරන්න කියලා මං අභියෝග කරනවා.අනුන්ට මඩ ගහන ඇතැම් වෙබ් අඩවිවල ඔය වගේ වාර්තා පළවෙන්න ඇති.
ඔබ ඇවන්ගාඞ් ආයතනයේ කිසිම කරුණකට අධිකරණය ඉදිරියේ නිතීඥයෙකු වශයෙන් කවදාවත් ඉදලා නැද්ද?
මීට වසර 10කට විතර කලින් ඇතැම් කටයුතු සදහා මගෙන් නීති උපදෙස් අරගත්තු අවස්ථා තියෙනවා.ඒ කාලෙදි මං වෘත්තීය නිතීඥයෙකු වශයෙන් මගෙන් නීති උපදෙස් ඉල්ලූවොත් මං ලබාදීලා තියෙනවා.ඇවන්ගාඞ් විතරක් නෙවෙයි,වෙන වෙන ව්‍යාපාරික ආයතනත් මගෙන් නීති උපදෙස් ලබාගත්තු අවස්ථා තියෙනවා.මං වෘත්තීය නිතීඥයෙකු ලෙස එදා නඩු වලට පෙනී හිටියා.අද මට එහෙම කිසිම දෙයක් කරන්න බැහැ.මං අද අධිකරණ ඇමැති.ඒක අනුර කුමාර දිසානායක මහත්තයට නොතේරුණාට මට කරන්න දෙයක් නැහැ.
එහෙනම් අනුර කුමාර දිසානායක මහතා ඔබතුමාට මෙහෙම චෝදනාවක් කළේ ඇයි?
ඒක අහන්න ඕන ඒ මහත්මයාගෙන්ම තමයි.බලන්න ඔහු කතා කරන හැටි.පුදුම වෛරයකින් කතා කරන බව අනුර කුමාර දිසානායක මහතාගේ මුහුණ බැලූවාම පේනවා.දකින්න ඇතිනේ අනුර කුමාර දිසානායක මහත්තයාගෙ භාෂාව.පක්ෂ නායකයෙක් වුණාම කෙතරම් වැදගත් විදියට කතා කරන්න ඕනද?එහෙම ආදර්ශයක් ඔහු දෙන්නේ නැහැ.ඔහුගේ තියෙන්නේ වෛරී දේශපාලනයක්.
අනුර කුමාර දිසානායක මන්ත‍්‍රීවරයා ජාතික විධායක සභාවේදී ඔබ ගැන ප‍්‍රකාශ කළ විට රනිල් වික‍්‍රමසිංහ අග‍්‍රාමාත්‍යවරයා ඔබ කැදවා දෝෂාරෝපණය කිරීමක් කළා නේද?
කිසිසේත්ම දෝෂාරෝපණය කිරීමක් කළේ නැහැ.මං වරදක් කරලා නැහැනේ.මෙහි නීතිමය තත්ත්වයන් ගැන ජනාධිපතිතුමා සහ අගමැතිතුමා මගෙන් විටින් විට විමසා තියෙනවා.මේ ගැන අධ්‍යයනය කිරීමෙන් අනතුරුව මං ඒ ගැන පැහැදිලි කළා.ඊට පස්සේ අනුර කුමාර දිසානායක මන්ත‍්‍රීවරයා ජනාධිපතිතුමා හා අගමැතිතුමා හමුවී ඔහු කළ චෝදනා ගැන සමථයකට පත්වෙන්න කැමැති වෙලා තියෙනවා.
මේ ගැන අධ්‍යයනය කිරීමෙන් පසු ජනාධිපතිතුමාට හා අගමැතිතුමාට ඔබ පැවසුවේ කුමක්ද?
ඇවන්ගාඞ් අමාත්‍යංශය රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ ලියාපදිංචි වෙලා තියෙනවා.රාජය ආරක්ෂක අමාත්‍යංශය එම බලපත‍්‍ර ලබාදීපු නිසා ඔවුන් පෞද්ගලික ආරක්ෂක සමාගමක් විදියට සේවා පවත්වාගෙන ගොස් තිබෙනවා.රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය වරදක් කරලා තියෙනවා.ඒ තමයි නාවික හමුදා පනත යටතේ පෞද්ගලික අංශයට වාණිජ කටයුත්තක් වෙනුවෙන් අවි ආයුධ ලබාදීම තහනම්.ඒ වැරැද්ද මෙහි වෙලා තියෙනවා.මේ ගැන මං අමාත්‍ය මණ්ඩලයේදීත් කතා කරලා තියෙනවා.
