ගමේ මලගම් කොතෙක් තිබුනද
සෙනග පිරිලා ඉතිරිලා...
උඹේ මලගම ඒ වගේ නෑ
දරුවොවත් නෑ ඇවිල්ලා..
මේ පැලේ උං අපි දෙන්න ලඟ
පෑව කෙලි කම් සිහිවෙලා...
ඊයෙ වෙනකම් උඹත් ඇඬුවා..
ඒත් අද මං තනිවෙලා...
රෝගෙ වැඩිඋනු ගමන් ආවෙ
නැත්තෙ ඇයි දැයි අහද්දිත්..
දොස්තරට කටකින් කියන්නද
දරුවෙකුත් නෑ අපි ලඟින්..
කැටේ අඩියේ තිබුනු කාසිත්
මදි වුනා බෙහෙතුත් කඩෙන්..
තනිව මේ මං මක් කරන්නද
සමාවෙනවද රත්තරන්..
තුන් වේලටම එක වේලවත්
නොකා අපි හිටි ඒ දවස්..
උඹත් ලඟ හිටි නිසා දැනුනේ
නෑ නොවෑ මට ඒ තරම්...
අදින් මත්තට මාත් තනියෙන්
උඹ ගියා පැළ හිස් කරන්...
ඇවිත් යනවද තව දෙදොහකින්
මාත් යන්නට එක් කරන්..
FB..............
Last edited:


