ඒරොප්පේ සුදු නෝනා..
කැපුචිනෝ
නෑ බං මට
කහට කෝප්පෙයි
හකුරු කෑල්ලයි
විතරයි ලඟ..
නියෝන් එලි
කොහෙද බං
මැටි බිත්ති බැඳපු
පොඩි කඩේකට
කුප්පි ලාම්පු
එලියක් මිස..
අඟල් හත අටේ
ස්ප්‍රින්ග්ස් මෙට්ට
කොහෙන් හොයන්නද මම
නිදියන්නනෙ
පැදුරු කඩාමල්ලක..
පීසා කන්නෙ
කොහෙන්ද මම
උණු රොටියට
ලුණු මිරිස් මිස
කොකාකෝලා නෙමෙයි
කුඹුකෙ ලිඳේ සිසිල් දිය..
රෝද හතරෙ
මාලිග නෑ බං
හඳය බැඳපු
තිරික්කලේ මිස
තාර නොදැකපු
ගමේ පාරට
මොකට ඕනෙද
සුපිරි රියසක..
මහා මන්දිරයක
A/C නැතුවට
අහස ඉඹින්නට
උඩ ගියෙ නැතුවට
මහ කොහොඹ
ගහ යට ගෙපැලෙ
වරිච්චි බිත්තිවල
සිසිල සැපයි මට..
ගොම මැටි ගාපු
මේ ගෙබිම වගේ
අවුරුද්දෙන් අවුරුද්දට
අළුත් වෙනවද
උඹලගෙ ටයිල් කැට..
අපි අතර පරතරය
අහසටත් වඩා උසට
මුහුදටත් වඩා ලොකුවට
ඒත් මම ආදරෙයි
අහම්බෙන්
මගේ කඩේට ගොඩ වැදුණු
ඒරොප්පේ
සුදු නෝනට..
කැපුචිනෝ
නෑ බං මට
කහට කෝප්පෙයි
හකුරු කෑල්ලයි
විතරයි ලඟ..
නියෝන් එලි
කොහෙද බං
මැටි බිත්ති බැඳපු
පොඩි කඩේකට
කුප්පි ලාම්පු
එලියක් මිස..
අඟල් හත අටේ
ස්ප්‍රින්ග්ස් මෙට්ට
කොහෙන් හොයන්නද මම
නිදියන්නනෙ
පැදුරු කඩාමල්ලක..
පීසා කන්නෙ
කොහෙන්ද මම
උණු රොටියට
ලුණු මිරිස් මිස
කොකාකෝලා නෙමෙයි
කුඹුකෙ ලිඳේ සිසිල් දිය..
රෝද හතරෙ
මාලිග නෑ බං
හඳය බැඳපු
තිරික්කලේ මිස
තාර නොදැකපු
ගමේ පාරට
මොකට ඕනෙද
සුපිරි රියසක..
මහා මන්දිරයක
A/C නැතුවට
අහස ඉඹින්නට
උඩ ගියෙ නැතුවට
මහ කොහොඹ
ගහ යට ගෙපැලෙ
වරිච්චි බිත්තිවල
සිසිල සැපයි මට..
ගොම මැටි ගාපු
මේ ගෙබිම වගේ
අවුරුද්දෙන් අවුරුද්දට
අළුත් වෙනවද
උඹලගෙ ටයිල් කැට..
අපි අතර පරතරය
අහසටත් වඩා උසට
මුහුදටත් වඩා ලොකුවට
ඒත් මම ආදරෙයි
අහම්බෙන්
මගේ කඩේට ගොඩ වැදුණු
ඒරොප්පේ
සුදු නෝනට..
++
