ඒරියා 51 , හුස්ම නොගන්නා මිනිස්සු

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    ඒරියා 51 , හුස්ම නොගන්නා මිනිස්සු

    ඒරියා 51 යනු ඇමරිකාවෙ පිහිටා ඇති පිටසක්වල ජීවීන් සමඟ ගනුදෙනු පැවැත්වෙන අභිරහස් බිම්කඩක් බව ප්‍රසිද්ධ රහසකි. මෙම අභිරහස් බිම්කඩ පිළිබඳව ගෙතුණු විවිධ කතාන්දර නොඇසූ අයෙක් සයිබර් අවකාශය තුළ සිටිනවාදැයි සැක සහිත ය. ඇමරිකානු රාජ්‍ය ප්‍රාන්ත 50 කට බෙදා ඇති අතර එම ප්‍රාන්ත පනහටම මෙම භූමිය අයත් නැති නිසා, මෙය 51 වෙනි කලාපය ලෙස හැඳින්වෙන බව බොහෝ දෙනාගේ පිළිගැනීම ය. නමුත් මෙම කරුණ අභියෝගයට ලක්කරමින් 'හිස්ටින් ප්‍රඩක්ශන්' අධිපති chamod මහතා පවසා සිටින්නේ ඒරියා 51 කලාපය සැබැවින්ම පවතින්නේ ඇමරිකාවෙ නොව ශ්‍රී ලංකාවේ ගම්පහ ප්‍රදේශයේ බවයි.

    ඔහුට අනුව 'ගම්පහ' සෑදී ඇත්තේ ගම්මාන පහක් (5) ක් එකට එක්කාසු වීමෙනි. ප්‍රාදේශීය ඉතිහාසයට අනුව මෙම ගම්මාන පහ එකතු වී 'එක ගමක්' (1) සෑදෙයි. ඒ අනුව මෙහි දී අපට දැකගත හැක්කේ පහක් (5) එකක් (1) වීමෙන් ගම්පහ නමැති ප්‍රදේශයේ මූලාරම්භය සිදුවන බවයි. මෙම 5 සහ 1 එකට එක්කළ විට අපට දැකගත හැක්කේ කුමක් ද ? ඒ පනස් එකයි (51). ශ්‍රී ලංකාවේ ගම්පහ 51 සහ ඇමරිකාවෙ ඒරියා 51 යනු එකක් ද ? දැන් අප හමුවේ පවතින ගැටළුව එයයි...

    පසුගිය දිනෙක ගම්පහ ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිදුකළ "අපට ඔක්සිජන් වැඩක් නෑ" යන ප්‍රකාශය මේ සම්බන්ධයෙන් අපගේ කුතුහලය අවුලලාලීමට පාදක වූ සමීපතම සිදුවීමයි. පෘථිවියේ ජීවත්වන ඕනෑම මනුෂ්‍ය ප්‍රාණියෙකුට තම පැවැත්ම සළසා ගැනීම උදෙසා ඔක්සිජන් අවශ්‍ය වන බව කුඩා දරුවෙකු වුව දන්නා දෙයකි. ඉතින් යම්කිසි පුද්ගලයෙකුට ජීවිතය පවත්වා ගැනීම උදෙසා ඔක්සිජන් අවශ්‍ය නොමැති නම් එහි අදහස වන්නේ, එම පුද්ගලයා මනුෂ්‍යත්වය ඉක්මවා ගිය අමනුෂ්‍ය පැවැත්මක් හෝ මනුෂ්‍යත්වයට පරිබාහිර පිටසක්වල ජීවියෙක් විය යුතු බවයි. එසේනම් මේ ගම්පහින් මතුවන්නේ, ඒරියා 51 හී සිටිනවායැයි පැවසෙන පිටසක්වලයන් ද ?

    ගම්පහ සහ පිටසක්වල ජීවීන් අතර ඇති සම්බන්ධය ගැන කථිකාවක් ගොඩනංවන විට ගම්පහ ප්‍රදේශයෙන් බිහිවූ අසමසම පුද්ගල චරිත කිහිපයක් වෙත අපගේ අවධානය යොමුකිරීම වටී. මෙහිදී ප්‍රමුඛව අප අවධානය යොමු කරන්නේ ගම්පහ ප්‍රදේශයෙන් මැතිසභයට පත් වී පසුගිය කාලය පුරාම පුවත් මැවූ රන්ජන් රාමනායක මහතා වෙත ය. විශේෂයෙන්ම රන්ජන් රාමනායක මහතා සතුව ඇතැයි පැවසෙන හඬපටි සංඛ්‍යාවද, එම හඬ පටවල ධාවන කාලය ද සැළකිල්ලට ගත්විට අපට පෙනීයන්නේ එතුමා දවසේ වැඩිම පැය ගණනක් යොදවා ඇත්තේ දුරකථන ඇමතුම් ලබාගැනීම සඳහා බවයි. රාමනායක මහතා දේශපාලන කටයුතු, කලා කටයුතු, සහ තවත් බොහොමයක් දෛනික කටයුතු අතරතුර දුරකථන ඇමතුම් වෙනුවෙන් මෙතරම් වේලාවක් වෙන්කර ඇත්තේ කෙසේදැයි යන්න පිළිබඳව ඕනෑම අයෙකුට ගැටළුවක් ඇති වීම ස්වභාවික ය. එසේ නමුත් රාමනායක මහතා පිටසක්වල ජීවියෙක් ලෙස අප උපකල්පනය කළහොත් සහ එතුමාට කාලය ගතවන්නේ එතුමාගේ මව් ග්‍රහලෝකය කාලය ගතවීමට සමාන්තරව යැයි අප උපකල්පනයක් ගොඩනැගුවහොත් අපට එම ගැටළුවට සාර්ථක පිළිතුරක් ලබාගත හැකි ය. එනම් සාමාන්‍ය පුද්ගලයෙකුගේ දිනයකට පැය විසිහතරක් ඇතත්, රන්ජන් රාමනායක මහතාගේ දිනයකට පැය විසිහතරකට වඩා තිබෙන බවයි. එසේම එම දුරකථන ඇමතුම් අතිශය පැහැදිලිව පටිගත කරන්නට සහ එම දුරකථන ඇමතුම්වල තිබෙන හඬ තමන්ගේ නොවන බව රසපරීක්ෂකවරුනට හඳුනාගත නොහැකි තත්ත්වයක් ඇති කරන්නට එතුමා සමත් වූයේ එතුමා භාවිතා කළ අතිශය දියුණු පිටසක්වල තාක්ෂණය නිසා විය හැකි ය. එසේම අප අමතක නොකළ යුතු කරුණක් වන්නේ එතුමා මෙරට අතිශය ජනප්‍රිය සහ බලපෑම් සහගත පුද්ගලයන්ගේ හඬ පටිගත කොට ඒවා වෙන වෙනම සීඩී තැටිවල ගබඩා කොට තිබූ බවයි. මේවා හඬ පටි ද එසේත් නැත්නම් හඬ සාම්පල ද ? එතුමා මෙම හඬ පටි එකතු කළේ හුදෙක් දේශපාලන අරමුණක් වෙනුවෙන් පමණක් ද ? එසේත් නොමැති නම් ඊට එහා ගිය අති සංකීර්ණ අරමුණක් ඔහුට තිබුණාද ? එතුමා ශ්‍රී ලංකාවෙ සිටින බලපෑම් සහගත පුද්ගලයන්ගේ හඬ සාම්පල දැනටමත් තමන්ගේ මව් ග්‍රහලෝකය වෙත යවා අවසන් ද ? අප සතුව පවතින්නේ ගැටළු මිසක පිළිතුරු නොවේ.

    ගම්පහ ප්‍රදේශයෙන් මැතිසභයට තේරී පත් වූ තවත් අසාමාන්‍ය මෙන්ම සුවිශේෂී පුද්ගලයෙකු වන්නේ චතුර සේනාරත්න මහතායි. වයස අවුරුදු හතරේදී මැයි පෙළපාලියකට සහභාගී වී කඳුළු ගෑස් හා බැටන් පොළු ප්‍රහාර හමුවේ නොසැළී හිඳින්නට තරම් අසාමාන්‍ය හැකියාවක් පෙන්වූ මෙතුමා පිටසක්වල ජීවියෙකුයැයි අප තුළ සාධාරණ සැකයක් පවතී. සැබැවින්ම සාමාන්‍ය මනුෂ්‍යයෙකුට කිසිදා කළ නොහැකි චතුර සේනාරත්න මහතාගේ විස්කම් ඔබට මතක ඇතැයි සිතමි. එතුමා සැබැවින්ම පිටසක්වල ජීවියෙකු නම් නීල් ආම්ස්ට්‍රෝන් සඳ මතට ගොඩ බසින විට සීතල වතුර වීදුරුවක් පිරිනමා සඳ මත දී ඔහුව පිළිගත්තේ චතුර සේනාරත්න මහතායැයි පැවසෙන කතා පවා අපට අවඥාවෙන් බැහැර කළ නොහැක.

    මීට අමතරව සාමාන්‍ය මනුෂ්‍යයෙකුගෙන් කිසිදා බලාපොරොත්තු නොවිය හැකි හැසිරීම් රටා පෙන් වූ ප්‍රසන්න රණවීර, මර්වින් සිල්වා, උපේක්ෂා ස්වර්ණමාලි වැනි අසාමාන්‍ය පුද්ගලයන් ද ගම්පහ ප්‍රදේශයෙන් මැතිසභයට තේරී පත් වීම අහම්බයක් පමණක් ද ? මේ සියල්ලෙන්ම අපට වටහාගත හැක්කේ ගම්පහ යනු මනුෂ්‍යත්වය ඉක්මවා ගිය අසාමාන්‍ය සහ සුපිරි මිනිස් හැකියාවන්ගෙන් යුත් පිටසක්වල ජීවීන්ගේ පුරවරයක් බව නොවේ ද ? පිට්ටනි තනන මුවාවෙන් කඬොලාන පරිසර පද්ධති විනාස කරමින් ඔවුන් උත්සහ කරන්නේ ශ්‍රී ලංකාව තුළ පිටසක්වල ජනාවාස ආරම්භ කිරීමට ද ? සනත් නිශාන්ත ඇමතිවරයා යනු පිටසක්වල ජීවීන්ගේ අතකොලුවක් ද ? වනජීවි නිළධාරිනිය මේ තනිව සටන් වදින්නේ ආක්‍රමණික පිටසක්වල සේනාවකට එරෙහිව ද ? දැනටමත් ගම්පහ පුරාවට ව්‍යාප්තව සිටින මේ පිටසක්වල ජීවීන්ගේ අවසාන අරමුණ කුමක් ද ?

    :shocked::shocked::shocked:
    මෙම ගැටළුවලට පිළිතුරු කාලයා විසින් ලබාදෙනු ඇත.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල ජීවින් හෙට අනිද්දා ලංකාවට පහර දීලා ඔයාලව අපි යටත් කරගන්නව.:frown:
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    එතුමා ශ්‍රී ලංකාවෙ සිටින බලපෑම් සහගත පුද්ගලයන්ගේ හඬ සාම්පල දැනටමත් තමන්ගේ මව් ග්‍රහලෝකය වෙත යවා අවසන් ද ?
    :lol:
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    s1x1ift.jpg

     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    'හිස්ටින් ප්‍රඩක්ශන්' අධිපති chamod මහතා පවසා සිටින්නේ ඒරියා 51 කලාපය සැබැවින්ම පවතින්නේ ඇමරිකාවෙ නොව ශ්‍රී ලංකාවේ ගම්පහ ප්‍රදේශයේ බවයි.

    Aliens : bruh....
    9gh6SQ9.jpg