එළකිරි සිංහල වෙදකම සුරැකීමේ සංසදය

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ආරෝග්‍යා පරමා ලාභා - සන්තුඃඨිං පරමං ධනං
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    මේක තමා සිංහල වෙදකමේ තේමාව - වරක් රෝගී වූවෙක් නැවත දිවි ඇති තුරාවට රෝගියෙක් නොවීමට කටයුතු සැලැස්වීමත් - හැකි උපරිම ප්‍රීතියෙන් මිනිසෙක්ට උපරිමායුෂ වින්දනය කරන්නට සැළැස්වීමත් තමා ඒක.

    නමුත් අද වෙලා තියෙන්නෙ මොකක්ද ? රෝගා පරමා ලාභාං - දුක්ඛඃ පරමං ධනං

    අසරණ රෝගීන්ව ආදායම් මාර්ගයක් කොරගෙන - ඒ දුක තමන්ගේ පරම සතුට කොරගත්තු තුච්ඡ විද්‍යාත්මකයි කියල ලේබලයක් අලෝගත්තු මෙළෝ රහක් නැති උණක් බස්සගන්න බැරි පර සුද්දාගෙ දොස්තරකමයි අපේ රටේ ජාතික සෞඛ්ය සේවය වෙලා තියෙන්නේ.

    මේක සිංහල ජාතියේ ගහනය අඩු වෙන්න සෘජුව උග්‍රව ප්‍රබලව භයානක අන්දමින් බලපාපු කාරණයක් වග මම වෙනම නූලකින් සාක්ෂි සාධක සහිතවම ඔප්පු කොරල පෙන්නුවා (කොහෙද ඉතිං මේකෙ සිංහල බෞද්ධ වේශයෙන් ඉන්නෙ චිංගල බහුජ්ජ අසිංහල අබෞද්ධයෝ නේ, උන්ට ඒ ගැන කිසි තැකීමක් නෑ)

    මේ මාර බලවේගය පරද්දන්න අපිට ස්වර්ණමය අවස්ථාවක් උදා වෙලා තියෙනවා. නැවත සිංහල වෙදකම සිංහල ජාතියේ ජාතික වෙදකම හැටියට පත් කොරන්න වෙන ආයේ කවදාකවත් එන්නෙ නැති රන්වන් අවස්ථාවක් ලැබිලා තියෙනවා.

    ඉතිං කොණ්ද පණ තියෙන නියම සිංහල ගැම්ම තියෙන කටින් විතරක් නෙවෙයි ක්‍රියාවෙනුත් නියම සිංහල එළකිරි වැසියන්ටයි මේ හදවත පතුලෙන්ම ආයාචනය.

    2009 දි අපිට මුහුණ දෙන්න වුණේ රාජ්‍ය අනුග්‍රහයක් නොමැති , සංවිධානාත්මක බවක් නොමැති සතුරු මාර බලවේගයක්. එළකිරියෙන්ම එකතු වුණ ඉතා සුළු පිරිසකගේ සහභාගිත්වයෙන් ඒක අපිට මැඩපවත්වන්න හැකි වුණා. මිලියන සිය ගණනක පිරිවැටුමක් තිබ්බ දැවැන්ත බූවල්ලෙක් වෙන්න හදපු එකෙක් බිංදුවටම බස්සලා බංකොලොත් කොරන්න හැකි වුණා. ඒක තමා අපි ඒ කොරපු හටනෙ ලොකුම ජයග්‍රහණය මීට අවුරුදු 5කට විතර කලින්.

    ඒ හටන පටන් ගනිද්දි - මොකුත් ම තිබ්බෙ නෑ - එක්කෙනෙක්ට එක්කෙනෙක් හිටියේ නෑ. හුදෙක් උදාර චේතනාවම පමණයි ගැම්මට හිටියේ. අම්බානකට නින්දා අපහාස වින්දා. ඒත් අත ඇරියේ නෑ. අපි ඒ හටන දින්නා. (මේ රැල්ල පාවිච්චි කොරලා හම්බ කොරන් කන්න පටන් ගත්තු සෙට් එකකුත් හිටියා, උන් නන්නත්තාර වෙලා ගිහින් - දැන් යන එන මං නෑ - ඇයි චේතනාව නරක නිසා).

    නමුත් මෙදා පාර ඇවිත් ඉන්නේ රාජ්‍ය අනුග්‍රහය සහිත මනා සංවිධානයකින් යුක්ත පරිවාර සේනාවකින් සමන්විත කළු ගලේ ඔළුව ගහ ගන්න වෙන යෝධ මාර බලවේගයක්. හැබැයි චේතනාව නිකැළැල් උතුම් සත්‍යවාදී නම් කළු ගලත් පැලෙනවා ඒකාන්තයි. ඒක තමා ධර්මයේ ආනුභාවය. මේ අළුත් යකා (අළුත් කිව්වට අළුත් නෑ, පරණ යකාට වඩා ඌ පරණයි - අපිට ඌ ගැන සිහියක් කලින් තිබ්බෙ නෑ) එක්ක හැප්පෙන්නෙත් පරණ යකා එක්ක හැප්පිලා ලබපු පන්නරය නිසාමයි.

    මේ යකා ලොකුවට පෙනුනට ඇතුල තනිකර බොල්. මේ අකිලීස් ගේ විළුඹ (දන්නවා නේ) මොකකින් වත් පරිස්සම් කොරන්න බෑ. ඒකට පළවෙනි වෙඩි මුරය එල්ල කොරලයි තියෙන්නේ. ඉතිං එක පාරක් තියල හරි යන්නෙ නෑ. වැටෙන කල් තියන්න ඕනා. ඒක කොරන්න අමාරුත් නෑ - ඔයාලාගේ ෆෝන් එකේ බොත්තම් වලින් හරිම ලේසියෙන් කොරන්නත් පුළුවන්.

    ඉතිං ඒ සුළු වැඩේ නිතර නිතර කොරන්න පුළුවන් නියම එළකිරි සිංහයින්ටයි මේ හදපතුලෙන් දණ නමා ආයාචනය !!!! 👊👊💪💪🙏🙏




     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,138
    3,993
    113
    What's happening today is "ආ රෝගියා පරමා ලාභා " - Every private hospital should have this on display at the entrance. :P
    Yeah that's how they prey on us., You go there for a broken finger and you will be asked to get 17 scans, 32 blood reports, and be directed to a physiotherapist for abdominal exercises. :rofl:
     
    • Like
    Reactions: imhotep
  • Apr 15, 2014
    5,817
    4,928
    113

    පළමු හටනේ පරිදි මෙන්ම මේ හටනේ ආරම්භයටත් ඉතාම සුබම සුබ පෙර නිමිත්තක් !!! 😍 😍

    goodsign.png
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,138
    3,993
    113
    පළමු හටනේ පරිදි මෙන්ම මේ හටනේ ආරම්භයටත් ඉතාම සුබම සුබ පෙර නිමිත්තක් !!! 😍 😍

    View attachment 103638
    නැති ගැම්මක් ගන්න උඹ ගන්න උත්සාහය දැකල මම හිනා වෙන්නේ. "කොරල කොරල කොරනවා" කියල කිව්වට ඉතුටු ටික ටවුමේ මොන්ටිසෝරි කොල්ලොන්ගේ ලැංවේජ් එක නේ.:rofl: උදාහරණයක්: "කොරල" කියල කියද්දී "ඕනා" කියන්න එපා. "ඕනෑ" කියපං. මොනවා හරි දෙයක් "කොරන්ට ඕනෑ". "ඔයාලා" කිව්වහම නිකං හෙළුවෙන් වගේ නේ. "උඹලා, තොපි" වගේ කියපන්. උඹ රඟපාන්න හදන චරිතෙට උවමනා භාෂාව උඹට නෑ. :rofl: :rofl: :rofl:
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Sinhala vedakama wenuwen handak thiyenna one. Thank you for dedicating your time on this
    ගැම්ම ගැම්ම - ඔය තියෙන්නේ ! 😍 😍 😍 අනික් එළකිරි සිංහයොත් සිංහ ධෙනුවොත් පෙරට වරෙල්ලා - මෙන්න මේ වගේ !! සිංහ හම පොරොවගත්තු හිවල්ලු ඉන්නවා මේකෙ - උන් බලාගෙන හිටපල්ලා :D :lol:
     
    • Like
    Reactions: ShiningStar

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,116
    198,654
    113
    Colombo, Sri Lanka
    බොහොම පින් - නමුත් මෙතෙන්දි ඕනා කරන්නේ බම්ප් එකකට වඩා මේ වෙනුවෙන් තමන්ට කළ හැකි සුළු දේ කුමක්ද කියලා කියන එකයි. :D

    අපි යාලුවෝ එකතුවෙලා බෙහෙත්ට ගන්න ගස් වවනවා. පොඩියට තමයි කරන්නේ. ගොඩක් ඉස්සර කාලෙ අත් බෙහෙත් වලට ගෙවතුවල තිබුන එව්වා ... (y) (y)
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    අපි යාලුවෝ එකතුවෙලා බෙහෙත්ට ගන්න ගස් වවනවා. පොඩියට තමයි කරන්නේ. ගොඩක් ඉස්සර කාලෙ අත් බෙහෙත් වලට ගෙවතුවල තිබුන එව්වා ... (y) (y)
    නියමයි - නමුත් මෙතෙන්දි ඕනා කොරන්නේ සිංහල වෙදකම රටේ ජාතික වෙදකම බවට පත් කිරීමේ අරගලයට දිරි ලැබෙන කටයුතුයි - ඒ වෙනුවෙන් මොනවාද ඔබතුමාට කළ හැක්කේ ?
     

    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    අපිට කරන්න පුලුවන් සුළු දේවල් මොනවද කියලා කිව්වනම් අපිටත් ඕකට සහබාගී වෙන්න පුලුවන් :love: :love: :love: . අපි හිත හිත කරන්න ගියොත් වැඩේ කල්‍ යනවනේ
     
    • Like
    Reactions: NRTG
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    අපිට කරන්න පුලුවන් සුළු දේවල් මොනවද කියලා කිව්වනම් අපිටත් ඕකට සහබාගී වෙන්න පුලුවන් :love: :love: :love: . අපි හිත හිත කරන්න ගියොත් වැඩේ කල්‍ යනවනේ
    අර මම thread series එකක් දැම්මේ "කොහොමද ඒක" කියලා - ඒකේ post පුළුවන් තරම් social media වල share කොරන්න තමයි තියෙන්නේ :D - ඒවාට compatible frame size වලින් තමා ඒවා හදලා තියෙන්නේ. ඉතිං කෙලින්ම දාන්න පුළුවන්.
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,116
    198,654
    113
    Colombo, Sri Lanka
    නියමයි - නමුත් මෙතෙන්දි ඕනා කොරන්නේ සිංහල වෙදකම රටේ ජාතික වෙදකම බවට පත් කිරීමේ අරගලයට දිරි ලැබෙන කටයුතුයි - ඒ වෙනුවෙන් මොනවාද ඔබතුමාට කළ හැක්කේ ?

    අපි ජීවත් වෙන්නේ ටිකක් නගර බදව. ඉඩම් එහෙම බොහොම සීමිතයි. මේ අත් බෙහෙත් වගාවෙන් අපි බලාපොරොත්තු වෙන්නේ නැවත මෙම බෙහෙත් ශාක වර්ග ගැන දැනුම තරුණ අය අතර බෙදාදෙන්න. මේකට වැඩිහිටියෝ උදව් දෙනවා ගස් හදුනාගන්න. දැනට මේක බොහොම සුළුවෙන් වෙන්නේ ඉඩ කඩ සීමිත නිසා
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Dan kiyapan api mokakda karanna one kiyala

    අර මම thread series එකක් දැම්මේ "කොහොමද ඒක" කියලා - ඒකේ post පුළුවන් තරම් social media වල share කොරන්න තමයි තියෙන්නේ :D - ඒවාට compatible frame size වලින් තමා ඒවා හදලා තියෙන්නේ. ඉතිං කෙලින්ම දාන්න පුළුවන්.

    🙏 💪👊👊👊