එළකිරි භූත කොටුව.........

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,808
    8,148
    113
    Kotahena
    ස්තුතියි එහෙම කිව්වාට. මම මෙතන දැන් අවුරුදු 10 වැඩ කරනවා. සෙකියුරිටි සිස්ටම් එකේ මම දැනුවත්ව මුකුත්ම අවුලක් නැහැ. මේ සිද්ධියෙන් පස්සේ sensor activated camera වෙනුවට full time camera එකක් දානවා කිව්වාට තාම කෙරුනේ නැහැ.

    Security camera එකට power නැති වෙලා

    ඒ කරලා පෙට්ටිය උස්සල
     

    Ashenfdo

    Junior member
  • Apr 1, 2019
    29
    2
    8
    මම එක දවසක් එක බයානක සිදුවීමක් හිතට ඇවිල්ලා එකට බයාවෙලා දවස් 6ක් විතර ඉද්දි අපේ ගෙදර තිබ්බ කරෝල බාජනයක් වැටුනා මම එතනට ගිහින් බලද්දි කිසිම දෙයක් නෑ ජනේලත් ඇරලා තිබ්බෙ මම එතනින් ආවෙ බූතයෙක් ආවෙ කියල හිතාගෙන කරෝල කෑල්ලක් එලියට විසික් කරලා ජනේල වැහුවා ඉට පස්සෙ ආයෙ කරෝල බාජනේ වැටුන්නැ ඉට පස්සෙ මම අර මගෙ හිතට ආව සිද්දියට බය වෙලා නිදා ගත්තා මම බය වෙන්නෙ මගෙ ලමයෙක්ට වෙන ඉතා බයානක සිදුවිමක් ගැන මට තව ලමයෙක් නෑ.මේ සිදුවිමට ඇති චකිතය බිය නිසාම මට මෙික මගෙ හිතෙන් අයින් කර ගන්න අපහසු වුනා.මම නිදා⁣ෙගන ඇහැරෙද්දි මගෙ ඇග රිදුනා.ඉට පස්සෙ මට හිතුනා අර බූතයා මගෙ ඇගට ඇතුල් වෙලා අර සිදුවිම බලා ගෙන ඒ සිද්දිය කරයි කියලා.මට දැන් අවුරැදු 19 i මේ සිද්දිය නිසා මට මානසිකව වැටිලා ඉන්නෙ මට හරියට පාඩම් කරන්නත් බෑ මම හැම වෙලාවෙම බයෙන් ඉන්නෙ බූතයා එම සිදුවිම කරයි කියලා ඇත්තටම අපි හිතින් බයවෙලා ඉන්න ඉතා බයානක සිදුවිමක් බූතයෙක්ට සිදු කරන්න පුලුවන්ද 😢 ඇයි එදාම මගෙ ඇග රිදුනෙ
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    මැගිලින්ගේ අවතාරය

    මළ හිරු බැස යද්දී නැගෙන රත් පැහැ හිරු කිරණින් නෙළුම්ගමට ගෙන ආවේ මහා මූසල බවකි. දුහුවිල්ලෙන් වැසී ගිය ගුරුපාර දෙපස වූ එරමිණියා කැලෑව ඈතට දිස්වූයේ සුළ`ගට දෙපසට පැද්දෙන ඇටසැකිලි පෙළක් මෙනි. නගරයෙන් හුදෙකලාවූ නෙළුම්ගමෙහි ජීවත් වූයේ ගොවිතැනින් දිවිගෙවූ සරල මිනිසුන් පිරිසකි. උදේ රැුයින් අවදි වන මේ මිනිස්සු හිරු එළිය වැටෙන්නටත් කලියෙන් සුපුරුදු රාජකාරිය සඳහා කුඹුරට බසිති. ඔවුන් යළි කුඹුරෙන් ගොඩට එන්නේ සැ`දෑ කළුවර පොළවට පතිත වූ පසුවය. ඒ ඔවුන්ගේ සාමාන්‍ය දිනචර්යාවය. එහෙත් වසරක පමණ සිට ගමේ සියලූ වැඩ කටයුතු අතපසු වන්නට සිදුවූයේ නෙළුම් ගෙදර මැගිලින් ආච්චිගේ අවතාරය ගම වටා කරක් ගැසීම ඇරඹීමත් සමගය.

    වසර විස්සකට පමණ පෙර සිදුවූ මෙම සිදුවීම ගමේ පැරැුණ්නන්ට නම් හො`දින් මතකය. මැගිලින් ආච්චී කඩිසර අතේ පයේ හයිය ඇති පිරිමින් සමග කරට කර ගොවිතැන් කටයුතු කළ ගැහැනියකි. ගුණේරිස්ගේ බාලම කෙල්ල වූ මැගිලින් උපන්දා සිටම හැදී වැඩුණේ කොල්ලකු ලෙසිනි. ගැහැනු දරුවන් තිදෙනෙකුම වූ පවුලේ පිරිමි දරුවකුගේ අඩුව පිරිමහන්නට මෙන් මැගිලින්ට ගැහැනු වැඩ පෙන්නන්නටවත් බැරිවිය. කුඩා කල සිටම තම පියා සමග හරිහරියට කැත්තේ උදැල්ලේ වැඩට උදව් වීම හේතුවෙන්ම ඇය ටිකෙන් ටික ලොකු වෙද්දී ගමේ ගොවියන් සමග කරට කර වැඩකරන්නට තරම් ජවයකින් වූවාය.

    මැගිලින් තම පියාගේ කරත්තයේ ගොනුන් බැඳ වී ගෝනි ටික පටවාගෙන සැතපුම් කීපයක් ඈතින් වූ මුදලාලිගේ ගෙදරට ගෙනගොස් දී යළි නිවසට එන්නේ පුතකුගෙන් පියාට විය යුතු යුතුකම ඉටු කරමිනි. මෙලෙස කාලය කෙමෙන් කෙමෙන් ගෙවී ගියේය. මැගිලින් විවාහ වී දරු මල්ලන්ද ලැබුවාය. ඇයද පිරිමියකු මෙන් නිවසේ බර කරට ගෙන කටයුතු කළාය. උදේ රැුයින් නැගිටින මැගිලින් දරුවන්ගේ වැඩ කටයුතු නිමකර ඔවුන් පාසලට පිටත් කර යවා උදැල්ලද කරේ තබාගෙන තම සැමියාට උදව් වීමට වෙලට බැස්සාය. ළමුන් යළි නිවසට එන වේලාව තෙක්ම ඇය හරි හරියට මඩ පොළෙව හා ඔට්ටු වූවාය. එය ඇගේ ජීවිතයේ කොටසක් බවට පත්වූවා සේම ඇගේ ගතේ සවි ශක්තිය ඇති තාක්කල් ඇය තම යුතුකම් එලෙසින්ම ඉටු කළාය. දරුවන් දීගතල ගිය පසුද ඇය ඇයට කළ හැකි කටයුතු අත්හැර දැමුවේ නැත. කාලයත් සමගින් ගමේ දැනුමැත්තිය බවටද පත් වූයේ ඇයයි. ඇයට අවුරුදු අසූවක් අනූවක් පමණ වනවිට ඇය හා සම වයසේ සිටි බොහොමයක් පිරිමි මෙලොව හැරගොස් සිටියහ. එහෙත් ඇය උදෙන්ම අවදිව පිරිසුදු රෙද්දක් හැට්ටයක් හැඳ දිග ලීයක්ද වාරුවට අතට ගෙන කුඹුරේ ළියදි දිගේ ඇවිද යමින් සතුටක් වින්දාය. වී ගසක වුව වෙනසක් පවා මොහොතින් ඇයට හ`දුනාගත හැකි වූයේ ඇගේ පළපුරුද්ද නිසාමය. ලියද්දේ අයිතිය කාට වුවත් ඇය එය පෙන්වා දීමට පසුබට නොවූවාය.

    ‘මේ ළමයෝ, පැළ ගොයමට වතුර මදි. තව ටිකක් බැඳලා දාපන්’

    ‘ගොයම් මැස්සෝ කැරකෙනවා වැඩියි වගේ, අළු සාත්තුවක් කරගන්න කාලේ හරි’

    ඇය කියූ දේ බොහෝවිට ගමේ තරුණ පිරිසද පිළිගත්තේ වයසට ගියද සමාජය පිළිබඳ හොඳ දැනුමක් ඇය තුළ වූ නිසාය. වයස අවුරුදු එකසිය එක පසු කරද්දී ඇය මෙලොව හැර දමා ගියාය.

    මැගිලින් ආච්චිගේ මරණයෙන් මාස කීපයක් ගෙවී ගියේය. සෝමේ සුපුරුදු ලෙස හිරු එළිය පතිත වෙද්දීම කුඹුරට ගියේ වතුර බැඳීම සඳහාය. හිරු එළිය පතිත වෙමින් පැවතියත් හාත්පසම මිහිදුමින් වැසී තිබිණි. සීතල මිහිදුම නෙළුම්ගමේ ගැමියන්ට එතරම් ගැටලූවක්

    නොවිණි. සෝමේ සුපුරුදු පරිදි කුඹුරට බැස මඩ පිඩලි කීපයක් කපා වක්කඩට දැමීය.

    ‘මේ ළමයෝ, දැන් ඔය ගොයමට වතුර වැඩිය ඕන කාලේ නෙවෙයි, වතුර පුරවන්න එපා මුල කුණුවෙයි’

    ඔහු හිස ඔසවා බැලූවේ සුපුරුදු කටහ`ඩක් නිසාය. ඒ මැගිලින් ආච්චීය.

    ‘හා නැන්දේ .......’

    කියා ඔහුට පුරුද්දට මෙන් කියවුණත් මැගිලින් ආච්චී මිය ගිය බව මොහොතින් ඔහුගේ සිහියට නැගුණි. වහා ලියද්ද මතට නැග දුවන්නට ගත් සෝමේ නතර වූයේ එහා ලියද්දේ වැඩ කරමින් සිටි රත්නේ ළ`ගය.

    ‘මැ ................මැ................ මැගිලින් නැන්දා’

    ‘මැගිලින් නැන්දා මැරිලනේ බං................ ’

    ‘අර ................ අර................’

    සෝමේ අත දිගු කළ දෙසට රත්නේද හිස ඔසවා බැලූවේය. කහ පාට මල් චීත්තයක් හැඳ තරමක් කොන්ද නවාගෙන දිගු ලීයකින් වාරු ගෙන ඇවිදින මැගිලින් නැන්දා ඔහුද දුටුවේය. එදායින් පසු ගමේ බොහොමයක් දෙනා මේ අත්දැකීමට මුහුණ දුන්නෝය. උදේ රැුයින් කුඹුරට යාම ගොවියෝ අතහැර දැමූහ. මළහිරු බසින්නට පෙර ගැහැනු හා ළමුන් නිවෙස්වලට වී දොරගුළු ලා ගත්තෝය. මෙතෙක් ගමේ පැවති කි‍්‍රයාශීලී බව වෙනුවට බියෙන් වෙව්ලමින් නෙළුම්ගමේ මිනිසුන්ට ජීවත් වීමට සිදුවිය. මෙයට හේතු වූ තවත් කරුණක්ද තිබුණි.

    ඩිංගිරි කඩයප්පන් සාදා ජීවත් වූ ගැහැනියකි. පාන්දර තුනට පමණ නැගිට ඉඳි ආප්ප තැම්බීම ඇයගේ පුරුද්දයි. එදිනද ඇය ඉ`දි ආප්ප ටික ළිපේ තබා තැම්බෙන තුරු කහට කෝප්පයක්ද සාදාගෙන කුස්සියේ දොර අසල බිම වාඩිවී සිටියාය. පිළිකන්න පැත්තෙන් බල්ලන්ගේ බිරුම් හ`ඩට ඇය විමසිලිමත්ව ඒ දෙස බලන්නට විය. කවුරුන් හෝ තමා සිටින දෙසට එන බව ඇය දුටුවාය. කළුවරේ හරිහැටි හ`දුනාගත නොහැකි වූ රුව දෙපසට වැනි වැනී එන ආකාරය ඇයට එතරම් ඇල්ලූවේ නැත .

    ‘කවුද?’

    ‘ඩිංගිරියෝ, මටත් ඔය තේ කහට ටිකක් ගත්තනම්’

    ‘කවුද ඔය?’

    ‘උඹට මාව මේ ටික දොහොට අමතක වෙලා ගියාද? මම මැගිලින්නේ බං’

    ‘බුදු අම්මෝ’

    ඩිංගිරි ගෙට පැන දොර වසාගත්තාය. මේ සිදුවීම අවසන් වූයේ ඩිංගිරිට තොවිලයක්ද නැටීමෙන් පසුවය.

