ඒ ගීයෙ අයිතිය ඉල්ලලා මට නඩු කියන්නට හිතෙනŠ
ඔබ වයන සත්සර ස්වර මතින්
දුක සුසර වී මට දැනෙනවා
ඔබ ගයන තනුවේ අමතකව ගිය
පුරුදු කවියක් ඇහෙනවා...
ඔබෙ හීන් ඇහිපිය ගැහෙනවා
ඇය හාදු ගොන්නක් එවනවා
ඒ ගීයෙ අයිතිය ඉල්ලලා මට
නඩු කියන්නට හිතෙනවා...
ප්‍රේමයට සහසක් අරුත් ඇති
මාවතක් ලොව කොහේ හරි ඇති
ඔබත් එක්කල එහේ යන හැටි
අලුත් කවියක ලියනවා...
ගී අහන්නට කවුරුත්ම නැති
ඔබට රිසි තනුවක් දැමිය හැකි
ඒ පාරෙ මං කවි ඉහිනවා
ඔබ නොඑන වග මං දන්නවා...
පදරුත් කිසිත් ගලපාගන්ට බැරි
මා ලියූ එක නොපල කවියකි
තවම තනිකඩ මගෙ කවිය එහි
තනුව කොහෙදැයි සොයනවා...
"එකම එක ස්වරයකදු දන්නැති
කවියෙකුට ගීයක් අයිති නැති"
ඔබ කුරිරු ස්වරයෙන් කියනවා
ඒ නොපල කව ඉකි ගහනවා...
මං කඳුළු හිර කර ගන්නවා...
By W.W.
දුක සුසර වී මට දැනෙනවා
ඔබ ගයන තනුවේ අමතකව ගිය
පුරුදු කවියක් ඇහෙනවා...
ඔබෙ හීන් ඇහිපිය ගැහෙනවා
ඇය හාදු ගොන්නක් එවනවා
ඒ ගීයෙ අයිතිය ඉල්ලලා මට
නඩු කියන්නට හිතෙනවා...
ප්‍රේමයට සහසක් අරුත් ඇති
මාවතක් ලොව කොහේ හරි ඇති
ඔබත් එක්කල එහේ යන හැටි
අලුත් කවියක ලියනවා...
ගී අහන්නට කවුරුත්ම නැති
ඔබට රිසි තනුවක් දැමිය හැකි
ඒ පාරෙ මං කවි ඉහිනවා
ඔබ නොඑන වග මං දන්නවා...
පදරුත් කිසිත් ගලපාගන්ට බැරි
මා ලියූ එක නොපල කවියකි
තවම තනිකඩ මගෙ කවිය එහි
තනුව කොහෙදැයි සොයනවා...
"එකම එක ස්වරයකදු දන්නැති
කවියෙකුට ගීයක් අයිති නැති"
ඔබ කුරිරු ස්වරයෙන් කියනවා
ඒ නොපල කව ඉකි ගහනවා...
මං කඳුළු හිර කර ගන්නවා...
By W.W.
Last edited:


