එළම සිංlish භාණ්ඩයක් සොයා ගත්තෙමි.......

rooshan2008

Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    එළම සිංlish භාණ්ඩයක් සොයා ගත්තෙමි.......

    "මින්මත්තට Sinhala/Tamil Unicode KIT අංගෝපාංග කට්ටලය (හෝ Vista Quick Fix කට්ටලය) ස්ථාපනයකින් තොරව අන්තර්ජාලය තුල සුපුරුදු විදියට සිංහල යුනිකෝඩ් කියවන්නටත්, තමන් කැමති යතුරුපුවරුවක් (විජේසේකර/ශබ්දානුකූල) භාවිතා කර සිංහල යුනිකෝඩ් යතුරුකරන්නටත් පුළුවන් කිව්වොත් ඔබ පිළිගන්නවද? හ්ම්! දැන් ඔබට එය පිළිගන්න වෙනවා."


    දැනෙන්නෙ පුදුම සතුටක්!

    මෙච්චරකල් අපි හැමෝන්ටම ලොකුම ලොකු අවශ්‍යතාවයක් වෙලා තිබුණු වැඩසටහනක් නිර්මාණය වෙලා.

    දැන් ඔබ ලෝකෙ කොහේ හිටියත්, ඇඩ්මින් බල ඇති/නැති මොන පරිගණකයක් භාවිතා කලත්, සිංහල යුනිකෝඩ් හිතේ හැටියට කියවන්නත්, මෙච්චර කල් ලොකු ගැටළුවක් වෙලා තිබුණු සිංහල යුනිකෝඩ් වලින් හිතේ හැටියට තමන් කැමති යතුරු පුවරුවක් (විජේසේකර/සිංglish) භාවිත කරලා යතුරු කරන්නත් පුළුවන්.

    ඔබේ පරිගණකයෙ සිංහල යුනිකෝඩ් ස්ථාපනය කරලා තිබීමවත්, සිංහල යුනිකෝඩ් බල ගැන්වූ ජංගම ගිනිහිවලෙක් [Sinhala Unicode enabled portable firefox] ස්ථාපනය කරලා තිබීමවත්, සිංහල යුනිකෝඩ් ෆෝන්ට ස්ථාපනය කරලා තිබීමවත් මේ සඳහා අවශ්‍ය වෙන්නෙ නෑ. අවශ්‍ය වෙන්නෙ ඔබේ පරිගණකයේ Firefox 3.5 වෙළුමක් ස්ථාපනය කරලා තිබීම පමණයි. කොටින්ම ඔබ භාවිත කරන්නෙ ඇඩ්මින් බල සහිත පරිගණකයක් වුනත්/නොවුනත් ඔබට මින් ඉදිරියට අන්තර්ජාලය තුල සිංහලෙන් ලියන්න සහ කියවන්න Sinhala/Tamil Unicode KIT එක ස්ථාපනය කර තිබීම අවශ්‍ය වෙන්නෙ නෑ.

    මොකද්ද මේ මහා පෙරළිය ?

    මේ මහා පුළුවන්කම ලැබිලා තියෙන්නෙ එකම එක මොසිල්ලා ඇඩෝනයක් නිසා. මේ ඇඩෝනයෙ නම qsFOX. ඒ කිව්වෙ Quick Sinhala for Firefox (ගිනිහිවලා සඳහා ක්‍ෂණික සිංහල).

    මේ ඇඩෝනය ස්ථාපනය කළාම ඔබේ Firefox status bar එකට අලුතින් අයිකන දෙකක් එකතුවෙනවා. දකුණු පැත්තෙ තිබෙන EN ලෙස සඳහන් අයිකනයෙන් දැක්වෙන්නෙ දැනට ක්‍රියාත්මක යතුරුපුවරුව. එහි දැක්වෙන්නෙ 'EN' නම් ඉංග්‍රීසි යතුරුපුවරුව (F8), 'වි' නම් විජේසේකර යතුරුපුවරුව (F9), 'සි' නම් සිංglish යතුරුපුවරුව (F12). මේ අයිකනය මත ක්ලික් කිරිමෙන් වගේම වරහන් තුළ දක්වපු යතුරුපුවරු කෙටිමං (Keyboard shortcuts) මගිනුත් ඔබට සක්‍රීය යතුරුපුවරුව තෝරගන්න පුළුවන්. (හරියට අපි language bar එකෙන් යතුරුකරන භාෂාව තෝරනවා වගේ) වම් පැත්තෙ තියෙන qsFOX අයිකනයෙන් ඔබට මේ ඇඩෝනයෙ භාවිතාවන යතුරුපුවරු සම්මුතීන් සහ ඇඩෝනය පිළිබඳ විස්තර බලාගන්න පුළුවන්. ඔය පහලින් දැක්වෙන්නෙ qsFOX අයිකනය ක්ලික්කල විට දිස්වන ආකාරය.




    මේ වටිනා නිර්මාණයේ නිර්මාණ කාර්යය (developed by) මොරටුව සරසවියෙ, පරිගණක විද්‍යා හා මැවිසුරු අධ්‍යයනාංශයෙ තෙවන වසර සොයුරෙකු වන ඉසුරු උදාන සොයුරාගෙන්. ව්‍යාපෘති සංකල්පය (concept) කොළඹ සරසවියෙ පරිගණක අධ්‍යයන ආයතනයෙ තෙවන වසරෙ සොයුරෙක් සහ අපේ සහෝදර සිංහල බ්ලොග්කරුවෙක් වන පහන් සොයුරාගෙන්. මේ දෙන්නම පාසල් කාලයෙ ඉඳං යාළු මිත්‍රයො බව තමයි ආරංචිය.

    තව පුංචි දෙයක් තියෙනවා කියන්න. යම් නිර්මාණයක් බිහිවෙද්දි ඒක නිර්මාණය වෙන්නෙ මොරටුවෙන්ද, කොළඹින්ද, ජපුරෙන්ද, පේරෙන්ද, රුහුණෙන්ද, SLIIT එකෙන්ද කියන එකට වඩා වැදගත් වෙන්නෙ ඒ නිර්මාණයෙන් අපේ රටට වෙන සේවය කෙබඳුද කියන එක. නේද? කොහෙන් නිර්මාණය වුනත් ඒකෙ ඵල ප්‍රයෝජනය තියෙන්නෙ අපි හැමෝන්ටමනෙ නේද? නැතුව හදපු තැන අයට විතරක් නෙමෙයිනෙ. ඉතිං අපි හැමෝම මේ නිර්මාණයෙන් ප්‍රයෝජන ගමු.

    අපේ මේ සිංහල බ්ලොග්කරණයට මේ වගේ අංග උපාංග එකතු වීමෙන් වෙන්නෙ සිංහල බ්ලොග්කරණය තව තවත් දිරිගැන්වෙන එක. කොටින්ම දැන් අපිට වැඩපලේදි සරසවියෙදි විතරක් නෙමෙයි අපේ නංගිලා මල්ලිලාට උනත් කිසිම කරදරයක් නැතුව ඉස්කෝලෙදි උනත් බ්ලොග් පෝස්ටයක් ලියලා පළ කරන්න පුළුවන් දැන්.

    මේ සිංහල බ්ලොග්කරණය දිනෙන් දින දිරිගැන්වීමෙන් වෙන්නෙ මේ අන්තර්ජාලයෙ තියෙන සිංහල අන්තර්ගතය (Content එක) දිනෙන් දින වැඩි වර්ධනය වෙන එක. ඉතිං ඒකම නේද අපේ මේ සිංහල බ්ලොග්කරුවන්ගෙ ඒකායන අරමුණ? මේ අන්තර්ජාලයෙ තිබෙන සිංහල අන්තර්ගතය වැඩි උනොත් විතරයි කවදාහරි දවසක අපිට අන්තර්ජාලයේ තිබෙන ඕනෑම දැනුමක් සිංහලෙන් ලබා ගන්න පුළුවන්කම ලැබෙන්නෙ. මේ සඳහා සිංහල බ්ලොග්කරුවන්ගෙන් ඉටුවෙන සේවය නම් අමිලයි. ඒත් ඉතිං තාම ඒක වගකිවයුත්තන්ට නොතේරීම නම් කණගාටුදායකයි.

    ‍ඒ මොනා උනත් අපි කරමු අපේ වැඩේ. අපිට ලැබෙන මේ සෑම අංගෝපාංගයකින්ම සන්නද්ධ වෙලා උරදෙමු මේ අන්තර්ජාලයේ තිබෙන සිංහල අන්තර්ගතය වැඩි වර්ධනය කරන්නට!

    සිංහල බ්ලොග්කරුවන්ට ජය!
    මේ විශිෂ්ට නිර්මාණය බිහි කළ ඉසුරු උදාන සහ සංකල්පය සැපයූ පහන් යන සොයුරන්ට ප්‍රණාමය!


    යාවත්කාලීනකරණය
    මෙම qsFox ඇඩෝනය පිළිබඳ එහි නිර්මාපකයාණන් (developer) වන ඉසුරු උදාන ඉංග්‍රීසි බසින් පළ කළ ලිපිය:
    http://mytecheye.blogspot.com/2009/12/qsfox.html

    උපුටා ගැනීම
    Code:
    http://dhanikauom.blogspot.com/2009/12/qsfox.html

     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ස්තුතියි යාලුවා අපිත් එක්ක බෙදා ගත්තාට..
    රෙප් +

    (යාලුවා කොපියක් වුනත් අපිට වෑදගත් වෙන දෙයක් හින්දා, ත්‍රේඩ් එකට දාන කොට අකුරු පොඩ්ඩක් ලොකු කරලා දාන්න... )
     
    • Like
    Reactions: rooshan2008

    sasanka06

    Active member
  • May 31, 2009
    323
    27
    28
    38
    මේක නම් එලම එල...... :)ලේසිත් එක්ක.... :)බොහොම ස්තූතියි යාලුවා.....:):) රෙප් දෙන්න බෑලු... :(
     

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    හ්ම්ම්ම්ම්.....මම හිතුවෙ මේක ගොඩක් ප්‍රසිද්ධ ඇති කියලායි...මම දැනට මාස 8 ක විතර ඉඳන් මේක පාවිච්චි කරනවා...

    කොහොම උනත් නොදන්න අය වෙනුවෙන් හැමෝටම කිව්ව එක ගොඩාක් වටිනවා...

    :):):):):)