    ගමේ මිනිසුන්ට මෙය මහත් වදයක් බවට පත්විය. දිනපතා ගමේ ගෙදරක තොවිලයක් ලකලෑස්ති වූයේ මැගිලින් ආච්චිගේ අවතාරය ඒ තරමටම ගමේ ගෙවල් අසලට ඒමද වැඩි වූ නිසාවනි. මැගිලින් ආච්චිගේ දරුවන්ටද මෙය මහත් මානසික වදයක් වූයේ ගමේ මිනිසුන් දිනෙන් දින පැමිණ තම මවගේ අවතාරය ගම පුරා හොල්මන් කරන බව පවසන්නට වීමත් සමගය. මෙය ඉවසා ගත නොහැකි වූ තැන දන්නා කියන කපු මහත්වරුන්ගේ පිහිට පතන්නට ඔවුනට සිදුවිය. එහෙත් තොවිල්, යාග හෝම කීපයක් කෙරුණද ඒවායින් ගමට හෝ මැගිලින්ගේ පවුලේ අයට සහනයක්

    ලැබුණේ නැත. ඒ වෙනුවට තොවිල් පවිල් කරන්න කරන්න තව තවත් ඇයගේ බලපෑම වැඩිවන බව ගමේ අයට වැටහුණි.

    මේ අතරතුර දුර බැහැර පන්සලක යන්ත‍්‍ර මන්ත‍්‍ර ගැන හොඳ දැනුමක් ඇති හිමි නමක් පිළිබඳ තොරතුරක් මැගිලින්ගේ දරුවන්ට දැනගන්නට ලැබුණි. ඔවුහු එම පන්සල සොයා ගියෝය.

    ‘අනේ හාමුදුරුවනේ, දැන් අපිට විතරක් නොවෙයි ගමටම ජීවිතත් එපාවෙලා තියෙන්නේ. අම්මා ජීවත් වෙන කාලේ කිසිම කෙනෙක්ට කරදර කළේ නෑ. අපිට මේක විසඳලා දෙන්න හාමුදුරුවනේ’

    ‘හො`දයි හොඳයි, මම ඇවිත් බලන්නම්කෝ’

    රාතී‍්‍ර හතට පමණ කිසිදු පෙර සූදානමක් නැතිව ඇබිත්ත කොලූවාද සමග හාමුදුරුවෝ මැගිලින්ගේ නිවසට ගොඩවූහ. එහිදී කිසිම වෙනසක් නොපෙන්වූ හාමුදුරුවන් ගෙට ගොඩ වූ ගමන්ම

    ‘කෝ මේ මැගිලින් අම්මා ඉන්නවද? මම මේ නොදන්න දේවල් වගයක් දැනගන්න ආවේ’ යනුවෙන් පැවසීය.

    සිදු වූයේ නිවැසියෝ බලාපොරොත්තු නොවූ දෙයකි.

    ‘වඩින්න අපේ හාමුදුරුවනේ’

    ඒ මැගිලින්් අම්මාගේ හ`ඩය.

    ‘මම හිතුවේ නෑ මැගිලින් අම්මා ඉඳියි කියලා. මොකද මේ ගමේ මිනිසුන්ට කරදර කරනවා කියන්නේ?’

    ‘මොන බොරුද හාමුදුරුවනේ?’

    කතාව බොහෝ වෙලාවක් දිගින් දිගට ගියේය. මළගිය ආත්මයක් සමග සජීවීව තොරතුරු හුවමාරුකරගත් අවස්ථා බොහෝ විරලය. එදා එහි සිටි බොහෝ පිරිසකට ඒ අත්දැකීම ලබන්නට හැකිවිය. සියල්ල අවසානයේ ඇය ඇයගේ ආත්මයෙන් නික්ම යාමට ඉතා කුඩා දෙයක් ඉල්ලා සිටියාය.

    ‘මගේ කුඹුක් ගහ ළ`ග වෙලේ කුරුලූ ලියද්දේ තුන් මාසයක් යනකම් අල හොදියි බොම්බිලි කරෝලයි එක්ක හැමදාම දවල්ට බත් එකක් තියන්න. මාස තුනකට පස්සේ මම පිටවෙලා යන්නම්. එතකම් මම එතන ඉන්නවා. මම ගම වටේ ගියේ මට කිසිම තැනකින් කටට රහට කෑමක් නොලැබුණ හින්දයි’

    පොරොන්දු වූ පරිදිම එදායින් පසු ඇයගෙන් ගමට කිසිදු බලපෑමක් ඇති නොවිණි. ඈ පිටව යන්නට ඇතැයි සියල්ලෝ සිතූහ.
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    නිෂාදිගේ නිරුවතට වහවැටුණු පේ‍්‍රතයා

    දින කිහිපයක සිට වෙනදා නොදැනෙන කුමක් හෝ අමුත්තක් සිදුවෙමින් පවතින බව වරින්වර ඇගේ සිතට දැනුණි. එහෙත් සිදුවන්නේ කුමක්දැයි කියා අවබෝධයක් ඇයට නැත. සිතේ පැවතියේද මහා මූසල ගතියකි. අගනගරයේ සරසවියක ඉගෙනුම ලබන නිෂාදි රූපයෙන් මෙන්ම දක්‍ෂතාවලින්ද සපිරුණු ශිෂ්‍යාවකි. කොළඹට ආසන්නයේ ඇගේ බෝඩිම පිහිටියද එයට යාමට ප‍්‍රධාන මාර්ගයේ සිට මීටර් තුන්සියයක් පමණ ඇතුළට යායුතු විය. එදිනද ඇය කල්පනාවක නිමග්නව හිමින් හිමින් පැමිණෙමින් සිටියාය. වේලාව රාත‍්‍රී අටට පමණ ඇත. සිහින් පොදයක් සමග වෙනදාට වඩා වැඩි අඳුරකින් පරිසරය වෙලී පැවතුණි. මහා වැස්සක ඉඟි හතරවටින් මතුවෙමින් පැවතුණි.

    ටික... ටික්... ටික්....

    පිටුපසින් ඇසෙනා අඩි ශබ්දයෙන් ඇයගේ කල්පනාව බිඳවැටුණි. නිකමට මෙන් ඇය පිටුපස හැරී බැලූවාය. ඇයගේ පපුවේ වේගය ටිකෙන් ටික වැඩිවන්නට විය. කිසිවෙකුත් ඇයට පසුපසින් පැමිණෙමින් සිටියේ නැත. එසේනම් ඇසුණේ අඩි ශබ්දයක්මද? ඇය සිතමින්ම අඩි ඉක්මන් කළාය. ඇයට යාහැකි වූයේ පියවර කිහිපයකි. යළිත් පසුපසින් අඩි ශබ්දයක් ඇසුණේය. ඇය එක්වරම පසුපස හැරී බැලූවාය. යමකු ඇයව බියකිරීමට උත්සහ ගන්නේදැයි ඇයට සිතුණි. එහෙත් කිසිවකු හෝ පෙනෙන්නට නැත. එවර නම් ඇයගේ සිතට දැනුණේ දැඩි බියකි. සෙරෙප්පු දෙක ගලවා අතට ගෙන බෝඩිම දක්වාම ඇය දිවගියාය. ගේට්ටුව අසලදී මොහොතක් හති ඇරීම උදෙසා නතර වුවත් සිතේ බිය පහව ගොස් තිබුණේ නැත. ගේට්ටුව අසලදී තද සීතලකින් ඇයව එතීයන්නා සේ ඇයට දැනුණි. එය වැහි සීතලට වඩා වැඩි සීතලකි. ගේට්ටුව ඇරගෙන බෝඩිමට ගිය නිෂාදි මඳ වේලාවක් ඇඳ උඩ වාඩිවී කල්පනා කළාය. ටික වේලාවකින් එය එක් සිදුවීමක් ලෙස සිතූ ඇය නාන කාමරයට පිවිස ඇඳුම් උනාදමා වතුර මල යට සිටගත්තාය. දවසේ මහන්සිය නිමවන තුරු වතුර මල යට වැඩි වේලාවක් සිටීම නිෂාදිගේ පුරුද්දකි. එදිනද නිදහසේ ඇය ටික වේලාවක් වතුර මල යටටවී සිටියාය. නාන කාමරයේ වා කවුළුව පිහිටා තිබුණේ ඇයට පිටුපසිනි. වතුර මලේ කරාමය වසා දැමූ ඇය ඇඟ පිසදා ගැනීමට තුවාය අතට ගත්තාය. හැරදමා ඇති වා කවුළුව අසල කුමක් හෝ ඡුායාවක් ඇතිබව ඇය එක්වරම දුටුවාය. ඒ මිනිස් ඔළුවකි. තමා නාන දෙස කිසිවකු හෝ බලාසිට ඇත. ඇය මොහොතකට

    ගල්ගැසී ගියාය. ඉන්පසු මුවින් පිටවූයේ ගෙය දෙදරවන කෑගැසීමකි.

    කෑගසමින්ම තුවාය ඇඟ වටා දවටාගත් ඇය නාන කාමරයෙන් එළියට පැන්නාය. ඇය නතරවී සිටියේ නිවසක කාමරයකය. ඇයගේ කෑගැසීමේ ශබ්දයට නිවසේ සියල්ලෝම ඇගේ කාමරය අසලට දිවආහ.

    ඩික්... ඩික්.... ඩික්....

    දොරට ගසන හ`ඩින් ඇය තිගැස්සී ගියාය.

    ‘දුව... ඇයි... මේ දොර අරින්ඩ’

    ‘බාත් රූම් එකේ ජනේලයෙන් කවුද එබිලා බලන් හිටියා’

    නිවැසියෝ වහ වහා ගේ වටේ පරික්‍ෂා කර බැලූවද කිසිවකුත් දැකගත හැකි වූයේ නැත. නිවස වටා ඇති තාප්පයෙන් පැනීමෙන් මිස ගේ තුළට කිසිවකුටවත් ඇතුළු විය නොහැකිය. එසේම යම් කෙනකු නාන කාමරයට එබුණා නම් ඔහු පිටව ගොස් ඇත්තේද තාප්පයෙන් පැනීමෙනි. මධ්‍යම රාත‍්‍රිය කිට්ටුවන තුරුම නිවැසියෝ කතා කරමින් සිට නින්දට ගියහ. එදින නිෂාදි රැුය පහන් කළේ නින්දත් නොනින්දත් අතරය.

    දින කිහිපයක් ගෙවී ගියේය. එක් දිනක් ඇය රාත‍්‍රියේ එක්වරම නින්දෙන් ඇහැරුණේ ශරීරය පුරා ඇදීයන සීතලක් හේතුවෙනි. ඇය පුරුද්දෙන්ම කාමරයේ විදුලි පහන් නිවාදමා නිදාගැනීමට හුරුවී සිටියාය. කාමරයේ අඳුරත් එළියේ සඳ එළියත් හේතුවෙන් ජනෙල්වලට ඉහළින් සවිකර තිබූ කම්බි කූරු අතරින් යමෙක් තමා දෙස බලා සිටිනා අයුරු පැහැදිලිවම ඇයට දැකගත හැකි විය. අන්ධකාරය තුළ හඳුනාගත නොහැකි වුවත් එය පැහැදිලිවම මිනිස් රුවකි.

    ‘අම්මෝ.... මෙන්න හොරේක්...’

    ඇය වේගයෙන් ඇඳෙන් පැන විදුලි බුබුළ දැල්වූවාය.

    ‘ඇන්ටි හොරේක්... හොරේක්...’

    ‘ඇයි දුව ඇයි....?’

    ‘කවුද ජනේලෙ උඩින් බලන් හිටියා....’

    ‘දුව හොඳටම දැක්කද?’

    ‘ඔව්... ඔළුව මම හොඳටම දැක්කා...’

    නිවසේ අවට බැලූවද කිසිවකු හෝ සොයා ගැනීමට හැකිවූයේ නැත. මේ සිදුවනුයේ කුමක්දැයි කිසිවෙකුට හෝ සිතාගත නොහැකි විය. නිෂාදි කිසිවකට හෝ බොරුවට බියවී ඇතැයි නිවැසියෝ පවසන්නට වූහ. වේලාව කෙමෙන් කෙමෙන් ගෙවී ගියේය. ඇය සිටියේ තද නින්දේය. ගත පුරා ඇදී ගිය සීතල නිසා ඇය එක්වරම අවදි වූවාය. නමුත් ඇය එක්වරම ඇස් හැරියේ නැත. පසුගිය සිදුවීම් දෙක එකවර ඇයගේ සිතට පැමිණීමත් සමග ඇය ඇස් කිටි කිටියේ තද කරගනිමින් නිදි විලසම සිටියාය. ඇයගේ සිරුර පුරා ඒ මේ අතට ඇදීයන සීතල ඇයට හොඳින්ම දැනෙයි. ඇයගේ සිරුරේ රහස් තැන්වලින් පවා ඇදීයන සීතල ගැන එක්වරම වෙනස් ආකාරයේ බියක් ඇති විය. කිසිවකු හෝ කාමරයට ඇතුළුවී ඇතිදැයි සිතා ඇය වහා ඇස් හැරියාය. ඇයගේ සිරුරට පහත්වී සිරුර සිපගන්නා අඳුරු ඡුායාවක් ඇය හොඳින්ම දුටුවාය.

    ‘බුදු අම්මෝ....’

    ඇය දෙඇස් ඇරි සැණින් එම රුව අතුරුදන්වී ගියේය. ඇය ඇඳෙන් බහින්නට උත්සහ දරනවිට ඈ සිටියේ සම්පූර්ණ නිරුවතිනි. ඈ හැඳ සිටි ? ගවුම බෙල්ල ළඟටම ඔසවා ඇත. මෙය ඉබේ සිදුවන්නක් යැයි කිසිසේත් සිතිය නොහැකිය. මෙයට පෙර කිසිම දිනක මෙවැන්නක් සිදුවී නැත. මේ සිදුවීමෙන්

    පසු ඇය අධික ලෙස බියවී සිටියාය.

    ...................................................................................................................................................................

    නිශාදිගේ කථාව පිළිබදව මා දැනුවත් වන්නේ ඉන් අනතුරුවය.

    ...................................................................................................................................................................
    ‘කවුද ඹබත් ඒක්ක එහේ මෙහේ යන අර උස කෙට්ටු පිරිමි ලමයා’

    ‘කවුද?’

    ‘කොණ්ඩෙ දෙකට බෙදපු ’

    නිෂාදි ඇයගේ පේ‍්‍රම සබඳතාව ගැන කිසිවක් නිවසට කියා තිබුණේ නැත. ඇයට කරකියාගත හැකි දෙයක් නොවීය. මේ අසන්නේ ඇයගේ පෙම්වතා පිළිබඳවය.

    ‘ඒ අපේ කැම්පස් එකේ ළමයෙක්...’

    ’එයත් එක්ක වැව් ගාණේ කරක්ගහන්නේ මොකටද?’

    ‘නෑ...’

    ‘නෑ... වැව් ගාණේ ගියාට කමක් නෑ. වැව් පිටියේ පඳුරු අස්සේ රිංගන්නේ මොකටද?’

    නිෂාදිට කරකියාගත හැකි දෙයක් නොවීය. මවුපියන් ඉදිරියේ සියල්ල හෙළිවෙමින් පවතී. ඇය බිම බලාගෙනම සිටින්නට විය.

    ‘කාමර ඇතුළේ වෙන්ඩ ඕනේ දේවල් කැලෑවල් අස්සේ වෙනකොට මේ වගේ දෝස ඇතිවෙනවා තමයි. ආසාවල් හිරකරගෙන අකාලේ වැව් පිටිවල මැරිච්ච එවුන් ඕන තරම් ඉන්නවා. ගෑනු ඇඟක් දැක්කම උන් ඒකට කෙළ හළනවා. තමුන්ට වෙලා තියෙන්නෙත් ඒකම තමයි. තමන්ගේ ඇඟට වශීවෙච්ච මළ පෙරේතයෙක් තමුන්ගේ පස්සේ එනවා.

    මීට පස්සෙවත් පඳුරු අස්සේ රිංගන්නේ නැතිව හිටියනම් හොඳයි’ මෙන්න මේ ආකාරයෙන් ලවණ ශෝදනය සිදුකරන්න එ හරහා ඔය ආත්මය ඉවත් වෙයි . තොවිල් පවිලි නටන්න අවශ්‍ය නෑ.

    නිෂාදි බිම බලාගෙන ආශ‍්‍රමයෙන් එළියට පැමිණියාය. තමා කළ වරදේ ප‍්‍රතිඵලය කොතරම් දරුණුද යන්න ඇයට තේරුම් ගියේ එවිටය.
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    පෙර ආත්මයේ බිරිය මාලිනීගේ පතිවත කෙළෙයසි

    මාලනී ගමේ සිටි රූමතිය යැයි පැවසුවහොත් එහි වරදක් නැත. වසර කිහිපයක සිට එක දිගට ගමේ ‘අවුරුදු කුමාරිය’ ලෙස කිරුළු දැරුවේ ඇයයි. මේ හේතුවෙන්ම ගමේ තරුණයන්ගේ බැල්මෙන් බේරී සිටීමට ඇයට හැකිවූයේ නැත. පාසල් වියේ සිටම ආදරයේ පහස විඳින්නට අවස්ථාව උදාවීමට ඇයගේ රූපය බොහෝ සෙයින් හේතු විය. රුසිරු ඇයට සමීප වන්නේ පාසලේදීමය. ගමේ සියලූ තරුණයන් පරදවා ඇයගේ අතගන්නට අවස්ථාව උදාකර ගන්නේ ඔහුයි. පාසල් වියේ පටන්ගත් ආදරය අතුපතර විහිදී ගොස් අවසානයේ ඔවුන් එක් වහළක් යටදී පවුල් ජීවිතය අරඹන විට වසර දහයක් පමණ ගෙවී ගොසිනි.

    මාලනී ගමේ රූපසුන්දරිය වුවත් ඇයගේ පවුල බොහෝ අඟහිඟකම්වලින් පීඩා විඳි බව ගමේ කවුරුත් දැන සිටියහ. මේ හේතුවෙන්ම රුසිරුට ඇයගේ ආදරය දිනා ගැනීමට බොහෝ පරිත්‍යාග කිරීමට සිදුවිණි. සිය මවුපියන්ගේ විරෝධය මත ඔහු තම උරුමයන් මෙන්ම උපන්දා පටන් හැදුණු වැඩුණු නිවසද ආදරණීය මවුපිය සොහොයුරන්ද අතැර දමා මාලනීවද රැුගෙන ගමෙන් පිටවූයේ කෙසේ හෝ ඇය සමග ජීවිතය

    ගොඩනගා ගැනීමේ අරමුණෙනි. රුසිරු යනු අහිංසක ගුණ යහපත් තරුණයෙකි. උසස් පෙළ ඉහළින් සමත්ව සරසවි වරම් හිමිවුවද ඔහු මාලනී වෙනුවෙන් ඒ සියල්ල කැපකළේය.

    උගත්කමට ගැළපෙන රැුකියාවක් ලැබෙනතෙක් බලා සිටිනු වෙනුවට කුලී වැඩක් කර හෝ පවුලක් ලෙස සතුටින් සිටිමින් අවශ්‍ය වියහියදම් සොයාගන්නට ඔහු මැලිවූයේ නැත. විවාහ වී ගෙවී ගියේ තුන් මසකි. ඒ අඟහරුවාදා දිනකි. නිවසක වහළයක් සෙවිළි කිරීමට අත් උදව් දීමට ගිය ඔහු පැමිණෙන විට රාත‍්‍රී දහය පමණ වී තිබුණි.

    ටක්.... ටක්.... ටක්

    ‘මාලනී....’

    නිවසේ දොරට තට්ටුකර දොර නොඇරුණු හෙයින් ඔහු තරමක් උස් හඬින් මාලනීට කතා කළේය. එහෙත් ඇයගෙන් කිසිදු ප‍්‍රතිචාරයක් නැත. ඇයට නින්ද ගොසින් ඇතැයි ඔහු සිතුවද ඒ මොහොත වනවිට කුමක්දෝ සියුම් බියක්ද ඔහුගේ සිතට ඇතුළුවෙමින් තිබිණි. මඳ වේලාවක් දොරට ගසමින් සිටි ඔහු කුස්සියේ අඩවල් කර තිබූ ජනේලයෙන් නිවස තුළට පැනීමට තීරණය කළේය. ජනේලයේ ග‍්‍රිල් සවිකර නොතිබූ නිසා පහසුවෙන් ගෙය තුළට රිංගාගත් රුසිරු දුටු දෙයින් ඔහු ගල් ගැසී ගියේය.

    ‘මාලනී.... ඔය මොකද?’

    ලයිට් නිවා ඇති කුස්සියේ මුල්ලක ඇය වාඩි වී සිටියි. කොණ්ඩය කඩාගෙන බිම බලාගෙන වකුටු වී සිටින ඇය දුටු සැණින් ඔහු තුළ ඇති වූයේ බියකි.

    ‘මාලනී මොකද මේ.....’

    ඔහු වහා ඇයව නැගිටවීමට උත්සහ දැරුවේය.

    ‘අත ඇරපන් මාව.......’

    කිසිදු දිනක මෙලෙසින් කතා කර නැති ඇය අද දිනයේ මේ ආකාරයට හැසිරෙනුයේ ඇයිදැයි ඔහුට සිතාගත නොහැකි විය. ඔහු වහා කුස්සියේ විදුලි පහන් දැල්වුවේය.

    ‘මගේ යකා අවුස්ස ගන්නැතුව ඕක නිවපන්.......’

    ‘මොකක්ද ඔයාට වෙලා තියෙන්නේ.....’

    ‘මට මුකුත් වෙලා නෑ.....’

    ‘අවලමේ ගිහින් ගිහින් නිදාගන්න වෙලාවටද ගේ මතක් වෙන්නේ.... මට මගේ පාඩුවේ ඉන්න දීලා ඕක නිවපන්’

    ‘දැනුයි වහළේ වැඩ ඉවර වුණේ ඔයාට මම අටට විතරනේ කතා කළේ. විකාර නැතුව එන්න කන්න’

    ‘ඇයි උඹ වෙනදටත් මාත් එක්කද කන්නේ? ඇයි අද අරකිගේ බත් හැළිය තැම්බිලා නැද්ද?’

    රුසිරුට ඇය කියන කිසිවක් තේරුම්ගත නොහැකිය. ඇත්තෙන්ම ඔහුට අනියම් සබඳතාවක් නැත. වෙනදාට කොතරම් ? වුවද මාලනී ඔහු එනතුරු බලා සිට දෙදෙනාම එකට ආහාරය ගන්නේ සතුටිනි. අය හ`දුණාගත් දින සිට ගතවූ දස වසරක කාලයක් තුළ කිසිදු දිනක අමනාපයෙන් හෝ කතා නොකළ ඇයට අද සිදුව ඇත්තේ කුමක්දැයි ඔහුට තේරුම්ගත නොහැකි විය.

    ‘මාලනී දැන්වත් ඔය විකාරේ නවත්තනවද? මොන ගෑනියෙක් ගැනද ඔයා මේ කියවන්නේ. වෙනදට ?ට අපි දෙන්නා එකට නෙමෙයිද කෑවේ. කන්න බැරිනම් යමු

    නිදාගන්න’

    ‘මට ඕන වෙලාවට මම නිදාගන්නම්. උඹට ඕන තැනකට පලයන්’

    ඔහුගේ සිතේ චංචලභාවය මෙන්ම ඉවසීමේ සීමාවද ඒ වනවිට පැන ගොස් තිබුණි.

    ‘ ඕන මඟුලක් කරගන්න. මම යනවා නිදා ගන්න’

    විවාහයෙන් තුන් මසක් ගෙවී යද්දී ඔවුන්ගේ විවාහයට කණකොකා හඬන්නට පටන් ගත්තේ එසේය. මාලනීගේ එතෙක් පැවති ආදරය, දයාව වෙනුවට තරහව, බැණ වැදීම්, සැක කිරීම් ආදී බොහෝ දේ වර්ධනය වන්නට විය. බොහෝ දිනවල රුසිරුට නිවස තුළට ඒමට දොර හැරීම පවා ඇය ප‍්‍රතික්ෂේප කළාය. මේ හේතුවෙන්ම අමතර යතුරක් සාදාගන්නා තැනට පවා කාරණා යෙදුණි.

    බොහෝ දිනවල රාත‍්‍රී කාලයේ නිවස පැවතියේ යුද පිටියෙක් සේය. ඔහු නිවසට පිවිසෙන විටම ඇය ඔහුගේ ඇඟට කඩාගෙන පැන්නේ කිසිදු හේතුවක් නොමැතිව රුසිරුගේ සබඳතාවක් ගැන කියමිනි.

    ‘උඹ හිතන්න එපා මාව දාලා ඒ ගෑනිත් එක්ක මඟුල් නටන්න මම ඉඩ තියයි කියලා’

    බොහෝ විට ඇයගේ මුවින් පිටවූයේ ඒ වචන කිහිපයයි. ඇයගේ මුහුණ බලන්නට බැරි තරම් විරූපී වෙමින් පැවතුණි. ඇය තුළ පැවති සුන්දරත්වය වියැකී ගියේ බලාහිඳිද්දී මෙනි.

    මේ අතරතුර ඇයගේ තවත් සබඳතා කිහිපයක් පිළිබඳ තොරතුරු රුසිරුට ලැබෙන්නට විය. අනියම් සබඳතාවලින් ඔබ්බට ගිය

    ලිංගික සබඳතා කිහිපයක් ගැනම තොරතුරු ඔහුට දැනගන්නට ලැබෙන්නේ මේ කාලයේදීය.

    ඔහුගේම මිතුරන්ට ගෙදරට කතාකොට සිය බිරිඳ ඔහුන් හා යහන්ගත වීමට පොළඹවා ගත් සිදුවීම් පිළිබඳ ආරංචි ඔහුට ලැබුණි. ඔහුට ඒ ආරංචිය නම් දරාගත නොහැක්කක් විය.

    එක් දිනක් ඇයගේ මුවින් පිටවූ වචන පෙළක් ගැන රුසිරු අවධානයෙන් අසා සිටියේය. ඇය කුස්සියේ මුල්ලක වාඩි වී කියවයි.

    ‘මගේ දරු පවුල විනාශ කළා. මම මුන්ට යහතින් ඉන්න දෙන්නෑ. මම දුක් විඳලා මැරිලා ගියා. මූ මෙහේ සුරසැප විඳිනවා’

    ‘මැරිලා ගියා’ යන වචනය ඇසුණු සැණින් රුසිරුට සිත් වූයේ මාලනීගේ ශරීරයට යම් මළගිය ආත්මයක් ඇතුළු වී ඇතැයි යන්නය.

    ඔහු තම බිරිද වු මාලනී සමගින් මා හමු විමට පැමිණියේ මේ අතර තුරය. මොහුන් දෙදෙනාට පසුපසින් වෛරයෙන් පසුවන නිරුවත් මලගිය ආත්මයක් ඇත් බව මම දුටුවේය.

    ඒ වෙන කිසිවෙකුත් නොව රුසිරුගේ පෙර ආත්මයේ බිරිදය.

    ‘ඔබේ කලින් ආත්මේ බිරිද පස්සෙන් එනවා පළිගන්න. උඹ ඒකිව දාලා වෙන ගෑනියෙක් එක්ක ගිහිල්ලා. ඊට පස්සෙ ඒ ගෑනු කෙනා මිනිස්සුන්ගේ අතින් අතට මාරුවෙලා දුක් විඳලා මැරිලා. ඒ ගෑනු ආත්මය දැන් උඹේ බිරිදගේ් ඇඟට රිංගලා ඉන්නේ. ඒ ආත්මය උඹේ බිරිදව විනාශ කරයි. ඒකි දන්නේ නෑ තමන්් කරන්නේ මොනවද කියලා. ඒකිව ගණිකාවක් කරලා උඹගෙන් පළිගන්නයි හදන්නේ’

    සිදුවී ඇති දේ පිළිබඳ රුසිරුට සියල්ල පැහැදිලි විය. මාලනී එවැනි තරුණියක් නොවන බව ඔහු දනියි. එසේ නම් කුමක් හෝ සිදුවී ඇත. මෙම ආත්මය මිදෙන්නටද කැමැත්තක් නැත . ඒ ඇය පළිගැනීමේ අදහසින්ම ජිවත් වීමයි . එහෙත් මා උත්සහය අත හැරියේ නැත .

    කෙසේ හෝ අවසානයේ ඇය මාලනි අත හරින්නට කැමති විය. ඒ වෙනුවට ඇය ඉල්ලා සිටියේ රෝස මලක් මසන ලද රතු පැහැති කොට්ටයකි. ඒය රුසිරුගේ නිවසින් තැමක් ඈත ඇති තුන් මං හංදිය අසල බෝක්කුව තුළට දමැන්නැයි ඇය පැවසුවේ ඒ උදෙසා දිනයක් වෙලාවක්ද පවසමිනි.

    මළගිය ආත්මය ඉල්ලා සිටි ලෙසම ඔහුන් එය ඉටු කලේය. ඉන් පසු මාලනි සාමාන්‍ය තත්වයට පත්විය. ඇයගේ ශරීරයේ සිටි මළගිය ආත්මය ඉවත්වී ඇති බව රුසිරුටද දැනෙන්නට වුයේ පෙර සිටි මාලනි නැවත නිවස තුළ ඇති බව දැනීමත් සමගය. මාස හයක් තිස්සේ දෙදෙනාම දුක්විඳි කාරණාව මොහොතකින් වෙනස් විය. ඇය ගෙවීගිය කාලය තුළ සිදුවූ කිසිවක් ඇය දන්නේ නැත. එහෙත් ඇයගේ ජීවිතයට ඇතුළු වූ කළු පැල්ලම ජීවිත කාලයේදීවත් ඉවත්කර ගත හැකිවේද යන්න ගැටලූවකි.
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    මහ රූ ආ කළු කුමාරයා ඉන්දි සමග යහන්ගත වෙයි

    කන්‍යාවන් සතක් එක පෙළට සිටගෙන සිටින්නා බඳු වූ සප්ත කන්‍යා කඳුවැටිය දෙස බලාගෙන හිමින් හිමින් ‘ඉන්දි’ නිවස දෙසට පියවර මනින්නට වූවාය. ඇය ඉන්දීවරී වුවත් බොහෝදෙනා ඇය ඇමතුවේ ඉන්දි යන නමිනි. පිරිපුන් ශරීරයකින් මෙන්ම මනබඳින රුවකින් යුතු ඇය කෙළිලොල් තරුණියකි. උසස් පෙළ අවසන් වීමත් සමග ඇය මෙතෙක් කරගෙන ආ නැටුම් හැදෑරීම දිගටම කරගෙන ගියාය.
    නැටුම් පන්ති නිමා වී ගුරුපාර දිගේ ලතාවට පැද්දෙමින් ඇය එන ගමන ඇත්තෙන්ම සුන්දරය. නිවසට පැමිණි ඇය දිය රෙද්දක් ඇඳගෙන පිටුපස දොරින් එළියට බැස්සේ සුපුරුදු ලෙස වත්ත පහළ ළිඳට යෑමටය.
    ‘කොහෙද උඹ යන්නේ........’
    ‘නාගන්ඩ ළිඳට යනවා.....’
    ‘මේ ගොම්මනේ........ මම හැමදාම කියනවා.... ගොම්මන් වැටීගෙන එද්දි නාන්ඩ තියාගන්ඩ එපා කියලා’
    ‘ඉතින් මම දැන්නේ ගෙදර ආවේ. මම ඉක්මනට නාගෙන එන්නම්’
    මවගේ කෑගැසීම එතරම් ගණන් නොගත් ඉන්දි වත්ත පහළ නාන ළිඳ වෙත පියවර මැන්නාය. කෙමෙන් කෙමෙන් පරිසරය අන්ධකාරයෙන් වෙළී යද්දී ඒ පිළිබඳ හැඟීමක් හෝ ඇයට නැත. අහල පහළ කිසිවකු හෝ නොමැති බැවින් ඇය නිදහසේ නා ගත්තාය. දිය රෙද්දෙන් නිරාවරණය වන ඇගේ ශරීරය වසා ගන්නටද ඇයට අවශ්‍යතාවක් මතු නොවිණි. ඇය මේ නිදහසට ඇළුම් කළාය. ගොම්මනත් සමග නෑමට ළිඳට යෑමට ඇය වඩා කැමැති වූයේද එබැවිණි. ඈත වෙල්යාය දෙසින් හමා එන සීත සුළං පහරින් ළිඳ අසල පිහිටි පුවක් ගස් පේළියේ කොළ අතු තාලයට පැද්දෙන අයුරු මොහොතක් ඇය බලා සිටියාය. දිය නා අවසන් වූ ඇය ළිං පඩියෙන් උඩට නැග ඇඟපත පිහිදා ගත්තාය. වටපිට බලා කිසිවකුත් නැති බව පසක් කර ගත් ඇය දිය රෙද්ද උනා දමා ළදැරියක සේ ? ගවුම ඇඟට දමා ගත්තාය. බාල්දිය අතට ගෙන නිවසට යෑමට ඇය හැරුණාය. එක්වරම ඇය තිගැස්සී ගියාය. ළිඳට තරමක් ඈතින් වූ පලූ ගස යට සිටි කළුම කළු මී හරකෙකු ඇසිපිය නොහෙලා තමා දෙස බලාගෙන සිටියි. ‘මී හරකෙකුට බය වෙන්නේ මොකටද’ ඇය ඇයටම කියා ගත්තාය. ‘මේකා මහ වල් මී හරකෙක්නේ. ගෑනු නාන දිහා බලන් ඉන්නේ’ ඇය නිවස දෙසට ටික දුරක් පැමිණ නිකමට මෙන් යළි මී හරකා දෙස හැරී බැලූවේය. මී හරකාද තමා පසුපස පැමිණ නැවතී ඇය දෙස බලා සිටියි. එවරනම් ඇය බිය විය. ඇය නිවස දෙසට දිව ගියාය.
    නිවසට පැමිණි ඉන්දි මවට එය කියන්නට ගියේ නැත. ඒ මවගෙන් හොඳහැටි බැනුම් අහන්නට වෙන බව ඇය දත් නිසාය. දිනෙන් දින ගෙවී යන්නට විය. මී හරකාට බිය වූ දින සිට ඇය ගොම්මනේ ළිඳ ළඟට යෑම නවතා දැමුවාය. සුපුරුදු පරිදි ඇය නින්දට ගියාය. නින්ද ඇයගේ මනස ග‍්‍රහණය කර ගත්තාය.
    පාසලේදී ඇය ඇළුම් කළ පාසලේ සිටි කඩවසම් තරුණයා සිහිනෙන් ඇය සොයා පැමිණියේය. එතෙක් ඔහුත් අතර සබඳතාවක් නොපැවතියත් කිසිදු වෙනසකින් තොරව ඇය හා කතාකරමින් පාළු පෙදෙසක ගමන් කරන්නට විය. මිතුරුකම ආදරයකටත්, ආදරයේ බැමි බිඳ දමමින් ඔහු ඇයගේ රාගික හැඟීම් අවුස්සන්නට විය. ටිකින් ටික එය දුරදිග යන්නට විය. අවසානයේ ඔහු ඇය හා යහන් ගතවිය. කිසි දිනක නොලද ඒ අත්දැකීම ඇයගේ සිරුරට සැබෑවටම දැනෙන්නට විය. රාත‍්‍රිය දිගුය ඒ එක්වීම නිමාවක් නැත. ආදරය හැඟීම් මුල් කරගෙන ඇරඹුණ සිහිනය එන්න එන්නම දරුණු වෙයි. දිගින් දිගටම සිදුවන සැබෑ ලිංගික එක්වීමකදී දැනෙන පීඩාව, අපහසුව ඇගේ ශරීරයට තදින් දැනෙන්නට විය. ඇයට දැන් මෙය නවතාගත යුතුය. එහෙත් එය කළ නොහැකිය. සිහිනයෙන් මිදීමට නැතහොත් නින්දෙන් අවදිවීමට ඇය කොතරම් උත්සහ කළද කළ නොහැකිය. ඇය සිහිනෙන්ම විරුද්ධ ලිංගික එක්වීමෙන් මිදීමට උත්සහ දැරුවාය. එය තරුණයාව කුපිත කරවන්නට හේතුවක් විය. අවසානයේ බලහත්කාරයෙන් ඇයට පීඩා කිරීම ඇරඹුවේය. පාසලේ සිටි තරුණයා හැඩි දැඩි රුවකට පරිවර්තනය විය. පාන්දර තුන හතර පසුවන තුරුම මේ සිහිනයෙන් මිදෙන්නට ඇයට නොහැකි විය.
    පසුදා උදෑසන අවධි වූ ඇයට ශරීරයේ වේදනාව දරාගත නොහැකි තරම්ය. ශරීරයේ රහස් ප‍්‍රදේශ තැළුම් පහරවලට මෙන් රත් පැහැ වී ඇත. සිදුවූයේ කුමක්ද? සිහිනයේ ස්වභාවය මත කිසිවකුට පැවසීමටද නොහැකිය. ඇය එය රහසක් ලෙස තබා ගත්තාය. දහවල ගෙවී රාත‍්‍රිය උදාවිය. ඇය බියෙන් බියෙන් නින්දට ගියාය. මධ්‍යම රාත‍්‍රිය එළඹෙත්ම පෙර දිනයේ මෙන්ම සිහිනය දකින්නට විය. එදින රැුය පුරාද ඇය ඔහු හා යහන්ගත විය. කැමැත්ත, අකැමැත්ත, පීඩාව ඉක්මවා ගිය සැපීම්, සීරීම්වලටද ඇයට මුහුණ දෙන්නට සිදුවිය.
    දිනෙන් දින මෙය සාමාන්‍ය දෙයක් බවට පත්විය. ඇයටද මෙය ඇබ්බැහියක් බවට පත්වූවාය. මේ වනවිට පාසලේ හිත ගිය පිරිමි ළමයා ගැන තිබූ උනන්දුව ඇය තුළින් ගිලිහී ගොස් හමාරය. දැන් ඇයට සැමියකු සිටින්නා හා සමාන හැඟීමක් ඇත. ඇයට එය අවශ්‍ය වුවත් සිහිනයේ අවසන් කාලයේ ඇතිවෙන පීඩාව ඇයට දරාගත නොහැකි විය. ඇයගේ රහස් ප‍්‍රදේශ මෙන්ම කළවා, තට්ටම්වලද සෑම දිනකම සීරීම් පහරවල් මෙන්ම, රත්පැහැ වූ තැළුම් පහරද දක්නට ලැබුණි.
    ඒ සියල්ලටම වඩා සෑම දිනකම රාත‍්‍රිය පුරා පිරිමියකු සමග ඔට්ටු අල්ලා හෙම්බත්ව සිටිනා ඇය පසුදා දවසම ගත කළේ හොන්තු මාන්තු ස්වභාවයකිනි. දිනෙන් දින ඇගේ ශරීරයේ පැවති පිරිපුන් බව මැකීයන්නට විය. ඇය තුළ වූ උනන්දුව, කෙළිලොල් බව ඇය වෙතින් ඉවත් වී ගියේය.
    කිසිදු දිනක නැටුම් පන්තිය මඟහැර නොගත් ඇය දිනෙන් දින එය මඟ හැර දැමුවාය. බොහෝ විට කාමරයේ ඇඳට වී හිස් හැඟීමෙන් වහලය දෙස බලාගත් වනම සිටින්නට ඇයට අවශ්‍ය විය. ඒ ඇගේ සිත තුළ ඇති වූ හිස්බවයි.
    ඉන්දිගේ මවට මෙය මහත් ගැටලූවක් විය. තරුණ ගැහැනු ළමයකුගේ එක්වරම සිදුවන මේ වෙනස හොඳකට නොවන බව ඇයට හැඟී ගියාය.
    ‘මොකද උඹට වෙලා තියෙන්නේ....?’
    ‘මට මුකුත් වෙලා නෑ.....’
    ‘කාමරේටම රිංගන් ඉන්නේ මොකද?’
    ‘මගේ ඇඟට හරි නෑ.....’
    ‘ඇයි උඹට මොනාවෙලාද? යමන් බෙහෙත් ටිකක් ගන්න.....’
    ‘බෙහෙත් ගන්ඩ මට ලෙඩක් නෑ......’
    මෙය බලා සිටිය යුතු දෙයක් නොවන බව අවබෝධ කර ගත් ඉන්දිගේ මව ඇගේ කේන්දරය පරීක්‍ෂාකරවා ගැනීමට රැුගෙන ගියාය.
    ‘මේ ළමයට තදට කළුකුමාර දෝෂය තියෙනවා. ඉක්මනට පිළියමක් යොදන්න. දැන් ඒක ගොඩක් දරුණු වෙලා තියෙන්නේ’
    ඉන්දිගේ මව මේ පිළිබඳ ඇයගෙන් විමසුවාය. ඇය කිව හැකි පමණින් ඇයට විස්තර පැවසුවාය.
    ‘කළු මී හරකෙක් උඩ වාඩිවෙච්ච හැඩි දැඩි කවුද එනවා. එයාට බය වෙනවා’
    අවසානයේ ඇයගේ කළුකුමාර දෝෂය ඉවත් කර ගැනීම උදෙසා තොවිලයක් ලකලෑස්ති කෙරුණි. රාත‍්‍රිය එළඹුණි. ගමේ ගැහැනුන් කිහිපදෙනකු හැර වැඩි පිරිසක් තොවිලය බැලීමට පැමිණියේ නැත. එයට හේතුවූයේ කළුකුමාරයාගේ බැල්ම ඉන්දිගෙන් ඉවත් කිරීමත් සමගම වෙන ගැහැනියක එම බැල්මට හසුවේ යැයි යනුවෙන් දුර අතීතයේ සිටම පැවත එන බියයි.
    මධ්‍යම රාත‍්‍රිය එළඹෙමින් පැවතුණි. පහන් පැල්වල ආලෝක දල්වා යකැදුරා මතුරමින් සිටියි.
    ‘ඔය කෙල්ලගේ පැදුර වටේට ඔය තිර ටික ඇදපල්ලා. කිසි කෙනෙක් ඕකට එබෙනවා එහෙම නෙමෙයි’ යකැදුරා යාතිකාව පටන් ගත්තේය.
    ‘? හීනෙන් ඇවිත් තම හිමියන් විලසේ
    යහනේ සැතපෙමින් - නොයෙක් රස බස් කියා
    කාමයෙන් උමතු වී - ඇඟ මත දිගා වෙමිනේ
    කම්සැප විඳිමිනේ - රාගයෙන් මත් වෙමින්’
    කළුකුමාර දිෂ්ඨිය ඉන්දිගෙන් ඉවත් කිරීමට ප‍්‍රථම අවසන් වරට ඇය හා ලිංගිකව හැසිරීමට කළුකුමාරයාට අවස්ථාව ලැබුණි. තිරවලින් වට කොට ඇති ඉන්දි අසිහියෙන් මෙන් පිරිමියකු හා යහන්ගත වන විට දක්වනු ලබන ප‍්‍රතිචාරයන් දක්වන්නට විය. පැය භාගයක් පමණ මෙය කෙරීගෙන ගියේය. අවසානයේ කළු කිකිළියකගෙන් ගත් බිත්තරයක ඉන්දිගේ ඇඟිල්ලකින් ගත් ලේවලින් කළු කුකුළු පිහාටුවක් පුළුස්සා ඒ අළු අනා එයින් ගැහැනු රුවක් ඇන්දේය. ඉන්දිට වැහී තිබූ කළුකුමාර බැල්ම බිත්තරයට ගෙන එය සොහොනට බාර කළේ ඉන්දිටද සුවය ලබා දෙමිනි.
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    සුමනාගේ ආත්මය හොල්මන් වංගුවේදී මිනිසුන්

