ඒලියන්ත වයිට්

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    http://ravayanews.wordpress.com/

    පාර්ලිමේන්තුවට කිසිම හිරිකිතයක් නැතුව බොරු කියලා රටම මුලාකරන දිනේෂ් ගුණවර්ධනලා වගේ උන්ට මොනවද කරන්නෙ???

    hwhhqq.jpg


    දිනේෂ් නොදන්න ඒලියන්ත වයිට්

    ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඉන්ද්‍රජාලික වෛද්‍ය ඒලියන්ත වයිට් පිළිබද නැවත වතාවක් සටහන් තැබීමට අවස්ථාව උදා වී තිබේ. ඒ පසුගිය දා පාර්ලිමේන්තුවේ දී දයාසිරි ජයසේකර මන්ත‍්‍රීවරයා විසින් අසන ලද ප‍්‍රශ්නයකට උත්තර දුන් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප‍්‍රකාශයක් හේතුවෙනි.
    ජයසේකර මන්ත‍්‍රීවරයා විමසන්නේ ඒලියන්ත වයිට් පිළිබඳවත් සහ ඔහු රාජ්‍ය අනුග‍්‍රහයන් මත විදෙස් සංචාරවලට සහභාගී වීමේ දී කරනු ලැබූ වියදමත් පිළිබඳව ය.

    දිනේෂ් ඇමැති මේ සියල්ලට පිළිතුරු දීම ප‍්‍රතික්ෂේප කරන්නේ එවැනි වෛද්‍යවරයෙක් ජනාධිපතිට නොමැති බව පුන පුනා පවසමිනි. එම ප‍්‍රකාශයන් සාක්ෂාත් කරන ජනාධිපතිගේ සහෝදර, කතානායක චමල් රාජපක්ෂ ද ඇමැති දිනේෂ් නිර්දෝෂි කරමින් ප‍්‍රශ්නය අදාළ නොමැති බව පවසා, පිළිතුරු දීමෙන් රජයත් ඇමැතිත් බේරා ගන්නා ලදි.

    දැන් අපට මතුවන ප‍්‍රශ්නය වන්නේ, ජනාධිපති සමීපයේ මෙවන් වෛද්‍යවරයෙක් සිටියේ ය යන්න රට ම දැන තිබියදීත් එය බොරුවක් කිරීමට ඇමැති දිනේෂ්ට වුවමනාවන්නේ කුමක් නිසා දැයි යන්න ය.

    ඇමැති දිනේෂ් නොදන්නා මේ ඊනියා ඉන්ද්‍රජාලික වෛද්‍යවරයාගේ ආශ්චර්යයන් සම්බන්ධයෙන් පුවත් මැවූ ආකාරය අප පසුගිය කාලය පුරාම දුටුවෙමු. අපේ ක‍්‍රීඩකයන් ටොරින්ටන් හී පිහිටි ක‍්‍රීඩා වෛද්‍ය ඒකකයට වඩා, අරලිය ගහ මැදුරේ ආශ්චර්යමත් ඒලියන්ත වෛද්‍ය ඒකකයේ පිහිට පැතූ අයුරු දුටුවෙමු. මේ හේතුව හෝ අන් හේතූන් මත මේ ඉන්ද්‍රජාලික වෛද්‍යවරයා රජයේ ක‍්‍රීඩා වෛද්‍ය ඒකකයේ සිටි ප‍්‍රධානියා විසින් ආචාර්ය තනතුරේ ද පිදීමට එවකට වග බලා ගත්තේ ය.

    එවන් වෛද්‍යවරයෙක් පිළිබඳ ව රජයේ වගකිව යුතු තනතුරක් හොබවන ඇමැතියෙකු දන්නේ නැත. එසේ ම මේ ඉන්ද්‍රජාලික වෛද්‍යවරයා අරලිය ගහ මැදුරේ නිතර දෙවේලේ සැරි සැරූ බව ද ඇමැති දිනේෂ් දන්නේ නැත. රජයේ මුදල්වලින් විදෙස් සංචාරවල සහභාගී වූ බව ද නොදන්නේ ඇමැති දිනේෂ් පමණකැ යි සිතේ. ලසිත් මාලිංග, තිලාන් සමරවීර, සචින් තෙන්ඩුල්කාර්, ගෞතම් ගාම්භීර්, අසීස් නෙහ්රා වැන්නන්ට මෙන් ම දේශීය ක‍්‍රීඩා පිටියේ බොහෝ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට අරලිය ගහ මන්දිරයේ දී ම ප‍්‍රතිකාර කර ලෙඩ සුව කළ බව මෙරට මාධ්‍ය මගින් ප‍්‍රකාශ කළ ද ඇමැති දිනේෂ් දැන සිට නැත. එසේ ම තහනම් උත්තේජක ගත්තා යැයි චෝදනා ලද ඊට වරදකරු වූ උපුල් තරංගට මේ වෛද්‍යවරයාගේ නිර්දේශයෙන් ඖෂධ ලබාගත් බවට පළවු ප‍්‍රවෘත්ති පිළිබඳ ව ද දන්නේ නැත. එමෙන් ම අබාධයන්ට ලක් වූ විදෙස් ක‍්‍රීඩකයන්ට සුවය පතා මෙරටට පැමිණෙන ලෙස කළ ආරාධනා ද මතක නැත.

    ආශ්චර්යයේ පිඹුරුපත් සකසන අරලිය මැදුර, වෙද ගෙදරක් වෙන කළ අප පැවැසුවේ මේ ඉන්ද්‍රජාලික වෙදකම් අන් දේවල් සඳහා යොදාගත්ත ද ක‍්‍රීඩාවට යොදා ගැනීම අනුචිත බව ය. එසේ ම ඔහුගේ ප‍්‍රතිකාර සම්බන්ධයෙන් රටේ විධායකය එපමණට ම විශ්වාස තබවන්නේ නම්, එවකට ක‍්‍රීඩා වෛද්‍ය ඒකකයේ ප‍්‍රධානියාව සිටි ගිතාංජන මෙන්ඩිස් ඉවත් කර මේ ඉන්ද්‍රජාලික වෛද්‍යවරයා ඊට පත්කරන ලෙස ය.

    වාසනාවකට එවන් තනතුරක් දැරීමට මේ ඉන්ද්‍රජාලික වෛද්‍යවරයා නුසුදුසු බව ඔවුන් ම දන්නා බැවින් එවැන්නක් සිදු වූයේ නැත. එහෙත් නිල නොලත් ලෙස ඔහු ක‍්‍රීඩා වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරුන්ට ද වඩා ක‍්‍රීඩකයන්ට ප‍්‍රතිකාර කළේ ය. සුව වූව ද නොවූව ද ඔවුන් මේ ඉන්ද්‍රජාලික වෛද්‍යවරයා සහ ආශ්චර්යයේ හිමිකරු වන ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග එකට හිඳ ඡායාරූප ගත් හ. මේවා මාධ්‍ය මගින් ප‍්‍රසිද්ධියට පත් කිරීමට ජනාධිපති මාධ්‍ය අංශය ද වග බලා ගත්තේ ය. එහෙත් මේ කිසිවක් ම ඇමැති දිනේෂ්ට මතක නැත.

    අප මේ ඉන්ද්‍රජාලික වෛද්‍යවරයාගේ ප‍්‍රතිකර්ම සම්බන්ධයෙන් පෙර කී අනතුරු ඇඟවීම කරලියට පිවිසෙන්නේ, නිමා වූ ලෝක කුසලාන තරගාවලියත් සමග ය. ඒ උපුල් තරංගට එල්ලවන තහනම් උත්තේජක චෝදනාව හේතුවෙනි. එහිදී ප‍්‍රථම වතාවට මේ වෛද්‍යවරයාගේ ඉන්ද්‍රජාලික ක‍්‍රියාකාරකම් එළියට පිවිසි අයුරු ඇමැති දිනේෂ්ට අමතක වුව ද අපට නම් මතක ය.

    එසේ ම ශ‍්‍රී ලංකාවට ආශ්චර්යය කැඳවීමට කැසකැවූ ක‍්‍රීඩා උලෙළක වෛද්‍ය ඒකකයේ ප‍්‍රධානියා ලෙස මේ ඉන්ද්‍රජාලික වෛද්‍යවරයා පත්කිරීමට යෝජිත බවට වූ පුරසාරම රජයේ වාහිනියක් මගින් පැය භාගයක වැඩ සටහනක් මගින් විකාශය කළ අයුරු ද අපට මතක ය. එපමණක් නොවේ මේ ඉන්ද්‍රජාලික වෛද්‍යවරයා විසින් රාජ්‍ය අනුග‍්‍රහය නොඅඩුව ලබමින් දකුණු පළාතේ ඉදිකැරෙන නිවාඩු නිකේතනයක් පිළිබඳ ව ද තොරතුරු සැලවේ. මේ සියල්ල සිදුවන්නේ විධායකයේ පූර්ණ අනුග‍්‍රහයෙන් යුක්ත ව බව අපගේ මතයයි.
    නමුත්, මේ කිසිවක් ම ඇමැති දිනේෂ් දන්නේ නැත.

    එහෙත් ඇමැති දිනේෂ් නොදන්නවා වූව ද මේ ඉන්ද්‍රජාලික වෛද්‍යවරයා විකිපීඞීයා විශ්ව කෝෂයේ හැඳින්වෙන්නේ ශ‍්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික වෛද්‍යවරයා ලෙස යැයි දැකබලා ගැනීමට අන්තර් ජාලය පරිශීලනය කරන ඕනෑම කෙනෙක්ට හැකියාව ඇත. අප ඇමැති දිනේෂ්ට ද අන්තර්ජාලයට පිවිස එය පරිශීලනය කර තොරතුරු දැන ගන්නා ලෙස ආරාධනා කරමු. එවිට උත්තරීතර පාර්ලිමේන්තුවේ දී කප්පරක් බේගල් දෙසා බෑමේ වුවමනාවක් ද නැත. (මේ බේගල් දෙසා බෑම විධායකය හෝ එහි නියෝජිතයන් බේරා ගැනීමට නම්, කාගෙ කාගේත් ආශ්චර්යය රෙද්ද පල්ලෙන් බේරෙන අයුරු මහජනයාට දැනීම උඩු බිරීමෙන් වැලැක්විය නොහැකි බව ද සටහන් තබමු.)