ඒඩ්ස් රෝගය අපට කියා දුන් පාඩම්

Aug 4, 2009
3,094
582
0
Colombo
ඒඩ්ස් රෝගය අපට කියා දුන් පාඩම්

ඒඩ්ස් රෝගය අපට කියා දුන් පාඩම්
රෝගයක් වශයෙන් ලෝකයට හඳුනාගන්නට ලැබී මේ වන විට දශක දෙකක් පමණ ගත වී ඇත. මෙම රෝගය පාලනය කිරීම සඳහා මේ කාලය තුළ අප බොහෝ දෑ ඉගෙන ගෙන ඇත. මෙහිදී පෙනී ගොස් ඇති එක් ප්‍රධාන කරුණක් නම් පාලනයට යොදාගත හැකි යැයි බැලූ බැල්මට පෙනී යන ක්‍රම නිසා ඇතැම් අවස්ථා වල රෝගය පැතිරීමේ ප්‍රවණතාවය වැඩිවීමටද ඉඩ ඇති බවයි. අපි නිදසුනක් ගනිමු. මුල් කාලයේ
i. HIV වෛරසය ආසාදිත පුද්ගලයන් කොන් කිරීම.
ii. සමාජය අසම්මත යැයි තීන්දු කළ චර්යා ඇති පුද්ගලයන්ට බලහත්කාරයෙන් AIDS රෝගය සඳහා පරීක්‍ෂා කරවීම.
iii. විවාහයට පෙර, නැතහොත් විදේශ ගතවන විට බලහත්කාරයෙන් AIDS සඳහා පරීක්‍ෂා කරවීම වැනි දේ කරන ලදී. නමුත් දැන් පෙනී යන්නේ එවැනි කාර්යයන් නිසා වෛරසයේ පැතිරීම වැඩිවන බවයි.
HIV වෛරසය ශරීරගත වූවන්ගේ මානව අයිතිවාසිකම් කඩ කිරීමෙන් සමාජය අසම්මත යැයි වර්ග කළ චර්යා ඇති පුද්ගලයන් යට යනු ඇත.සැඟවෙනු ඇත.එවිට සෞඛ්‍ය නිලධාරින්ට සහ ඔවුන්ගේ යහපත් සෞඛ්‍ය පණිවුඩ වලට සවන් දීමට එම පුද්ගලයන්ට නොහැකි වනු ඇත.මේ නිසා රෝගයේ පැතිර යාම වැඩිවේ.

ගුණ යහපත් රෝගීන් හා කුහක මිනිසුන්
AIDS රෝගය නිට්ටාවට සුව කිරීමට ප්‍රතිකාරයක් තවමත් සොයා ගෙන නොමැති නිසා. යම් පුද්ගලයෙකු තමා ආසාදිතයෙකුද නැද්ද යන්න පරික්‍ෂා කරවා ගැනීමෙන් එම පුද්ගලයාට වඩා වැඩි යහපතක් සිදුවන්නේ ඔහු ජීවත් වන සමාජයටය. පර්යේෂණ වලින් හෙළි වී ඇති කරුණු අනුව නම්,HIV ආසාදිතයින් බවට හඳුනාගත් තැනැත්තන් තුළ ආරක්‍ෂිත ලිංගික චර්යාවල යෙදීමට වැඩි ප්‍රවණතාවයක් ඇති බවයි. AIDS වැළඳුන පුද්ගලයින් සමාජ විරෝධීන් ලෙස ක්‍රියා කරන්නේ ඉතා කලාතුරකිනි. බොහෝ දෙනෙකු තමා වැටුණු වලේ අනෙක් අය වැටෙනු දැකීමට කැමති නැත.
ඇතැම් අවස්ථා වල තමාට AIDS රෝගය ඇතැයි කියාගන්නා තැනැත්තන් ඉඳිකටු වලින් ඇන අන් අයට රෝගය පතුරුවන්නේ යැයි කටකතා පළවී ඇත. නමුත් මෙම වාර්තා බොහෝමයක් අසත්‍ය ඒවා බව ඔප්පු වී ඇති අතර, එසේ ක්‍රියා කොට ඇත්තේ AIDS වෛරසය ශරීරගත වී නැති කපටි කෛරාටික මිනිසුන්ය. ඔවුන් එසේ කටයුතු කර ඇත්තේ අනුන් බිය වද්දා මුදල් හා ලාභ ප්‍රයෝජන ලබා ගැනීමටයි. මා දන්නා HIVවෛරසය ආසාදිතයින් අතුරින් විශාල සංඛ්‍යාවක් දැනටමත් අන් අය ආරක්‍ෂා කිරීම සඳහා කටයුතු කරති. අභාවප්‍රාප්ත වූ වෛද්‍ය කාමලිකා අබේරත්න මැතිණිය මේ සම්බන්‍ධව ගත හැකි හොඳම උදාහරණයයි. එතුමියට සිදුවන පාඩු සියල්ල නොතකා හැර තමා HIV ආසාදිතයෙකු බව මුළු ලෝකයටම හෙළි කර, අනාගත පරපුර මෙම රෝගයෙන් ආරක්‍ෂා කර ගැනීමට ඇය මිය යන තෙක්ම අනභිභවනීය වූ කාර්ය භාරයක් ඉටු කළාය.

සමාජ මිණුම්දඬු පරිවර්තනයකට ලක් වෙයි
අවාසනාවකට මෙන් කලකට ඉහතදී, උගත් ජනයා සිටින ශ්‍රී ලංකාවේ පවා HIV ආසාදිතයින් කෙරෙහී පිළිකුලෙන් බැලීමේ ප්‍රවණතාවයක් පැවතිනි. ඔවුන් හට අවමන් වන ලෙස කරුණු දැක්වූ පුවත්පත් වාර්තාකරුවන්ද එකල දක්නට ලැබිණි. නමුත් මේ වන විට එම තත්ත්වය බෙහෙවින් වෙනස්වී ඇත. AIDS රෝගීන් වරදක් කළ තැනැත්තන් ලෙස නොසළකා ඔවුන්ට ගෞරවාන්විතව සැළකීමට දැන් සමාජය යහපත් වී තිබේ. මෑතකදී ලෝකය තේරුම්ගෙන ඇති තවත් ප්‍රවණතාවයක් නම් AIDS රෝගය වැළැක්වීමට කලකට පෙර අනුගමනය කළ පණිවුඩ මාලාව වෙනස් කළ යුතුව ඇති බවයි.
මුල් කාලයේදී AIDS රෝගය පැතිර යාම වැළැක්වීමට මිනිසුන් බය කිරිමේ පණිවුඩ භාවිතා කරන ලදි. ‍‍AIDS රකුසා හෝ AIDS මාරයාගෙන් ආරක්‍ෂා වන්න වැනි පණිවුඩ මීට උදාහරණ වේ. දැන් පෙනී ගොස් ඇත්තේ මෙවැනි පණිවුඩ වැඩිහිටියන්ගේ ලිංගික චර්යාවන් වෙනස් කිරිමට කිසිසේත්ම මෙහෙයක් සිදු නොකරන බවයි. එම නිසා මෙවැනි පණිවිඩ අද සුදුසු උපක්‍රම ලෙස අනුමත කරනු නොලබයි. අතීතයේ භාවිතා කළ තවත් ප්‍රචාරක පණිවුඩයක් වූයේ ,AIDS අපට වැළඳෙන්නේ නැත. සෑදුණු අයගෙන් ප්‍රවේශම් වන්න, යන අන්දමේ ප්‍රචාරක පාඨයි. උදාහරණ ලෙසද විදේශිකයන් සමග ලිංගික ඇසුරුකම් ඇතිකර නොගන්න. ,නිදහස් වෙළඳ කලාපයන්හී සේවය කරන කාන්තාවන් සමග ලිංගික සම්බන්‍ධතා ඇතිකර නොගන්න,. ,විදේශගත වීමට විසා බලපත් ලබාගැනීමේදී AIDS සඳහා පරීක්‍ෂා කරවා ගන්න., යනාදී පණිවුඩ පෙන්වා දිය හැක. මේ අන්දමේ පණිවුඩද උචිත නොවන බව දැන් පෙනී ගොස් ඇත. ඊට හේතුව මෙම පණිවුඩ මගින් රෝගයෙන් ආරක්‍ෂා වීමේ වගකීම පිටස්තර අය මත පැටවීම හා තමාගේ ආරක්‍ෂාව සලසා ගැනීම තමාගේ වගකීමය යන පනිවුඩය යටපත් වීම සිදුවන බැවිනි.

