ඒකීයභාවය

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    "විසි වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇති ඇතැම් අඩුපාඩු සම්බන්ධයෙන් ආණ්ඩු පක්‍ෂ රැස්වීමේදී අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්තී‍්‍ර නීතිඥ පේ‍්‍රමනාත් සී දොලවත්තගෙන් ඊට හේතු විමසීමට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ කටයුතු කර ඇතැයි වාර්තා පළ වනවා.

    ඒ පිළිබද අවවාද කරමින් එම මන්තී‍්‍රවරයාට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර සාගර කාරියවසම් විසින් ලිපියක්ද යවා ඇති බවටයි වාර්තා වන්නේ.

    ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 53 වන වගන්තියේ ඇති රටේ ඒකීයභාවය සුරකින බවට වූ වගන්තිය නව ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් නොවීම සම්බන්ධයෙන් මෙම මන්තී‍්‍රවරයා ආණ්ඩු පක්‍ෂ රැස්වීමේදී අදහස් පළ කර ඇතැයි සදහන්.

    ඊට සංශෝධන ගෙනආ යුතු බවටයි ඔහු එහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කර ඇත්තේ. සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල ඊයේ පැවසුවේ 20 වන ව්‍යවස්ථා සංශෝධනයේ ලේඛණවල ඇති අඩුපාඩු කමිටු අවස්ථාවේදී සංශෝධනය කරන බවයි"

    බයි ආතල් කෙලවරක් නෑ වගෙ, හොදම හරිය ඉස්සරහට වගේ