එ ජා පෙට මොකද වෙන්නෙ?

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    ජනතා විමුක්්ති පෙරමුණ ඇතුලූ මංගල සමරවීරගේ මනෝ ගනේෂන්ගේ වැනි දේශපාලන පක්ෂ එක්සත් ජාතික පක්ෂය සමග සමාන කිරිමට නොහැක. එක්සත් ජාතික පක්ෂය යනු අගමැතිවරුන් ජනාධිපතිවරුන් බිහිකළ ලංකාවේ පැරණිම දේශපාලන පක්ෂයයි. එහෙත් එ ජා පය අද හැසිරෙන්නේ ජ වි පෙටත් අන්ත අසරණ ලෙසිනි. ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් ඉදිරිපත් කර ජයගැනිමට නොහැකි බව දන්නා ඒ පක්ෂ විදිහටම එ ජා පයත් සිතයි. කටයුතු කරයි.

    එහෙත් එ ජා පයේ පැරණි නායකයින් එසේ සිතු අය නොවේ. හොදම උදාහරණය 1956 මැතිවරණයෙන් අන්ත පරාජයක් ලැබු එ ජා පක්ෂය යළි ගොඩනැංවු පිළිවෙලයි. රනිල් වික‍්‍රමසිංහට එපරිද්දෙන් පක්ෂයට නව ජිවයක් දෙන්ඩ නොහැකිවීමට ප‍්‍රධානම හේතුව ඔහු ශ‍්‍රී ලංකා සමාජය පිළිබද නිවැරදි වැටහිමක් ඇතිකරගෙන නොසිටීමයි. කතා වලදී ඉතිහාසය කියවන නමුදු ඔහු ලංකාව සිංහල රට වශයෙන් පිළිනොගනි. ඒ බව මෑතකදී ඔහු ලියු පොත් පිංචෙන් පවා ප‍්‍රකාශවේ.

    ජේ ආර් ජයවර්ධන ලංකාව සිංහලයින්ගේ රට වශයෙන් පිළිගත්බවක් අදහස් මෙයින් අදහස් නොකෙරේ. ජයවර්ධන කිසිවිටක එවැනි හැගිමකින් කටයුතු කළේ නැත. නමුත් බලය ලබාගන්නා තෙක්ම තමාගේ සිතුවිලි හෙලි නොකර මහජනයා මුළාකිරීමට ඔහු දක්ෂවුනි. සිංහල බෞද්ධ ජනයා මුලාකිරිමට ගැසු ධර්මිෂ්ට සමාජය නැමැති තුරුම්පුවම ඊට ප‍්‍රමාණවත් සාක්ෂියකි.

    රනිල් වික‍්‍රමසිංහට තුරුම්පු නැත. ඔහු හැමවිටම බටහිර උපදේශකයින් ගේ උපදෙස් පිළිපදින්නෙකි. මේ නිසා දේශපාලන දොන් ජුවන් ධර්මපාල කෙනෙක් වගේ ජනතාව දකී. මෙබදු නායකයෙක් පත්කර රට ජාතිය විනාශකර ගැනිමට ජනතාව කැමති නැත.

    මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය කිරිමට තමන්ට බැරිබව රනිල් වික‍්‍රමසිංහ පිළිගනියි. පොදු අපේක්ෂකයෙක් සදහා කැමැත්ත ප‍්‍රකාශකිරිමෙන් පැහැදිලි කෙරේ. ප‍්‍රශ්නය වික‍්‍රමසිංහගේ දුර්වලකම නිසා පක්ෂය විනාශවියාමයි. එ ජා පක්ෂයේ ලොකු ලොක්කන්ට නම් මොන ආණ්ඩුව ආවත් වැඩ ගන්ට හැකියාව තිබේ. ඒත් පක්ෂයට කතිරය ගහන පොඩි මිනිහාට සිදුවන්නේ කුමක්ද?

    එ ජා පක්ෂයට ආදරයක් ඇත්නම් රනිල් වික‍්‍රමසිංහ කළයුතු හොදම කාරිය විශ‍්‍රාම ගැනීමයි. රනිල් වික‍්‍රමසිංහ පක්ෂ නායකත්වය දරනා තෙක් ජෙනරාල් සරත් ෆොන්සේකා වැන්නන් සියයක් ආවත් ජනාධිපතිවරණයක් දිනාගැනිමට නොහැක. හේතුව ජනාධිපතිවරණයෙන් පසුව අගමැතිකම රනිල් වික‍්‍රමසිංහට යන බව මහජනයාට වැටහිමයි.
     

    freezzer

    Junior member
  • May 12, 2009
    99
    1
    8
    agamathi kawda kiyala thoranne janadipathiwaranayen nemei.... ekata parlimenthu mathiwaranayak thiyanawa.. ethakota minissu Ranilayage pakshayata chande denne ne... anyway.. danata api SARATH FONSEKA