aniwa sahayoge denawa macho.... man aththatama me seen 1 gena kalin danagena hitiye na wadiye... eth aththatama ehema nirmana thiyenna puluwan godak hangila... ewa hoyala gammu machn koma hari...![]()
මාස්ටර් සර්
මාස්ටර් සර් - නෙවිල් ෆර්නෑන්ඩෝ (ලොස් කැබරෙලොස්)
මාස්ටර් සර් - නීලා වික්‍රමසිංහ
අද ඉදිරිපත් කරන ගීතය නම් ගොඩක් දෙනා හොඳින් දන්න හදවතට දැනෙන සුන්දර ගීතයක්, ඒ ක්ලැරන්ස් විජේවර්ධන මහත්මයාගේ "ඈත ඉපිට හිම කන්දෙන්" ගීතය
මම හිතන්නේ අපේ එළකිරි යාළුවෝ ගොඩක් ආදරය කරන ගීතයක්, ක්ලැරන්ස් මහත්තයාගේ දක්ෂතාවය මම අමුතුවෙන් විස්තර කරන්න අවශ්‍ය නැහැනේ
මේ ගීතයේ මුල් ගීතය අසා තිබෙන අයත් ඇති මුල් ගීතය හා පසු ගීතය අතර සුවිශේෂි වෙනස්කම් කිහිපයක් තිබෙනවා. ප‍්‍රධානම වෙනස තමයි පදරචනය වෙනස් කර තිබිම. මුල් ගීතයේ පසු පෙළ පද පේළියම සම්පුර්ණයෙන්ම වෙනස් කර තිබෙනවා. පසු ගීතයේදි තනුවේ පොඩි වෙනසක් කර තිබෙනවා. පසු ගීතයේ සංගීත සංයෝජනයේදි මුල් ගීතයේ රිද්මය ඒ ආකාරයෙන්ම සුළු වෙනස්කමක් සහිතව දක්ෂ ලෙස නිර්මාණය කරන්න ක්ලැරන්ස් විජේවර්ධන මහතා සමත්ව තිබෙනවා.
මේ ගීතයේ පද, සංගීතය, හඬ ක්ලැරන්ස් විජේවර්ධන
මුල් ගීතය
පසු ගීතය


elazzzz keep it up machoooooo

patta!!! kohen hoyagannawada manda...elazzzz keep it up machoooooo
![]()
පරණ සිංහල අලූත් අවුරුද්ද උදාවුන අද දවසේ මට මෙහෙම දෙයක් හිතුනා පරණ දේවල් අලූත් දේවල් එකට එකතු කලොත් කොහොමද ?
මොනාද මේ එකතු කරන පරණ/අලූත් දේවල් ඒ තමයි සිංහල ගීත, හැබැයි පරණ සිංදු, අලූත් සිංදු එකතු කරන වැඩක් නෙමේ මේක, මෙන්න මෙහෙමයි මේක වෙන්නේ
සිංහල ගීත තියෙනවා එකම පදරචනයකට තනු දෙකක් යොදලා ගායනා කරන අවස්ථා, බොහෝවිට පළමු ගීතයේ වචනම දෙවන අවස්ථාවේදි ගායනා කරනවා. සමහර අවස්ථාවල වචන වල පොඩි පොඩි වෙනස් කම් කරනවා. කාටත් තේරුම් යන විදියට කියුවොත් සිංදුවේ වර්ෂන් දෙකක් තියෙනවා. පරණ නිර්මාණය සහ ඒ වචනම යොදලා කරන නව ගීතයක්
වැරදියට තේරුම් ගන්න එපා අද දවසේ නිර්මාණය කරන Remix, Remake ගීත නෙමේ මේවා
ඔන්න මම උදාහරණයකට දානවා ගීතයක්
සඳ තරු නිහඬයි අපිට එක පාරටම මේ සිංදුව මතක් වෙන්නේ අමරදේව මාස්ටර් ගායනා කරන ගීතය
මේකේ මුල් ගීතය නැත්නම් මුල් වර්ෂන් එක අහලා බලන්න ගායනා කරන්නේ නන්දා මාලනී මහත්මිය හැබැයි මේකේ මුල් නිර්මාණ හා පසු නිර්මාණයේ චවන වල පොඩි වෙනස් කම් කරලා තියෙනවා
පදරචනය කුලරත්න ආරියවංශ
සංගීතය එච් එම් ජයවර්ධන
අමරදේව මාස්ටර් ගායනා කරන පසු ගීතය
මේ වගේ නිර්මාණ කරන බටහිර, හින්දි ගීත නම් ගොඩක් තියෙනවා හැබැයි සිංහල ගීත නම් ගොඩක් අඩුයි. එ වගේම බොහෝ අවස්ථාවල ජනප‍්‍රිය වන්නේ දෙවැනි නිර්මාණ ඒක නිසා ගොඩක් දෙනා පළමු නිර්මාණය ගැන දන්නේ නෑ.
පසු නිර්මාණය Remake තමයි. හැබැයි අද Remake කියලා සිංදු විනාශ කරන එකයි මේ නිර්මාණයි දෙකක්
එළකිරියේ ඉන්නේ සිංදු ඔස්තාර්ලා දාන්නකො බලන්න ඔයාලා දන්න මේ වගේ ගීත. Remix/ Remake ගීත දාන්න එපා
කලින් මේ වගේ ඇමණුමක් තිබුනද දන්නේ නෑ ඒ ගැනත් කියන්න.
මටත් හිතෙන්නේ අමරදේව මාස්ටර් ගායනා කරන තනුව තමයි මේ පද වලට වඩාත් ගැලපෙන්නේ කියල


