මේකට GT මුල් වෙලා තීරණයක් ගන්නව නම් විතරක් මේක දිගටම කරගෙන යන්න පුළුවන් වෙයි මචන්. නැති නම් මේකේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් හරි. දත් කිඹුල අයියා වගේ කෙනෙක් මම කීවෙ. එයාවම නම් කලා නෙවෙයි, ඒ වගේ කෙනෙක්. මොකද එතකොට කාටවත් ඒ සල්ලි, ආධාර ගැන ප්‍රශ්ණ කරන්න ඕන වෙන්නෙ නෑ ඒ අයව විශ්වාස නිසා මේකෙ ඔක්කොම සාමාජිකයන්ට. සහ ඒ අයව දන්න නිසා මේකෙ බොහොමයක් සාමාජිකයො. කරන්න අමාරු වැඩක් නමුත් බොහොම හොඳ වැඩක් කරන්න පුළුවන් නම්.![]()


elakiri welfare society ~ banking side eken mata udauwak kara heki onenamඅදහස හොඳයි. ඒක නිසා මේ ගැන මට හිතෙන දේවල් ටිකක් එකතුකරන්නම්.
1. සමිතියක් විදියට වැඩසටහනක් කරනකොට ප්‍රාදේශීය සභාවල ලියාපදිංචි කරන්න වෙනව. එහෙම කරනකොට ව්‍යවස්ථාවක් හදල තියෙන්න ඕන. ඊටපස්සෙ වාර්ෂිකව අයවැයක් ඉදිරිපත්කරන්නත් තියෙනව. මම එහෙම කියන්නෙ මෙතන නීතිමය පැත්තකුත් තියෙන නිසා වගෙම මිනිස්සු මරණ මුදල්වලටත් කෙහෙවලු පටලවගන්නව හැටි දැක්කම සසර කලකිරෙනව. ඒක නිසා සමිතියක් කරනවනම් ඒක පිරිසිදුවටම කරන්න බලන්න.
2.ලියාපදිංචි වෙන්න තියෙන සුදුසුකම් බලන්න. මට හිතෙන විදියට කියන්නම්.මේවගේ දේකදි අනිවා ඕෆ්ලයින් ලියාපදිංචි කරන්න. එතනදි මේ සමිතිය එලකිරි සාමාජිකයන්ට විතරක් ලැබෙනවනම් හොඳයි. අලුත් සාමාජිකයෙක් බඳව ගන්නකොට එයා එලකිරි එකේ අවුරුද්දකට වඩා පරන පෝස්ට් 1000 වඩා වැඩි අය හොඳයි කියන එක මගේ පුද්ගලික කැමැත්ත. ඕෆ්ලයින් ලියාපදිංචියෙදි යූසර් නේම් එක,නම,ලිපිනය, අයිඩී අංකය,ටෙලිෆෝන් නම්බර් විශේශ අවස්ථාවක් දැනුම් දෙන අනිත් මෙම්බර්ල වගේ විස්තර ගන්න. හැබැයි සමිති සාමාජිකයන්ගෙ පුද්ගලික විස්තර පිටට නොයන්න වගබලාගන්න එක සමිති නිලධාරින්ගෙ වගකීමක්.
3.ඒවගෙම පුලුවන්නම් අවමංගල්‍ය පැත්ත විතරක් නෙමෙයි. විවාහයකදි දරු උපතකදි, ස්වභාවික විපතකදි,ලෙඩ පැති ගැනත් හිතුවොත් හොඳයි. ඒවගෙ දේවල් කරනව අඩුයි.
4.දල අදහසක් විදියට ආධාර එකතුකිරීම ගැන කිව්වොත් අවුරුද්දම 500-1000 එකතු කරන එක හොඳයි. ඔන්ලයින් සයිට් එකක් නිසා මාසෙ ගානෙ අරමුදල් එකතුකරන එක ලේසි නැහැ.
අරමුදල් දෙන එකත් ලොකු කතාවක්, ඒ හින්දා දැනට මේ ඇති. බරසාරෙට ලියල තිබුනට එලකිරි කොල්ලොන්ට මේවා කරන එක මහලොකු දෙයක් නෙමෙයි.
![]()
