ඒරොප්පේ සුදු නෝනා..

Mind Writer

Member
Dec 19, 2017
676
75
0
අන්න අතන
ඒරොප්පේ සුදු නෝනා..

කැපුචිනෝ
නෑ බං මට
කහට කෝප්පෙයි
හකුරු කෑල්ලයි
විතරයි ලඟ..

නියෝන් එලි
කොහෙද බං
මැටි බිත්ති බැඳපු
පොඩි කඩේකට
කුප්පි ලාම්පු
එලියක් මිස..

අඟල් හත අටේ
ස්ප්‍රින්ග්ස් මෙට්ට
කොහෙන් හොයන්නද මම
නිදියන්නනෙ
පැදුරු කඩාමල්ලක..

පීසා කන්නෙ
කොහෙන්ද මම
උණු රොටියට
ලුණු මිරිස් මිස
කොකාකෝලා නෙමෙයි
කුඹුකෙ ලිඳේ සිසිල් දිය..

රෝද හතරෙ
මාලිග නෑ බං
හඳය බැඳපු
තිරික්කලේ මිස
තාර නොදැකපු
ගමේ පාරට
මොකට ඕනෙද
සුපිරි රියසක..

මහා මන්දිරයක
A/C නැතුවට
අහස ඉඹින්නට
උඩ ගියෙ නැතුවට
මහ කොහොඹ
ගහ යට ගෙපැලෙ
වරිච්චි බිත්තිවල
සිසිල සැපයි මට..

ගොම මැටි ගාපු
මේ ගෙබිම වගේ
අවුරුද්දෙන් අවුරුද්දට
අළුත් වෙනවද
උඹලගෙ ටයිල් කැට..

අපි අතර පරතරය
අහසටත් වඩා උසට
මුහුදටත් වඩා ලොකුවට
ඒත් මම ආදරෙයි
අහම්බෙන්
මගේ කඩේට ගොඩ වැදුණු
ඒරොප්පේ
සුදු නෝනට..
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    [FONT=&quot]තව ලියන්න ඕනෑය....[/FONT]
    [FONT=&quot]කෙටි පද වලින් ලියන කොට රිදෙන්න ගහන්න නං[/FONT],
    [FONT=&quot]ලියල ලියල ම තමා පන්නරය ගන්න වෙන්නේ[/FONT]
     
    Sep 4, 2015
    3,212
    269
    0
    සින්දුවක් ලියපන්කො හුත්තො. jamiezue ලිරික්ස් කරයි. උබට තියෙන්නෙ ලියලා දෙන්න විතරයි. ට්‍රයි එකක් දාපන් ඔන්න. :D
     

    Mind Writer

    Member
    Dec 19, 2017
    676
    75
    0
    අන්න අතන
    [FONT=&quot]තව ලියන්න ඕනෑය....[/FONT]
    [FONT=&quot]කෙටි පද වලින් ලියන කොට රිදෙන්න ගහන්න නං[/FONT],
    [FONT=&quot]ලියල ලියල ම තමා පන්නරය ගන්න වෙන්නේ[/FONT]

    :love:

    අනිවා සතත් අභ්‍යාස වැදගත්

    ඒකයි තාම කුරුටු ගාන්නෙක් විතරයි කිවේ