ඒඩ්ස්_යකා

Jun 30, 2014
160
99
0
ඒඩ්ස් යකා හිතූ තරම් කළු නැතිලු


10492240_670849309649896_1963109205101665869_n.jpg


‘එඩ්ස්‘ හෙවත් රෝග මර්දන සහජ හැකියාව හීන වීමේ වයිරසයට සාර්ථක නව එන්නතක් සොයා ගැනීමට බටහිර වෛද්‍යවරුන් සමත් වී ඇතැයි බි්‍රතාන්‍යයේ ඩේලිමේල් පුවත් සේවය වාර්තා කරයි.
තවමත් පර්යේෂණ මට්ටමේ ඇති මෙම එන්නත, ඒඩ්ස් වයිරසයට ගොදුරු වී සිටින කැනඩා ජාතික මව්වරුන් සිව් දෙනකුගේ අලූත උපන් බිළිඳුන් සිව් දෙනකුට එන්නත් කළ බවත් ඔවුන් සිව් දෙනාගෙන් තිදෙනකුගේ සිරුරුවලින් වයිරසය තුරන් කිරීමට හැකි වුණු බවත් වෛද්‍යවරු පවසති. සිව් වැනි බිළිදාගේ සිරුරේ වයිරසය යම්තාක් දුරකට අඩපණ වූ බවත් වෛදවරු කියති.
මෙම බිළිදුන්ට, පර්යේෂණ මට්ටමින්ඇති මෙම එන්නත ලබා දී ඇත්තේ ඔවුන් ඉපදී පළමු පැය කිහිපයේදීය. මේ නව එන්නත සම්බන්ධයෙන් බොහෝ වෛද්‍යවරුන් සැක පළ කර ඇති නමුත් ඒ ගැන ලබන 20 වැනිදා ඕස්ටේ්‍රලියාවේ මෙල්බර්න් නුවර දී පැවැත්වෙන ඒඩ්ස් සමුළුවේදී සාකච්ඡා කෙරෙනු ඇතැයි ද ඩේලිමේල් පුවත් සේවය කියයි.


Lankadeepa
 
Last edited: