එළකිරියේ chefa ලා ඉන්නවනම් පොඩ්ඩක් ඇතුලට එන්ඩ&

MANUKB2001

Active member
  • එළකිරියේ chefa ලා ඉන්නවනම් පොඩ්ඩක් ඇතුලට එන්ඩ&

    කවුරුහරි ඇවිල්ලා කියලා දෙන්ඩකෝ හරියට බිරියානි හදන විදිහ
    Sri Lankan Style not Indian,තියන ඔක්කොම තියෙන්නේ indian විදිහටනේ මචන්ලා .උදවු කරන අයට REP දෙමි
    :sorry::sorry:
     
    • Like
    Reactions: Elysium

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං පළවෙනි ම කාරණය ශ්‍රීලංකන් ස්ටයිල් බිරියානි කියල එකක් නෑ.....
    බිරියානි ඉන්දියන් කියල කිව්වට ඇත්තටම මෝගල්- ඒ කියන්නේ මොංගෝලියන්-ඉන්දියන්් මිශ්‍ර සම්භවයක් තියන කෑමක්.....

    හදන හැටි දාන්න නං පුළුවන් පැකට් බිරියානි මසාල නැතුව ඕන කරන ස්පිසස් වල ඉදන් රෙසිපි එක නං...
    හැබැයි කොල්ලෝ ඒක ශ්‍රී ලංකන් නං නෙවෙයි....
     
    • Like
    Reactions: MANUKB2001

    MANUKB2001

    Active member
  • කෑම කෙරෙහි ආදරයක්ක:love:,කරුණාවක් ,පෙරේත කමක් ඇති මන් කෙරෙහි කරුණාවෙන් අනේ දාපන් මගේ දෙයියෝ .artificial නැති original හරිඑක :D .මම මාර අසයි බන් බුහාරි එකේ බිරියනි එකට:rofl::rofl: .
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    thanks saho

    eth mama hithanne meka indian style mokada masala powder eka danwane:confused:
    anyway rep added

    එහෙනම් මේක බලන්න..

    4 දෙනෙකුට....බිරියානි ..සරලවම..

    අවශ්‍ය ද්‍රව්‍ය-
    බාස්මතී හාල් ග්‍රෑ500
    කුකුල් මස් ග්‍රෑ 500
    තක්කාලි ගෙඩි 2
    ලොකු ලූනු ගෙඩි 2
    අමුමිරිස් කරල් 2

    පහත සදහන් සියල්ල ග්‍රයින්ඩරයට දමා පේස්ට් එකක්
    වන තෙක් අඹරා ගන්න....
    (වෙන වෙනමද දැමිය හැකියි. එවිට ඒවා හැපෙන විට %^&&$! මතක්වේ)

    මීකිරි කෝප්ප 1
    මිංචි කොල ග්‍රෑ25
    කොත්තමල්ලි කොළ ග්‍රෑ25
    අඹරාගත් ඉගුරු සුදුලූනු මේස හැදි 1
    එනසාල් ඇට 5
    කරාඹුනැටි 8
    1"ක කුරුදු කෑල්ලක්
    බේලීෆ් 1
    ස්ටාර් අනීස් 1
    රතු මිරිස් කුඩු තේහැදි 1
    කහ තේහැදි 1/2
    ගම්මිරිස් කුඩු තේහැදි 1/2
    ලුණු තේහැදි 2

    අඹරාගත් පේස්ට් එක කැපූ චිකන් හා හොදින් දවටා පැයක් පමන මැරිනේට් කරගන්න.
    ඉන්පසු කපාගත් තක්කාලි සහ අමුමිරිස් එක් කර ඝණ අඩිය සහිත සාස්පානක දමා මැද ගින්දරෙන් ලිප තබන්න. නටන විට මද ගින්දර තෙක් අඩු කර පියන වසා විනාඩි 20ක් පිස ගන්න.

    මේ අතර ලූනු සිහින්ව ලියා රන්වන්පාට වනසේ බැදගෙන පසෙක තබන්න.

    සහල් 4වරක් සෝදා විනාඩි 20ක් පෙගෙන්න හරින්න.
    වතුර ලිටර් 3ක් පමණ ලුණු තේහැදි 2ක් රම්පෙ කොළයක් හා ලූනු බැද ඉතිරිවූ තෙල් මේස හැන්දක් එක්කර නටවා ගන්න. වතුර නටන විට පොගවා පෙරාගත් සහල් එක් කර පිසින්න. වරින් වර සහල් ඇටයක් ගෙන පොඩිකර බලන්න. සහල් ඇට 75%කට පමණ ඉදීගෙන එන විට වතුර පෙරා ගන්න.

    ඉන්පසු ඝණ පතුල සහිත භාජනයකට පිසගත් කුකුල් මස් සහ බත් තට්ටු වශයෙන් දමන්න. ඒ අතර තුර බැදගත් ලූනුද එක්කරගන්න.
    දැන් පියන හොදින් වසා ඒමත තදවන සේ බරක් තබා විනාඩි 15ක් ඉතාම අඩු ගිනදරෙන් පිසගන්න.
    පියන ඇර බලා සහල් හොදින් තැම්බී ඇත්නම් ලිප නිවන්න. තවමත් සහල් අමු ගතියක් ඇත්නම් උණු වතුර කෝප 1/2ක් විතර උඩින් ඉස නැවත අඩුම ගින්දර තබන්න. ඉන්පසු සවානකට දමා ප්‍රවේශමෙන් පෙරලා මිශ්‍රකර.... කාපියව්!!!


    බාස්මතී ගන්න විට හොදම එකෙන් ගන්න. Foodlink ,Dawat වගේ ඒවා හොදයි .1kg -400 -550/- විතර වෙනවා

     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔනන සිරිබෝයි අයියා දාල තීනව ඈ......
    අපි කස්ටිය ගෙන් සීනියර් ම චෙෆ් ශ්‍රීෙබා්යි අයියා......
     

    MANUKB2001

    Active member
  • ඔන්න හැදුව බිරියනි ලොකු අයියා (sriboysl) කියපු විදිහට ,අද දවල් කැමට .
    බොහොම පින්
    :lol::lol::lol::lol::lol::lol::love::love::love::love::love:
    IMG_20170303_171210498.jpg

    IMG_20170303_181047303.jpg

    IMG_20170303_181232620.jpg

    IMG_20170303_185005613.jpg

    IMG_20170303_185306248.jpg

    නෙළුව නෙලිල්ලක් කොහොමද දන්නවද ??පුටුවෙන් නැගිට ගන්ඩ බෑ අන්තිමට
    බොහොම පින් ඇ........
    :baffled::baffled::baffled:
     
    Last edited:
    • Like
    Reactions: dath kimbula

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔන්න හැදුව බිරියනි ලොකු අයියා (sriboysl) කියපු විදිහට ,අද දවල් කැමට .
    බොහොම පින්
    :lol::lol::lol::lol::lol::lol::love::love::love::love::love:
    නෙළුව නෙලිල්ලක් කොහොමද දන්නවද ??පුටුවෙන් නැගිට ගන්ඩ බෑ අන්තිමට
    බොහොම පින් ඇ........
    :baffled::baffled::baffled:
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: