එළවළු මිල විශාල ලෙස ඉහළට...Thanks AKD‼️

G Starlin

Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    ප්‍රදේශ කිහිපයක ආර්ථික මධ්‍යස්ථාන ආශ්‍රිතව එළවළු මිල ගණන් පසුගිය සතියට සාපේක්ෂව ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අද (29) බෝංචි කිලෝවක තොග මිල රුපියල් 350ත් 400ත් අතර මිලකට අලෙවි වන අතර අමුමිරිස් කිලෝවක මිල ඉහළ ගොස් ඇත්තේ රුපියල් 800ත් 900ත් අතර මිලකටය.

    මීට අමතරව කැරට්, ලීක්ස්, තක්කාලි ඇතුළු එළවළු වර්ග කිහිපයකම මිල ඉහළ ගොස් තිබේ.

    මේ අතර පසුගිය සතියට සාපේක්ෂව අද දිනය වන විට දේශීය වෙළෙඳපොළේ උඩරට සහ පහතරට එළවළු මිල ද සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව එළවළු සිල්ලර වෙළෙඳුන් පවසයි.

    ඔවුන් පවසන්නේ රුපියල් 160කට පැවති වට්ටක්කා කිලෝවක මිල මේ වන විට රුපියල් 300-400ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් ඇති බවය.

    තවද අනෙක් සෑම එළවළු වර්ගයකම කිලෝවක මිල මේ වන විට රුපියල් 500-800ත් අතර සිල්ලර මිලකට අලෙවි වන බවත් ඔවුන් පවසයි.

    අමු මිරිස් කිලෝවක් රුපියල් 1400, නයි මිරිස් කිලෝවක් රුපියල් 1500, තක්කාලි කිලෝවක් රුපියල් 600-800ත් අතර මිලකට අලෙවි වන බවද ඔවුන් පැවසීය.
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,075
    113
    issarahata payana kalayak enne,

    lankawe elawalu transport karaddi wena wastage eka wadi,

    humidity + heat eakath ekka kade athule thiyena elawalu tikath ikmanata sawuththu wenawa

    ganan wadi weyi boho durata