පොඩ්ඩක් මොලේ කල්පනා කරල පෝස්ට් දාන්න. මේව අමූලික බොරු. දැන් ආන්ඩුවෙ ඉන්නෙ චම්පික, රතන ස්වාමීන් වහන්සේ දෙන්නට පුලුවන්නෙ පරීක්ෂන කරල පෙන්නන්න. ඇත්ත ඒක තමයි. පුලුවන්, නමුත් ඒ ගොල්ල දන්නව සෝම හාමුදුරුවෝ හාට් ප්‍රොබ්ලම් තිබුන කෙනෙක් බව. මරණ පරීක්ශනයක් මෙහෙත් කලානේ. මොකද්ද හොයාගත්තෙ? මේවා අමූලික බොරු.
ඔබතුමා යමක් කියද්දිත් ඒ ගැන ටිකක් මොලේ කල්පනා කරලා කියන්න. මේ සිද්ධිය සම්බන්ධයෙන් තාමත් හරි පැහැදිලි වාර්ථාවක් සපයලා නෑ. හාට් ප්‍රොබ්ලම් තිබ්බත් නොතිබ්බත් අද කෙනෙක්ව කුමන හෝ දෙයක් පාවිච්චි කරලා භෙෘතික හෝ මානසික ව ආතතියට පත් කරලා හාට් ප්‍රොබ්ලම් හදවන්න පුලවන්. නමුත් මේකේ තියෙන්නෙ හාට් ප්‍රොබ්ලම් කියන ප්‍රශ්නෙම විතරක් නෙවෙයි.
සෝම හාමුදුරැවන්ව බලෙන් රදවා ගත් බවටත් උන් වහන්සේට මරණිය තර්ජන කරමින් අදාළ උත්සවයට සහභාගී කරගත්ත බවටත් මත පළවෙලා තියෙනවා නමුත් එය බොරැ බව හෝ ඇත්ත බවට තාම ඔප්පු වෙලා නෑ ඒක නිසා ඒ පිළිබද සැකයක් සැමගේ හිත්වල පවතිනවා.
අද බෙෘද්ධයින්ගෙන් වැඩි හරියක් විශ්වාස කරනවා මොකක් හරි වැරැද්දක් සිද්ධ වෙලා තියෙනවා කියලා. ඉතින් මේ මරණය ස්වභාවික මරණයක් බව සැකයක් නැතුව ඔප්පු වෙලා තියෙනවා කෝ ඒ වාර්තා ඒවා පෙන්වලා මිනිස්සුන්ගේ සැකය දුරැ කල යුතුයි නේද.
මරණ වාර්තාව පමණක් නෙවෙයි උන් වහන්සේ සහභාගී වුන මේ ගමන ගැන සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කර එය ප්‍රසිද්ධ කර මිනිසුන්ගේ සැකය දුරැ කල යුතුයි එවිට ප්‍රශ්නයට සැබෑ විසදුමක් ලැබේවි.
අනෙක එය සිදුකරන්නේ චම්පිකද , රතන ස්වාමීන් වහන්සේ ද යන්න වැදගත් නැත.