    පෙරදා සවස සිට ඇදහැළෙන චුරු චුරු වැස්ස තවමත් නිමාවී නැත. පියල් ඔරලෝසුවේ කටු දෙස බලාගෙන සිටියේ අරමුණකින් තොරවය. පෙරදා රාත‍්‍රියේ එක්වරම ඇති වූ දරුවාගේ උණ ගතිය හේතුවෙන් නිදිවර්ජිතව රැුය පහන් කිරීමට ඔහුට සිදුවිය. යාන්තමට වගේ බිම්කළුවර පහවන තෙක් ඔහු බලා සිටියේ උදේ රැුයින්ම දරුවා වෛද්‍යවරයකු වෙත රැුගෙන යෑමටය.
    ‘ජීවන්ති පහයි වෙලාව. අපි යමුද?’
    ‘උදේ වැඩි නැද්ද පියල්’
    ‘හයට ඩොක්ටර් එනවනේ. දැන්ම ගියොත් අපිට පළවැනි අංකයම ගන්න පුළුවන්’
    තිදෙනාම ඔවුන්ගේ රතු පැහැති කාරයට නැගුණහ. පියල් කොළඹ නගරයට ආසන්න ප‍්‍රධාන මාර්ගයක් දිගේ වේගයෙන් වාහනය පදවාගෙන යන්නට වූයේ, මුල් අංකයක් ලබාගැනීමේ බලාපොරොත්තුවත් සමගය. රැුය පුරා පැවති චුරු චුරු වැස්ස හේතුවෙන් තරමක මීදුමකින් මාර්ගය වැසී ගොසිණි. කිසිදා සිතට නොදැනි මොකක්දෝ අමුත්තක් පියල්ගේ හිත තුළ තෙරපෙමින් පැවතුණි. ඒ පෙරදා රැුයේ නිදිවැරීම නිසා ඇති වූ නිදිමත හා දරුවාගේ රෝගී තත්ත්වය නිසායැයි ඔහුට සිතුණේය.
    මාර්ගය ඉදිරියෙන් වූ වංගුව හේතුවෙන් වාහනයේ වේගය තරමක් අඩු කළ පියල් වීදුරුවේ බැඳී ඇති ජල වාෂ්ප අතින් පිහිදා දැමුවේ මාර්ගය හොඳින් පෙනෙන ආකරයටයි. වංගුව පසුකර ඔහුට ගමන් කළ හැකිවූයේ ටික දුරකි. තමා දරුවා දෙස බලා නැවත ඉදිරිය බලත්ම පාර මැද මිනිසකු සිටිනු ඔහු දුටුවේය. පියල් එකවරම වේගයෙන් වාහනය දකුණු පසට කැපුවේ මේ නන්නාඳුනන මිනිසා වාහනයේ වැදීම වළකාගනු පිණිසය.
    ක්රාස්..... දඩං.......
    පියල් දුටුවේ ඉදිරියෙන් දැල්වුණු ආලෝක ධාරා දෙකක් පමණි. ඒ ඔහුගේ අවසන් දැකීමයි. වේගයෙන් පැමිණි නගරාන්තර බසයක් කාරය කුඩු පට්ටම් කරමින් ඇදී ගොස් මාර්ගයෙන් එළියට පැන නතර විය. කාරයේ ගමන්කළ තිදෙනාම මෙලොව ජීවත් වූ අවසන් තත්පර කිහිපය ඒ විය.
    ඒ ඉතා මැතකදී සිදුවූ සිදුවිමකි. මීට වසරකට පමණ පෙර එම ස්ථානයේදීම මුහුණ දුන් සිදුවීම් කිහිපයක් එක්වනම මගේ සිතට නැගුණි. වෙලාව රාත‍්‍රී නවයට පමණ ඇත. මාත් මාගේ බිරිඳත් යතුරු පැදියේ නැගී නිවසට පැමිණෙමින් සිටියෙමු. කලින් කී අනතුර සිදුවූ ස්ථානයට තරමක් ඈත තිබියදී වූ එක්වනම
    ‘නවත්තන්ඩ... නවත්තන්ඩ.. ඉස්සරහ බස් එකක්’ යනුවෙන් බිරිඳ කෑ ගසද්දීම මා හෙමින් ගමන් කරමින් තිබූ බයිසිකලය නතර කර ගත්තෙමි. මා ගමන් කළ දෙසටම ගමන්කළ වායු සමනය කළ අධි සුඛෝපභෝගී බස් රථයක් මාර්ගයේ නවතා ඇත. මා වෙනත් කල්පනාවක පැමිණියේද නැත. එහෙත් මා බස් රථය දුටුවේ ඒ මොහොතේදීමය. සුඛෝපභෝගී බස් රථයට ගෑවෙන නොගෑවෙන ලෙස බයිසිකලය නතර වී ඇත.
    ‘ඇයි.... ඔයා බස් එක දැක්කේ නැද්ද?’
    ‘නෑ....’
    ‘මට හිතුණා, ඒකයි මම කෑගැසුවේ’
    දින කිහිපයක් ගෙවී ගියේය. එදින තරමක වැහි පොදයක් පතිත වෙමින් පැවතුණි. මාත් බිරිඳත් සුපුරුදු ලෙස කාර්යාල කටයුතු නිමවී යතුරුපැදියේ නිවසට ගමන් කරමින් සිටියෙමු. මීට පෙර දිනයකදී මගේ යතුරුපැදිය බසයේ හැපීමට ගොස් බේරුණු ස්ථානය පසුවී යතුරුපැදිය ඉදිරියටම ගමන් කරමින් තිබුණි.
    ‘දඩාං.............’
    වේගයෙන් ආ යමක් එක්වනම යතුරු පැදියේ ගැටුණේය.
    මා ඉතා තදින් යතුරු පැදියේ හැඬලය අල්ලා ගත්තෙමි. දැඩි වෙහෙසක් දරා නොවැටී බේරුණත් යතුරු පැදිය නතර වූයේ, මාර්ගය අයිනේ වූ කානුව තුළය. මාර්ගයේ කිසිවක් නැත. එසේනම් යතුරු පැදිය වැදුණේ කුමකද? යතුරු පැදියෙන් බැස මා පසුපස බැලූ විට පාර මැද වාඩිවී අප දෙස බලා සිටිනා වඳුරෙක්ගේ ඇස් දෙක ගිනි බෝල දෙකක් මෙන් දිස්වන්නට විය. මම වහා එය බිරිඳට පෙන්වීමට බිරිඳට කතාකර යළි ඒ දෙස බලන විට කලින් දුටු ගිනිබෝල ඇස් ඇති වඳුරා පෙනෙන්නට නැත.
    ඇත්තටම ඒ වඳුරෙක්ද? රාත‍්‍රියට වඳුරන් ගමන් නොකරයි. ඌ වඳුරෙක්ම නම් ඇස් රත් පැහැ වූයේ කෙසේද? හිතේ පිරි ප‍්‍රශ්න රැුසක් සමගිින් අපි එතැනින් නික්ම ගියෙමු. ඉන්පසු අප එම සීමාව තුළ ගමන් කරන විට බොහෝ කල්පනාවෙන් ගමන් කිරීමට හුරුවූයෙමු. එදින සෙනසුරාදා දිනයකි. වේලාව සවස හයහමාර පමණ වන්නට ඇත. එදින අප දෙදෙනා ලොකු කතාබහක් පිටම හෙමින් හෙමින්
    යතුරුපැදියේ පැමිණෙමින් සිටියෙමු. කලින් පැවසූ වංගුවේ වූ කහ ඉර පසුකරනවාත් සමගම දිග සර්පයකු පාර හරහා ඇදෙනු මම දුටුවෙමි. යතුරු පැදිය නැවැත්වීමට වේලාවක් නැත. යතුරුපැදිය සර්පයාගේ ඇඟ උඩින් යද්දෙන් යැයි සිතා කකුල් ඔසවා ගත්තේ ඉබේටමය.
    ‘ඇයි’
    ‘ඔයා දැක්කේ නැද්ද සර්පයෙක්’
    ‘කොහේද’
    ‘සයිකලේට අහුවුණා’
    ‘පිස්සු’
    ඇය මට සමච්චලයෙන් මෙන් සිනාසුණාය.
    වහාම අපි සයිකලය නවත්වා බැලූවෙමු. කිසිදු සර්පයෙක් නැත. ‘මේ හරියේ මොකක් හරි අමුතු දෙයක් තියෙනවා’ අප ඉදිරියේ වූ තැඹිලි කඩයක් අසල බයිසිකලය නවත්වා කඩයේ මුදලාලි සමග කතාබහට වැටුණෙමු.
    ‘අයියේ මේ හරියේ වාහන අනතුරු ටිකක් වැඩියි නේද’
    ‘ඇයි මල්ලී’
    මේ ස්ථානයේදී මා මුහුණදුන් සිදුවීම් සියල්ලම මම ඔහුට පැවසුවෙමි.
    ‘ඔව් මල්ලී, මාසෙකට වාහන හය හතක් හැප්පෙනවාමයි. දවසක් සුමනා කියලා ගෑනු කෙනෙකුයි එයාගේ දරුවයි ඔය කහ ඉරෙන් පාර පනිනකොට, ලොකු වාහනයකින් ඒ දෙන්නා යට කරන් ගියා. එදා ඉ`දන් මෙතැන ඉඳලා හැතැප්මක් විතර සීමාවේ මරණ ඕන තරම් වුණා.’ ඒ ගෑනු කෙනා මේ වංගුවේ හොල්මන් කරනවා කියලා තමයි හැමෝම කියන්නේ. ඒ නිසා මෙතැනට හොල්මන් වංගුව කියලත් කියනවා.
    කෙසේ හෝ ඒ මාරක ඉසව්වේදී තවදුරටත් කුඩා වාහන බොහොමයක් විවිධ සතුන් බේරීමට ගොස් අනතුරුවලට ලක්වී ඇති අතරම, විශාල වාහනවලට මුහුණදීමට සිදුවී ඇත්තේ වෙනස් ආකාරයක සිදුවීමකටය.
    වෙලාව රාත‍්‍රී එකොළහට පමණ ඇත. වරායේ ජැටියට ගල් ගෙනයන ලොරියක් වේගයෙන් කොළඹ දෙසට ඇදී එයි. සිරිදාස වසර විස්සක් තිස්සේ ටිපර් රථ රියැදුරකු ලෙස සේවය කළ අයෙකි. ඔහුට රාත‍්‍රී සේවය හොඳින් පුරුදුය. ලොරිය කුඩා කාරයකටත් වඩා හොඳින් දෑතට හුරුය. අප කලින් පැවසූ වංගුව අසල මිනිසකු සිටින අයුරු ඔහු ලොරියේ හෙඞ් ලයිටයෙන් ඈතදීම දුටුවේය. ඒ නන්නාඳුනන මිනිසා වාහනයට අත දිගු කරගෙනම සිටි අතර, එය වාහනය නවත්තන ලෙස කළ ඉල්ලීමක් හා සමානය. වාහනය ළං වන්නට ළං වන්නට මිනිසාගේ උස මෙන්ම, මාර්ගයට දික් කරගෙන ඇති අතද දික් වන්නට විය. ලොරිය ළංවන විට ඔහු ලොරියටත් වඩා උස ගොස් ඇත. මිනිසා හැර යමක් ඔහු දුටුවේ නැත.
    වාහනය නැවැත්වීමට තිරිංග පාගන්නට තැත් කළ ඔහුට පෑගුණේ ඇක්සලලේටරයයි. වාහනයේ වේගය එකවරම වැඩි විය.
    දඩාං....
    ඉදිරියේ නවතා තිබූ ගල් ගෙනයන ලොරියකම ඔහුගේ ලොරිය වැදුණේ අධික වේගයෙනි. රියැදුරු කුටිය කුඩු වී ගියේය. ඔහුට මතක අවසන් වරට දුටු මිනිසාවය. කෙසේ හෝ සිරිදාසගේ ජීවිතය බේරුණි. මිනිසුන් සිරිදාසව එළියට ගත්තේ අලවංගු යොදා දොර කඩා දැමීමෙනි. ඒ තරමටම ඒ අනතුර ප‍්‍රබලවිය.
    මේ සියලූ සිදුවීම්වලින් අනතුරුව අද වෙද්දී ගමේ මිනිසුන් එක්ව එම ස්ථානයේ බුදු මැඳුරක් ඉදිකර රාත‍්‍රිය පුරා පිරිත් විකාශය කරන්නට වැඩ කටයුතු යොදා ඇත. එහෙත් සම්පූර්ණයෙන්ම අනතුරු නිමාවී නැත. මෙහි හොල්මන් කරනුයේ කවුරුන්ද? එය තවමත් නොවිසඳුණු ගැටලූවකි.
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    යහනට කඩා වැදුණු කළු කුමාරයාගෙන් අමාට අතව&#3515

    ප‍්‍රසිද්ධ දුරකතන සමාගමක උසස් තනතුරක් දැරූ අමා කොළඹ නාගරික සමාජ පරිසරය තුළ හැදී වැඩුණු සාම්ප‍්‍රදායික මතවාදයන් නොපිළිගත් තරුණියකි. ඇය වැඩිවියට පත්වූ දා ඇයගේ පවුලේ හිතමිතුරන් කැඳවා සාදයක් දුන්නා මිස මල්වර චාරිත‍්‍ර පිළිපදිමින් ඇය නෑවීම හෝ තනිකර තැබීම ආදී චාරිත‍්‍ර ඉටු කළේ නැත. උසස් අධ්‍යාපනය නිමවන සමය වනවිට ආදර සබඳතා කිහිපයකම අත්දැකීම් ඇයට තිබුණි. සෙල්ලක්කාරී හැසිරීම් රටාවක මෙන්ම බරපතළක් නැති ජීවිතයද ඇයව තවතවත් සාම්ප‍්‍රදායික බැමිවලින් ඔබ්බට රැුගෙන ගියේය.

    නිමේෂ් ඇයගේ ආයතනයේම තරුණයෙකි. ඔවුන් දෙදෙනා අතර ආදර සබඳතාවක් ගොඩනැගෙන්නට එතරම් කාලයක් ගතවූයේ නැත. පාසල් ජීවිතයේ ආදර සබඳතාවලට වඩා අලූත් සබඳතාව දුරදිග ගියේය. ඔවුන්ගේ සති අන්තය බොහෝ දුරට ගෙවුණේ මුහුදු වෙරළේ හෝ සිනමා ශාලාවක් තුළය. අලූත් පෙම් සබඳතාව ඇතිවී ටික දිනක් ගෙවී යද්දී ඇයට ඒකාකාරී සිහිනයක් දිගින් දිගටම පෙනෙන්නට විය. මුලදි මුලදි ඇය එම සිහිනය දකින්නට ආසා කළත් ටික දිනක් ගතවන විට එය ඇයට මානසික වදයක් බවට පත්වන්නට විය.

    ඇය දුටු සිහිනයේදී ඉතා කඩවසම් පෙනුමැති තරුණයකු ඇය සමග ආදරයෙන් වෙලෙන අතර, අවසානයේ ඔහු ඇය සමග යහන්ගත වෙයි. මෙම සිහිනය දැකීමෙන් පසු ඇය නින්දෙන් ඇහැරෙන අතර ශරීරයට අධික වෙහෙසක්ද දැනෙයි. මුලදී මෙසේ සිදුවන්නේ ඇයගේ යටි සිතේ ඇතිවන සිතුවිලි කියා ඇය එම සිදුවීම ගණනකට ගත්තේ නැත. මේ අතරතුර දිනක් නිමේෂ් හා ඇය තානායමක තනිවූහ. ඒ ඇය පළමු වරට පිරිමියකු සමග කායික සබඳතාවක් පැවැත් වූ දිනයයි.

    එදින නිවසට පැමිණි ඇය රාත‍්‍රී නින්දට වැටුණි. පෙරදා මෙන්ම එදින රැුයේද කඩවසම් තරුණයා ඇය අසලට පැමිණියේය. එදින ඇය දකින සිහිනය වෙනස් බව ඇයට හැඟිණි. ඇය නිදාගෙන සිටින අයුරු ඇය විසින්ම දකින අතර, පැමිණි තරුණයා ඇඳ අසල සිටගෙන ඇය දෙස බලා සිටියි. අනතුරුව සෙමෙන් සෙමෙන් ඇය අසලට ළං වූ තරුණයා වෙනදා මෙන්ම ඇය හා යහන්ගත වීමට සැරසුණේය. එක්වනම තරුණයා කළු පැහැ යකෙක් බවට පත් වූ අතර, ඇය ඉමහත් බියවී කෑගසමින් නැගිටීමට උත්සහ කළද එම සිහිනයෙන් මිදීමට ඇයට අපහසුය. රතු පැහැති අත් සතරක් ඇති කළු රෙද්දක් පොරවාගෙන ලේ පෙරෙන යක් මුහුණක් ඇති බියකරු යකෙකු ඇය ඉදිරියේ සිටියි. යකුගේ ගෙලෙහි කළු පැහැ මල් මාලයකි. එක් අතක මුගුරකි. අනෙක් අතේ ලේ පෙරෙන කුකුළෙකි. එක්වරම එම යක් රුව ඇයට පහර දෙන්නට පටන්ගත්තේය. ඇයගේ ශරීරයට වේදනා දෙන තෙක්ම එම පහරදීම නොනැවතුණි.

    අමාගේ කාමරය දෙසින් ඇසුණු කෑගැසීමේ හඬට නිවසේ සියල්ලෝ බියවී දිව ආහ. නිවැසියන් කාමරයට පැමිණියද ඇය සිහිනයෙන් කෑගැසීම නැවතුණේ නැත. ඔවුන් ඇයව නින්දෙන් ඇහැරවාගන්නා විට ඇයට දැඩි ලෙස උණ ගැනී තිබුණි. එදින රාත‍්‍රියේම අමා නවලෝක රෝහලට ඇතුළත් කෙරිණි. වෛද්‍ය ප‍්‍රතිකාරවලින් පසු ඇයගේ උණ ක‍්‍රමයෙන් බැස ගිය අතර, ඉන්පසු ඇය දුටු සිහිනය උණගත් පෙර දිනයේදී මෙන් ප‍්‍රචණ්ඩ නොවුණද ලිංගික අඩන්තේට්ටම් සහිත සිහිනයක් බවට පත්විය. අසනීපවීමත් සමගම ඇයගේ ප‍්‍රියතම ආහාරය වූයේ තම්බන ලද බිත්තරයි. උණ ගැනුණු පළමු දිනයේ දහවලදී ඇය කෑමට බිත්තර ඉල්ලා සිටි අතර, කෑම පිඟාන මැද තබාගෙන ආ බිත්තරය දුටු සැණින් ඇඳෙන් පැනගත් ඇය එය රැුගෙන පෙරේත ලෙස ගිල දැමුවාය. දියණියගේ මෙම හැසිරීම ඇයගේ මවට මහත් ප‍්‍රහේළිකාවක් විය.

    කාලය කෙමෙන් කෙමෙන් ගෙවුණු අතර, මේ අතරතුර අමා හා නිමේෂ්ගේ විවාහය සිදු විය. ඔවුන්ගේ පළමු දින මංගල රාත‍්‍රියේ සිදුවූයේ නොසිතූ විරූ සිදු වීමකි. එදිනත් ඇයට කලින් සිහිනයම පෙනෙන්නට වූ අතර, එදින ඒ රුව වෙනදාටත් වඩා දරුණු වී තිබුණි. එම රුවේ බලකිරීමට අනුව ඇය තම සැමියාව ඇඳෙන් බිමට තල්ලූ කර දැමුවේ සත්‍ය ලෙසටමය. රාත‍්‍රී එළිවන විට කිහිපවරක්ම ඇඳෙන් බිමට වැටෙන්නට නිමේෂ්ට සිදුවිය. මෙම සිදුවීම ඔවුනට මහත් ගැටලූවක් වූ අතර විවාහයෙන් පසු ගෙවීගිය දින දෙකතුනේදීම මෙය එකම ආකාරයට සිදු විය. හතර වැනි රාත‍්‍රියේදී ඇය යළිත් බිය වී අධික ලෙස උණ ගැනුණි. එදිනම ඇය රෝහල්ගත කළද ඇයට සිහියක් ලැබුණේ නැත. දිනයක් දෙකක් ගත වුවද ඇයට වැළදුණු රෝගය නිශ්චය කරගැනීමට වෛද්‍යවරුන්ට හෝ නොහැකි වූ අතර, ඇයගේ මොළයට විෂබීජයක් ඇතුළුවී ඇතැයි අනුමානයෙන් යම් යම් ප‍්‍රතිකර්ම සිදුකෙරුණද ඒවායෙන් ඇයට ගුණයක් නොලැබුණි.