මේ ගැන අනුර කුමාර දිසානායක මන්ත‍්‍රීවරයා දැනුවත් කිරීමට පියවර ගත්තේ නැද්ද?
කොච්චර දැනුවත් කළත් වැඩක් නැහැ.ඔහුට මේවා තේරෙන්නේ නැහැ.
ජනතා විමුක්ති පෙරමුණ සහ ඔබ කාලයක් ඉතා කුලූපගව සිටියා නේද?එකපාරට පැණි වරකෙට හෙණ ගැහුවා වගේ වුණේ මොකද?
මම වරදක් කරලා නැහැ.ඔවුන් තමයි මේ කාගේ හරි දිරච්ච ලණුවක් කාලා ඉන්නේ.2005 ජනාධිපතිවරණයේදී ඔවුන් සහ අපි මහින්ද රාජපක්ෂ මහතා දිනවන්න වැඩ කළා.2010 ජනාධිපතිවරණයේදී සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් වැඩ කළා.2010 මැතිවරණයේදී මැතිවරණ ව්‍යාපාරයට මුදල් නැහැ කිව්වම මට හම්බවුණු රුපියල් ලක්ෂ 25 අනුර කුමාර දිසානායක මහතාගේ අත්දෙකටම මං දුන්නා.ඒ මුදල ලබාදුන්නේ සුනිල් හදුන්නෙත්ති මහතාගේ ඉදිරිපිට.බොරුනම් ඔහුගෙන් අහන්න පුළුවන්.ඊට අමතරව පසුගිය කාලයේ අභියාචනාධිකරණයේ විභාග වුණු නඩු දෙක වෙනුවෙන් පෙනී ඉන්න නිතීඥයන් නැහැයි කිව්වහම මං නොමිලේ ඒ නඩු දෙක වෙනුවෙන් පෙනී හිටියා.මං මේවා ගැන කතා කරන්න කැමති නැහැ.නමුත් මේවා අද අනුර කුමාර දිසානායක මහත්වරුන්ට අමතක වෙලා.
මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් යම් වැඩකොටසක් කරපු ජනතා විමුක්ති පෙරමුණ දැන් දැන් ප‍්‍රබල ලෙස ආණ්ඩුව විවේචනය කරනවා.
ඒ ගොල්ලන් ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණය ඉලක්ක කරගෙන ඡන්ද පදනම වැඩිකරගන්න දැන් දුෂණ විරෝධී වැඩ වැඩියෙන් කරනවා කියලා පෙන්වන්න හදනවා.
දුෂණ වෙනවා නම් ඒවා පෙන්වීම වරදක් නෙවෙයි නේද?එය මෛත‍්‍රී පාලනයේ හොදින්ම සදහන් වෙනවා.
පෙන්වනව නම් හොදයි.නමුත් තමන් ජනප‍්‍රිය වෙන්න බොරු චෝදනා එල්ල කිරීම අනුමත කරන්න බැහැ.එක්සත් ජාතික පක්ෂයත් දුෂිතයි.ඒ ගොල්ලන් විතරයි සුදනෝ කියලා අර පරණ කතාවම කියලා ඡන්ද වැඩිකරගන්නයි ජනතා විමුක්ති පෙරමුණට අවශ්‍ය.
***********
මේ සතියෙ උත්තර දෙන්න වෙලාවක් නෑ
– ජවිපෙ නායක අනුර කුමාර දිසානායක
ඇවන්ගාඞ් සිද්ධිය සම්බන්ධයෙන් ඇමැති විජයදාස රාජපක්ෂ මහතාට එල්ල කළ චෝදනා ගැන සම්මුඛ සාකච්ඡවක් ලබා ගැනීමට අනුර කුමාර දිසානායක මහතාට කතා කළ අවස්ථාවේ ඔහු කියා සිටියේ මේ සතියේ ඒ සදහා වෙලාවක් ලබා දීමට නොහැකි බවය.
– මව්බිම