ko bn kastiya bump 1k wath daan nadda bn![]()

මටත් හිතෙන්නේ අමරදේව මාස්ටර් ගායනා කරන තනුව තමයි මේ පද වලට වඩාත් ගැලපෙන්නේ කියල
අද ඉදිරිපත් කරන ගීතය H.D. පේ‍්‍රමරත්න මහතාගේ "සහරාවේ සිහිනය" චිත‍්‍රපටයේ අඩංගුවන ගීතයක්, මෙහි පද ලියලා තියෙන්නේ පේ‍්‍රමකීර්ති ද අල්විස් මහතා, සංගීතය රෝහණ වීරසිංහයන්ගේ
මේ චිත‍්‍රපටයේ එකම ගීතය ගායකයන් දෙදෙනෙක් කියනවා. සිනමාපට වල එන ගීත වල මෙහෙම අවස්ථා තියෙනවා. එකම තනුව ගායකයන් /ගායිකාවන් කියනවා. මේ ගීතයේත් එකම වචන. එකම තනුව වුනාට ගීත දෙකේ රිද්මයේ පොඩි වෙනස්කමක් තියෙනවා.
ගීතය තමයි "වළාකුලක් ගෙන මුවා කරමු හිරු" විජය කුමාරණතුංගයන් ගායනා කරන ගීතයේ වැඩි රිද්මයකුත්, සුනිල් එදිරිසිංහයන් ගායනා කරන ගීතය සාමාන්‍ය රිද්මයකින් ගලායනවා. විශේෂත්වය තමයි තනුවේ මුලික හැඩය වෙනස් නොකොට ගීත දෙකම නිර්මාණය කර තිබිම.
විශේෂයෙන්ම කියන්න ඕනෑ මේ ගීතයේ පද ගැන, පේ‍්‍රමකීර්ති මහත්තයාගේ වචන ටික ගීතයකට එහා ගිය ලොකු කතන්දරයක් කියලා දෙනවා.
වලාකුලක් ගෙන මුවා කරමු හිරු
ගිනි ගෙන වියරුව නලියන වැලි කතරේ
රත් වුණු වැලිකැට පුපුරණ
මැද පෙරදිග මරු කතරේ .... //
වතුර මලෙන් නා දොළ අමතක කර
දූලි සුළං විඳ වෙල අමතක කර
විදුලි පහන් මැද සඳ අමතක කර
දෙපා අභියසට ගමු අපි සුරපුර
වලාකුලක් ගෙන ....
නගර දනව් මැද සුවිසල් මන්දිර
අතැර උපන් රට නොරටුන් ලංකර
පඳුරු පතොක් කටු අතගා උල්කර
විනෝද වෙමු අපි ලේ මස් දිය කර
වලාකුලක් ගෙන ....
විජය කුමාරණතුංගයන් ගායනා කරන ගීතය