ඒ නම් සංසාර පුරුද්දක් ....

Dec 6, 2007
447
6
0
ඒ නම් සංසාර පුරුද්දක් ....

එකෝමත් එක දවසක්
පුංචි කෙල්ලක්
මගේ පුතු ළගට ඇවිත්
බලා උන්නා ආදරෙන්...
කරපිංචා නැටි හිර වෙච්ච
පුංචි දෙකන් පෙති වලින්
අවුල් වූ හිසකේ වලින්
දුටිමි මම මහා දුප්පත්කමක්...
පිටු පා ගොස් මද දුරක්
හැරී හැරී බැලුවා ඈ ආයෙමත්
මගේ දෙතොල් අග ඇදුනි සිනාවක්...
මවගේ දෑතින් මිදී ඇය ආවා දුවන්
දෙන්නද මල්ලිව ටිකක්
මම ඇසුවා ඇගෙන්...
ඇගෙ දෙනෙත්
දිදුලුනා වගේ මැණිකක්
පුතුගෙ කම්මුලට තබා හාදුවක්
ඇය දිව ගියා වේගයෙන්...
බලා උන්නෙමි සිතා ගන්නට බැරිව කිසිවක්
ඒ නම් සංසාර පුරුද්දක් ....
---දිශ්---