එළාර එළදෙන සහ වහුපැටියා
එළාර එළදෙන සහ වහුපැටියා
එළාර බොහෝ ධර්මිෂ්ඨ පාලකයෙක් ය කියල ප‍්‍රසිද්ධයි. එළාරගේ ධර්මිෂ්ඨකම පෙන්වන්නේ මහාවංශයේ සදහන් කතාවක් උදාහරණයට දක්වමිනුයි. එළාරගෙ මාළිගාව ඉස්සරහ තිබුණලූ ඝන්ඨාරයක්. රටවැසියෙකුට යම් කිසි අසාධාරණයක් සිදුවුන විට නීතියෙන් ඒකට සාධාරනය ඉටු වුනේ නැතිනම් ඒ ඝණ්ඨාරෙ ගැහුව විට එළාර රජු වහා ඒ ගැන හොයල බලා නීතිය විසදුවාලූ. එක දවසක් එළාරගෙ පුතා රථය නොසැලකිල්ලෙන් පදවා වහුපැටියෙක්ව හප්පා මරා දැම්ම. එළදෙන මාළිගා දොරටුවට ඇවිත් ඝණ්ඨාරෙ ලණුව ඇද්ද. එළාර මේ ගැන හොයාබලා පුතා කළ වරද දැනගෙන ඒ විදිහටම කරත්තයේ හප්පල පුතාව මරා දැම්මුවා කියල තමා කතාවෙ කියවෙන්නෙ.
ශ‍්‍රී ලංකාව කඩා වෙනම දෙමළ රාජ්‍යයක් ඇතිකරන්ඩ උපකාර වෙන වැඩකරපු ලංකාවේ සමාජ විද්‍යාඥයින් ඉතිහාසඥයින් ලියපු පොත පතේ ඔවුන් මේ කතාව සදහන් කරනව. එළදෙන වාගෙම නුවණ තියෙන බව පෙන්වන ඒ උගත්තු ගැන නොවෙයි මේ ලියන්නේ. පහුගිය මාසයේ කොලට් සේනානායක සහ නාරද කරුණාතිලක විසින් දෙමළ වංශයට පුර්විකාවක් නමින් පොතක් ප‍්‍රසිද්ධියට පත්කෙරුව. මේකෙ තියෙනව සිලප්පාදිකාරම් කියන දෙමළ කාව්‍යය පිළිබදව විස්තරයක්. ඒකෙ හැටියට චෝල රටෙත් මේ ජනශ‍්‍රැතිය පැවතිලා තියෙනව. හැබැයි ඒහෙ එළාර කෙනෙක් ඉදල නෑ. චෝල රජුගේ යුක්තිගරුක භාවය කීම සදහා යි එළදෙනගෙ කතාව භාවිතා කරල තියෙන්නෙ. මෙහෙම බැලූවිට මේක රටවල් කිහිපයකම පැවති ජනශ‍්‍රැතියක්.
ශ‍්‍රී ලංකාව ආක‍්‍රමණය කරමින් අනුරාධපුර රාජධානිය පැහැරගෙන රට පාලනය කරන්ඩ ගත් එළාර නැමැති පාලකයා පිළිබදව ඉතිහාසඥයින් අතරේ මතභේද පවතිනව. හේතුව එළාර මෙන්ම අනුරාධපුර රාජධානිය ආක‍්‍රමණය කරපු හැම ආක‍්‍රමණිකයෙක්වම මහාවංශයේ සදහන් වෙන්නේ ද්‍රවිඩ යන නමින් හින්ද. අනුරාධපුර රාජධානිය වු සමයේ ලංකාව ආක‍්‍රමණය කළ සමහරෙක් ආක‍්‍රමණිකයින් ජාවකයන් බවට ස්ථිර තොරතුරු තියෙනව. මහානාම හිමියන් මේ තොරතුරු නොදැන සියලූ ආක‍්‍රමණිකයන් ද්‍රවිඩයින් වශයෙන් හැදින්වුවා නොවෙයි. දෙමළ නමින් ජාතියක් පුරානයේ විසුවේ නැතිය කියල තමා දෙමළ වංශයට පූර්විකාවක් කියන පොතේ පෙන්වා දෙන්නෙ. පුරානයේ දකුණු ඉන්දියාවේ චෝල පාණ්ඩ්‍ය සත්‍යපුත‍්‍ර කේරල පුත‍්‍ර නම් රාජධානි හතරක් මිස දෙමළ කියල රටක් තිබිල නෑ කියල තමා ඒ කර්තෘවරු කියන්නෙ.
දැන් අපේ මාතාකාව එළාරනෙ. ආචාර්ය හේමා ගුණතිලක මහත්්මිය ලියු ශ‍්‍රී ලංකා බුරුම ඉතිහාස සබදතා කියන ඉංග‍්‍රිසි පොතේ සදහන් වෙන විදිහට මහාවංශයේ සදහන් සමහර ඉතිහාස පුවත් බුරුමයේ පන්සල්වල චිත‍්‍රයට නගා තියෙනව. එළාරගෙ එළදෙනගෙ කතාවත් පන්සල් චිත‍්‍රයක ඇති බව සදහන් කරන ආචාරිණී ගුණතිලක එළාර චිත‍්‍රයක් පොතේ අඩංගු කරල තියෙනව. ඉහළින් පෙන්වන්නෙ එම චිත‍්‍රයයි.

Code:
Source
http://www.toplankanews.com/index.php?option=com_content&view=article&id=3536:2010-08-14-01-40-25&catid=4:yaka&Itemid=2