ඒ ඛේදවාචකයේ සත්‍යය කුමක්‌ද?

lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo
ඒ ඛේදවාචකයේ සත්‍යය කුමක්‌ද?

කළුතර මෝදරවිල සුනාමි නිවාසවල පදිංචි පස්‌දරු මවක්‌ තම බාල දරුවා කළුතර බෝධිය අසලින් කළු ගඟට විසිකිරීමේ සිද්ධිය ඇඟේ මවිල් කෙලින් කරන දේශපාලන කතාන්දරවලින් යටවී ගිය ද මනුෂ්‍ය හදවත් කම්පා කළ ඒ පුවත යළිත් රැව් පිළිරැව් දෙන්නේ සමස්‌ත සමාජයේම ෙ€දවාචකයක්‌ ඇස්‌ ඉදිරිපිට සනාථ කරමින්ය. දේශපාලන වංචාවලින් නිර්වින්දනය නොවූ පොදු ජනතාව තවමත් ඒ වෙනුවෙන් කඳුළු සළති.

කෙසේ හෝ හදවතක්‌ ඇති මනුෂ්‍යයකුගේ වීර වික්‍රමයක්‌ නිසා පූරුවේ වාසනාවකට දරුවාගේ ජීවිතය ගැලවුණිද දරුවා තවමත් රිඡ්වේ ආර්යා ළමා රෝහලේ ජීවිතයත්, මරණයත් අතර සටනකය. දරුවාගේ මව වන 30 හැවිරිදි මානෙල් පුෂ්පලතා මේ වනවිට රක්‌ෂිත බන්ධනාගාරයේ යකඩ කූරු ගණන් කරමින් සිටින්නී. තම ජීවිතයේ කළ බරපතලම වැරැද්දට වන්දි ගෙවීමට සූදානමින්ය. උණහපුළුවාටත් උගේ පැටියා මැණිකකි. එය එසේ නම් තම කුසින් වැදූ දරුවාගේ පණ නැසීමට තරම් දරුණු හිතක්‌ මවකට ඇතිවුනේ කෙසේද? මනුෂ්‍ය හදවත් යළි යළිත් ඉකිබිඳිමින් නඟන ප්‍රශ්නය ද එයයි.

මේ වනවිට සමස්‌ත සමාජයම ඇය වැරදිකාරියක කර හමාරය. "මේ වගේ ගෑණුන්ව අල්ලලා හිරේ දාන්න ඕනෑ" යෑයි මෝදරවිල සුනාමි ගම්මානයේ පදිංචි කාන්තාවක්‌ මාධ්‍යයට කළ ප්‍රකාශයෙන් එය පැහැදිලිය. එහෙත් මානෙල්ගේ සත්‍ය කතාව කෙසේ නම් යටපත් කරමුද?

මානෙල්ගේ කතාවට කන් දුන් ඕනෑම අයකුට යළි යළිත් දැනෙන්නේ එකම සමාජ ෙ€දවාචකයක දෝංකාරය පමණි. සිංහල බෞද්ධ රටේ දකුණු ලක බෞද්ධ පුනර්ජීවනයේ කේන්ද්‍රස්‌ථානයක්‌ වූ සිද්ධස්‌ථානයක්‌ අසල මෙවැනි ෙ€දවාචක සිදුවීම් තුළින්ම කියා පාන්නේ තවදුරටත් බණ සහ දේශපාලන වැදි බණ දෙසීමෙන් රටේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් ලබාදිය නොහැකි බවම නොවේද?

"මම මේ දරුවව හදන්න අනන්ත දුක්‌ වින්දා. මම එදා දරුවව අරන් කළුතරට ආවේ දරුවව ගඟට දාන්න නෙමෙයි. කාටහරි දරුවාව ගෙන යන්න බෝධිය ළඟ තියලා යන්නයි. ඒත් අම්මේ... අම්මේ... කියාගෙන පුතා කීප සැරයක්‌ම මගේ පස්‌සෙන් දුවගෙන ආවා. පස්‌සේ මම පුතාව වඩාගෙන දුම්රිය පාලම පැත්තේ ඇවිද්දා. පුතා අරං ගඟට පනින්න තරම් වේදනාවක්‌ එදා මගේ හිතේ තිබුණා."

ඒ මානෙල් පුෂ්පලතා පොලිසියට ලබාදුන් කටඋත්තරයයි. එම කටඋත්තරයට අනුව ඇය විවාහ වී ඇත්තේ වයස අවුරුදු 16 දීය. සැමියාගේ රැකියාව වූයේ ලොතරැයි විකිණීමය. දරුවන් පස්‌ දෙනෙකුගෙන් සමන්විත මේ දරු පවුලේ වැඩිමහල් දරුවාගේ වයස අවුරුදු 13 කි. ඉතිරි දරුවන් සිව් දෙනාගෙන් තිදෙනකු දැරියන් වන අතර බාලම පිරිමි දරුවාගේ වයස අවුරුදු 3 කි. ලොතරැයි ටිකට්‌ විකුණා ලැබෙන සොච්චමෙන් පස්‌ දරු පවුලක්‌ නඩත්තු කළ හැකිද? ඉහ මොළ රත්කරන ජීවන වියදම මැද්දේ එය කෙසේවත් කළ නොහැකිය. ඒ නිසාම මේ දරුවන් හැදී වැඩුනේ අනන්ත දුක්‌ කටොලු මැද්දේය. පවුලේ අගහිඟකම් එන්න එන්නම වැඩිවත්ම මානෙල්ගේ සැමියාගේ බේබදුකමද වැඩිවූයේ දහසක්‌ ප්‍රශ්නවලට මඟපාදමිනි. මේ නිසා වැඩිමහල් දරුවා පාසල් යැම නතර කර කළුතර මාර්කට්‌ එකේ එළවළු විකුණන්න ගියේ වෙන කළ හැකි දෙයක්‌ නොවුණ නිසාය. ඔහුගේ රැකියාවෙන් උපයාගත් සොච්චම මුදලද පවුලේ නඩත්තුවට ප්‍රමාණවත් නොවීය. අවසානයේ මේ දරු පවුල දරිද්‍රතාවයේ පතුලටම වැටුණි. ඔවුන්ට පිහිට වන්නටද ඇති හැකි අයකු අවට නොවූයේ අවට පදිංචිකරුවන් ද සුනාමියෙන් අවතැන්වූ පවුල්වීම නිසාය.
 

lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo
අවසානයේ මානෙල් දරුවන් පස්‌ දෙනාත් රැගෙන කළුතර බෝධිය ළඟට පැමිණියේ හිඟමන් අයෑද හෝ දරු පවුල නඩත්තු කිරීමටය. එහෙත් දරුවන් පස්‌ දෙනෙකුගේ කුස පිරවීමට ඒ පඬුරු කාසි ප්‍රමාණවත් නොවීය. ඉනික්‌බිතිව ඇය තීරණයකට එළැඹියාය. ඒ තම බාල පුතු ළමා නිවාසයකට බාරදීමටය. කෙසේ හෝ බාල දරුවා ඇති දැඩි කර ගැනීම ඇගේ එකම අපේක්‌ෂාව විය. එහෙත් අපේ රටේ ළමා නිවාස සඳහා ළමයින් බඳවා ගන්නා නීතිය ඇයට හරස්‌ විය. තවත් ළමා නිවාසයක්‌ දරුවාගේ සුජාතභාවය පරීක්‍ෂා කර බලා දරුවා බාර ගැනීම ප්‍රතික්‌ෂේප කළේය.

"මම පොඩි පුතා ළමා නිවාසයට බාර දෙන්න කීප වරක්‌ උත්සාහ කළා. සමහර ළමා නිවාසවලින් කිව්වේ අම්මා, තාත්තා ඉන්න ළමයින්ව භාර ගන්නේ නැහැ කියලයි. සමහර ළමා නිවාසවලින් දරුවාගේ උප්පැන්න සහතිකය ඉල්ලුවා. ඒත් සැමියා දරුවගේ උප්පැන්නය මට දුන්නේ නැහැ. ඒ නිසා දරුවාව ළමා නිවාසයකට දමන්න බැරිවුණා."

අප හදවත් මොහොතකට සසල කරවන ඇගේ කතාවයි ඒ. මෙවැනි කතා අසනවිට අප ජීවත් වන්නේ මේ වගේ රටකදැයි මොහොතකට අපට සිතෙනු ඇත.

"ඉකුත් 11 වැනිදා මම පොඩි පුතා අරන් කළුතර බෝධිය ළඟට ආවේ කාටහරි ගෙනයන්න දරුවාව එතැන තනිකරලා යන්නයි. මම බෝධිය ළඟින් ලැබුණු බත් පාර්සලයෙන් බත් කටවල් කීපයකුත් පුතාට කැවුවා. පුතාව මඟහැරලා යන්න කීප විටක්‌ම උත්සාහ කළා. ඒත් පුතා අම්මේ... අම්මේ... කියාගෙන මගේ පස්‌සෙන් ආවා. ටික වේලාවකින් පුතාට නින්ද ගියා. ඒ වෙලාවේ මම හිටියේ කළු ගඟේ පාලම මැදයි. මම එකපාරටම දරුවා කළු ගඟට අතඇරලා දුවගෙන ගිහින් බස්‌ එකක නැගලා ගෙදර ගියා.

මේ ඇය පොලිසියට ලබාදුන් කට උත්තරයයි. ඒ අනුව ඇය දැනටමත් නීතිය හමුවේ වැරදිකාරියක වී සිටින්නීය. එහෙත් අප හමුවේ ප්‍රශ්නය තවමත් ඉතිරිව තිබේ. තම කුසින් වැදූ දරුවාගේ පණ නැසීමට තරම් ඇයව ඊට යොමු කළ සමාජ ෙ€දවාචකය කුමක්‌ද? යන්නය. මේ සියල්ලටම හේතුව දුප්පත්කම යෑයි කියා ප්‍රශ්නයට පිළිතුරක්‌ දිය හැකිද? එහෙත් ආණ්‌ඩුවේ ආර්ථික විශේෂඥයන්ට අනුව අප රටේ වසරකට ඒකපුද්ගල ආදායම ඩොලර් 2030 කට ආසන්නය. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් දෙලක්‌ෂයක්‌ පමණ වේ. අනේ සාදු!

මානෙල් මුල සිටම වෑයම් කළේ කෙසේ හෝ මේ දුක්‌ කන්දරාවෙන් ගොඩ ඒමටය. එහෙත් ඇයට ඒ වෙනුවෙන් තනිව නැගී සිටීමට තරම් ශක්‌තියක්‌ තිබුණේ නැත. ඒ වගේම පවුල් ජීවිතය සැලසුම් කර ගැනීමට තරම් දැනුමක්‌ මානෙල්ට හා ඇගේ සැමියාට තිබුණේද නැත. කොතරම් අගහිඟකම් තිබුණ ද දරුවන් පස්‌ දෙනකු පවුලට එකතු වූයේ ඒ නිසා විය හැක. කොතරම් අගහිඟකම් මැද්දේ වුවද මානෙල් තම දරුවන්ට පණමෙන් ආදරය කළ බව පෙනේ. ඇයගේ ප්‍රකාශයම ඊට කදිම සාක්‌ෂියකි. නමුත් දරුවන් බඩගින්නේ හඬද්දී සැමියාද බේබද්දකු වී දරු පවුලේ අනාගතය විනාශ කරද්දී මේ පස්‌දරු අම්මාට කර කියාගත හැකි දෙයක්‌ නොවීය. අවසානයේ ලොතරැයිපත් විකිණීමට මානෙල් ද යන්නේ මේ වාතාවරණය යටතේ කළ හැකි කිසිම දෙයක්‌ නොමැති වූ හෙයිනි. මවත්, පියාත් ගෙදර නොමැතිවීම නිසා. දරුවන් තිදෙනකුට සිදුවූයේ පාසල් ගමනට ආයුබෝවන් කීමටය. දරු පවුලට මුහුණදීමට සිදුවූ අගහිඟකම්වල පීඩනය තදින්ම දැනුණේ මානෙල්ටය. ඒ ඇය දරුවන් පස්‌ දෙනාගේම දුක්‌ගන්නිය වූ නිසාය. දිගින් දිගටම මානෙල්ට මේ පීඩනය දරාගත නොහැකි වන්නට ඇත. ඒ නිසා ඇය තම බාල දරුවා කාට හෝ රැගෙන යන්නට කළුතර බෝධිය අසල දමා යන්නට තීරණය කළාය. එහෙත් පුංචි දරුවකුට මව හැර වෙන ලෝකයක්‌ තිබේද? කොතරම් අගහිඟකම් තිබුණද මවකගේ උණුසුම ඒ සියලු දුක්‌ ගිනි නිවා දමන බව ඕනෑම කිරි සප්පයකු ඉවෙන් දනී. පුංචි පුතා අම්මේ... අම්මේ... යෑයි කියමින් මානෙල් පසුපස දිවයන්නේ ඒ නිසාය. එහෙත් මානලේට ඒ වනවිට දරු සෙනෙහස ද බරක්‌ වී තිබුණි. ගෙදර දරුවන් හතර දෙනකු කුසගින්නේය. සැමියා තැබෑරුම්පොලකය. මේ සියලු සිදුවීම්වලින් ඇයගේ මනස ඔද්දල් වී නොයාවිද? අවසානයේ සිදුවූ දෙය ඇය ද අපේක්‌ෂා නොකළ දෙයක්‌ විය හැක. එහෙත් දැන් සියල්ල සිදුවී අවසන්ය. පුංචි දරුවා ජීවිතයත් මරණයත් අතර සටනකය. අනෙක්‌ දරුවන් සිවුදෙනා පරිවාස භාරයේය. මානෙල් රක්‌ෂිත බන්ධනාගාරයේය. කැදැල්ල විසිරි ගොසින්ය.
 

lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo
මානෙල්ලාගේ දරුවන් මුදල් නොමැතිව පාසල් නොයන්නේත්, කුසගින්නේ වැළපෙන්නේත් ඇතැම් මව්වරුන් දරුවන් හදාගත නොහැකිව මහ මඟ දමා යන්නේත් රටේ රුපියල් කෝටි ගණන් මුදල් මැතිවරණ වෙනුවෙන් කාබාසිනියා වෙද්දීය. මැතිවරණයක්‌ වෙනුවෙන් ඇතැම් අපේක්‌ෂකයෝ රුපියල් කෝටි ගණන් වැයකරති. කෝටි ගණන් පෝස්‌ටර්වලට, තාප්පවලට වෙන් කරන රටක නන්නත්තාර වන ජීවිත කොපමණද? කෝටි ගණන් වැයකර රට හදන්න පොරකන මහත්වරුන්ගේ කාරුණික හදවත් මේවාගේ දුක්‌බර කතාවලින් මොළොක්‌ නොවීම එක්‌ අතකට පුදුමයකි. මෙම මුදලින් මානෙල් වැනි මව්වරුන්ගේ දරු පවුල් කීයක්‌ නඩත්තු කළ හැකිද? දිළිඳු දරුවන් කී දෙනෙක්‌ පාසල් යෑවිය හැකිද? දරිද්‍රතාවෙන් පෙළෙන දරු පවුල් කීයක්‌ නඟා සිටුවිය හැකිද? අද ඇතැම් මැතිවරණ වේදිකාවකදී අපට ඇසෙන්නේ මේ රටේ දුප්පතුන් නැති බවය. බඩ ගින්නේ මැරෙන අය නැති බවය. අපේ රටේ දුප්පතුන් නෑ, ඉන්නේ දේශෙද්‍රහීන් පමණයි." ඔවුහු මොර දෙති. මේ ජීවිතවල කැකෑරෙන වේදනාවන් ඔවුහු නොදනිති. නොදකිති.

මේ මානෙල්ලා අයත් වන්නේ දේශපාලනඥයන් කියන කවර වර්ගීකරණයටදැයි අපි ඔවුන්ගෙන්ම අසන්නෙමු. මානෙල් වැනි මවුවරුන්ට මෙවන් ෙ€දවාචකයක්‌ උරුම කරදීම ගැන අප දේශපාලනඥයන්ට පමණක්‌ දොසක්‌ නොකියමු. නමුත් මේ අසාධාරණයන්ගේ ජීවිත සු�ත මුදිත කළ හැක්‌කේ දේශපාලනඥයන්ට පමණි. මැතිවරණ කාලයට පමණක්‌ සුනාමි ගම්මානවලට රිංගන දේශපාලනඥයන්ට හොඳ "කනේ පාරක්‌" මානෙල් දී ඇත. එහෙත් රටේ අවාසනාවට එයින් වැරදිකාරිය වී ඇත්තේ ද මානෙල්මය.

අද මානෙල්ට දරුවන්ද අහිමිය. දරුවන්ට මව ද අහිමිය. මානෙල්ට ලබාදෙනු ලබන දඬුවම මනුෂ්‍යත්වයේ නාමයෙන් ලබා දෙනු ඇතැයි අපි සිතමු. රටේ ජීවනාලිය බඳු දරු පරපුරකට මෙවන් ෙ€දවාචකයක්‌ උරුමවීම ගැන සමස්‌ත ශ්‍රී ලාංකික දේශපාලන යාන්ත්‍රණයම ලඡ්ජාවට පත්විය යුතුය. ගෙවී ගිය මාස හයක පමණ පශ්චාත් යුද සමයේදී මෙවැනි ඛේදවාචක සියෑසින් දැකීමට තරම් අපි අවාසනාවන්තයන් වී සිටිමු. ඉදින් හෙට දවසේත් අපට මෙවන් ෙ€දවාචක අසන්නට දකින්නට නොලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු. දේශපාලන ප්‍රචාරකවාදයෙන් හෝ ඔබ්බට ගිය සැබෑ ලෙසම රටේ දුප්පත්කම නැති කිරීමේ වැඩපිළිවෙළක අවශ්‍යතාව තදින්ම දැනී තිබේ. ශ්‍රී ලාංකික ජනතාවට "සුභ අනාගතයක්‌" උදා කළ හැක්‌කේ ඉන් පමණක්‌ බව ද මෙරට පාලකයන් වටහා ගත යුතුය.
 

surabada

Member
Jul 6, 2007
4,631
62
0
42
Sri Lanka
මචං ආණ්ඩුවට හැම ලබ්බකටම වැරදිකියන නිසා තමයි අපෙ රටට මෙහෙම වෙලා තියෙන්නේ.......

ළමයි 5 දෙනෙක් හැදුවේ තමන්ට පොෂණය කරන්න පුළුවන්ද බැරිද කියලා හිතලා නෙමෙයිද????

එහෙනම් ආණ්ඩුවට වෙනවා මේ රටේ හැම ගෑණියේකුයි මිනිහෙකුයි එකතුවෙන වෙලාවට ඕක මතක් කරලා දෙන්න.....
 
Sep 1, 2009
2,359
215
0
ඔහොම නෙමෙ කොහොම උනත් අම්ම කෙනෙක්ගෙන් මෙ වගෙ ක්‍රියාවක් අනුමත කරන්න බෑ
ඔයිට වඩා දුක් විදල දරුවො හදපු අම්මල ඉන්නව,තාමත් ඉන්නව
ඒ ඔක්කොම මෙ සමජය යටතෙ ඔය අම්ම හිතපු විදියට හිතුවොත් මොනා වේද?මෙ ස්ත්‍රිය ගෑන අවසන් නිගමනය විය යුත්තෙ මව් ගුනය අවම තෑනෑත්තියක් ලෙසයි.නමුත් මෙකට දෙශපලනය ගාගන්න එකනන් කොහොමවත් අනුමත කරන්න බෑ.
 

lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo
මචං දේශපාලනය කියන්නේ මොකක්ද? දේශපාලකයෝ කිවුවහම ඒකෙන් අදහස් වෙන්නේ එදා ඉදන් මේ වෙනකන් රට පාලනය කල අයයි. සුලු ජාතියක්, මහ ජාතියක් කියල දෙයක් දැන් අපේ රටේ නැති වෙන්න පුලුවන්. ඒත් දුප්පතුන් කියලා කොට්ටාශයක් මේ රටේ ඉන්නවා. එහෙම අය කොස් ගෙඩියක් තම්බගෙන දවස ගෙවනකොට 10% විතර ඉන්නවා දුප්පත් පවුලක් අවුරුද්දකටම වියදම් කරන සල්ලි එක ඩිනර් එකකට නාස්ති කරන. උන් හුගාක් වෙලාවට එහෙම නාස්ති කරන්නෙ හරි මාර්ගයකින් හොයගත්ත දෙයක් නෙවී. අන්න ඒ සමාජ විශමතාවය තමයි මේ හැම ප්‍රශ්හ්නෙකටම මුල...මේ වගෙ සමාජීය ප්‍රෂ්න නිරකරනය කලයුත්තේ දේශපාලකයෝ නෙවී නම් වෙන කවුද? 5ක් හදපු එකද ප්‍රෂ්නයක් විදියට දකින්නේ. ඔහොම 5-6ක් හදලා අමරුවෙන් හරි ලොකු මහත් කරගත්ත අය තමයි මේ රට බේරා ගන්න පෙරමුනට ආවේ. එහෙම නැතිව 1-2ක් හදලා උන්ව මහ ලොකු ඒජන්තලා කරන්න පෙරුම් පුරපු අයගේ ලමයි නෙවී හමුදාවේ පොලීසියේ විරුවන් විදියට ජීවිත පූජාකලේ.........
 
Last edited:

feed

Member
Nov 14, 2008
4,563
279
0
oba nodani,mulu lowama dani...
මචං ආණ්ඩුවට හැම ලබ්බකටම වැරදිකියන නිසා තමයි අපෙ රටට මෙහෙම වෙලා තියෙන්නේ.......

ළමයි 5 දෙනෙක් හැදුවේ තමන්ට පොෂණය කරන්න පුළුවන්ද බැරිද කියලා හිතලා නෙමෙයිද????

එහෙනම් ආණ්ඩුවට වෙනවා මේ රටේ හැම ගෑණියේකුයි මිනිහෙකුයි එකතුවෙන වෙලාවට ඕක මතක් කරලා දෙන්න.....
:yes::yes:
ara rosi senananayake belli mekath deshapalana wasiyak karagena katha karanawa dekka....ekith geniyak neda?
me wage ganunta wedi tiyanna one:angry: