ඒ ඛේදවාචකයේ සත්‍යය කුමක්ද?
කළුතර මෝදරවිල සුනාමි නිවාසවල පදිංචි පස්දරු මවක් තම බාල දරුවා කළුතර බෝධිය අසලින් කළු ගඟට විසිකිරීමේ සිද්ධිය ඇඟේ මවිල් කෙලින් කරන දේශපාලන කතාන්දරවලින් යටවී ගිය ද මනුෂ්‍ය හදවත් කම්පා කළ ඒ පුවත යළිත් රැව් පිළිරැව් දෙන්නේ සමස්ත සමාජයේම ෙ€දවාචකයක් ඇස් ඉදිරිපිට සනාථ කරමින්ය. දේශපාලන වංචාවලින් නිර්වින්දනය නොවූ පොදු ජනතාව තවමත් ඒ වෙනුවෙන් කඳුළු සළති.
කෙසේ හෝ හදවතක් ඇති මනුෂ්‍යයකුගේ වීර වික්‍රමයක් නිසා පූරුවේ වාසනාවකට දරුවාගේ ජීවිතය ගැලවුණිද දරුවා තවමත් රිඡ්වේ ආර්යා ළමා රෝහලේ ජීවිතයත්, මරණයත් අතර සටනකය. දරුවාගේ මව වන 30 හැවිරිදි මානෙල් පුෂ්පලතා මේ වනවිට රක්ෂිත බන්ධනාගාරයේ යකඩ කූරු ගණන් කරමින් සිටින්නී. තම ජීවිතයේ කළ බරපතලම වැරැද්දට වන්දි ගෙවීමට සූදානමින්ය. උණහපුළුවාටත් උගේ පැටියා මැණිකකි. එය එසේ නම් තම කුසින් වැදූ දරුවාගේ පණ නැසීමට තරම් දරුණු හිතක් මවකට ඇතිවුනේ කෙසේද? මනුෂ්‍ය හදවත් යළි යළිත් ඉකිබිඳිමින් නඟන ප්රශ්නය ද එයයි.
මේ වනවිට සමස්ත සමාජයම ඇය වැරදිකාරියක කර හමාරය. "මේ වගේ ගෑණුන්ව අල්ලලා හිරේ දාන්න ඕනෑ" යෑයි මෝදරවිල සුනාමි ගම්මානයේ පදිංචි කාන්තාවක් මාධ්‍යයට කළ ප්‍රකාශයෙන් එය පැහැදිලිය. එහෙත් මානෙල්ගේ සත්‍ය කතාව කෙසේ නම් යටපත් කරමුද?
මානෙල්ගේ කතාවට කන් දුන් ඕනෑම අයකුට යළි යළිත් දැනෙන්නේ එකම සමාජ ෙ€දවාචකයක දෝංකාරය පමණි. සිංහල බෞද්ධ රටේ දකුණු ලක බෞද්ධ පුනර්ජීවනයේ කේන්ද්‍රස්ථානයක් වූ සිද්ධස්ථානයක් අසල මෙවැනි ෙ€දවාචක සිදුවීම් තුළින්ම කියා පාන්නේ තවදුරටත් බණ සහ දේශපාලන වැදි බණ දෙසීමෙන් රටේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් ලබාදිය නොහැකි බවම නොවේද?
"මම මේ දරුවව හදන්න අනන්ත දුක් වින්දා. මම එදා දරුවව අරන් කළුතරට ආවේ දරුවව ගඟට දාන්න නෙමෙයි. කාටහරි දරුවාව ගෙන යන්න බෝධිය ළඟ තියලා යන්නයි. ඒත් අම්මේ... අම්මේ... කියාගෙන පුතා කීප සැරයක්ම මගේ පස්සෙන් දුවගෙන ආවා. පස්සේ මම පුතාව වඩාගෙන දුම්රිය පාලම පැත්තේ ඇවිද්දා. පුතා අරං ගඟට පනින්න තරම් වේදනාවක් එදා මගේ හිතේ තිබුණා."
ඒ මානෙල් පුෂ්පලතා පොලිසියට ලබාදුන් කටඋත්තරයයි. එම කටඋත්තරයට අනුව ඇය විවාහ වී ඇත්තේ වයස අවුරුදු 16 දීය. සැමියාගේ රැකියාව වූයේ ලොතරැයි විකිණීමය. දරුවන් පස් දෙනෙකුගෙන් සමන්විත මේ දරු පවුලේ වැඩිමහල් දරුවාගේ වයස අවුරුදු 13 කි. ඉතිරි දරුවන් සිව් දෙනාගෙන් තිදෙනකු දැරියන් වන අතර බාලම පිරිමි දරුවාගේ වයස අවුරුදු 3 කි. ලොතරැයි ටිකට් විකුණා ලැබෙන සොච්චමෙන් පස් දරු පවුලක් නඩත්තු කළ හැකිද? ඉහ මොළ රත්කරන ජීවන වියදම මැද්දේ එය කෙසේවත් කළ නොහැකිය. ඒ නිසාම මේ දරුවන් හැදී වැඩුනේ අනන්ත දුක් කටොලු මැද්දේය. පවුලේ අගහිඟකම් එන්න එන්නම වැඩිවත්ම මානෙල්ගේ සැමියාගේ බේබදුකමද වැඩිවූයේ දහසක් ප්‍රශ්නවලට මඟපාදමිනි. මේ නිසා වැඩිමහල් දරුවා පාසල් යැම නතර කර කළුතර මාර්කට් එකේ එළවළු විකුණන්න ගියේ වෙන කළ හැකි දෙයක් නොවුණ නිසාය. ඔහුගේ රැකියාවෙන් උපයාගත් සොච්චම මුදලද පවුලේ නඩත්තුවට ප්‍රමාණවත් නොවීය. අවසානයේ මේ දරු පවුල දරිද්‍රතාවයේ පතුලටම වැටුණි. ඔවුන්ට පිහිට වන්නටද ඇති හැකි අයකු අවට නොවූයේ අවට පදිංචිකරුවන් ද සුනාමියෙන් අවතැන්වූ පවුල්වීම නිසාය.