    මේ අතරතුර නිමේෂ්ගේ මව තම ලේලියගේ කේන්ද්‍රය බැලීමට ගියේ ඔවුන් දැඩි ලෙස කේන්ද්‍රය විශ්වාස කළ බැවිනි. ඇයගේ කේන්ද්‍රය පරීක්ෂා කළ ජ්‍යොතිෂ්‍යවේදියා ඇයට වැළදී ඇත්තේ කළුකුමාර දෝෂයකැයි පැවසීමත් සමග මව යකැදුරකු සොයා ගියාය. යකැදුරා කාරණය භාරගත්තේය. ඔහු කළයුතු පිළියම් දැනගැනීම උදෙසා ආරූඪවිය. යකැදුරා පැවසූ දෙයින් නිමේෂ්ගේ මව මොහොතකට ගල්ගැසුණි.

    ”දැන්නම් ගොඩදාන එක බොහොම අමාරුයි. කළු කුමාරයා තමන්ගේ බිල්ල දෑතින්ම අල්ලාගෙන ඉන්නේ. අද සවස හය පහුවුණොත් කෙල්ල බේරගන්න බැරිවෙයි. මේ දොසේ බොහොම තදට තිබිලා තියෙනවා. කලිනුත් මෙහෙම වෙලා ඇති. දැරිවිට වෙන පිරිමියෙක් එක්ක පවුල් කන්න කළුකුමාරයා ඉඩදෙන්නේ නෑ. ගෙටවෙච්ච දවසේ මේකිට කළුකුමාරයගේ බැල්ම වැටිලා. මම බිත්තරයක් මතුරලා දෙන්නම්, පුළුවන් තරම් ඉක්මනට ගිහින් ඒක ලෙඩාගේ ඔළුව වටේ තුන් පාරක් කරකවලා අලූත් මිනීවළක, මිනියක හිස කෙළින් වියත් තුනක් විතර ගැඹුරු වළක් හාරලා වළලන්න. හවස හය පැන්නොත් ඒකෙනුත් වැඩක් නෑ. ලෙඩා හොඳවුණු ගමන්ම තොවිලයක් නටන්නත් වෙයි”

    යකැදුරා මතුරා දුන් බිත්තරය ඔහු පැවසූ ලෙසම ලෙඩාගේ හිස වටා කරකවා අලූත් සොහොනේ යට කළේය. කිසිවකුත් නොසිතූ ලෙස පසුදා උදෑසන වනවිට අමාගේ රෝගී තත්ත්වය යහපත් අතට හැරෙන්නට විය. මරණාසන්නව සිටි අමා සතියක් ඉක්මෙන්නටත් පෙර සිය දෙපයින්ම නිවසට පැමිණියේ, අනතුරුව සූදානම් කරන තොවිලය තෙක් පමණක් නිමේෂ්ගෙන් වෙන්ව ජීවත්වීමේ තීරණයද සමගිනි.
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    මියගිය මාමණ්ඩිය ලේලිය නිරුවත් කරයි

    විවාහ වී වසර හතරක් ගතවෙත්ම තම පියාගේ දුෂ්ට ආශාවන් හේතුවෙන් ආදර බිරිඳ පුෂ්පලතාත්, දරු දෙදෙනාත් තනි කරමින් ශාන්ත මෙලොව හැර ගියේ හැත්තෑඑක වසරේදීය. එදා සිට වසර කිහිපයක් යනතුරු තම මාමණ්ඩිය වූ ලෙස්ලිගෙන් අනේක විධ කරදරවලට මැදිවූ පුෂ්පලතාට බේරීමට මියගිය සැමියා උපකාර කළ අයුරු, මියගිය සැමියා පුෂ්පලතාට රැු කවරණය දෙයි’ යන මාතෘකාව රැුගත් ලිපිය තුළින් කලකට ඉහතදී අප ඔබට පැවසුවෙමු. මේ එම සි`දුවේම දිගුවකි.
    කාලය කෙමෙන් කෙමෙන් ගෙවී ගියේය. පුෂ්පලතාගේ සැමියාගේ ආත්මය ඇය අසල සිට ලබාදෙන උපදෙස් හරහා තම ව්‍යාපාර සාර්ථකව දියුණු කර ගනිමින් ජීවිතය ගෙන ගියාය. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව, නිමවා ඔවුනගේ විවාහ කටයුතුද මනාව අහවර කළාය. පුෂ්පලතාගේ දැන් වයස හතළිස්පහකි. මැදි වයසේ පසුවුවත් පුෂ්පලතාගේ රූපශ‍්‍රියේ අඩුවක් නම් නොමැත. එසේම ඇය විවාහ වී දරුවන් ඇති මවකැයි කිව නොහැකි තරම්ය. වසර විසිපහක් මුළුල්ලේ පුෂ්පලතා ළ`ග රැුදෙමින් ඇයට උපකාර කළ සැමියාගේ ආත්මයට නිදහස් වියයුතු කාලය ළ`ගාවෙමින් පැවතුණි. මෙතෙක් කල් පුෂ්පලතාට අවශ්‍ය උපදෙස් ලබාදීමේදී ඇයගේ සවන්පත් අසලට පැමිණ ඔහු මුමුණන ස්වරය දැන් ඇයට හො`දින් හුරුය. එදිනත් ඒ අනුව පුෂ්පලතාගේ කන අසලින් සුපුරුදු කටහ`ඩ ඇසෙන්නට විය.
    ‘පුෂ්පේ මට දැන් යන්ඩ කාලේ හරි... මම ජීවත්වෙලා ඉන්නකොට කරන්ඩ බැරිවෙච්ච යුතුකම් ටික දැන් මම ඉෂ්ට කරලා ඉවරයි. මට මේ ආත්මෙන් මිදෙන්න ඕනේ. උඹට විතරයි ඒක කරන්න පුළුවන්. උඹේ පණකෙන්ද යන්න කලින් මාව නිදහස් කරපන්. නැත්නම් සදාකාලිකවම මට මේ අපායේම ඉන්න වෙයි’.
    පුෂ්පලතා මේ යෝජනාවට එකවරම කැමැති වූයේ නැත. මියගියද ඒ සැමියාගේ ආත්මයයි. සැමියා මියගිය දුක වසර විසිපහක් පුරා ඇයට නොදැනුණේ සැමියාගේ ආත්මය සෙවණැල්ලක් මෙන් ඇය ළ`ග නිරතුර සිටි හෙයිනි. එහෙත් සැමියාගේ ආත්මය කළ යෝජනාවත් සමග ඇයට වෙන්වීමේ දුක දැනෙන්නට වූවාය. එසේ කියා අවස්ථා දෙකතුනක් සැමියා කළ ඉල්ලීම ඇයට ඉවත දැමීමටද නොහැකිය. ජයශ‍්‍රී මහා බෝධියට දළ`දා මාලිගයට, සෝමාවතියට ආදී බුදුහිමියන්ගේ බලය ඇති තැන් කිහිපයකට යමින් මියගිය සැමියාගේ උපදෙස් මත පින්දහම් කිරීම හරහා ඔහුගේ ආත්මය නිදහස් විය. එතැන් පටන් පුෂ්පලතා නිවසේ යළි තනිවූයේ දරුවන් දෙදෙනාද විවාහ වී නිවසින් පිටවී ගොස් සිටි නිසාය.
    වසර කිහිපයක් ගෙවී ගියේය. එදින සැමියාගේ මහගෙදර සාංඝික දානයකි. පවුලේ මියගිය සියලූදෙනාම සිහිකර පැවැත්වූ දානයට පුෂ්පලතාද සහභාගි වූවාය. දානය අවසන් වී නිවසට පැමිණි ඇය ඇ`ගපත සෝදාගෙන කාමරයට පැමිණියාය. වෙනදා නොවූ අමුත්තක් එදින ඇතැයි ඇයට සිතුණු අතර යම් කිසිවකු වරින්වර එබෙමින් තමාදෙස බලන බවක් ඇයට දැනුණි. එහෙත් ඇය හැරී බැලූ විට කිසිවකු දක්නට නැත. සොරකුවත් නිවස තුළට රිංගා ඇත්දැයි සිතූ ඇය ඇ`දන් යටත් නිවසේ අහුමුලූ මෙන්ම දොර ජනේලද පරික්ෂා කර බැලූවාය. පෙනෙන්නට තරම් කිසිදු වෙනසක් නැති හෙයින් ඇය නිදාගන්නට සැරසුණාය. අධික වෙහෙස හේතුවෙන් ඇය ඉක්මනින්ම තද නින්දකට වැටුණි. එහෙත් එක්වරම ඇයගේ ශරීරය මත කිසිවකු ද`ගලන බව දැනී ඇය තිගැස්සී ඇහැරුණි. ඒ වනවිට වේලාව රාත‍්‍රී එකොළහට පමණ ඇත. බියට පත්වූ ඇය නැගිටගෙ ාස් ඇෙ`ද් වාඩි වූවාය. තම සිරුරේ එකදු ඇ`දුමක් හෝ නොමැති බව ඇය දුටුවේ එවිටය. ඇගේ පපු පෙදෙස මෙන්ම ඉණ ප‍්‍රදේශයද රිදුම්දෙන බව ඇයට දැනුණි. වහවහා නැගිටගත් පුෂ්පලතා තම ඇ`දුම් ඇදගත්තාය. කිසිදු දෙයක් සිතාගත නොහැකිව සාලයට පැමිණි ඇය එදින නිදි වර්ජිතව ගතකළාය.
    පෙරදා රැුයේ සිදුවූ දෙයින් බලවත් සේ කම්පනයට පත් ඇය නෑදෑයකු නිවසේ තනියට නතරකර ගත්තේ ඇයගේ සිතේ ඇතිවූ බිය හේතුවෙනි. කලින් දින රාත‍්‍රියේ සිදුවූයේ කුමක්ද? කිසිවකු හෝ නිවසට ඇතුළු වුණාද? නැතහොත් මියගිය සැමියාගේ බලපෑමක්ද? මේ කිසිවක් ඇයට සිතාගත නොහැකි විය. මේ සිතුවිලි අතරතුර ඇය එදිනද විදුලිපහන් දල්වාම නින්දට වැටුණාය. පෙරදින නිදිවැරීම හේතුවෙන් ඇය ඇ`දට වැටුණු සැණින් නින්දට පත්වූවාය. එදිනත් කිසිවකු හෝ ඇයගේ ඇ`ගමත සිටින බව ඇයට නින්දෙන් දැනුණි. ඈට නින්දෙන්ම මෙන් මුණින් අතට පෙරළුණත් ඇය අසල කිසිවකු සිටියේ නැත. ඇස් ඇරගෙනම යළි උඩුබැලි අතට හැරුණු ඇයට කිසිවකු පෙනෙන්නට නොමැති වුණත් යම් ආත්මයක් සිය ශරීරය මත සිටින බවක් හො`දින්ම දැනෙන්නට විය. පෙරදා සේම එදින ඇයගේ ශරීරයේ ඇ`දුම් කිසිවක් දක්නට නැත. සියුම් සීතලක් මුළු සිරුරම වෙළාගෙන තිබුණි. රෙද්දක් පොරවාගත් ඇය මුනින් අතට හැරී රැුය පහන් කළාය.
    දින කිහිපයක්ම මෙය දිගින් දිගටම සිදුවූ අතර ඉන්පසු ඇයට උඩුබැලි අතට නිදාගත නොහැකි විය. ටිකින් ටික මේ කරදරය වැඩි වන්නට විය. අවසානයේ ඇය යකැදුරකු නිවසට කැ`දවූවාය.
    ‘නෝනා, කාමරේ බාල්කේ මළ පෙරේතයෙක් ඉන්නවා. උගේ ඇෙ`ග් ඇ`දුම් මුකුත් නෑ. කකුල් දෙකෙන් එල්ලිලා ඉන්නේ’. ඇ`ද දිහා බලාගෙනම ඉන්නවා. යකැදුරා පුෂ්පලතාට පැවසීය. කවුද ඒ, පුෂ්පලතා එකවරම ඇසුවාය.
    නෝනා ගැන කැමැත්තෙන් ඉන්න කෙනෙක්. යකැදුරා දුන් පිළිතුරෙන් ඒ කවුදැයි ඇයට එකවරම වටහා ගැනීමට නොහැකි විය. ඒ නිසා එසේ සිටින්නේ කවුදැයි ඇය යළිත් ප‍්‍රශ්න කළාය. ‘මහත්තයාගේ තාත්තා කපු මහතාගෙන් පිළිතුර ලැබිණි.
    පුෂ්පලතාට සියල්ල වැටහුණි. වසර විසිපහකට පෙර තමාගෙන් ලබාගත නොහැකි වූ දෙය සැමියාගේ ආත්මය පිටවූ සැණින් ලබාගැනීමේ අරමුණින් තම මාමණ්ඩිය තමා වෙත පැමිණ ඇති බව අවබෝධ කරගත් ඇය ඒ බව යකැදුරාට පැවැසුවාය. බලිතොවිල් අතරතුර දොළතටුවකින් සෑහීමකට පත්ව පිටව යෑමට මළගිය ආත්මය කැමැති වූයේ නැත. අවසානයේ දැඩිමුණ්ඩ ඉනාවෙන් බන්ධනය කළ මළගිය ආත්ම නූලක් තුළට සිරකිරීමට යක්දෙස්සා කටයුතු කර සිර කළ නූල එක තැන තැබීමට ඔහු අසමත් වූහ. තටුව මැද තබන නූල සෙලවෙන අයුරු වටපිටාවේ සිටි සියල්ලන්ටමද දැක ගත හැකි විය.
    එසේ දිස් වූයේ බන්ධනය කළ ආත්මය ඉන් මිදී යෑමට දරන වෙහෙසයි. අවසානයේ ආත්මය සිර කරන ලද නූල දැමූ බෝතලය පන්සලේ අලූතින් තනන ලද පහන් කණුවක් තුළ සිරකිරීමෙන් අනතුරුව කාමාතුර මළගිය ආත්මයෙන් පුෂ්පලතාට සැනසීමක් ලැබුණි.
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    ස්ත‍්‍රීලෝලී යක්‍ෂ ආත්මය ජනාදරී ලූහුබදි&


    එදින නිවාඩු දිනයකි. ජනාදරී ඇතුළු පවුලේ උදවිය නිවසින් බැහැරව යාම සඳහා නිවසින් එළියට බැස්සහ.

    ජනාදරී තම වැඩිමහල් දියණිය සමඟ ත‍්‍රිරෝද රථයේ පිටුපස අසුනේ අසුන් ගත්තාය. එය පදවාගෙන යන්නේ ඇයගේ සැමියා වූ නිමල් විසිනි. අනතුරු කිහිපයකටම මුහුණ දී ඇති නිමල් කිසි විටෙක වේගයෙන් රථය පැදවූයේ නැත. පස්දෙනකුගෙන් යුතු ජනාදරීගේ පවුලට තුළ මෑතක සිට බොහෝ ආර්ථික ගැටලූ වර්ධනය වෙමින් පවතින්නට වූයේ එක දිගට වූ අනතුරු හේතුවෙනි. ජනාදරී ඇතුළු පිරිස එදින ගමන් කරමින් සිටියේ රෝහල්ගත වී සිටි තම මාමණ්ඩියගේ සුවදුක් විමසා බැලීම සඳහාය.

    සැඳෑ අහස වෙනදාට වඩා අඳුරු පැහැයෙන් දිස්වන්නට විය. පරිසරය තුළ පැවැතියේ ගුප්ත බවකි. බොහෝ සෙමින් ගමන් කළ ත‍්‍රිරෝද රථය ඉදිරියට වේගයෙන් ඇදී එන ලොරියක් නිමල් දුටුවේය. එය එන අයුරු එතරම් සුදුසු නොවන බව වටහාගත් නිමල් මාර්ගයෙන් ඉවතට වාහනය කැපුවේය. එහෙත් සිදුවූයේ නොසිතූ දෙයකි. ලොරිය පැමිණි ලෙසම ඉදිරියට ඇදී ගිය අතර ත‍්‍රිරෝද රිය මාර්ගය අසල වූ පස් ගැට්ටක් මතින් ගමන් කර පෙරළී ගියේය.

    ඒත් සමඟම ත‍්‍රිරෝද රථයේ දකුණු පස අයිනේ සිටි ජනාදරී වාහනය පෙරළීමත් සමඟ එළියට විසිවී ගිය අතර පාරේ ඇදවැටුණු ඇයගේ හිස අසල වූ කළු ගලක වැදීම හේතුවෙන් දරුණු ලෙස තුවාල විය. මාස දෙකකට ආසන්න කාලයක් තුළ අවස්ථා කිහිපයකදීම සිදු වූ අනතුරුවලින් වැඩිපුරම තුවාල වූයේ ජනාදරීටය. අන් අයට එතරම් ලොකු තුවාලයක් කිසිදු විටෙක සිදු නොවීම සියල්ලන්ටම මහත් පුදුමයක් විය.

    අවසන් වරට සිදු වූ අනතුරින් ඇයගේ හිසේ සිදු වූ තුවාලය නිසා ඇයගේ දිගු කෙස් කළඹ කපා දමන්නට සිදු විය. දිගින් දිගටම සිදු වූ අනතුරු හේතුවන් ඔවුන් පවුලේ වාහනය පසෙකට දැමුවේ වෙනත් විකල්පයක් නොමැති නිසාය. මෙය පවුලේ සියල්ලන්ටම මහත් හිසරදයක් විය. ඉතා ආසන්න දිනකදී ඇය තම කේන්ද්‍රය පරීක්ෂා කරගැනීම සඳහා මාගේ කාර්යාලයට පැමිණියේ ඇයට දිගින් දිගට සිදුවන්නේ කුමක්ද යන්න අවබෝධ කරගැනීමට ජ්‍යොතිෂ්‍යයෙන් හෝ පිහිටක් බලාපොරොත්තුවෙනි.

    මුස්ලිම් කාන්තාවක මෙන් සම්පූර්ණයෙන්ම හිස වසා සිටි ඇයගේ කේන්ද්‍රය තුළින් ඇය හා වෛරයෙන් සිටින ප‍්‍රබල මළගිය ආත්මයක් විසින් ඇයව පීඩාවට පත් කරන බව පෙනෙන්නට විය. එම ආත්මය ඇයගෙන් පලිගැනීමේ අදහසින් කටයුතු කරන අතර, ඇයට සිදු වූ අනතුරුවලට ද හේතු වී ඇත්තේ මෙම භූත පිසාච බාධාව බව ඉන් පැහැදිලි විය.

    අනතුරු නිසා වාහනයේ ගමන් බිමන් නතර කිරීමත් සමඟ නිවස තුළ ගැටලූ වර්ධනය වන්නට විය. දිනක් ඇය කුස්සියේ උයමින් සිටියාය. වේලාව රාත‍්‍රී අටට පමණ වන්නට ඇත. මුළුතැන්ගෙයට පිටුපසින් අඩි සද්දයක් ඇසෙන්නට විය. නිවසේ පිටුපසට ගොස් බැලූවත් කිසිවකු දක්නට ලැබුණේ නැත. දිනෙන් දින මේ තත්ත්වයේ අඩුවක් ද දක්නට නොලැබිණි. එදින නිවසේ සිටියේ ජනාදරී හා කුඩා ළමුන් දෙදෙනා පමණි. ඇය මුළුතැන්ගෙයි ආහාර පිසිමින් සිටියාය. පෙරදා මෙන්ම සුපුරුදු පරිදි නිවස පිටුපසින් අඩි ශබ්ද ඇසෙන්නට විය. ඇය ජනේලය අසල වූ සින්ක් එකේ භාජන සෝදමින් සිටියාය. එක්වරම වසා තිබූ ජනේලය විවර විය. ඇය ඒ දෙස බලා සිටියේ කුතුහලයෙනි. ජනේලය අසල සිටි කිසියම් පුද්ගලයකුගේ ඡුායාවක් ඇය දුටුවාය. ඒ සමඟ ඇය අධික ලෙස බිය වී මරහඬ දුන්නාය. දිගින් දිගට දින කිහිපයක් මේ සිදුවීමට මුහුණ දීමට ඇයට සිදු වුණි.

    නිවසේ පිසින ආහාර ඉතා කෙටිකාලයක් තුළ නරක් වන්නට විය. මෙය අනිවාර්යයෙන්ම මළගිය දෝෂ හරහා සිදුවන්නක් බව නිවැසියන්ට අවබෝධ වෙමින් පැවැතුණි. ශීතකරණයේ තබන පිසූ ආහාර දවසක් ඉක්ම යන්නටත් මත්තෙන් නරක් වෙමින් පැවැතුණි. කළ හැක්කක් නොවූ තැන අවසානයේ මේ සඳහා නිශ්චිත පිළියමක් අවශ්‍ය බව නිවැසියන්ට අවබෝධ වුණි. රට මැද ප‍්‍රදේශයක වූ දක්ෂ කපු මහතකුගේ සේවය ලබා ගැනීමට නිමල් සහ පවුලේ අය තීරණය කළහ.

    තීරණය කරගත් දිනයේ දී රාත‍්‍රී කපු මහතා නිවසේ වූ භූත දෝෂය ඉවත් කිරීමට පූජාව ඇරඹුවේ ය. නිවසේ පිරිස හා හිතවත් කිහිපදෙනකු සාලයේ එළන ලද පැදුරුවල වාඩි වී සිටියහ.

    ”උඹ මේ බුදු පිළිමයක් තියෙන තුංමන් හන්දියකින් හැරිලා යන පාරකද ඉන්නේ?” කපු මහතා ආරූඪයෙන් අසන්නට විය.

    ”නැහැ”

    ”නැහැ කියන්නේ කොහොමද? මේ උඹ එනවා පේන්නේ. එක පැත්තක රබර් වත්ත. බුදු පිළිමයට එහායින් බස් හෝල්ට් එක තියෙනවා. හැමදාම උදේ හයට විතර හෝල්ට් එකට උඹ එනවා නේද?”

    ”ඔය අපේ මහගෙදර. දැන් එහේ කවුරුවත් නෑ. ගේ විකුණලා”

    ”මේ දෝෂය එහේ ඉඳන් එන දෝෂයක්”

    ”බස් හෝල්ට් එකට ඉස්සරහා රබර් වත්තේ කනත්තක් තියෙනවා නේද?”

    ”නෑ එතන තියෙන්නේ පන්සලක්”

    ”ඒ දැන් බොල. ඉස්සර එතැන තිබිලා තියෙන්නේ කනත්තක්. ඒ කනත්තේ යට කරපු මිනිස්සුන්ගේ ආත්ම තාම ඒවායේ ගැවසෙනවා. අන්න එතැන හිටපු එකෙක් තමයි උඹේ පස්සේ ඇවිත් තියෙන්නේ. මේකට කලින් ආරක්ෂාවක් කළා නේද?”

    ජනාදරීට අදින් වසර දහයකට පමණ පෙර සිදු වූ සිදුවීමක් සිතට නැෙඟන්නට විය. එකල වයස විසි දෙකක පමණ වූ ඇය ඉතා රූමත්ය. කොළඹ පෞද්ගලික බැංකුවක රැුකියාව හිමි වීමත් සමඟම දිනපතා පාන්දරින්ම ඇය බස් නැවැතුම වෙත පැමිණියේ කොළඹට තරමක දුරින් ඇයගේ නිවස පිහිටා තිබූ නිසාය. ඇගේ දහවල් ආහාරය දැමූ වීදුරු බඳුන අත ඇති වීදුරු පැහැති ඉටි බෑගයේ දමාගෙන රබර් වත්ත මැද මාර්ගයේ හුදෙකලාව ඇය පැමිණියා ය. එදිනත් ඇය සුපුරුදු ලෙස බසය පැමිණෙන තෙක් බස් නැවැතුමේ රැුඳී සිටියි. රබර් වත්ත දෙස බලා සිටි ඇය ගස් සුළඟට ඇඹරෙනු දුටුවාය. උදෑසනම වර්ෂාවක් විය හැකි යැයි ඇය සිතූ නමුත්, වර්ෂාවක් පතිත වූයේ ද නැත. ගස් ඇඹරෙමින් ආ සුළං පහර තුළින් ඇයට දැනුණේ දැඩි පොළොන් ගඳකි. ඇය වටපිට බැලූවාය. ඒ ගඳ නිමාවන්නේද නැත. සුළං පහරෙන් ඇයව සලිත වූවාය.

    රැුකියාවට ගියත් එදින ඇයට ශරීරයට අප‍්‍රාණික බවක් දැනුණි. එදින රාත‍්‍රී අසනීප වූ ඇය දින කිහිපයකින් සුවඅතට හැරුණේ දෙහි කපා සුරයක්ද දැමීමෙන් අනතුරුවය. ඉන් පසු මේ වනතෙක් ඇයට ඒ පිළිබඳ මතකයක් නැත.

    ”එදා ඒ මළයකා බැල්ම දාලා තියෙන්නේ උඹගේ කෑම එකේ තිබ්ච්ච රතු අලවලට. රතු අල ටිකක් තටුවට තියපං”

    ”කෑම එකට ළං වුණාම උඹේ ඇඟට ආසාවෙන් උඹේ දිහා බලාගෙන ගොඩ කාලයක් ඉඳලා තියෙනවා. ගෙවල් විකුණලා ආවත් ඒකා උඹේ කාමරයට වෙලා බලා ඉඳලා තියෙනවා. අවුරුද්දකට විතර කලින් උඹලා ඒ ගෙදර උත්සවයකට ගියා නේද? එදා තමයි ආයිත් ඌ උඹගේ ඇඟට ඇතුළු වෙන්නේ. උඹව උගේ ලෝකයට ගෙනියන්නයි වාහනේ පෙරළන්නේ” යනුවෙන් කපු මහතා පැවැසුවේ ය. අවසානයේ එම යක්ෂ ආත්මය අල්ලා සිරකොට මහ මුහුදට ගෙන ගොස් දැමීමත් සමඟ ජනාදරී එතෙක් විඳි ගැටලූ නිමාවට පත් විය.