වෙනස් කරගත යුතු සමාජ ආකල්ප
මුල් කාලයේදී තිබූ තවත් ප්‍රවණතාවයක් වූයේ ආගම් සහ ආචාර ධර්ම මත පදනම් වූ පණිවුඩ මගින් AIDS ප්‍රචාරණය වැළැක්වීමට උත්සාහ දැරීමයි. මෙහිදී විවිධ ආගමික නායකයන් තම ආගම් ප්‍රචාරය කිරිම සඳහා AIDS රෝගය යොදා ගන්නා ලදි. ලිංගික නිදහස තම ආගමෙන් තහනම් කර ඇති හෙයින් තමාගේ ආගම අනුව කටයුතු කළොත් AIDS නොවැළඳේ. යන පණිවුඩය ඔවුන් විසින් ප්‍රචාරය කරන ලදි.
මෙම පණිවුඩ වලින් එතරම් ප්‍රතිඵලයක් නොලැබුණේ AIDS රෝගය පිළිබඳ පනිවුඩ වැඩි වශයෙන් ප්‍රචලිත කළ යුත්තේ නිදහස් ලිංගික කටයුතු පවත්වාගෙන යන පුද්ගලයන් අතර බැවිනි. බහු ලිංගික චර්යාව ඇතැම් පුද්ගලයින්ට ජන්මයෙන් එන ලක්‍ෂණයක් හෙයින් එය ආචාරධර්ම වලට වඩා ශක්තිමත් බව පෙනී යයි.
මේ නිසා දැන් AIDS වැළැක්වීම සඳහා මූලික වශයෙන් ප්‍රයෝජනයට ගනු ලබන්නේ තමාගේ ආරක්‍ෂාව තමා සතුය. යන පදනම මත පිහිටි පණිවුඩයන්ය. මෙම පණිවුඩයන් හිදී සෑම ලිංගික කටයුත්තකදීම තමාගේ ආරක්‍ෂාව තමාගේ වගකීම ලෙස ගතයුතු බව ප්‍රචාරය කරයි. සෑම ලිංගික සම්බන්‍ධයකදීම තමාට HIV වෛරසය ඇතුල් වීමේ අවදානමක් තිබෙන බව සැළකිල්ලට ගතයුතු බව මෙහිදී අවධාරණය කෙරේ. මීට හොඳම උදාහරණයක් නම් ඉන්දියාවේ HIV වෛරසය මගින් ආසාදිත කාන්තාවන්ගෙන් සියයට 95% ක්ම එම ආසාදනයට ගොදුරු වී ඇත්තේ තනි ස්ථිර සහකරුවෙකු සමඟ ලිංගික සබඳතා පැවැත්වීමෙනි. මෙයින් පෙනී යන්නේ ,තනි-ස්ථිර, යන්න දුර්මතයක් බවයි. මන්දයත් තමාගේ සහකරුවාද, තනි ස්ථිර සහකරුවෙකු පමණක් ලිංගිකව ඇසුරු කරතැයි දැන ගැනීමට ලෝකයේ කිසිඳු ක්‍රමයක් නොමැති බැවිනි.
 
Aug 4, 2009
3,094
582
0
Colombo
මිත්‍යාව හා සැබෑව
උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාවේ ලිංගික සේවිකාවන් 15,000 ක් පමණ සිටිතැයි අනුමාන කළ හොත් සහ ඔවුන් අවුරුද්දේ දින 365 න් 200 ක් තම රැකියාවේ නිරත වන්නේ යැයි අනුමාන කළ හොත්, සහ ඔවුන් දිනකට අළුත් එක් සේවා දායකයෙකු හමුවේ යැයි අනුමාන කළහොත්, වසරක් තුළ විවාහයට පරිබාහිර ලිංගික චර්යා මිලියන තුනක් පමණ සිදුවන බව පෙනී යයි. මෙවන් අනුමාන කිරීම් කොහෙත්ම විද්‍යාත්මක නොවෙතත්, මිලියන 10 ක පමණ පිරිමි ජනගහනයක් සිටින රටක මේ තත්ත්වය අධික ප්‍රතිශතයකි. මෙයින් පෙනී යන්නේ ආරක්‍ෂිත ලිංගික චර්යාවන්ගේ වැදගත්කමය. මේ තරම් විශාල සංඛ්‍යාවක් විවාහයට පරිබාහිර ලිංගික කටයුතු වලට යොමුවන්නේ ආගමික නායකයන්ගේ වරද නිසා යැයි අපට කිව හැකිද? නැත. එය ජන්මයෙන්ම එන මිනිස් ලක්‍ෂණයක් වන බැවිනි.
AIDS වැළැක්වීම සඳහා යොදාගන්නා තවත් ක්‍රියාමාර්ගයක් වන්නේ ලිංගික අධ්‍යාපනය ප්‍රචලිත කිරීමේ අවශ්‍යතාවයයි. වැඩිහිටියන් විසින් ලිංගික අධ්‍යාපනය නිසි පරිදි ළමයින්ට ලබාදීමෙන්, ඔවුන් ලිංගික සම්බන්‍ධතා ආරම්භ කරන වයස ප්‍රමාද කළ හැකි බව දැන් පිළිගන්නා සංකල්පයයි. එමගින් ඔවුන් අනවශ්‍ය ගැබ් ගැනීම් වලින් හා ලිංගික රෝග වලින් ආරක්‍ෂා කරගත හැක.
ළමුන් සාමාන්‍යයෙන් පාසැලේ වසර 4 සිට වසර 8 දක්වා පමණ කාලයේදී තම මිත්‍රයන් මගින් කෙසේ හෝ ලිංගික දැනුම ලබා ගනී. මෙම කාල වකවානුව තුළ ගුරුවරුන් හා දෙමාපියන් විසින් දරුවාට නිවැරදි ලිංගික අධ්‍යාපනයක් ලබා දීමෙන් දරුවා ඒ සඳහා වෙනත් නුසුදුසු පුද්ගලයින් වෙත ඇදී යාම හා ලිංගික අත්හදා බැලීම් වලට යොමු වීම වළක්වා ගත හැක. එය දරුවන්ගේ අයිතිවාසිකමක්ද වේ. අනෙක් අතට වැඩිහිටියන් මෙම දැනුම දරුවන්ට ලබා නොදුන්නොත් ළමුන් කෙසේ හෝ එම දැනුම ලබා ගන්නා අතර, වැඩි වැඩියෙන් අත්හදා බැලීම් වලට පෙළඹේ.
ඉගැන්වීමක් නොමැතිව වූවද ලිංගික චර්යාවන් සිදුකරන අන්දම ඕනෑම කෙනෙකුට සහජයෙන් අවබෝධ වේ. ආහාර අනුභව කරන අන්දම හෝ ජලය පානය කරන අන්දම හෝ අවබෝධ වන්නාක් මෙන් ලිංගික එක්වීම සිදුවන අන්දමද සහජයෙන්ම මිනිසා ඉගෙන ගනී. එබැවින් ලිංගික අධ්‍යාපනය නව යොවුන් වියේ දරුවන්ගෙන් වසං කරන්නට උත්සාහ දැරීම නිෂ්ප්‍රයෝජන ක්‍රියාවකි. ඉන් සිදුවන්නේ දරුවා අනවශ්‍ය අත්හදා බැලීම් වලට ගොස් ලිංගික රෝග හා අනවශ්‍ය ගැබ් ගැනීම් වලට ගොදුරු වීමයි.
අපේ ආදී මුතුන් මිත්තන් මෙන් ලිංගිකත්වය පිළිබඳ විවෘත මනසකින් පිළිගන්නේ නම් එය AIDS වැළැක්වීමට ඉමහත් පිටිවහලක් වනු ඇත. අතීත පෙරදිගවාසීන්, රජවරුන්, අන්තඃපුර පවත්වාගෙන ගිය බව මැළි බවකින් තොරව පිළිගත් අතර, කාමසුත්‍ර වැනි ග්‍රන්‍ථ රචනා කිරීමට පවා මැළි නොවූහ. අපේ උඩරට ප්‍රදේශවල සමහර කාන්තාවන් පුරුෂයින් කීප දෙනෙකු සමග එකට එකම නිවසක ජීවත් වීම අතීතයේ දක්නට ලැබුණි. ලිංගික කුහකකම (ලිංගිකත්වය පිළිබඳ එක් ආකල්පයක් පිටතට පෙන්වමින් වෙනත් ආකාරයකට රහසේ කටයුතු කිරීම) අපරදිග වික්ටෝරියානු සංස්කෘතියට ආ වැඩීමකි)
 
yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    ඒඩ්ස් රෝගය අපට කියා දුන් පාඩම්
    රෝගයක් වශයෙන් ලෝකයට හඳුනාගන්නට ලැබී මේ වන විට දශක දෙකක් පමණ ගත වී ඇත. මෙම රෝගය පාලනය කිරීම සඳහා මේ කාලය තුළ අප බොහෝ දෑ ඉගෙන ගෙන ඇත. මෙහිදී පෙනී ගොස් ඇති එක් ප්‍රධාන කරුණක් නම් පාලනයට යොදාගත හැකි යැයි බැලූ බැල්මට පෙනී යන ක්‍රම නිසා ඇතැම් අවස්ථා වල රෝගය පැතිරීමේ ප්‍රවණතාවය වැඩිවීමටද ඉඩ ඇති බවයි. අපි නිදසුනක් ගනිමු. මුල් කාලයේ
    i. HIV වෛරසය ආසාදිත පුද්ගලයන් කොන් කිරීම.
    ii. සමාජය අසම්මත යැයි තීන්දු කළ චර්යා ඇති පුද්ගලයන්ට බලහත්කාරයෙන් AIDS රෝගය සඳහා පරීක්‍ෂා කරවීම.
    iii. විවාහයට පෙර, නැතහොත් විදේශ ගතවන විට බලහත්කාරයෙන් AIDS සඳහා පරීක්‍ෂා කරවීම වැනි දේ කරන ලදී. නමුත් දැන් පෙනී යන්නේ එවැනි කාර්යයන් නිසා වෛරසයේ පැතිරීම වැඩිවන බවයි.
    HIV වෛරසය ශරීරගත වූවන්ගේ මානව අයිතිවාසිකම් කඩ කිරීමෙන් සමාජය අසම්මත යැයි වර්ග කළ චර්යා ඇති පුද්ගලයන් යට යනු ඇත.සැඟවෙනු ඇත.එවිට සෞඛ්‍ය නිලධාරින්ට සහ ඔවුන්ගේ යහපත් සෞඛ්‍ය පණිවුඩ වලට සවන් දීමට එම පුද්ගලයන්ට නොහැකි වනු ඇත.මේ නිසා රෝගයේ පැතිර යාම වැඩිවේ.

    IMO, most of these are what the west wants us to accept as the truth. AIDS is a communicable disease. In order to control the spread, we have to use whatever the method that reduces the spread of a typical communicable disease (granted, some modifications and improvisations are needed).

    The Cuban government, for an example used vigerous methods like compulsory screening, quarantining the positives for a limited period etc. and achieved an extraordinary reduction in the spread of the infection.

    However these methods are not cost effective in the long run.

    Of course, the western media continuously bashed these methods as violations of human rights and so on (Human rights are simply the rights that the current government CAN provide. Ex- our government can and does provide free education but most other governments do not. There are no universal human rights).

    The funny thing about AIDS is that we all know that whatever the methods we are using right now are likely to fail. Ex- If our country has 20000 HIV infected people right now, we all KNOW that the number will be higher than 20000 by next year.

    Rep+
     
    • Like
    Reactions: sanjithkasun91

    :nerd::nerd::nerd: