ඒක-පාර්ශ්වික ආදරයක්...
හිතවත්කම් දළු ලාගෙන එනකොට..
හිත ඇතුලේ නැත වාරණයක්...
දහසක් මල් පිපිලා එළි වැටුනේ...
හද පතුලේ රන් ආකරයක්....
නුඹ ගැන ලියන්න කවි පද ගොතන්න..
නලියයි සිතුවිලි සාගරයක්....
නුඹට නැති උනේ...මට අහිමි උනේ..
ඒක-පාර්ශ්වික ආදරයක්...
අනන්තයෙන් ආ තරු කුමරෙක් නම්...
අනන්තයට යයි ඔබ කැන්දා.....
වසන්තයෙන් ආ මුදු සුලඟක් නම්...
සිසිලස ගෙනදෙයි ගත බන්දා...
මටම නොතේරෙන අරුමය කිමදැයි...
නුඹවත් පවසන් නැති හින්දා.....
මිතුරු දමින් පෙම් සිතුවිලි වැසුමට...
ඉඩක් නැතිව මා දුක් වින්දා....
හිත් ඇතුගේ තෙරපෙන සිතුවිල්ලකි..
නුඹටත් ඔය තරමට වද දෙන්නේ....
නිස්කාරනයේ දුක් වෙනු මිසකා....
කෙදිනකවත් නෑ මෙමට කියන්නේ...
හද පතුලේ නලියන පෙම මාගේ...
කවදාවත් නෑ තේරුම් ගන්නේ....
මිරිඟුව පසුපස දිවගොස් කොහොමද...
අත්පොඩියක් තනි අතින් ගහන්නේ ?
හිත ඇතුලේ නැත වාරණයක්...
දහසක් මල් පිපිලා එළි වැටුනේ...
හද පතුලේ රන් ආකරයක්....
නුඹ ගැන ලියන්න කවි පද ගොතන්න..
නලියයි සිතුවිලි සාගරයක්....
නුඹට නැති උනේ...මට අහිමි උනේ..
ඒක-පාර්ශ්වික ආදරයක්...
අනන්තයෙන් ආ තරු කුමරෙක් නම්...
අනන්තයට යයි ඔබ කැන්දා.....
වසන්තයෙන් ආ මුදු සුලඟක් නම්...
සිසිලස ගෙනදෙයි ගත බන්දා...
මටම නොතේරෙන අරුමය කිමදැයි...
නුඹවත් පවසන් නැති හින්දා.....
මිතුරු දමින් පෙම් සිතුවිලි වැසුමට...
ඉඩක් නැතිව මා දුක් වින්දා....
හිත් ඇතුගේ තෙරපෙන සිතුවිල්ලකි..
නුඹටත් ඔය තරමට වද දෙන්නේ....
නිස්කාරනයේ දුක් වෙනු මිසකා....
කෙදිනකවත් නෑ මෙමට කියන්නේ...
හද පතුලේ නලියන පෙම මාගේ...
කවදාවත් නෑ තේරුම් ගන්නේ....
මිරිඟුව පසුපස දිවගොස් කොහොමද...
අත්පොඩියක් තනි අතින් ගහන්නේ ?



