කලින් පොලිසිය ඇල්ලුවේ කොළඹට එන බෝම්බ ලොරි. දැන් අල්ලන්නේ ප්ලාස්ටික් කූඩ නැති එළවලු ලොරි. අනේ මෙහෙමත් නීතියක්. ආණ්ඩුව හැම වෙලාවේම කරන්නේ දුප්පත් මිනිහගේ බඩට ගහන එක. මේක හොඳ දෙයක් උනාට ලංකාවට ප්‍රායෝගික නැහැ. ගොඩක් එළවලු වවන ගොවියෝ බොහොම දුක් මහන්සියෙන් වවලා කීයක් හරි හම්බු කරන එකටත් මෙහෙම නීතියක් දාලා මේ මිනිස්සු කොහොමද එළවලු වෙළඳ පොළට යවන්නේ? මේවට අමතරව ගොවියට වියදමක් දරන්න වෙනවා. විකුණලා ඔය කූඩ අපහු ගෙදර ගෙනියන්න තව කට්ටක් කන්න වෙනවා. මේවා ප්‍රායෝගික නැහැ. තව එකක්. ලංකාවේ මිනිස්සු මෙච්චර කල් කෑවේ ප්ලාස්ටික් කූඩ වල ආපු එළවලුද? මාර විහිලු තමයි මේවා. කොහේ හරි ආණ්ඩුවේ හෙන්චයියෙකුගේ ප්ලාස්ටික් කූඩ විකුණගන්න ගෙනාපු නීතියක් තමයි මේක. 

නීතිය කඩකළ එළවළු
ලොරි 40 ක් කොළඹදී අල්ලා දඩ ගසයි
අකිත පෙරේරා, සීගිරිය සරත් එරමිණිගම්මන
සහ පුත්තලම නලීන් හෙන්ඳුරුගොඩ
එළවළු සහ පලතුරු කූඩ තුළ අසුරා ප්‍රවාහනය කළ යුතු බවට රජය විසින් පනවන ලද නීතිය උල්ලංඝනය කරන ලද ලොරි රථ හතළිහක් කොළඹ ස්‌ථාන දෙකකදී පොලිසිය විසින් ඊයේ (12 දා) අත්අඩංගුවට ගෙන තිබේ. හංවැල්ල සහ කැලණි පාලම ආසන්නයේදී පිළිවෙළින් ලොරි 23 ක් සහ 17 ක් අත්අඩංගුවට ගෙන උසාවි වෙත ඉදිරිපත් කර ඇත. ඒ අනුව ඔවුන්ට රුපියල් 8000 බැගින් දඩ නියම වූ අතර පසුව එම එළවළු තොග කොළඹ මැනින් තොග වෙළෙඳපොළ වෙත යවනු ලැබීය.
එළවළු සහ පලතුරු වර්ග නිසි පරිදි ප්‍රවාහනය කරන්නේද පිළිබඳව සොයා බැලීමට කොළඹ දිස්‌ත්‍රික්‌කයේ කැලණි පාලම, හංවැල්ල, රත්මලාන - ගොළුමඩම, කොටිකාවත්ත, පහත්ගම යන ස්‌ථානයන්හිද දිවයින පුරා ස්‌ථාන 17 කදී පරීක්‍ෂා කිරීමේ ස්‌ථාන යොදවා ඇතැයි පාරිභෝගික කටයුතු අධිකාරිය කියා සිටී.
2011 ඔක්‌තෝබර් 17 වැනි දින නිකුත් කරන ලද අංක 1728/5 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය මගින්, එළවළු වර්ග 24 ක් සහ පලතුරු වර්ග 13 ක් ප්‍රවාහනයේදී, රැස්‌කිරීමේදී සහ ගබඩා කිරීමේදී ප්ලාස්‌ටික්, ඝන කඩදාසි හෝ දැවවලින් සකසා ඇති ඇසුරුම් භාවිත කළ යුතුය.
එම නීතිය පෙරේදා (11 දා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වේ.

ei...

den koeda innay...?