||| එළවළු වලින් ලැබෙන පෝෂණය මෙන්න |||
බත්පත රසවත් කරන එළවළු අපට දිනපතාම අවශ්‍ය වෙනවා. විවිධ පෝෂණ ගුණ සපිරි එළවළු ලොකු කුඩා කාගේත් පෝෂණය සපයන අත්‍යාවශ්‍ය දෙයක්. අද අපි එක් එක් එළවළු වර්ග හා ඒවායින් ලැබෙන පෝෂණය ගැන දැනුවත් වෙමු. ශාක පටකවල ආහාරයට ගත හැකි කොටස් එළවළු නමින් හැඳින්වේ. මෙම එළවළු නැටි හා කොළ එළවළු, ගෙඩි එළවළු, මල් එළවළු, ඇට වර්ග, කරල් එළවළු, අල හා ආකන්ද යනුවෙන් කොටස් කිහිපයකි. මෘදු මස තිබෙන බොහෝ ගෙඩි වර්ග එළවළු ගණයට වැටේ. තක්කාලි කොස්, දෙල්, පිපිඤ්ඤා, වට්ටක්කා, ආදිය උදාහරණ වේ. ඉහත පෙන්වා දී ඇති පරිදි ශාක පත්‍ර, නටු, දඬු, පුෂ්පමංජරී, ආකන්ද, බල්බ, ශාක මුල්, ගෙඩි සහ බීජ යන ශාකයක සෑම කොටසක්ම එළවළුවක් වශයෙන් ආහාරයට ගත හැකියි. එක් එක් ශාක කොටස මගින් ඉටු කරන කෘත්‍ය අනුව ඒ ඒ ශාක කොටසෙහි අඩංගු පෝෂ්‍ය ගුණ ද විවිධ වේ.
ශාක පත්‍ර ශාකයක ප්‍රභාසංස්ලේෂණය සිදුවන ප්‍රධාන මධ්‍යස්ථානය ශාක පත්‍රයි. එම කි‍්‍රයාවලිය සඳහා අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ සියල්ල ශාක පත්‍රවල අඩංගු වේ. පත්‍ර මගින් නිපදවනු ලබන පිෂ්ඨය සහ සීනි මුල්, බල්බ සහ ආකන්ද ආදියෙහි තැන්පත් කෙරේ. ශාකයේ කොටස් දරා සිටීමට දඬු සහ නටු උපකාර වන බැවින් ඒවා සමන්විත වන්නේ සාමාන්‍යයෙන් ජීර්ණය නොවන දැඩි සෙලියුලෝස් වලිනි. එහෙයින් දඬු සහ නටු ආදියෙහි ආහාර අගයක් එතරම් නැත. බීජ, පුෂ්ප, පලතුරු ආදියෙහි ප්‍රෝටීන, කාබෝහයිඩ්රේට්, මේද, ඛණිජ සහ විටමින යම් ප්‍රමාණයක් අඩංගු වේ. අලුත් එළවළුවල 84% - 96% ක් පමණම ජලය අඩංගු වේ. මීට අමතරව ප්‍රෝටීන්, කාබෝහයිඩ්රේට්, පොටෑසියම්, කැල්සියම්, යකඩ, පොස්පරස්, ඊ විටමින්, කැරොටින්, තයමින්, රයිබො ෆ්ලෙවින් සහ කේ විටමින් සුළු වශයෙන් ඇත. කාබෝහයිඩ්රේට් වැඩිපුර අඩංගු එළවළු අතුරින් දෙල්, කොස්, අළු කෙසෙල් වැනි පිටි සහිත එළවළුවල වැඩි කැලරි අගයක් ඇතත් සාමාන්‍යයෙන් අනෙක් එළවළු වර්ගවල ඇත්තේ අඩු කැලරි ප්රමාණයකි. පතෝල, පුහුල්, ලබු, නිවිති ආදී එළවළු ග්‍රෑම් 100 කින් සැපයෙන කැලරි ප්‍රමාණය මෙසේය. අළු කෙසෙල් කැලරි - 67, දෙල් කැලරි - 113, කොස් කැලරි - 51 කොස් ඇට කැලරි - 135, පුහුල් කැලරි - 10, පතොල කැලරි 12, නිවිති කැලරි 20 මේ හැර ආහාරයට ගැනෙන සමහර අල වර්ගවලින් වැඩිපුර කැලරි ප්‍රමාණයක් සැපයෙන අතර බත් වෙනුවට ගත හැකි ආදේශක ආහාරයක් ද වේ. මඤ්ඤොක්කා ග්‍රෑම් 100 කින් කැලරි වැඩි ප්‍රමාණයක් ලැබෙන නමුත් ආකන්ද ගණයට වැටෙන එළවළු වලින් සැපෙයෙන්නේ ඉතා අඩු කැලරි ප්රමාණයකි. උදා - රාබු ග්‍රෑම් 100 කින් කැලරි 17 නොකෝල් ග්‍රෑම් 100කින් කැලරි 21 ටර්නිප් ග්‍රෑම් 100 කින් කැලරි 29 එළවළුවල එයට ආවේනික වූ රසය එක් කරන්නේ එහි අඩංගු කාබනික අම්ල, සුළු සීනි ප්‍රමාණය, ලවණ වර්ග හා වාෂ්පවන සුලු සල්ෆර් සංයෝග වර්ග වලිනි. එසේම ටැලික්, සිටි්රක්, ඔක්සලික් යන වාෂ්පශීලී නොවන අම්ලයන් ද ඇත. සමහර එළවළු එනම් ගෝවා, මල් ගෝවා, රාබු, ලූනු, ආදියෙහි ඊට ආවේණිකවූ රසය ඇති කරන්නේ වාෂ්පවන සුලු සල්ෆර් සංයෝග නිසාය. කොළ එළවළුවල එයට ආවේනික හැඩය ආරක්ෂා කරනුයේ සෙලියුලෝස් වලිනි. එනම් පැළෑටිවල සෛල බිත්ති සෙලියුලෝස් වලින් සෑදී ඇති අතර එහි අඩංගු ජලය මගින් හැඩය ආරක්ෂා වේ. ජලය නැතිවූ විට කොළ හැකිලේ. මැලවේ.
ගෙඩි එළවළු ගෙඩි එළවළු අතරින් ප්‍රධාන තැනක් කොස්වලට හිමිවේ. එයට හේතුව ශී‍්‍ර ලංකාවේ බොහෝ ගෙවතුවල මේ ගස දක්නට ලැබීමයි. මෙහි විශාල ගෙඩි සමුහයක් ඇතිවේ. ඉඳුණු මදුළු පැණි රසය. ළපටි කොස් එළවළුවක් වේ.
මේරූ කොස් තම්බා හෝ ව්‍යාංජනයක් ලෙස සැකසිය හැකියි. කොස් මදුළු හා ඇටවල කාබෝහයිඩ්රේට් අධික ප්‍රමාණයක් ඇත. කොස් ගස මෙන්ම දෙල් ගස ද පහතරට ප්‍රදේශවල හොඳින් වැඩේ. තම්බා, ව්‍යාංජන ලෙස හෝ බැදගෙන ආහාරයට ගත හැකියි. දෙල්වල කාබෝහයිඩ්රේට් සහ තයමින් අධික ප්‍රමාණයක් ඇත. වම්බටු ද මෙයට අයත්ය. ප්‍රෝටීන, කාබෝහයිඩ්රේට්, ඛණිජ සහ විටමින් විශේෂයෙන් කැරොටින් අඩංගු වේ. තක්කාලි ද කැරොටින් අඩංගු කහ රතු පැහැති එළවළුවකි. සෝස්, සලාද, චට්නි, ජෑම්, අච්චාරු සෑදීම සඳහා තක්කාලි ප්‍රයෝජනයට ගනී. මෙහි කැරොටින්, තයමින්, යකඩ සහ විටමින් සී සැලකිය යුතු ප්‍රමාණයක් ඇත.
වැල්වල හටගන්නා එළවළු පතෝල, අළුපුහුල්, වට්ටක්කා, වැටකොළු, කරවිල, පිපිඤ්ඤා, කැකිරි ආදිය මෙයට අයත්ය. අළුපුහුල් දෝසි සෑදීම සඳහා ද එළවළුවක් වශයෙන් ද භාවිතා කරයි.වට්ටක්කා මසින් පිරි කල් තබා ගත හැකි ගෙඩි වර්ගයකි. කැරොටින් වලින් පොහොසත්ය. වැටකොළු මෘදු රසවත් එළවළුවකි. කරවිල තිත්ත රසයෙන් යුත් යකඩ, කැරොටින් සහ සී විටමින් සෑහෙන ප්‍රමාණයක් ඇති එළවළුවකි. පතෝලවල වැඩි වශයෙන් අඩංගු වී ඇත්තේ ජලයයි. ඛණිජ සහ විටමින් ද සුළු ප්‍රමාණයක් අඩංගු වේ. පිපිඤ්ඤා වල ද ජලය අධික ප්‍රමාණයක් අඩංගුයි. එහෙත් එහි ඇති පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණය අඩුයි. ලැබෙනුයේ කැලරි 30 කි. මාළු මිරිස්වල සැර ගතියට හේතුව කරල පුරා පැතීර ඇති කැප්සිසින් නමැති ෆිනෝලික සංයෝගයයි. බොහෝවිට මෙම සංයෝගය කරල මැද පිහිටි ඩ්ම්බ බන්ධයෙහි එක් රැස්වී පවතී වියළි මිරිස්, අමු මිරිස් වලට වඩා සැරය. සී විටමින් හා රයිබොෆ්ලෙවින් සැලකියයුතු ප්‍රමාණයක් මිරිස්වල අඩංගුය.
මල්වලින් එළවළු එළවළුවක් වශයෙන් ප්‍රයෝජනයට ගන්නා මල් අතර මල් ගෝවාවලට මුලික තැනක් හිමිවේ. මේවායේ ප්‍රෝටීන සැලකිය යුතු ප්‍රමාණයක් ඇත. බිම්මල් ද මේ ඝනයට වැටේ. මේවා දිලීර වර්ගයක ඵල වේ. බිම්මල්වල ප්‍රධාන වශයෙන් ජලය අඩංගුවී ඇත. නමුත් ප්‍රෝටීන් කැල්සියම්, තයමින් සහ රයිබොෆ්ලෙවින් ආදියත් ඇත. කතුරුමුංගා මල් ද මෙම ඝනයට අයත්ය. කාබොහයිඩ්රේට්, කැල්සියම්, කැරොටින් සහ තයමින් සෑහෙන ප්‍රමාණයක් මෙන්ම අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ ද අඩංගුයි. කෙසෙල් මුහ ද මල් එළවළුවකි. කාබෝහයිඩේට්, ඛණිජ, විටමින් සුළු ප්‍රමාණයක් කෙසෙල්මුහවල අඩංගුයි.
බොහෝ දෙනාගේ දැනුමට උපුටා ගන්නා ලද්දකි..